Monday, March 4, 2013

මෙන්න සැටලයිට් ප්‍රශ්නෙට උත්තරේ..........!!!!!!!!!!!

මං කලින් පොස්ට් එකේ ඇහුව සැටලයිට් ප්‍රශ්නෙට මුලින්ම හරි උත්තරේ දුන්නේ ඩුඩ් අයියා ඊට පස්සේ උනත් හරි උත්තරේ දුන්නේ මානවක අයියයි නලීන් අයියයි විතරයි,මාතලන් අයියත් වෙන චන්ද්‍රිකා සිග්නල් වගයක් අල්ලන්න ඇන්ටනාව අල්ලන්න ඕනේ පැත්ත කිව්වා.ඇනෝ කෙනෙක් මුලින්ම උත්තරේ දුන්නා ඒ ඇනොගේ හොර වැඩ නිසා ඒක උත්තරේ පිළිගන්නේ නෑ.මොකද ඒ ඇනෝ මගෙන් උත්තරේ අහගෙන තමා ඇවිත් මෙතන කමෙන්ට් කරලා තියෙන්නේ ;)

උත්තරධ්‍රැවයේ සහ දක්ෂිණ ධ්‍රැවයේ ඉන්න මිනිස්සු සැටලයිට් වලින් ටීවී බලන්න අපි වගේ අහස පැත්තට ඇන්ටනාව අල්ලන් දගලන්නේ නෑ උන් ඒක පොලව පැත්තට හරවන්න ඕනේ.එතකොට තමා ඒ අයට හොදට සිග්නල් ඇන්ටනාවට අල්ලා ගන්න පුළුවන් වෙන්නේ.

සාමාන්‍යයෙන් සැටලයිට් එකක් උඩට යවද්දී එකේ ගමන මාර්ගය ඉලිප්සකාරද වෘර්තාකාරද කියන එක තීරණය කරනවා.ඉලිප්සාකාර ගමන් මාර්ගයක් නම් සැටලයිට් එකේ වේගය පවත්වාගන්න ඉන්ධන ඕනේ නෑ  අවශ්‍ය වේගය මේ ඉලිප්සාකාර හැඩය නිසාම සැටලයිට් එකට එනවා.වෘර්තාකාර නම් සැටලයිට් එකේ වේගය පවත්වා ගන්න ඉන්ධන දෙන්න වෙනවා.සාමාන්‍යයෙන් සන්නිවේදන චන්ද්‍රිකා වල ගමන් මාර්ගය වෙන්නේ වෘර්තාකාර එකක්.

අනිත් කාරණේ තමා සැටලයිට් එක පොලව මට්ටමේ ඉදන් තියෙන දුර.සන්නිවේදන චන්ද්‍රිකා සාමාන්‍යයෙන් කක්ෂ ගතකරන්නේ පොලවේ ඉදන් 35786 km දුරකට.මේ මට්ටම අදුන්වනවා Geostationary orbit  කියලා.මේ දුරේදී චන්ද්‍රිකාවේ බ්‍රමණ කාලය පොලවේ කාලයටම සමානයි.

උඩ කාරනා දෙක සම්පුරණ උනාට විතරක් මදි අනිත් කාරණේ තමා අපි හිතන්න ඕනේ කොහොම යැව්වෝත්ද අඩු චන්ද්‍රිකා ප්‍රමාණයකින් වැඩිම ආවරණ ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන් කියලා.මේ පරිසාධන මට්ටම ලගා කරගතයුතු නිසාම උඩ කාරනා සම්පුර්ණ කල චන්ද්‍රිකාව සමකය ඔස්සේ කක්ෂ ගත කරනවා.එතකොට චන්ද්‍රිකා තුනකින් පුළුවන් මුළු ලෝකෙටම අවශ්‍ය රුපවාහිනී නාලිකා ආවරණය ලබා දෙන්න.

සන්නිවේදන චන්ද්‍රිකා සමකය වටේ යන නිසා ධ්‍රැවකාසන්න මිනිස්සු ටීවී බලන්න ඇන්ටනාව අහස පැත්තට හරවලා වැඩක් නෑ.අපිට අහසට උඩින් චන්ද්‍රිකා තිබ්බට උන්ට එහෙම නෑ ඒක නිසා උන් එව්වා සමකේ පැත්තට හරවන්න ඕනේ.ඒ කියන්නේ ගොඩක් බිමට හරවනවා කියන එක.
 ප.ලි: වෙලාව මදි නිසයි පොස්ට් එක කෙටියෙන් ලිව්වේ

10 comments:

  1. හ්ම්ම්..එහෙනම් ඒකත් එහෙමයි ඈ!

    ReplyDelete
  2. මට තාමත් මඤ්ඤොක්කා වගේ නිසා කිසිවක් නොකියමි..!!

    ReplyDelete
  3. ඔබගේ මගේ හෝ අන් අයගේ දේශපාලන මතය කුමක් උවත් මේ රජයේ පාලන ක්‍රමයට අපි පාක්ෂික හෝ නොවන එක කුමක් උවත්, මේ රට විනාශයට ඇදදැමු කොටිත්‍රස්තවාදීන්ට උඩගෙඩි දෙන උන්ට කඩේ යන එක මේ රටට සැබවින් ආදරේ කරන කෙනෙකුට ඉවසන්න අමාරුයි නේද?
    මේ බ්ලොග් අවකාශයේ තිරිසනුන් කිහිප දෙනෙකු පුහු වීරයන් වෙන්න දගලන්නේ කොටින්ට පස්ස නවාගෙන අල්ලනගමන්, මාද මේ රජයේ වැඩපිළිවෙලට තදින්ම විරුද්ද මුත් මේ දක්වා බ්ලොග් වල විරයන්සේ බොරු විවේචන කර පිම්බෙන්න ගොස් නැත, එසේ වීමට දගලන, මේ රටට විරුද්දව කොටින්ට කඩේයන මාතලන් වැනි තිරිසනුන් අපි බ්ලොග් අවකාශය තුල දැන්ම හුදෙකලා කර නොදැම්මොත් ඉදිරියේදී අපට අපේ බ්ලොග්තුල උන්ට කමෙන්ට් එකක් හරි දාන දුන්න එක ගැන දුක් වෙන්න දවසක් එනවා අනිවාර්යයි.. ඔබ වැනි සන්වේදීන් එදාට හඩනු නොඅනුමානයි .
    එසේනම් දැන්ම මේ පාහරයා,
    ඔබේ ෆ්ලොවර්ස් අතරින් ඉවත් කර
    මේ පා හරයාගේ කමෙන්ට්ස් පබ්ලිෂ් කිරීමෙන් වැලකි
    ඔහුගේ අඩවියට ඇතුල් වීමෙන් වැලකි
    පාට පක්ෂ ජාති ආගම් බේදයකින් තොරව සිතා මෙවන් තිරිසනුන් අතුගා දැමීමට සහය වන්න..

    ** දේශිහිතයිශි බ්ලොග් කියවන්නෙක් **
    (රාජපක්ෂ රජයට කඩේ යන්නෙක් නොවන )

    ReplyDelete
  4. ගොඩක් බිමට..? ම්හ්හ්හ්.... මේ ෆොටෝවේ හැටියට අංශක අනූවකටනේ. අනික කඳු මුදුනකදිනම් බිමට හරෝන එක හරි. ඒත් කඳු පාමුලකදී. නොදන්නා දෙයක් නිසයි ඇහුවේ.. :)

    ReplyDelete
  5. සුභ පැතුම්, මානවක සහ නලීන්.

    දැන් තේරවිළි ඇති, කතාවක් කියාපං මඩයා. කවි නෙවෙයි, කතාවක්, හොඳේ?

    ReplyDelete
  6. නලින් අයියා කියල තිබුන එක මම දැක්කා මම හිතුවේ ජෝක් එකට ලියල කියලා

    ReplyDelete
  7. මොකද්ද බන් මේ හැම බ්ලොග් එකේම මේ හල හල යන දේශ හිතෛශි නැට්ට

    ReplyDelete
  8. අඩේ එතකොට උං බලන්නෙ අර්ත් ලයිට් ද?

    ReplyDelete
  9. අඩේ පොලවට හැරෙව්වම කෝමද බං. සිග්නල් එන්නේ පොලව පලාගෙනද ?

    ReplyDelete

හිතට එන දෙයක් කියලා යන්න.ඒක විතරයි බ්ලොග් ලිවිලෙන් හම්බෙන එකම දේ .......