Saturday, October 20, 2012

ඉවසයිද මන්දා මා දුන් රිදුම් ......



ඉවසයිද මන්දා මා දුන් රිදුම් 
වෙන්විලා දා වෙනතක් බලන් 
උන්නාට මා රහසේ තුරුලක හෙමින් 
මට ඉන්න බෑ නේ මතකෙට හොරෙන් 


තනියෙන්ම වින්දා දුන් දුක් සුසුම් 
තව කදුළු නෑ මේ දෙනෙතේ ඉතින් 
ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන් 
මට මාද  නැති උනා සත්තයි හෙමින් 

ගොළු වෙච්ච තරු දෑසේ කදුලැල් උනන්නේ 
දරාගන්න බෑනේ මතකේ විලාපේ 
ආදරේ ඔබෙන් තරම් ලැබුනේ නෑ කාගෙන්වත් 
රැකගන්න බැරි උනේ සංසාරේ 

ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන් 
මට මාද නැති උනා සත්තයි හෙමින් 
මේ පාලු දුක් සිහිනේ අතරමං වෙලා බොහො සේ
ආයේ ගන්න බෑ ඒ සෙනෙහස ඔබේ

ජිවිතයම වැටුණු තරම් නැගිට ගන්න බෑ ආයේ
මැරී මැරී උපදී මේ සංසාර ආදරේ 
උන්නාට මා රහසේ තුරුලක හෙමින්
මට ඉන්න බෑනේ මතකෙට හොරෙන් 



ධනයට,බලයට,සැප සම්පත්වලට ඇති ආශාව නිසාම ආදරයට පයින් ගසා මිරිගුව පසුපස යන තරුණියන් අද අප දෑස් ඉදිරියේ අනන්තවත් ඉන්නවා.මේ අය හරියට පහන් දැල්ලට පෙම් බදින පළගැටියෙක් වගේ...තමන් යන්නේ විනාශය කරා බව ඔවුන්ට හැගෙද්දී ප්‍රමාද වැඩියි.

ඉවසයිද මන්දා මා දුන් රිදුම් 
වෙන්විලා ඈ දා වෙනතක් බලන් 
උන්නාට මා රහසේ තුරුලක හෙමින් 
මට ඉන්න බෑ නේ මතකෙට හොරෙන් 

ඒ වගේ මිරිගුවක් පිටුපස ගිය යුවතියක්.....තම පෙම්වතාවත් අමතක කරලයි අද වෙන අයෙකු හා ගියේ.මම ඔයාට රිදවුවා......ඒවා ඔයාට ඉවසන්න පුලුවන්ද කියලා...මම දන්නේ නෑ.මම ඔයාගෙන් වෙන්වෙලා ආ දවසේ ඔයා කොයිතරම් දුක් විදින්න ඇත්ද...මම අද වෙනකෙකුගේ තුරුලේ හිටියත්..මට බෑ ආයේ අපේ ඒ ආදරණිය අතීතය අමතක කරන්න...ඇය ඔහු අමතමින් කියනවා.

තනියෙන්ම වින්දා දුන් දුක් සුසුම් 
තව කදුළු නෑ මේ දෙනෙතේ ඉතින් 
ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන් 
මට මාද  නැති උනා සත්තයි හෙමින් 

"ඔයා මා තනිකර ගිය දවසේ ඉදලා ම‍ගේ තනියට හිටියේ තනිකම විතරයි.....තනිකම එක්ක මම ඔයා දුන්න දුක් සුසුම් වින්දා... රහසින්ම හැඩු කදුළු,..ගංගාවක් තරම්..තවත් නම් මගෙ ඇස්වල කදුළු නෑ,ඔයා මා තනිකරලා ඔහු සමග ගිය දවසේ..දැනුන හැගුම්...අන්තිමේ මට මාවත් අයිති නෑ කියලයි හිතුනේ.."ඔහු කදුළු පිරි දෙනෙතින් අයට කියනවා 

මේ ගිය ලියුවේ ඩිලාන් ගමගේ..තරුණ ගී පද රචකයා 

මේක මගේ යහළුවකුට වූ අත්දැකීමක්.එයාගේ පෙම්වතියට ඕනෑ වුනා නිළියක් වෙන්න.ඉතින් මගේ යාලුවා ඇය සමග චිත්‍රපට අධ්‍යක්ෂකවරු පස්සේ ගිහිං කොහොම හරි ඇයව නිළියක් කළා.නිළියක් උනාට පස්සේ ඇය ලොකු ලොකු සාද වලට ගියා.සල්ලිකාරයන්ව හදුනාගත්තා.දැන් අයට පෙම්වතා මදි...ගැලපෙන්නේ නෑ.ඒ නිසාම සල්ලි වියදම් කරන්න පුළුවන් වයසක ව්‍යාපාරිකයෙක් එක්ක සම්බන්ධ උනා.ඒ ව්‍යාපාරිකයා බැදලා ළමයි ඉන්න කෙනෙක්.ඒත් තරුණ නිළිය ඇති විසේකාර කම නිසාම මේ ව්‍යාපාරිකයා එක්ක ඉන්නවා,ඔහු ඇයට කොළඹින් ගෙයක්අරන්දෙනවා ඒ වගේම වාහනයක් අරන් දෙනවා.

ගොළු වෙච්ච තරු දෑසේ කදුලැල් උනන්නේ 
දරාගන්න බෑනේ මතකේ විලාපේ 
ආදරේ ඔබෙන් තරම් ලැබුනේ නෑ කාගෙන්වත් 
රැකගන්න බැරි උනේ සංසාරේ 
ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන් 
මට මාද නැති උනා සත්තයි හෙමින් 

දෑස් ගොළුවෙලා....නිවීගිය තරු වගේ.. ඒ දෑස්වලින් කදුළු උනනවා.අපේ ආදර අතීතය විලාප දෙනවා.කොහොම ඉවසන්නද...ඔහුගේ හදවත හදනවා.

සත්තයි...ඔයාගෙන් තරම් ආදරයක් මට කාගෙන්වත් ලැබිලා නෑ.ඒත් මට ඒ සංසාරගත ආදරය රැකගන්න බැරි උනා නේ.... ඇය පසුතැවිලි වෙනවා.

ඔයා තවකෙක් එක්ක ගියා...මට මාවත් නැති කළා...හඩන හදවත ඇයට දොස් නගනවා.

වියපත් බඹරා..මේ ලස්සන මලේ තිබුණ රොන් ටික ඔක්කොම උරා බිව්වා.ඉන්පස්සේ ඇයව මග ඇරියා.වාහන විතරක් නෙමෙයි..අරන් දුන්න ගෙයත් ගත්තා.නිලියට යන එනමං නැති උනා.ඇයට පරණ පරණ පෙම්වතාව මතක් උනා.මංමුලා උනා....නියම ආදරේ තියෙන්නේ ඔයා ලග කියලා මං දැනගත්තා.ඇය ඔහු සොයාගෙන ඇවිත් කිව්වා....කරන්න දෙයක් නෑ...ඔයා පරක්කු වැඩියි.මං දැන් විවාහකයෙක්...මට අවංක ආදරය ලැබුනා.ඔයා දැන් වෙනතක් බලා ගන්න.....ඔහු ඇයට කිව්වා. 


මේ පාලු දුක් සිහිනේ අතරමං වෙලා බොහො සේ
ආයේ ගන්න බෑ ඒ සෙනෙහස ඔබේ
ජිවිතයම වැටුණු තරම් නැගිට ගන්න බෑ ආයේ
මැරී මැරී උපදී මේ සංසාර ආදරේ 
උන්නාට මා රහසේ තුරුලක හෙමින්
මට ඉන්න බෑනේ මතකෙට හොරෙන් 

මං දැන් අතරමං වෙලා...ඔයාගේ ආදරේ මට ආයෙත් ලබාගන්න බෑ.දුක සිහිනයක් වාගේ..ඒ අතීතය...ඇය හඩනවා
ඔයා දුන්න දුක නිසා මගේ මනස කඩාවැටුන හැටි..මගේ ජීවිතය මම ගොඩ නගාගන්නේ කොහොමද.....සංසාරෙන් සංසාරෙට ඔයාගේ අහිමි ආදරේ නිසා මම මැරී මැරී ඉපදෙනවා.ඔහුගේ හිතේ ඇය කෙරෙහි තිබෙන ආදරය නැතිවෙලා නෑ.

මේ සින්දුව ගයන්නේ සමිතා මුදුන්කොටුව සහ අතුල අධිකාරි දෙදෙනා...ඔවුන් දෙදෙනාට මේ ගීතය කොතරම් දුරට ගැලපෙනවාද....ඒ තීරණය ඔබේ අතේ.

උදාර සමරවීරගේ මෙලඩි එකකට තමයි මම වචන ටික ලියුවේ....මගේ ඔළුවට එක පාරටම ආවේ අතුල සමිතා දෙදෙනාව.ඔවුන් දෙදෙනාම මේ ගීතය ගයන්න කැමැත්තෙන්ම ඉදිරිපත් උනා.අතුලගේ කොටස ඔහු කලින් ඇවිත් රෙකෝඩ් කළා.ඉන්පස්සේ හවස සමිතා ඇවිත් එයාගේ කොටස රෙකෝඩ් කළා.එක දවසෙන් ගීතයේ වැඩ නිමා වුනා......ඩිලාන් පැවසුවා.




ප.ලි:- මේ සින්දුව මං මේ දවස් වල ආස සින්දුවක්.ඒක නිසාමයි දිවයින පත්තරේ මිවිතට අජිත් අලහකෝන් මහත්තයා ලිව්වා ලිපිය මේකේ ටයිප් කරලා දැම්මේ.අතුල සින්දුව ලෙසටම ගැම්මෙන් කියනවා.පට්ටෙට වදිනවා.දෙන්නගේ සිද්ධිය හිතේ මවන් ඇහුවම තව හොදට සින්දුව ෆීල් වෙනවා.

23 comments:

  1. හයියෝ..... මම බැලුවා මේ මොන අවනඩුවක්ද කියලා.. මේකෙ මාතෘකාව දැක්ක ගමන්ම මට හිතට ආවේ..ඉවසයි..හැබැයි හැමදාටම වේදනාව හිතේ තියන් විදවයි කියන්න.. :පී.. සිංදු විචාර කරන එකයි රසසාස්වාද කරන එකයි මමත් ආසම වැඩක්..
    ජය!!!

    ReplyDelete
  2. හරි අගෙයි නේ මලයා.

    ReplyDelete
  3. මම බැලුවා මඩවතීගෙන් උන දෙයක්ද කියලා
    සිංදුව ඇහුවා නියම සිංදුවක්

    ReplyDelete
  4. මමත් හිතුව අපේ මඩයට බූට් එකක් වැදිලා තමා කියල චපල කෙල්ලොන්ට ඔහොම වෙලා මදියි.

    ReplyDelete
  5. ඇත්තටම සංවෙදී ගීතයක්.එත් ඉතිං මෙවා රසවින්දට මදි.මේ ගීත වල තිබෙ අරුථ අපි අවබෝධ කරගෙන ජිවිතයට මෙයින් අධ්‍යාපනයක් ලබා ගත යුතුයි.ඔබට ජය!

    ReplyDelete
  6. e kiyanne Athulai Samithai nawatha ek wela nadda? mata andenawa

    ReplyDelete
  7. මේ දෙන්නාට මේ ගීතය කදිමෙට ගැලපෙනවා... දැන් ඒ විවාහත් හඹක් නොවැ... අතුල ගොයියට අලුත් බිරිදගෙනුත් ඔන්න ළමෙක් ලැබෙන්න යනවලු...

    ReplyDelete
  8. හුටා මම හිතුවෙම මඩයා කෙලෝගෙන ඇති කියලා. අනේ අපේ මඩවතී නම් මඩයගෙ බොර පාට ඇස් දිහා බලාගෙන කවදාවත් ඔහොම කරන එකක් නෑ! නැද්ද මඩවතී. ඔයා හැමදාම මඩයා සමග නේද?

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  9. මං බය උනා.... :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  10. වෙන්විලා "ඈ දා"වෙනතක් බලන් නෙමෙයි නේද, වෙන්විලා " ආ දා" වෙනතක් බලන් වෙන්න ඕනේ නේද. සිරාවටම ඒ සින්දුව මාර ලස්සනයි. මේ දවස්වල මගෙත් හිට් එකක්. අපිට වැදගත් වෙන්නේ සින්දුව කියන කෙනාවත් ඒ අයගේ ජීවිත කතාවමත් නෙවෙයිනේ. වැදගත් වෙන්නේ සින්දුව.

    ReplyDelete
  11. ම්ම්ම්ම් අපුරුයි මඩයො...

    ReplyDelete
  12. මම මේ මඩවතීව හොයාගෙන ගිහින් හොඳවායින් දෙකක් කියන්න හැදුවේ...බලද්දී සින්දුවක්නේ...අහලා නම් තිබුනේ නැති එකක්

    ReplyDelete
  13. අනේ මේ අසරන මඩවතී මඩයා දමා යන්නේ නැත.
    වරදට සමාව දී උවමනා උවත් යන්න බැරි වන ලෙස ගැටගසාගෙන සිටී

    මඩවතී

    ReplyDelete
  14. මේ ලියවිල්ලත්,ඔබේ පැහැදිලි කිරීමත් ඇත්තටම අපූරුයි සහෝ! ජයම වේවා!

    ReplyDelete
  15. මටත් මේ සින්දුව මුලින්ම ඇහෙද්දී හිතුනේ මේ දෙන්නාටම ලියපු එකද්ද කියලා. සිරා කේස් එකක්නේ. :) පෝස්ට් එක එළ..

    ReplyDelete
  16. මම අහලම තිබුනේ නෑ නේ මේක

    ReplyDelete
  17. //මේ පාලු දුක් සිහිනේ අතරමං වෙලා බොහො සේ
    ආයේ ගන්න බෑ ඒ සෙනෙහස ඔබේ
    ජිවිතයම වැටුණු තරම් නැගිට ගන්න බෑ ආයේ
    මැරී මැරී උපදී මේ සංසාර ආදරේ
    උන්නාට මා රහසේ තුරුලක හෙමින්
    මට ඉන්න බෑනේ මතකෙට හොරෙන් //

    මේ කොටසට මම කැමතියි මඩයෝ!!! :)

    මමත් වැඩියම අහලා තිබ්බෙ නෑ... ලස්සනයි!! පෝස්ටුව නියමයි!!

    ReplyDelete
  18. වී ඉහල අස්වැන්නට මුං ගන්න බෑනෙ බං දුන්න දේ ආපහු ලැබෙන එක සාධාරණයි.පෝස්ට් එක එල

    ReplyDelete
  19. මමත් ආස කරන සින්දුවක්....

    ReplyDelete
  20. බලපං මේ ෂිංදුවෙන් පෝස්ට් එකක් දාන්න ලිරික්ස් ගන්න ගුගල් කළාම, තෝ දාලා පෝස්ටුවක් :)

    මම වැඩේ අතැරියා !

    ජය වේවා !

    ReplyDelete

හිතට එන දෙයක් කියලා යන්න.ඒක විතරයි බ්ලොග් ලිවිලෙන් හම්බෙන එකම දේ .......