Saturday, December 22, 2012

දැනගෙන ගිය කතරගම..........

දෙයියනේ කියලා යන්තම් දවසක් සෙට් උනා පොස්ට් එකක් දවසක්.මේ පොස්ට් එක ටයිප් කරන්න දවස් කියක් නම් ට්‍රයි කලාද.අද නම් මේක දාල මිස මෙතනින් නොනැගිටිමි.අලුත් ජොබ් එකට ගියා.තැන නම් හොදයි,අලුතෙන් ඉගෙන ගන්න දේවල් ගොඩාක් තියෙනවා.අපි කාලා තියෙන කට්ට එක්ක බලද්දී ඔෆිසියේ කට්ට කියපු ඒවා මහා දේවල් නෙමේ.ඒත් වැඩ නම් ගොඩාක් තියෙනවා.එක නිසා බෝඩිමට එද්දී හවස් වෙනවා.ඇවිත් කාල සැපට දොයියනවා ආයේ උදේ නැගිටලා ඔෆිස් යනවා.ඔහොම තමා ජිවිතේ එකයි පොස්ට් එකක් දාන්න වෙලාවක් නැති උනේ.



මං මඩයා ඔෆිසියට ගිය දවසේ ඉදන් දවස් 2ක් යනකන් වැඩ නෑ,මං ආව ප්‍රීතියට ඔක්කොම වැඩ නවත්තලාද කොහෙද ;).කොහොම හරි ගිහින් දවස් තුනෙන් මං දවස් පහක් නිවාඩු ගත්තා කොහොමද මං හොදයි නේ.කෝම කෝම හරි මං නිවාඩු ගත්තේ ආත බූත විකාර වැඩකට එහෙම නෙමේ.අපි ලොකු පින්කමක් සංවිධානය කළා  කතරගම එක සංවිධානය කරන්න තමා කලින් ගියේ මොකද තාත්තට ඕවා තනියෙන් කරන්න අමාරු නේ මඩයා පුතත් ලගින් ඉන්න එපැයි හයියට.

ඉතින් පින්කමට යන්නෙයි කියලා නොටියයි,තේමියයි කලින්ම ගියා තේමිය නුවන්ලගේ ගෙදර. මා එක්ක ධබයි,වනොජයයි,තිවංක,ජනිත්,ටෙමාල්,යොහාන්,කාශ්මීර කියන සෙට් එක සෙට් උනා.මං 13 හවස ඔෆිස් ගිහින් ඇවිත් හවස කට්ටිය ඔක්කොම කොටුවෙන් ඇඹිලිපිටි බස් එකකට ගොඩ උනා.අපි පිටිපස්සෙම සිට් එකේයි ඊට ඉස්සරහ  සීට් එකයි වාඩි වෙලා පිළිවෙලට ආව ඇත්තමයි අපි බස් එකේ එද්දී කෑගැහුවෙත් නෑ කාවවත් බයිට් කලෙත් නෑ,කාශ්මීර මල්ලි කොන්දොස්තර මහත්තයාගේ ටෙලිපොන් නම්බරේ අරගද්දී අපිට මාට්ටු උනෙත් නෑ,තිවංක මල්ලිගේ ගම ගැන විස්තර බස් එකේ හිටිය එකෙක්ගෙන් අහලා ඌව බයිට් කලෙත් නෑ.අපි අපේ පාඩුවේ හතර පෝයට සිල්ගන්න අයටත් වඩා සිල්වත්ව ආව.පිටිපස්සෙන් මීක් සද්දයක් නෑ,බස් එකේ මිනිස්සු කතා වෙනවා අපි දිහා බලල අනේ බලන්න රත්තරන් ළමයි ටිකක්!!!!! මේ වගේ ළමයි රටට ගොඩාක් වටිනවා කියලා මිනිස්සු හරියට සංවාද පැවැත්තුවා.

කොහොම හරි අපි සැට් එක රෑ 12 වෙද්දී ඇඹිලිපිටිය ටවුන් එකට සෙට් උනා.ඉන්න සේනාවේ හැටියට ත්‍රිවිල් දෙකක් ඕනේ උනා මඩ භවනට යන්න.ගිහිල්ලා එක එකා නාලා කන්න සෙට් උනා,අපි යද්දිත් පොඩි මඩයා බරට වැඩ.කට්ටිය නැලවී නැලවී නාල කාල සැතපෙද්දී 2උනා.සෙට් එක නිදාගත්තේ මදුරු කුමන්ත්‍රණ මැද්දේ,අමාරුවෙන් පැය 2ක් විතර නිදාගත්තා.ආයේ උදේ පාන්දර නැගිටින්න උනා :( .තාත්ත කට්ටියක් එක්ක මල් ගෙන්න දෙනියායේ ගියා.මාත් පොඩි රික්වෙස්ට් පාරක් දැම්මා අපිත් එක්කන් යන්න කියලා කොහෙද එයා කියනවා නේ අපි සෙට් එක නැග්ගම මල් ගෙන්න ඉඩ නෑ කියලා.මොනා කරන්නද ගෙදර නැවතුනා පරාජේ බාර අරගෙන,14 දවසෙම කලේ ගෙනියන්න ඕනේ බඩු ලෑස්ති කල එක සහ ඒවා කඩේ ලගට ගෙනිහින් වෙන් කරලා තිබ්බ එක.

බඩු ඔක්කොම ඇදලා ඉවර වෙලා අපි සර්කිට් හන්දිය ප්‍රිමියර් ලීග් එකටත් සෙල්ලම් කළා,එකේ හොදම ක්‍රීඩකයා උනේ මඩයා නෙමේලු,අපි සෙල්ලම් කලේ පාරෙත් නෙමේලු,මඩයා ලස්සන කැච් එකක් පැනලා අරගෙන සෙනග මැද්දේ වීරයා වෙලා කට්ටියට හොරෙන් හීරුන තැන් හොදගත්තෙත් නෑ ලු.එදා දවස පෙර සුදානම් කටයුතු කරලා 15 උදේ නැගිටලා කට්ටිය යන්න ලෑස්ති උනා,ලොරි සෙට් එක ආවට පස්සේ බඩු පටවලා අපි යන්න පිටත් උනා අපි ඔක්කොම ලොරි 5ක් පිටත් උනා,අපේ ලොරියේ හිටපු සෙට් එක සින්දුවක් කාරිය කියාගෙන ආතල් එකේ හුලං පාරක් වැදී වැදී ලොරියේ පිටිපස්සේ ගියා.අපේ ලොරියේ 20ක් ගියා ඒ ඔක්කොම තරුණ ජනතාව නිසා එතන රස සාගරයි.මෙන්න මෙතන ඉදන් තමා වැස්ස වලහකයා අපිට කෝචෝක් කරන්න ගත්තේ.අපි වැස්සේ තෙමි තෙමි හරි ලොරියේ තිබ්බ පරිප්පු මිටි ටික තෙමන්නේ නැතුව ගෙනිච්චා මොකද මිනිස්සුන්ට දවස් තුනක් පරිප්පු කවන්න එපැයි :)

විස්තර විස්තර කිව්වා යන්නේ කොහෙද කිව්වේ නෑ නේ,අපි මේ කදමලු බැදන් ගියේ කතරගම කිරිවෙහෙර ලග පින්කම් මාලාවක් කරන්න.අපි ගිය ගමන් ගිය අයට දවල්ට කන්න ඉව්වා.හැබැයි දවල්ට කෑවේ 7ට විතර,දවල්ට උයන අතරේ අපි සෙට් එක කිරිවෙහෙර උඩ මළුව සහ මැද මළුව ඔක්කොම අතුගෑවා.ඇත්තට ඒක කලාතුරකින් හම්බෙන චාන්ස් එකක් අපි වැස්සේ තෙමි තෙමි ඔක්කොම අතුගෑවා.අපි පන්සල් ගියාම අතේ තියෙන ඒවා ඔහේ බලන්නේ නැතුව තැන තැන දාල එනවා හිතන්නේ නැතුව එදා අතු ගාද්දී තමා තේරුනේ එකේ අමාරුව,අපි අතු ගාද්දී කුණු දාපු මිනිස්සුන්ට බැන බැන අතුගෑවේ පන්සල කුණුදාලා විනාස කරනවට,අපි බැන්නා වගේ කවුරු හරි අපි අපිට බැන බැන අපි දාපු කුණු අස් කරන්න ඇති නේ,ඒක නිසා මං හිතා ගත්තා පන්සලකට ගියාම එතන හැඩි නොකර එනවා කියලා.කට්ටිය තැන් තැන් වල බරටම වැඩ මොකද 16 උදේ එන අයට කන්න දෙන්න දන්සලේ වැඩ ඉවර කරන්න ඕනේ නිසා.අපි කුස්සි 2ක් වෙන් කරගත්තා එකක් දන්සලේ වැඩ වලට අනිත් එක දානේ වැඩ වලට.දන්සලේ වැඩ වලට සිරිසඟබෝ දන්සල් කමිටුවේ අය ස්වේච්චාවෙන් සහභාගී උනා. සිරිසඟබෝ දන්සල් කමිටුව කියන්නේ හැම අවුරුද්දෙම සිතුල්පව්වේ මහා බත් දන්සල කරන අය.අපේ තාත්තත් ඒ දන්සලට සම්බන්ද වෙන නිසා ඒ හිතවත්කම නිසා ඒ අය මේ පින්කමට සහභාගී උනේ.

අපේ සෙට් එක රෑට කාලා කලේ මන්නොක්කා සුද්ද කල එක ඒවා සුද්ධ කරනවා කරනවා ඉවරයක්‌ නෑ කොහොම හරි ඒ ටික ඉවර කරලා අපේ සෙට් එකට තිබ්බ ලොකුම වැඩේ තමා උදේ මල් පුජාවට කිරිවෙහෙර චෛත්‍ය වටේ සුදානම් කරන එක.ලොරියක් පිරෙන්න අපිට මල් එකතු කරගන්න පුළුවන් උනා,එකට අපේ විනුෂ්කට ගොඩාක් ස්තුතිකරන්න ඕනේ,අසනීප තත්වේ තියන් අපිට මල් හොයාගන්න උදවු කළා.මල් අරගෙන ගිහින් කිරි වෙහෙර චෛත්‍යයේ පේසා වළලු උඩ මල් තියලා වටේම ලස්සනට හදලා හැම මල් ආසනයක්ම මල් වලින් සැරසුවා,උදේ පාන්දරම පිංකම පටන් ගන්න නිසා අපි රෑම ඒ වැඩ ඔක්කොම කළා.අපි මල් හදන අතරේ නොටියයි,තේමිය මල්ලියි කුස්සියේ ලොකු වැඩකට සෙට් වෙලා තිබ්බා,උන් පැය 2 ක් තිස්සේ පොල් කිරි මිරිකලා,උන් දෙන්නා ඒ වැඩේ ඉවර වෙනකන් ලග ඉදන් උන්ට කතා කියලා ඇවිත් යන්තම් එදා දවසට පැයක් නිදාගත්තා,


අපි නැගිටින කොට අපේ ගමෙන් ඒ කියන්නේ ඇඹිලිපිටියෙන් පින්කමට සහභාගී වෙන අය ඇවිත් තිබ්බා.එහෙන් ඔක්කොම බස් 13ක් ආවා.තව කැලණිය,කඩවත,වීරකැටිය,කුරුණෑගල වගේ ප්‍රදේශ වලින් සෙනග ගොඩාක් ඇවිත් හිටියා,කොහොමත් සෙනග 1500ක් 2000 ක් වගේ ඉන්න ඇති.උදේම තිබුන වැඩේ උනේ මල් පුජාව,කට්ටිය ඔක්කොම කිරිවෙහෙරට යන වැලි පාරෙන් පෙරහරකින් ගිහින් උදේ මල් පුජාව කළා,ඒ සෙනග අතරේ ෆැෂන් එකට පින් කරන අයත් හිටියා,අපි පොඩි උන් උනත් අපි කියන දේ හරි නම් ඒක කරන්න ලජ්ජා වෙන්න ඕනේ නෑ නේ.මිනිස්සුන්ට වැරදි පෙන්නලා දුන්නම මිහරක් වගේ හැසිරෙන කීපදෙනෙක් උනා,මෝඩ වැඩ කරනවා මදිවට ලොකුවට පිටේ ගහන් ඉන්නවා මෙහෙන් ආවේ අරහෙන් ආවේ කියලා,ඒ උදවියට සිහියක් තිබ්බේ නෑ පින්කමකට සහභාගී උනේ කියලා,කොහොම කොහොම හරි මල් පුජාව ලස්සනට කර ගත්තා.ඊට පස්සේ කට්ටියට උදේට කන්න දන්සල දුන්නා.කට්ටිය පිංකම කරන අතරේ කුස්සියේත් මිනිස්සු ගොඩාක් මහන්සි උනා පුජාවට සහභාගී උන අයට කෑම උයන්න.සෙනග වැඩි නිසා හසුරවාගන්න අමාරු උනා,අපේ ධබා ගේමට බැහැලා ගානට සෙනග ටික කොන්ට්‍රෝල් කරලා දුන්නා.


ප.ලි:මේක දිග වැඩි වේගෙන එනවා ඉතුරු ටික ඊලග පොස්ට් එකේ දාන්නම්,ආ එක දිගට ටයිප් කරනවා කිව්වට මැද්දෙන් ගියා මොකෝ අපි පිංකම ටීවී එකේ පෙන්නුවා නේ.ඉතින් එක බලන්න ගියා ඒක පැයක් බැලුවා.අඃ තව සිං එකක්,මං මඩයා හෙට යාපනේ යනවා ඔෆිසියේ වැඩකට ආයේ දවස් 5කින් සෙට් වෙමු.

42 comments:

  1. උපරිම් ආත්ල් එකක් අරගෙන වගෙ :D

    ReplyDelete
  2. බොහොම පිං අතේ වැඩක් නොවැ... නියමයි.....

    ReplyDelete
    Replies
    1. අපි සෙට් උනොත් එහෙම එකක් තමා :)

      Delete
  3. බලන් ගියාම මඩයාත් හොඳ පින්වතෙක්.එල එල මචන් කවදාහරි ඕවා තමා ඉතුරු වෙන්නේ ජයම පතනවා!

    ReplyDelete
    Replies
    1. අඃ මඩයා හොද පින්වන්තයා ....:)
      එකෙන්ම මචං අපි කරගන්න දෙයක් තමා ඉතින්

      Delete
  4. මඩයල වැඩක කලොත් ඉතින් ගොඩම තමයි...
    පැමිණීමට නොහැකි වීම පිලිබඳ සමාව භාජනයකට දාන්න...

    ReplyDelete
    Replies
    1. උඹ දන්නවා නේ ඉතින් අපි සෙට් උනොත් කොහොමද කියලා.කමක් නෑ විභහගේ නිසා සමාව දෙනවා නැත්නම් තෝව මං එල්ලනවා.

      Delete
  5. අපිටත් පිං ටිකක් දියන්...
    මාත් ආසම තැනක් කිරිවෙහෙර..රාත්‍රියට තමා ...හොඳම..සිහිලස ..දැනෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. දෙනවා දෙනවා උඹලා හැමෝටම පිං දෙනවා.ඒක ඇත්ත මචං මාත් චෛත්‍යක් ලග එච්චර රෑ වෙනකන් හිටියේ එතන තමා මාරම සිරා

      Delete
  6. ෂාහ්.. කොල්ලො ටික හොදයිනේ.. මඩවතීව සහභාගි කරගත්තේ එහෙම නැද්ද ඕකට.... හි හි

    //මං හිතා ගත්තා පන්සලකට ගියාම එතන හැඩි නොකර එනවා කියලා //

    මං හිතන්නේ පිංකමට වඩා මේක වටිනවා කියලා... හි හි

    ReplyDelete
    Replies
    1. නෑ නේ අක්කේ!!
      මගේ මස්සිනා පොඩ්ඩ මං එනවද කිය කිය බල බල ඉන්න නිසා මෙයා මාව එක්කගෙන ගියේ නෑ නේ

      මඩවතී

      Delete
    2. අඃ අපි ඉති කොහොමත් හොදයි තමා අක්කේ.අම්මෝ අපේ පොඩි එකා ඇහැ දාගෙන හිටියේ මං මඩවති එක්කන් එනවද බලන්න :)

      Delete
  7. සෑහෙන්න වටිනා කියන වැඩක් නේ බොල...
    අපිත් ඕවට අකමැති නැහැ ...

    ReplyDelete
    Replies
    1. තාත්තාගේ වැඩ වලට අපි දායක උනා :)

      Delete
  8. පිං අතේ වැඩ වලට මමද මනාපය... මඩයාට ඒ පින් අනුමෝදන් වේවා !

    ReplyDelete
    Replies
    1. එහෙම තමා මචං පට්ට සිරා ලා ඉන්න ඕනේ
      මේක කියව්වා හැමෝටමත් පිං අනුමෝදන් කරනවා...!!!

      Delete
  9. පිං වැඩක් කරලා මෙයා,.. හිහි...සුබ පැතුම්..

    ReplyDelete
  10. පට්ට ට්‍රිප් එක මමත් ඔය වගේ එකක් ගියා බනියත් එක්ක යාළුවූන අලුත. විනෝද උනා වගේම පිනකුත් කරලනේ

    ReplyDelete
    Replies
    1. පිං සමග ආතල් :)
      මටයි මඩවතිටයි නම් දැන්ම ඔය වගේ ගමනක් යන්න සෙට් වෙන්නේ නෑ බං

      Delete
  11. පිංකං කොරගන්න එක කාට කාටත් හොඳා බොලංලා

    ReplyDelete
    Replies
    1. යන තැනකට ගෙනියන්නේ එව්වා විතර නේ අයියේ...

      Delete
  12. එල එල පිං කරගනිල්ලා ආයේ ලෝක විනාසේ කවද එයිද කවුද දන්නේ .

    ReplyDelete
    Replies
    1. එකෙන්ම එව්වා කියන්න බෑ ඒක නිසා කරගන්න දෙයක් දැන්ම කරගන්න ඕනේ :)

      Delete
  13. ලස්සන පින්කමක් මඩයෝ! මටත් හිතුනා යන්න! :)

    ReplyDelete
    Replies
    1. ඊලග පාර කතා කරන්නම් පුළුවන් කමක් තිබුනොත් අපිත් එක්ක සෙට් වෙන්න

      Delete
  14. bohoma watina pinkamak..
    Ada kale kollo gdak ewun dan agama dahamata harima ladi..

    Niyamai tharuna jawaya,shakthiya oyawage yahapath kriya walata yodawana eka bohoma watinawa..

    Sahabagi wenna tibunanam godak hodai kiyala hithuna..

    Jayama wewa!!!

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.අනිත් එක පිං කරන්න නාකි වෙනකන් ඉන්න ඕනේ නෑ අපිට පුළුවන් කාලේ අපි කරගන්න ඔනේ පස්සේ කරනවා කියලා හිටියොත් කවදාවත් වෙන්නේ නෑ.අපිට අන්තිමට ඉතුරු වෙන්නෙත් අපි කරගන්න පිනක් විතරම නේ :)

      Delete
  15. අපිටත් මේ කියවපු පිනෙන් කුසල් වැඩේවා..

    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා...!
      සියලු ප්‍රර්ථනා ඉෂ්ට වේවා...!!!!!

      Delete
  16. කරගන්න පින් අතේ වැඩක් මේ කාලේ තමයි. වයසට ගිහිල්ල පින් කරන්න බෑනෙව.

    ReplyDelete
    Replies
    1. සිරාවට මචං පැතුම් අතේ පයේ හයිය තියෙන කාලේ කරගන්න පිනක් තමා නැත්නම් පහු වෙලා නාකි වෙලා පිං කරන්න අමාරුයි

      Delete
  17. Replies
    1. අම්මපා ෆන් එකයි ආතල් එකයි එක්කම හොදට පිනුත් රැස් කළා අපි :)

      Delete
  18. මරු ෆන් එකක් අරගෙන වගේ යෑ.

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා රස සාගරයයි ....:)

      Delete
  19. අපිත් යනවා හැම සැරේම කතරගම හරිම විනෝදයි. අයියලා හොඳට විනෝද වෙලා තියෙනවා.
    හා පැංචිගේ ලෝකය

    ReplyDelete
    Replies
    1. විනෝද උනා වගේම හිතට සැනසිල්ල එන දේවලුත් ගොඩාක් කළා හා පැංචි නංගි :)

      Delete
  20. අහන්න සතුටුයි කව්රුහරි පින්කමකට දායක වෙනවා කියන දේත් මටනම් ...පින් ලැබේවා !කියල තමයි පතන්න තියෙන්නේ :)

    ReplyDelete
    Replies
    1. යන තැනකට දෙයක් කරගන්න එපැයි රෙහානි
      තාත්තගේ අඩි පාරේ පුතා යන්න එපැයි :)

      Delete
  21. කොයි වෙලේ මැරෙන්න වෙයිද දන්නේ නෑනේ..
    දැන්ම මේවා කරන එක ඇඟටත් හොදයි, හිතටත් හොඳයි...

    "ජීවිතං පුබ්බෝ ඉලෙක්ට්‍රික් බල්බෝ" කියලා මම 11 වසරේදී විද්‍යාව උගන්නපු සර් කිව්වා..

    (ජීවිතය ඉලෙක්ට්‍රික් බල්බයක් වැනිය.කොයි වෙලේ නිවෙන්න වෙවේද දන්නේ නෑනේ)

    ReplyDelete

හිතට එන දෙයක් කියලා යන්න.ඒක විතරයි බ්ලොග් ලිවිලෙන් හම්බෙන එකම දේ .......