Sunday, September 30, 2012

මගෙ ස්වීටි කෙල්ල තැඹිලි ගෙඩිය රත්තරං........




දැන් ටික කාලෙකට කලින් සිරා සින්දුවක් ඇහුවා.ඒක පොඩි බජව්වක කියන එකක් ,මං ඇහුවේ රේකොඩින් එකක්.ඒත් ඒක කොලිටි නැති උනාට beatඑකයි පද ටිකයි පට්ටෙට සෙට් උනා.ඕක ඉතින් ඒක නිසම බෝඩිමේ වැඩිපුරම ඇහෙන සින්දුවක් වෙලත් තිබ්බා කාලයක්.අපේ උන් සෙට් එකටත් සින්දුව හොදට සෙට් වෙලා තිබ්බේ ඉතින් ඒක නිසා මං කොච්චර පට්ට ගැහුවත් එකෙක් වත් කිසිම කුණු කතාවක් කිව්වේ නෑ.
ඊයේ මට මේ සින්දුව මියුසික් කරලා හොද ස්ටුඩියෝ එකක කරපු අලුත් සින්දුවක් අහන්න ලැබුනා.කලින් සින්දුව කරපු අයමද මන්දා අලුත් එක කරලා තියෙන්නේ,ඒත් පරණ එක තරම් අලුත් එක සෙට් වෙන්නේ නෑ.අලුත් එකේ පද ටිකක් වෙනස්.මේ තියෙන්නේ පරණ එකේ ලිරික්ස් ටික.කවුද ලිව්වේ කියන්න දන්නේ නෑ එකේ අමුතුම ගතියක් තියෙනවා 


මගෙ ස්වීටි කෙල්ල තැඹිලි ගෙඩිය රත්තරං...

මම ආදරෙයි ඔයාට ලොවෙත් නැති තරම්.... ///

මේක සිරා කරපු මගේ ප්‍රථම ලව් එක ..

මම බොක්ක උනත් දෙන්න හිටියේ ඈ හට ...

දැනුයි මට දැනෙන්නේ ඈ ගැලෙව්වේ මගේ දත ...

කනේරු ඇට කන්න හිතෙනවා මට...
කියල වැඩක් නෑ... නින්ද යන්නේ නෑ ......
මේවා හිතල හිතල මගේ නාඩි වැටෙන්නෑ ....

කට්ට කාල දමා ගත්ත කෙල්ල යාළු ...
ආයේ මව හම්බ වෙන්නේ එන්නේ නෑලු... //

මං ළඟ බොරු නෑ මවල කියන්නෑ 
සුරංගනා කථා කියල රවට්ටන්නේ නෑ... //

මගෙ ස්වීටි කෙල්ල තැඹිලි ගෙඩිය රත්තරං...
මම ආදරෙයි ඔයාට ලොවෙත් නැති තරම් ....///


 ඔයාලත් දෙකම අහලා බලන්න හොද මොකද්ද කියලා ඔය ගොල්ලොම තීරණය කරන්න :)


මේ තියෙන්නේ මං මුලින්ම අහපු බජව් වර්ශන් එක









මේ තියෙන්නේ අලුතෙන් කරපු සින්දුව






ප.ලි :- ඕඩියෝ එක addකරන ගැජමැටික් එක කියලා දුන්නේ හිරු හිමාවී නංගි.තෑන්ක් යු හොදේ......! :)

51 comments:

  1. සිරා උපරිමයි බන්

    ReplyDelete
  2. පායන කාලේ හින්දා තැඹිලි වටී ඒ හින්දා දෙකම වටී
    සිංදු දෙකම එල බං

    ReplyDelete
    Replies
    1. අම්මපා ඒක නම් ඇත්ත තැඹිලි වල්ලක් තිබ්බත් වැඩි නෑ :)

      Delete
  3. ඒ උනාට බජව්වේ ලිරික්ස්ම දාලා සින්දුව දැම්මනං මාර ගති බං....

    ලව් ඉට් ඈ..

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. එකෙන්ම මාත් කැමති පලවෙනි ඒකෙ ලිරික්ස් වලට තමා :)

      Delete
  4. මේ ස්විටි කෙල්ල නං එහෙම කරන්නේ නෑ :)

    ReplyDelete
    Replies
    1. කවුද බොලේ ඇලිස්

      Delete
    2. @ මඩවති:- මං ඒක දන්නවා :)

      @ හයිඩ්:- වෙන කවුද මගේ මඩවති :)

      Delete
  5. දෙකම එළ බං කොහෙන්ද හොයා ගත්තේ

    ReplyDelete
    Replies
    1. මුල් එක යාළුවෙක් කොහෙන්ද හොයන් තිබ්බා ඒක හම්බ වෙලා ගොඩාක් කල් අනිත් දෙවෙනි එක නම් සිංහලලංකා සයිට් එකෙන් හොයා ගත්තේ :)

      Delete

  6. කලින් එක අහල තිබ්බා අලුත් එක ඇහුවේ අද, එල!!!

    ReplyDelete
  7. ෂා නිදාගන්න යන්න ගිහිල්ල මේ පැත්තට ආවේ!! නියමයි ඈ

    ReplyDelete
  8. සින්දුව කෙසේ වෙතත් මේ වෙලාවට තැඹිලි ගෙඩියක් තිබුනනං නියමයි..

    ReplyDelete
    Replies
    1. සින්දුවත් හොදයි නේ :)

      Delete
  9. මඩයටත් එකේක වෙලාවට එකේකේවා හිතෙනවා හරි ජොලි අනේ

    ReplyDelete
    Replies
    1. දන්නේ නැද්ද අපිට මාන්දම නේ :)

      Delete
  10. මඩයටත් පුදුම දේවල් නෙව හිතෙන්නේ

    ReplyDelete
  11. "මගේ නාඩි වැටෙන්නෑ ...."
    ඕක මචං අපේ කිරිකිත්තා ලියපු එකක්!ඒකනේ නම දාල තියෙන්නේ......!!හික්ස්!
    පිස්සු බම්ප් වෙනවා ඈ! එල!

    ReplyDelete
    Replies
    1. මටත් එක පොස්ට් එක දාද්දි හිතුනා
      උඹලගේ කිරිකිත්තා පට්ට ඩයල් එකක් නේ :)

      Delete
  12. පස්සෙ අහන්නම් මඩයා, මේ ඩේටා වල අන්තිම ටික යන්නෙ. සින්දුව කියෙව්වා පැල් කවියක් වගේ. තැඹිලි ගෙඩියක් තිබ්බා නම් මරු තමා!
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. මටත් ඩූඩ්ට වෙච්ච දේම තමයි.. හි හි...

      Delete
    2. දෙන්නම අනිවා අහලා බලන්න නරකයි කියන එකක් නෑ :)

      Delete
  13. බජව් වර්ෂන් එක තමා බන් මරු

    ReplyDelete
    Replies
    1. මටත් ඒක තමා සිරා මචං :)

      Delete
  14. හී හී 2 නි එක මේ අහනගමන්..:)
    වැඩේ හරි නම් හරි සවුන්ඩ් ක්ලව්ඩ් එකේ,,
    ජයම වේවා! :)

    ReplyDelete
    Replies
    1. එල එල උදව්වට තෑන්ක් යු හොදේ :)

      Delete
  15. 2 ම එළ වගේ මටනම්..

    ReplyDelete
    Replies
    1. දෙවෙනි එක මුල් ටික නම් මට හොදයි :)

      Delete
  16. හි හි නියමයි.තැඹිලි ගෙඩිය.අපෙත් බෝඩිමේ සින්දුවක් තියනවා.

    "ප්‍රේමවතී මනම් පේරි තරුණිය...කතරගමේ හිටිය රූප රැජිණිය.....පතිවත කෙලෙසලා ඇගේ...[නෑ ඔය ඇති]...."

    ReplyDelete
    Replies
    1. බලාගෙන ගියාම ඔක්කොම බෝඩින්කාරයෝ නේ?

      Delete
    2. මං හිතන්නේ මං ඒ සින්දුව අහලා තියෙනවා :)

      @ අලුත් මල්ලි :- එකෙන්ම සෙට් එකම බෝඩින්කාරයෝ නේ :)

      Delete
  17. ‍කියන්න නම් 1 හොඳයි... අහන්නනම් ‍2 තමයි...

    ReplyDelete
  18. මාර දේවල් තමයි මේ මඩයටත් මතක් වෙන්නේ...සින්දුව අහන්න බෑ වැඩකරන තැන නිසා....පස්සෙ අහනවා...

    ReplyDelete
    Replies
    1. දන්නේ නැද්ද මගේ මඩ මොලේට එන ඒවා නේ :)
      පස්සේ අනිවා අහන්න :)

      Delete
  19. එළ....දැං සින්දු ගෙදර අය එක්ක අහන්න බෑ.....ලැජ්ජයි...

    ReplyDelete
    Replies
    1. පස්සේ හරි අහන්න මේක ලැජ්ජා හිතෙන්න නෑ ආතල් සින්දුවක් :)

      Delete
  20. ඕකේ ඔරිජිනල් එක කියන්නේ කව්ද බං මල්ලියේ පට්ට සින්දුව

    ReplyDelete
  21. ජගත් රස්නායක කියලා කෙනෙක්ගේ අයියේ :)

    ReplyDelete
  22. අපේ හොස්ටල් එකෙත් මේක පුල් හිට් බං

    ReplyDelete
  23. ආ එකනේ කට්ටියටම ඒක වැදිලා නේ :)

    ReplyDelete

හිතට එන දෙයක් කියලා යන්න.ඒක විතරයි බ්ලොග් ලිවිලෙන් හම්බෙන එකම දේ .......