Tuesday, September 18, 2012

පයිරට්ස් ඔෆ් ද කැරිබියන් පස් වන මණ්ඩලයේ තිරගතවූ වගයි ...!




අපේ බෝඩිමේ ඉන්න ඔක්කොම වගේ ෆිල්ම් පිස්සෝ.ඉස්සර සමහර දවස් තිබ්බා එක දිගට එකම ෆිල්ම් සිරිස් එක බලනවා.ඒ බලන්නේ කාමරේ හොදට කළුවර කරලා ෆිල්ම් හෝල් එක වගේ හදලා තමා.ඉස්සර නම් ෆිල්ම් එකක් හම්බ උන ගමන් කට්ටිය ඔක්කොම සෙට් වෙලා එක පාර තමා බලන්නේ .මොකද නැත්නම් අන්කල්ගේ මුණ පළුවක් නැති බෙරේ වගේ වෙනවා නේ ලයිට් බිල දැක්කම.


දැන් මේ බෝඩිමේ අවුරුදු 5ක් තිස්සේ ඉන්නවා නේ.මුල් දවස් වල ඉතින් දැන් වගේ නෙමේ අම්බානට පිස්සු නැටුවා මාර ෆ්‍රී එකේ හිටියේ ඕනේ තරම් වෙලාව තිබ්බා ෆිල්ම් බලන්න ෆිල්ම් බලල බලල ඇතීම වෙලා වෙලාවක් තිබ්බොත් තමා පාඩම්  කරන්නේ අපි ඒ තරම් උනන්දුවෙන් වැඩ කළා ඒ කාලේ.අනික ඒ කාලේ දැන් වගේ ලේසියෙන් ෆිල්ම් බලන්න බෑ.ඉස්සර එක එකාට වෙන්න ලැප් තිබ්බේ නෑ ඉන්ටර්නෙට් තිබ්බේ නෑ සබ්වුෆර්ස් තිබ්බේ නෑ.කවුරු හරි කොහෙන් හරි අමාරුවෙන් හොයන එන dvd  එකක් හරි dvdrip එකක් හරි තරංග අයියගේ ඩයිනොසර් වගේ ලොකු ඩෙස්ක්ටොප් මැෂින් එකෙන්  ෆිල්ම් එක බැලුවේ චුටි ස්පිකර් දෙකකින් තමා සවුන්ඩ් තිබ්බේ.එහෙම දුක් විදලා අමාරුවෙන් ෆිල්ම් බැලුව අපි high  quality  සවුන්ඩ් එක්ක high  quality එකේ ෆිල්ම් බලනවා. :)

අපේ සෙට් එක  ඒ දවස් වල "පයිරට්ස් ඔෆ් ද කැරිබියන්" ෆිල්ම් සිරිස් එකට පට්ට පිස්සුවෙන් හිටියේ. ඉස්සර විතරක් නෙමේ තාමත් ඒ ෆිල්ම් සිරිස් එකට මන් අසයි .ඊලග එක එනකන් ඉවසුම් නැතුව හිටියේ කට්ටියට ඒ තරම් අසාවෙන් හිටියේ එකට කොහොම හරි ඔහොම යද්දී දවසක් මටයි ධබාටයි මරු ෆිල්ම් එකක් සෙට් උනා.ඉතින් අපි දෙන්න කතා උනා කට්ටියට හොද පෝරියල් එකක් සෙට් කරමු කියලා Plan කරලා සෙට් උනා.ඉතින් ඕක අරන් ඇවිත් කට්ටියට කිව්වා අහවල් ෆිල්ම් එක හම්බ උනා අපි බලමු කියලා.

අනේ ඉතින් අපේ ජනතාව සියලු වැඩ ඇතෑරලා සැදැහැ ඉතින් වැඩේට ලෑස්ති උනා කට්ටිය කාමරේ අදුරු කරලා දොරවල් වහලා ෆුල් ෆිට් එකේ ඉන්නවා ෆිල්ම් එක බලන්න.මන් එත් බයේ හිටියේ මට කොයි වෙලා හිනායයිදෝ කියලා,හිනාවත් තද කරන මන් හිටියේ ස්පිකර් එකේ සද්දේ අඩු කරන බලාගෙන මොකද කරන්න යන නසරාණි වැඩේ අපි දන්නවා නේ ඔය එක එක සද්ද අන්කල්ට ඇහිලා ඒ මනුස්සයාගේ හිත දුෂණය උනොත් එක පාපයක් වෙනවා නේ බැරිවෙලා හරි මැද්දෙන් හිනා ගියොත් වැඩේ චෝර.කට්ටිය දෙයියනේ කියල කට අරන් දැන් ෆිල්ම් එක දිහා බලන් ඉන්නවා දැන් හෙමින්  හෙමින් මුල් ටික ගිහින් ෆිල්ම් එක පටන් ගන්නවා මුල් විනාඩිය දෙක යද්දී කට්ටියගේ මුණ ඇද වෙලා.මගෙයි ධබාගෙයි මුණු දිහා කන්න වගේ බලනවා

ඊට  පස්සේ කට්ටියට වැඩේ තේරුනා මොකද වෙලා තියෙන්නේ කියලා,උන් ගොන් හරක්ට තේරුනේ නෑ එක ෆිල්ම් එකක් ඇවිත් මාස 3ක් යද්දී ආයේ අලුත් කොටසක් එන්නේ නැති වග.ෆිල්ම් එක හම්බ උනා කිව්වා විතරයි උන් පිස්සුවෙන් වගේ දුවල ආව විතරයි කල්පනා කරලා බැලුවේ නෑ  කට්ටියට දහසක් බලාපොරොත්තු දීලා උන්ට් වැල ෆිල්ම් එකක් පෙන්වීමෙන් අප මහත් උද්දාමයට පත් වූ අතර අනෙක් උන් සියල්ලෝ අපව උදහසට ලක්කළහ














ප.ලි :-කට්ටියට තේරෙනවා නේ අපි උන්ට පෙන්නුවේ මොන ෆිල්ම් එකක්ද කියලා.ඒවගේ ඇදුම් ඔක්කොම පයිරට්ස් ඔෆ් ද කැරිබියන් එකේ ඉන්න උන් වගේමයි.captain america,scooby doo,super man වලත් මේ කියන ස්පෙෂල් එඩිෂන් එක තියෙනවයි කියල මන් අහලා තියෙනවා.කොහොම හරි දන්නෝ දනිති ;)

41 comments:

  1. ඇයි 300
    ස්කූබි ඩූ එකේ එක පට්ටයිලු තවම බලන්න හම්බුනේ නෑ
    දුක තමා :(

    ReplyDelete
    Replies
    1. ඉක්මනට හොයන් බලන්න ;)
      300 ගැන දන්නේ නෑ හොයලා බලන්න ඕනේ

      Delete
  2. Replies
    1. මගේ කමෙන්ට් වාරණය කර ඇත !!!

      Delete
    2. Maduranga sohodarayaneni madayata samava bhajanaya karanu manavi,methana mata comment varanaya karanna one une naa man 4n ekekn blogger access karanna gihin sidda una akarathabbayak nisa mage athin comment 3k delete una :'(

      Delete
  3. හපොයි.. මං හිතුවා මේකා මේ හොද ෆිල්ම් එකක් ගැන වත් දාලා කියලා... කොහෙද...
    මුන් වගේ නසරානි හොද ෆිල්ම් බලයි යෑ.... හි හි.....
    කට්ටිය මොනා හිතයිද දන්නැ ඩිස්නි ස්නෝවයිට් කාටූන් එකෙත් ඔය වගේ එකක් තියෙනවා කිව්වොත්.. හැබැයි ඒකේ ෆොටෝ විතරයි මම දැකලා තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ඔයා මාර දේවල් නේ දන්නේ හිරූ....හික්ස් :)

      Delete
    2. කෙල්ලොත් ඔවුවා බලනවද අනේ. බලලා ඉවරවෙලා ******

      Delete
    3. ඔය පනින්නේ පූසෝ මල්ලෙන් එලියට :)

      Delete
    4. මධූ & රජා....

      හා හා.. ඇයි දැන් කෙල්ලන්ට කොම්පියුටර් නැද්ද...? දැන් එතකොට ඕවා කොල්ලන්ට විතරද බලන්න හොද.... ? අපි බැලුවාම නරකද...?
      හොදද නරකද කියන්න හරි බලලා තියෙන්න එපැයි.. නැත්තම් කොහොමද ඒවා නරකයි කියලවත් කියන්නේ....

      ඈ බං රජෝ.. ඔය පේන් නෑ කිය කිය බලන්නේ ඕවාද...?

      Delete
    5. හැබෑට රජෝ උම පේන්නෙත් නෑයි කිය කියා ඕව තමයි කරන්නෙ නේද? මම හිතන්නෙ ඔය ලෙන්ස් එකේ ගැරන්ටියත් වොයිඩ් යනවා ඇති උඹ කරන වැඩ වලට.
      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

      Delete
    6. @ හිරු අක්කා :- ආහ් අපි හොද ෆිල්ම් බලනවා හරිය.මේක ආතල් එකට කල එකක් නේ :)

      @රජා :-මෙන්න මේවට උත්තර බදින්න :P

      Delete
  4. මමත් ඔය ටික බලල තියනවා කියන්නේ....මම කිව්වේ සම්භාව්‍ය ටික.... :D

    ReplyDelete
    Replies
    1. කොල්ලෝ සම්භාව්‍ය ෆිල්ම් වැඩිපුර බලනවා නේ කොහොමත් ;)

      Delete
  5. අනේ ඔහොම කාලයක් අපටත් තිබුනෝ.....

    ReplyDelete
    Replies
    1. එහෙම තිබ්බ එකත් හොදයි.එතකොට දැන් තියෙන ඒවගේ අගේ තේරෙනවා නේ :)

      Delete
  6. මාත් මේ දුවගෙන ආව ඇත්තක් කියලා හිතාගෙන...

    ReplyDelete
    Replies
    1. ඉතින් ඇත්ත නේ අපි මුන්ට පෙන්නුවේ සම්භාව්‍ය එක නේ :P

      Delete
  7. මගෙන් ඉල්ලපන් සීරීස් ඔක්කොම 500 පුරෝලා තියෙන්නේ...

    Hulk
    Bat man
    Scooby Doo
    Plinth stone
    Twilight

    තව තිබ්බා..මතක නෑ :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. මෙන්න මෙහෙ උන් අහනවා උඹේ ගෙවල් කොහෙද කියලා,ලග නම් ඇවිත් ඒ ටික අරන් යන්න ;)
      අඩෝ Twilight ත් තියේද බන්?

      Delete
  8. හික්ස්..! එළ වැඩේ ඈ.. ඔය කියන ෆිල්ම් වල සම්භාව්‍ය ඒවා දෙකක්, තුනක් මට සෙට් වෙලා තියෙනවා ;)

    ReplyDelete
    Replies
    1. දන්නේ නැද්ද ධබාටයි මටයි ආව තවත් කුප්ප අදහසක් ;)

      Delete
  9. මට නම් එච්චර අසහනයක් නැත.. මම නම් ඔයින් එකක්වත් බාල නැත. අහලා පමණක් ඇත. ඉන්නේ නම් දෙකට ගැන ගන්න බෑ වගේ.. ඉතින් කට්ටිය ඉවර වෙනකන් බැලුවේ නැද්ද
    කොහොම උනත් පයි රයිට්ස් (ඔෆ් ද) කැරි (බියන්) ම තමා නේ

    ReplyDelete
    Replies
    1. අනේ සුදා බබා
      පිස්සුද උන් අපිට එරෙහිව කැති පොලු දඩු මුගුරු කඩු කිණිසි එසෙව්වා
      එක බලන්න උන්ට සිහියක් තිබ්බේ නෑ ;)

      Delete
  10. හ්ම්ම්ම් හ්ම්ම්..මමනම් මොකුත් කියන්නේ නැතෝ!!!!! ;)

    ReplyDelete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. මටයි මඩයටයි වෙන කවුරු හරි ඔය වැඩේ කලා නම් ඇඟටපතට නොදැනි අපි ඔය කියන එකම බලන්න ආව වගෙ දිගටම බලනව ඕක කරපු එකාට ලැජ්ජාව අතින් වහන් කාමරෙන් දොට්ට බහින්න...... :ඩී

    ReplyDelete
    Replies
    1. අම්මප බං එක නම් ඇත්ත උන් දන්නේ නෑ තැනෙ හැටියට ඇනේ ගහන්න :)

      Delete
  13. මඩයා සහ ධබාගේ තවත් වීර ක්‍රියාවක්....! :p:p

    ReplyDelete
    Replies
    1. හි හි අපරාදේ බං උඹටත් එදා ඉන්න තිබ්බේ :P

      Delete
  14. අපෝ නෝටිය හිටිය නම් කට ඇරගෙන කෙල හලාගෙන බලන් ඉඳීවි...... :පී

    ReplyDelete
    Replies
    1. අම්මපා අපි නොදන්නවයි මුගේ හැටි :P

      Delete
  15. හ්ම්ම්ම්ම්ම් ඕක ලාවට වගේ මතකයි.
    හිකිස්.........මාරු කේස් එක. මඩය කියන්නේ නිකන්ද?

    ReplyDelete
  16. කට්ටියම බලලා තියෙනවා වගේ ;)
    අනේ නෑ අපි අහිංසකයි :P

    ReplyDelete
  17. මට අලුත් ටිකක් ලැබුන..නිවාඩු පාඩු වෙලාවක අපේ ගෙවල් පැත්තේ වරෙන්කො...කතා ටික නම පංකාදු පහයි

    ReplyDelete

හිතට එන දෙයක් කියලා යන්න.ඒක විතරයි බ්ලොග් ලිවිලෙන් හම්බෙන එකම දේ .......