Tuesday, June 18, 2013

තිරිසන්කම,ආදරය,මවු සෙනෙහස !!!!!!!

හරියටම මාස දෙකයි දවස් හතරකට පස්සේ බ්ලොග් පොස්ට් එකක් ලියන්න ගත්තේ,අමාරුවෙන් අටෝගත්ත මේක,මේක නිසා අදුන ගත්ත යාලුවෝ ටික අමතක කරලා දාන්න බෑ  එත් පහුගිය දවස් වල තිබ්බ වැඩ නිසා මට ඔක්කොම අමතක කරලා දාන්න සිද්ද උනා.අධ්‍යාපන කටයුතුයි ඔෆිස් එකේ වැඩයි බ්ලොග් ලියන එක්කයි කියවන එකයි ඔක්කොම මට බැලන්ස් එකේ කරගන්න බැරි උනා එන්න එන්න විභාහගේ ලං උන නිසා මන් අධ්‍යාපන කටයුතු වලට අවධානය වැඩිපුර යොමු කළා.විභාහගේ ඉවර උනත් නිදහසක් තිබ්බේ නෑ .විභාහගේ ඉවර උන ගමන් ගිනිගත්හේනේ සයිට් එකකට යන්න උනා.ඒ ගිහින් අනිත් පැත්තට තණමල්විල වැල්ලවාය පැත්තට යන්න සිද්ධ උනා ඒ පැත්තේ සයිට් ගොඩාක් තිබ්බ එහෙත් සතියක් විතර ඉදලා තමා මේ ආවේ.ඔෆිස් එකත් බලන් හිටියේ විභාහගේ ඉවර වෙනකන් රට වටේ යවන්න.


කට්ටියට දැන් මඩයා කියලා එකෙක් මතකද දන්නේ නෑ  :)  කොහොම හරි අමතක උන් මතක් කර ගනිල්ලා දන්නේ නැති උන් දැනගනිල්ලා මං තමා කාලෙකට කලින් බ්ලොග් ලියපු මඩයා .මේ වැඩ නිසා අවුරුද්දට ගෙදරින් ආවට පස්සේ ගෙදර යන්නම සසෙට් උනේ නෑ .එත් ඔෆිස් එකට පිං සිද්ධ වෙන්න සයිට් එකකට යන අතර මගදී ගෙදරට ඔලුව දාගෙන යන්න හම්බ උනා.කාලෙකින් නේ ගෙදර ගියේ අම්මා සෙට් එකට සයිට් එකේදී කන්න මැනියොක් පෙති බැදලා සිනි කරකරලා හදලා දුන්නා.ලොකු පාර්සල් 2 ක් හම්බ උනා.කට්ටිය එව්වා කාලා ඇති කියලා හිතනවා.මාර රසයි ඒවා.එක පාරක් කෑවොත් ආයෙත් කන්න ආස හිතේවි.කාලා නැත්නම් අම්මට හරි හාමිනේට හරි කියලා හදවාගෙන කන්න.

අපේ අය උඩට ගියාම මෙහෙම තමා 

රට වටේ යද්දී මොනවා නැතත් පට්ට අත්දැකීම් ගොඩක් සෙට් වෙනවා එක එක ජාතියේ මිනිස්සු මුණගැහෙනවා.ගිනිගත්හේනේ ගිහින් කූඩෑල්ලෝ හෙන ගොඩකට ලේ දන් දීලා ඇවිත් ගියා තණමල්විල.මල්වතු එහෙම තියෙන පැත්ත නේ  කොහොම හරි ඉතින් මුලින්ම ගියේ බුදුරුවගල තියෙන සයිට් එකකට.සාමාන්‍යයෙන් අපි ටීම් එකක් ගියාම රිගර්ස්(rigger)ලා උඩට යනවා ටවර් එකේ වැඩට අනිත් අය බිම කැබින් එකේ වැඩ.කොහොම හරි අපේ කට්ටිය උඩට ගිය ගමන් කොහොමත් වටපිට බලලා පොඩි සර්ච් එකක් දානවා.කොහොම හරි බුදුරුවගලදී කට්ටිය උඩට ගිය ගමන් දැක්ක සිද්ධියක් මේක.ටවර් එකට ටිකක් එහායින් තිබ්බ ගෙදරක  ගැණු මනුස්සයෙක් පාරට ඇවිත් ඉන්නවා එක පාරට ගෙදර පැත්තේ ඉදන් පිරිමි මනුස්සයා දුවන් ආවා මොනවාද  මොනවාද කිව්වා එකපාරට ලග තිබ්බ තඩි ගලකින් ඔළුවට පත බෑවා .ගෑනු මනුස්සයා කෙසෙල් කද කපලා දැම්මා වගේ මහ පාරේ බිම වැටුනා.හත්දෙය්යනේ මොන මගුලේ ප්‍රශ්න තිබ්බත් එව්වා කතා කරලා විසදන්න පුළුවන් නේ,මනුස්සයෙක් උනාම මොලේ කල්පනා කරලා වැඩ කරන්න ඕනේ.අනික ගෑණු මනුස්සයෙක්ට ගලකින් ගහනවා කියන්නේ කොච්චර නිවට වැඩක් ද.ගලකින් නෙමේ කොහොම ගැහුවත් එහෙම කරන්නේ නිවටයෙක්.

අපිට බුදුරුවගල තිබ්බේ අලුත්ම සයිට් එකක්.සිග්නල් නැතිම පැත්තකට අලුතෙන් සිග්නල් දෙන්න තිබ්බේ,ඉතින් එහෙම සයිට් කරද්දී පොඩි සිවිල් පාට් එකක් එහෙම තියෙනවා.ඒ කියන්නේ කොන්ක්‍රීට් අනනවා වගේ වැඩ,ගොඩක් වෙලාවට ඒ වගේ සයිට් කරද්දී අපි ඒ යන පැත්ත කිට්ටුවෙන් බාස් ලා  හොයා ගන්නවා,මේ සයිට් එකෙත් අපි ඒ සිවිල් වැඩ වලට ගමෙන් බාස් කෙනෙක් හොයා ගත්තා,ගෝලයා වැඩේට සයිට් එකට අල්ලපු ගෙදර අංකල් සෙට් කරගත්තා,සයිට් එකට අල්ලපු ගෙදර හරිම පොඩි ගෙදරක්,ඇත්තට කිව්වොත් දුප්පත් කමින් මිරිකිච්ච පවුලක්,ගෙදරට ලයිට් වතුර තියෙනවා එත් ඒවා ගෙවන්නේ කෝමද කියලා මට නම් හිතාගන්න බෑ.ඒ අන්කල්ගේ රස්සාව කළේ  ඒ ලගපාත තිබ්බ පැල තවානක,එකෙන් මහ පඩියක්  ලැබෙනවා ඇති කියලා මං හිතන්නේ නෑ,මේ පවුල නම් හරි ආදරෙන් හිටියා කොච්චර දුප්පත් උනත්,අර ගලෙන් ගහපු තිරිසනා වගේ නෙමේ.

අපි සයිට් එකේ වැඩ කරද්දී අනිවා දවල්ට කන්න පරක්කු වෙනවා.ඉතින් එක නිසා අපිට උණුවෙන් කන්න තියෙන්නේ රයිස් විතරයි,ඉතින් අපි හැමදාම වගේ දවල්ට කෑවේ රයිස්.අපේ ටීම් එකටයි සිවිල් වැඩේ කරන බාස්ටයි ත් අපි කෑම ගේනවා.අපි කෑම එක දුන්නට පස්සේ අල්ලපු ගෙදර අන්කල් කරන්නේ ඒක අරං ගෙදර යන එක.ගෙදර ගිහින් එක ගෙදර තුන්දෙනා එක්ක බෙදාගෙන කනවා.එකට තමා කියන්නේ ආදරේ කියලා,මොකද අංකල් දන්නවා එයාලා රයිස් කන්න ආස උනාට එයාලට කඩෙන් ගෙනත් කන්න වත්කම නෑ එක නිසා නොනටයි පුතටයිත් දීලා බෙදාගෙන කන්න ඕනේ කියලා.අපි ඒ සයිට් එකේ හිටපු දවස් තුනකදී මේ සිද්දිය මට මීටර් උනා,මට විතරක් නෙමේ අපේ අනිත් උන්ටත් මේ සිද්ධිය මීටර් වෙලා තිබ්බා,අපි තුනට කෑවත් ඒ ගොල්ලෝ තුන වෙනකන් ඉන්නවා.ඒ දවස් ටිකේ එයාල දවල්ට කෑම  හැදුවේ නෑ.ඔන්න ඔහොමයි මිනිස්සු අමාරුකම් මැද්දේ ආදරෙන් ජිවත් වෙන්නේ.ඒ මිනිස්සුන්ට ලොකු ටාගට් නෑ  එත් ඉන්න ටික සතුටින් ඉන්නවා.එත් සමහරුන්ට හැම දේම තියෙනවා ආදරේ තමා පවුල ඇතුලේ නැත්තේම.පවුල ඇතුලේ ආදරේ කරුණාව තියේ නම් මොන දේ නැතත් උන්ට මාර සන්තෝසෙන් ජිවත් වෙන්න පුළුවන්.

ඒ අංකල් උදේට සයිට් එකට එද්දිම ලොකු වතුර බෝතලේකට අපිට වතුර ගෙනත් තියනවා,සරින් සැරේ තේ හදලා දෙන්න අහනවා,මොන අමාරුකම් තිබ්බත් ඒ අය  පුළුවන් විදිහට ආගන්තුක සත්කාර උපරිමෙන් කරන්න තමා උත්සහ කලේ.තේ හදන්න එහෙම ගොඩක් ඇහුවත් අපි හදන්න දුන්නේ නෑ  එච්චර අමාරුවෙන් ඉන්න මනුස්සයෙක්ට අපි සෙට් එක තව කරදරයක් වෙන්න හොද නෑ නේ.අන්තිමට අපි අහන අහන එකට ඕනේ නෑ  කියන නිසා මේ මනුස්සයා නොකියම සයිට් එකේ ඉන්න යට රටකජු බැදලා ගෙනත් දුන්නා,හිටපු හැමදවසේම රටකජු බැදලා ගෙනත් දුන්නා.ඒ මිනිස්සු දුප්පත්සල්ලි වලින් විතරයි.මනුස්සකමින් ඒ අය ගොඩාක් පෝසත්.

ඒ මනුස්සයා හරි අහිංසකයි,අපි එක්ක කතා කළා,කතාකරද්දී කිව්ව කතාව ඇහුවම නම් මට දුක හිතුනා.

"මහත්තයෝ මගේ නෝනා ලෙඩ වෙලා නේ හිටියේ,ගමේ වැන් එකකම දාගෙන පිස්සු වාට්ටුවට ගෙනිච්චේ "


ඔහොම කියලා තමා කතාව පටන් ගත්තේ.ඒ මනුස්සයාගේ හාමිනේගේ ඔළුව අවුල් වෙලා ගොඩාක් කල් ඉදලා මේ ලගදි තමා ගෙදර එක්කන් ඇවිත් තියෙන්නේ,පිස්සු හැදෙන්න හේතුව වෙන මොනවත් නෙමේ තමන්ගේ කුසෙන් බිහිකරපු තමන්ගේ එකම දූ.පවුලට ළමයි දෙන්නයි,වැඩිමල් දරුවා ගෑණු දරුවෙක්,අනිත් එක්කෙනා කොල්ලෙක්.ඉතින් යන්තම් කෙල්ලට 15 උනා විතරයි ඒකිට අම්මලා තාත්තලාගේ ආදරේ මදි වෙලා වෙන එකෙකුගේ ආදරේ හොයන් ගිහිල්ලා ගෙදරටත් නොකියම.ඒ කෙලි පොඩ්ඩ  වැරැද්ද ගත්තේ එතන,මොකද කවුරු මොනවා කොහොම කිව්වත් කොච්චර ආදරේ කිව්වත් අම්මා තාත්තා තරම් කවුරුත් අපිට ආදරේ නෑ ඒ දෙන්නට පස්සේ තමා අපිට ආදරේ කරන අනිත් ඔක්කොම ඉන්නේ.ඒ සරල කාරනාව තේරුම් ගන්න මේ ගෑණුළමයට බැරි උනා එයා එයාගේ හැගීම වලට වහල් වෙලා අමුතු ලෝකයක් හොයන ගියා හැබැයි ගියේ නිකන් නෙමේ අම්මගේ සිහියවිකල් කරවලා උන්මත්තකයෙක් කරලා,අම්මලා ළමයිට ගොඩාක් ආදරෙයි එක නිසා ඒ යට දුක් දෙන්න එපා,මේ ආත්මේ නැතත් ඊලග එකකදී හරි අපිට ඒ පවු ගෙවන්න වෙනවා.

මේ ඔක්කොම හිතේ තියාගෙන අංකල් පොඩි කොල්ලවයි ඇන්ටිවයි බලාගෙන ලස්සන පවුල් ජිවිතයක් ගතකරනවා.කොච්චර ආර්ථික අඩුපාඩු තිබ්බට පවුලක් වශයෙන් ඒ ගොල්ලෝ දිනුම්,සන්තෝසෙන් ඉන්නවා.අපි සයිට් එකේ වැඩ ඉවර වෙද්දී ඉතුරු උන ගල් ටිකයි වැලි ටිකයි ඒ අංකල්ට දීලා ආවා.කවදා හරි දවසක වැදගත් වෙයි නේ කියලා.

ප.ලි.: බ්ලොග් නොලියා හිටපු මාස දෙක ඇතුලත හෙමිහිට හෙමිහිට මඩයාගේ ලෝකය ෆලෝ(follow) කරන ය 100ක් වෙලා සියවෙනියා උනේ වර්ණ බ්ලොග් එක ලියන දිනේෂ් උමගිලිය අයියා.මා එක්ක මෙච්චර දවස් හිටපු හැමෝටම ස්තුතියි,දිගටම මා එක්ක ඉන්න කියලත් ඉල්ලනවා.ඒ වගේම මන් නැති දවස් වල මොකෝ ලියන්නේ නැත්තේ කියලා අහපු යටත් ස්තුතියි මා ගැන හෙව්වට

11 comments:

  1. අපේ අප්පේ.. මෙහෙම හරි ලියන්න ආපු එක කොච්චර දෙයක්ද... මිනිස්සු මෙහෙම තමයි බං.... අපි ඒ අය තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ....

    ReplyDelete
  2. හෆ්ෆේ මමද 100ට ආවේ.. දන්නෙත් නෑ බොල.. එහෙනම් ඒකටත් සුභ පැතුම්..

    මිනිස්සු ගැනනම් කියන්න දෙයක් නෑ බං.. හරි අමුතුයි.. මට නම් හිතෙන්නේ ඔන්න ඔච්චරයි..

    ReplyDelete
  3. ඉතිං වෙලාව තියන හැටියකටවත් මේවගේ රහ කතා ටිකක් ලියමු මඩේ.

    ReplyDelete
  4. මහ ළොකු බුද්ධාගමේ ප්‍රතිඵල තමා ඕය.. ජීවීතේ දුකයි දුකයි කියනවා මිසක්. ජීවිතය කියන්නේ මොකක්ද කියන දේ. සෑම ඩෙයක් ගැනම උපේක්ෂාවෙන බලන්න ඕන කියන දේ කියලා දෙන්න කිසිම කෙනෙක් නෑ. මේ ළඟදිත් අම්මා කෙනෙක් දුව කෝච්චියේ හැපුනා කියලා, ඒයා ලොරියට පැනලා. එතකොට අනික් ලමයින්ට මොකද හිතෙන්නේ. ජීවත් වෙලා ඉන්න උන්ට මේ අම්මා ආදරේ නැද්ද?

    ReplyDelete
  5. ජීවිතේ කියන්නෙ හරිම පුදුමාකාර දෙයක් මඩයෝ... අපිට ඕන වෙලාවට මුකුත් නෑ.. නැති වෙලාවට ඕන තරම් තියෙනව.... දුප්පත් කම වල්ගය නැති ගොනා වැනී... කියල කියමනකුත් තියෙනවනේ...ඔය විදියෙ මිනිස්සු කොච්චරවත් ඇතිද මේ සමාජයේ.... ඔවුන් කොච්චරවත් සතුටින් ඇතිද?

    ReplyDelete
  6. සල්ලි තියෙන ගොඩක් තැන්වල මනුස්සකම, ආදරය නෑ. ඒ අතින් මේ ගෙදර ජීවත්වෙන මිනිස්සු හරි වාසනාවන්තයි.

    ReplyDelete
  7. ඔන්න ඔය වගේ සයිට් වල කතන්දර ටිකක් දිගටම ලියහංකෝ...

    ReplyDelete
  8. මඩයෙක් මේ හන්දියේ ඉන්න විත්තිය අද තමා මාට්ටු උනේ. ඔය සයිට් කතා නං නියමයි. මොකද අර තව එකෙක් ලියනව ඒ ගැන රහටම.. නවදැලිහේනේ දසසිල්වා..

    ReplyDelete
  9. අඩෝ ඔය කණු උඩ කතා ආයේ ලියපන් ඈ

    ReplyDelete
  10. ඔය වගේ ජීවිත ගැන කතා කරලා වැඩක් නැහැ මචන්..පුළුවන් විදිහට හාල් පොල් ටිකක් හරි අරන් දීපන් මචන් කලෙක්ෂන් එකක් දාලා...

    ReplyDelete

හිතට එන දෙයක් කියලා යන්න.ඒක විතරයි බ්ලොග් ලිවිලෙන් හම්බෙන එකම දේ .......