Friday, January 24, 2014

ශ්‍රී පාද වන්දනා................!!!!!!!!!!

කාලෙකට කලින් ලස්සන ලෝකයක් තිබ්බා මඩයාගේ ලෝකය කියලා.ඒකේ අයිතිකාරයාගේ උනන්දුවක් නැතිකම හා වැඩ වැඩි කම නිසා ඒ ලෝකේ පාලුවට ගියා මකුළුදැල් බැදුණා පෙරේතයෝ කුම්භාණ්ඩයෝ අරක්ගත්තා.එහෙමයි කියලා ඒ ලෝකෙට කැමති අය ඒ ලෝකෙට සැරෙන් සැරේ ගොඩ වෙලා ගිහින් තිබ්බා ලෝකේ ආයෙමත් පුරුදු තත්වෙට පත් වෙලාද බලන්න.


ඒ ලෝකෙ අයිතිකායාට ලෝකේ ගැන ලෝභ හිතිලා පෙරේතයෝ කුම්භාණ්ඩයෝ එක්ක සටන් කරලා උන් එලෝලා මකුණෝ සේරෝගේම ගෙවල් කඩලා ලෝකේ අස්පස් කරලා ඒක ලස්සන කරන්න පටන් ගත්තා.ඉතිං අද ඉදන් ආයෙත්ම දිගටම ඒ ලස්සන ලෝකේ හෙවත් මඩයාගේ ලෝකය පාලුවෙන්න දෙන්නේ නැතුව දිගටම තියේවි.ලෝකෙට ඉස්සර ඉදන් ගොඩ උන හැමෝම දිගටම මෙහෙට එන්න කියලා ආරාධනා කරනවා.

පහුගිය අවුරුද්දේ ජොබ් එකේ වැඩ නිසා අම්බානෙට හිරවෙලා හිටියේ මොකද රටවටේම ඇවිදින්න උන නිසා,ඒ නිසාම මගේ විභාහගෙකුත් මේ අවුරුද්දට කල්දාන්න උනා
.එව්වා මෙව්වා නිසා ලියන්න උනේ නෑ ඒත් ඔක්තෝම්බර් නොවැම්බර් වෙද්දී නම් නිදහසක් ආවත් මගේ කම්මැලි කම නිසා මේක ලියන්න උනේ නෑ.දෙසැම්බර් වෙද්දී මඩයා කැම්පස් යන්න පටන් ගත්ත නිසා බ්ලොග් එක ලියන්න උනේ නෑ,එහෙම ගිහිල්ල ගිහිල්ල කැම්පස් එකේ මුල්ම විභාගේ තිබ්බ පහුගිය දවස් ටිකේ අද තමා අන්තිම දවස ඒක නිසාම මං හිතුවා අද ඉදංම  බ්ලොග් එක ලියන්න පටන් ගන්නවා කියලා

2014 අවුරුද්ද පටන් ගත්තේ ගෝල්ෆේස් එකේ නටන ගමන් මොකද අපි 31 රෑ මියුසිකල් එක බලන්න ගියා එදා අපි අවුරුද්ද පටන් ගද්දි හිටියේ පට්ට ෆන් එකේ නිසා හිතුවා මේ අවුරුද්ද පට්ට වෙයි කියලා කොහෙද දවස් ගෙවෙද්දී තමා දැනෙන්න ගත්තේ මේ අවුරුද්දේ හොඳකම.බෝඩිමේ ඔක්කොටම කෙලවිලා.එකෙක් ලඟවත් කන්න වත් සල්ලි නෑ ඒ මදිවට තව ප්‍රශ්න.එකෙක්වත් හිතේ සන්තෝසෙන් නෙමේ ඉන්නේ.ඒත් එහෙමයි කියලා එක වේලක් වත් බඩගින්නේ හිටියේ නෑ.එකෙක්ගේ සල්ලි ඉවර වෙද්දී තව එකෙක්ට කොහොම හරි සල්ලි හම්බෙනෝ.මේකේ එකම ජාතියේ සෙට් එකක් ඉන්න නිසා තමා එකාට එකා වැටෙන්නේ නැතුව හිටියේ මේකේ ඉන්න උන් මගේ සහෝදරයෝ වගේ එකයි මේකේ ඉන්න එකෙක්වත් මේක දාල වෙන තැනකට යන්නේ නැත්තේ.මේ වගේ බෝඩින් සගයෝ ටිකක් ලබන්න ඇත්තට පිං කරන්න ඕනේ.

අවුරුද්ද පටන්ගද්දී චාටර් කියලා අපි සැලෙන්නේ නෑ.ගිය අවුරුද්දේ කරන් ගියපු පුජා මාලාව මේ අවුරුද්දෙත් කරන් යනවා එකේ පලවෙනි එක විදිහට අපි සිරිපාදේ ගියා සිරිපතුල් මළුවේ මල් අතුරන්න. මේ පුජාව කරන්න තාත්තා වෙනම ඉඩමක දාස් හිටෙව්වා.කොහොම හරි ගමනට අපේ ගමෙන් බස් 4 ක් සෙට් උනා.වෙනදා වගේම මගේ නසරානි යාලුවෝ සෙට් එක මේ ගමනටත් ආවා. ධබයි, නෝටියයි, වන්නයි, තිවයි ඇම්ඹිලියායි ගමනට සෙට් උනා.චතුරයා මාතලේ ඉදං හැටන් වලට ආවා මොකද ඌ දැන් වැඩ කරන්නේ මාතලේ නිසා.අපේ බ්ලැකී සිරිපාදේ යන්න ආසාවේ හිටියේ ඒත් ඌට ලෙක්චර් එකක් සෙට් උන නිසා ඒකා ආවේ නෑ.

අපි සෙට් එක දෙක හවස කොළඹින් ගියා.අඃ තව එකක් එදාට මඩයගෙයි මඩවතිගෙයි ආදර අන්දරයටත් අවුරුදු 2 ක් පිරුනා.මඩවතිත් එදා අපි එක්කම ගෙදර ගියා.මඩවතිලගේ ගෙදර අපේ ගෙදරට කලින් නිසා මඩවති කලින් බැස්සා.අපි සෙට් එක ගිහින් කාලා බීලා නිදා ගත්තා. තුන්වෙනිදා උදේ තමා ගමන යන්න පිටත් උනේ අපි නැගිටිද්දීත් බස් අපේ ගෙදරට ඇවිත් තිබ්බා අපි සෙට් එක බඩු පටවලා මල් කූඩ ඔක්කොම බස් එකේ උඩට දාලා ලෑස්ති උනා.

අපි කාලා බීලා ගමන පිටත් උනා.අපි මුලින්ම සමන් දේවාලෙට ගිහිල්ලා තමා හැටන් වලට යන්න පටන් ගත්තේ.කියන්න සන්තෝසයි රත්නපුරේ ඉන්න අපේ තිවත් එදා තමා පලවෙනි වතාවට සමන් දේවාලෙට ගියේ.හැබැයි තිවා ලොකුවට රත්නපුර කිව්වට එහෙත් දුෂ්කර ගමක ඉපදිච්ච කොල්ලෙක් දැන් නිකං කොළඹ 7 එකෙක් වගේ හිටියට .අපි ලේසි නිසාම සමන් දේවාලේ ලගින්ම කාලා ගමන යන්න සෙට් උනා.මොකද බස් 4 ක ජනතාව ආම්බාන් කරන එක ලේසි නෑ නේ.එතන පුජාව කරලා කාලා පිටත් වෙද්දී දවල්ම උනා,

බස් 4 ම එක ලග වගේ ගියා අපේ එක පොඩ්ඩක් පහු උනා ඉස්සරහා හිටපු අංකල් කෙනෙක් පාර කියලා අපිට සුපිරි පාරක යන්න සෙට් උනා.ඇත්තම කියනවා නම් පාර වැරදුනා,වැරදුනා කියලා ඒ පාරේ සිරිපාදේ යන්න බැරිකමක් නෑ ඒත් දිග ලේලන්ඩ් බස් එකකට ඒ පාරේ යන්න බෑ.එකේ වංගු 18 වංගුවේ වංගුත් පරාදයි.ඒ මදිවට පාර පට්ට පළලයි පොඩ්ඩ එහා මෙහා උනොත් පැයක් විතර පහලට වැටෙන්න පුළුවන් ඒ තරම් පාර පළල්.ඇග හිරි වැටෙන ඒ සුන්දර පාරෙන් යන්තම් එලියට ඇවිල්ලා අනිත් බස් ඔක්කොටම පස්සේ අපේ බස් එකත් නල්ලතන්නියට ආවා, අනිත් කට්ටිය මල් කූඩ බාන්න පටන්ගෙන තිබ්බා.

කාල කට්ටිය 10.30 විතර වෙද්දී නගින්න පටන් ගත්තා.මල් කූඩ වල තිබ්බ මල් කවර වලට දාල හැමෝටම දුන්න සිරිපාද මළුවට ගෙනියන්න..අපේ ගෙරි චතුරයා ඒ වෙද්දීත් නල්ලතන්නියට ඇවිත් තිබ්බේ නෑ.ඌ ඇවිල්ලා ඌටත් කන්න දීලා ඌවත් අරන් අපි උඩට යන්න පටන් ගද්දි 11.15 විතර උනා.අපේ සෙට් එකේ ධබයි තිවයි තමා කෝඩුකාරයෝ හිටියේ.සෙට් එක යන්න පටන් ගත්තා නිකං වෙඩි වගේ.ඒත් ටික දුරක් යද්දී මෙන්න ධබා පහුබහිනවා.මොකද උගේ කෙට්ටු සරීර කුඩුව උස්සන් යන එක එච්චර ලේසි වැඩක් නෙමේ නේ.අපි ඌව මෝටිවෙට් කර කර හිමිහිට නගින්න ගත්තා.මමයි නෝටියයි නම් ටිකදුරක් නින්දෙනුත් ගියා.ටික දුරක් ගිහිල්ලා අපි ධබාට සිරීපාද රක්ෂිතයෙන් ගහක අත්තක් කපලා හැරමිටියක් හදලා දුන්නා.

අතර මග නම් කතා ගොඩයි එව්වා ඔක්කොම මේකේ ටයිප් කලොත් මේක මාගලක් වගේ දික් වෙනවා.කොහොම හරි අපි පහලදී කතා උනා බිස්කට් අරන් යමු කියලා.ඔන්න ඉතින් උඩට ගිහං අපි කඩේක තේ බොන්න ලැස්ති වෙලා මං කිව්වා මචං අර බිස්කට් ටික ගනින් කියලා තව එකෙක් කිව්වා ඔව් ඒක ඇත්ත අපි බිස්කට් කාලම තේ බොමු කියලා ඒ අස්සේ තව එකෙක් අහනවා අඃ උබලා බිස්කට් ගත්තද  කියලා.වෙන එකෙක් අහනවා ඇයි උඹලා ගත්තේ ඒවා තමා කමු කියන්නේ කියලා.බැලින්නම් ආඬි හත්දෙනාගේ කැඳ හැලිය වගේ එකෙක් වත් බිස්කට් අරන් නෑ අරූ ගන්න ඇති මූ ගන්න ඇති කියලා හිතාගෙන :)

කොහොමත් සිරි පාදේ යද්දී එක එක කවි කියා කියා නේ යන්නේ.කොහොම හරි පහල බහින සෙට් එකක් අපිට කියන යනවා
          ඉහල නගින මේ නඩේට සුමන සමන් දෙවි පිහිටයි කියලා

අපේ චතුරයත් එකට රිප්ලයි එකට කියපි
           එහෙම කිව්ව ඒ අය්යට පහල කඩේන් ප්ලේන්ටියයි කියලා.

ආයේ අර සෙට් එක කියපි
             එහෙම කිව්ව ඒ අය්යට උඩහ කඩෙන් ආප්පයයි කියලා

මං බැලුවා කවුද මේ සෙට් ඒක කියලා බැලින්නම් ඒ පොඩි හාමුදුරු නමවල් ටිකක්.දෙවෙනි කවිය ඇහුනා විතරයි චතුර උඩ පැනලා කියපි
             එහෙම කිව්වා ඒ අය්යට සුමන සමන් දෙවි පිහිටයි කියලා

අපේ එකා අය්යා අය්යා කියලා තියෙන්නේ බැලින්නම් හාමුදුරු නමකට අවුලක් නෑ කරුවලේ නිසා.අපි එතනින් උඩට නැවතී නැවතී ආවා අපේ ධබාවත් අරන්.අපි හෙමින් හෙමින් උඩට ගිහින් උඩ මලුවටම ගිහින් සිරිපා මළුවේ මල් අතුරලා සිරිපතුලත් වැඳලා ආව.පොලිසියෙන් උඩ ඉන්න කට්ටියව පහලට යවන්න පටන් ගත්තා.මොකද පහුවෙනිදා උදේ 6 ඉඳන් හවස 6 වෙනකන් සිරිපාද මළුව වහන නිසා.ඒත් එහෙට මෙහෙට වේවි හිටියා නම් අපිට ඉර සේවයත් බලලා එන්න තිබ්බා.ඒත් උඩට එද්දී වැටිලා කකුල තුවාල උන ඇන්ටි කෙනෙක්ව පහලට එක්කන් එන්න සෙට් උන නිසා අපේ සෙට් එක බහින්න සෙට් උනා.මායි තිවයි ඒ ඇන්ටිවත් වත්තන් කරන් පහලට බැස්සා අපි හිමින් ආව නිසා අපේ අනිත් උන් ටික මග අරුනා.ධබත් හෙමින් හෙමින් අපි එක්ක බැස්සා.ඌ උගේ හැරමිටිය පන වගේ රැකගත්තා පහලට බහිද්දීත්.

අපි හෙමිහිට බැහැගෙන එද්දී මට පොඩි සු බරක් ආවා.අයිනට යන්නත් බෑ මොකද කරුවලේ ගිහින් මොකා ගහයිද දන්නේ නෑ නේ.මං තිවාට ඇන්ටි අරන් එන්න කියලා හැටට හැටේ බැස්සා සූ පොට් එකක් හොයාගෙන එනවා එනවා ඉවරයක්‌ නෑ පොට් එකක් හම්බුනේ නෑ ඒත් පින්වතුනි එහෙමයි කියලා මේ මඩයා සැලුනේ නෑ.අන්තිමේ සූ පොට් එකක් හොයාගෙන මගේ වැඩේ කරන් අරුන් දැන් එයි දැන් එයි කියලා බලන් බලන් හිටියා ම්ම්හු මුන් නෑ,මං විනාඩි 10 බැස්ස දුර මුන්ට පැයක් ගිහිල්ලත් එන්න බෑ නේ කියලා දොස් තිය තියා හිටියා,අර ඇන්ටිට අමාරු නිසා වෙන්න ඇති පරක්කු කියලා හිත හිතා මං බංකුවකට වෙලා මග බලන් හිටියා.බැලින්නම් වෙලා තියෙන්නේ මගේ තිබ්බ අමාරුවටම මං හෙන දුරක් වෙඩිල්ල වගේ දුවලා සූ පොට් එක හම්බෙනකන්.

අපි අර ඇන්ටිවත් වත්තන් කරන් පහලට බහිද්දී උදේ 10 විතර වෙලා තිබ්බා.අපි ඇවිල්ලා උදේටයි දවල්ටයි එක පාර කාලා නල්ලතන්නියෙන් හැටන් වලට එන්න පිටත් උනා,ඒ බස් එක හෙන රවුමක් ගහලා නල්ලතන්නියේ ඉදං හැටන් වලට එන්න මේකා පැය දෙකක් ගත්තා.මං නම් දන්නේ නෑ මොකද මං හෙනගහලා වගේ නිදාගෙන හිටියේ තිවා තමා සීන් එක කිව්වේ.අපි කොච්චි බලලා එකේ ඉඩ නැති නිසා බස් එකේ නැගලා කොළඹ ආවා.

ගමනේ තව තව කතා තියෙනවා ඒත් මේක දැනටමත් දිග වැඩියි තව දිග වැඩි උනොත් කියවන්න එපා වෙනවා.එහෙනම් කට්ටියටම ජය ශ්‍රී .................!!!!!!!!!!!!!!
ආයෙත් දිගටම මඩයාගේ ලෝකෙන් හම්බ වෙමු....!
දිගටම මෙහේ එන්න.




16 comments:

  1. යන්තං ඇති.. ආපහු පටන් අරන්..! (Y)

    ReplyDelete
    Replies
    1. අමාරුවෙන් පටන් ගත්ත එක අතාරින්න බෑ නේ බං

      Delete
  2. ඔය ඇවිල්ල ඉන්නෙ මඩ කාගෙන.
    චාටර් වෙලා පටංගන්න අවුරුදු තමයි පස්සෙ හොඳ වෙන්නෙ.

    මේ වාරෙවත් සිරීපාදෙ යන්න පුලුවං වෙයි කියල මාත් බලාගෙන ඉන්නව.

    ReplyDelete
    Replies
    1. මාත් හිතං ඉන්නවා මේ අවුරුද්දේ මැද වෙද්දී වත් මේ කුජීත ගතිය නැති වෙයි කියලා.
      අය්යටත් මේ වාරේ කොහොම හරි යන්න ලැබෙන්න කියලා මං ප්‍රර්ථනා කරනවා

      Delete
  3. හපොයි සිරිපාදේ ගියොත් අනිවා කොටස් තුනකවත් කතාවක් තමා දාන්න වෙන්නේ.. හැක්.. අර බස් එක අරන් ගියේ කොන්දෙක්ද බං..

    ReplyDelete
    Replies
    1. ඔව් අප්පා ගමන ගැන ලියන්න ගියොත් පොස්ට් 3ක් වත් ලියන්න පුළුවන් :)
      ඩ්‍රයිවර් හොදයි බං ඌ හොද නිසා තමා ඔච්චර චාටර් පාරක අපි මරන්නේ නැතුව ගෙනාවේ.වෙන එකෙක් ගියා නම් අපි තාමත් අර හෙළකින් පහලට වැටෙනවා

      Delete
  4. කාලෙකට පස්සෙ හරි ආව එකම මදැයි ලියන්න....මම තවමත් සිරීපාදෙ ගිහිල්ලා නෑ...මේ වගේ ලිපි දැක්කම තමයි ඉක්මනට යන්න හිතෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. අතාරින්න බෑ නේ අය්යේ මේක :)
      ඉක්මනටම සිරිපාදේ යන්න ලැබේවා.......!!!!!!!

      Delete
  5. සෑහෙන කාලෙකින් බ්ලොග් මතක් වෙලා තියෙන්නේ..

    මාත් සිරීපාදේ ගිහින් තියෙන්නේ එක වතාවයිනේ තාම.. ආයෙම යන්න ඕන..

    ReplyDelete
    Replies
    1. ඔව් හෙන කාලෙකින් මේ පැත්තේ ආවේ.
      කොච්චර ගියත් එපා වෙන්නේ නෑ අය්යේ.....!!!!!

      Delete
  6. කලෙකින් ඇවිත් මාත් මෙ ලගදි ගියා ජයෙන් ජය

    ReplyDelete
    Replies
    1. දාල යන්න බෑ බං මේක :)
      ජය වේවා..............!!!!!!!!!!!!!!!

      Delete
  7. කාලෙකට පස්සේ ඇවිල්ලා තියෙන්නේ !!!

    ReplyDelete
  8. ම්ම ආසම පාර තමා කුරුවිට පාර... මාරම ලස්සනයි... ආපහු යන්න හිතයි...

    ReplyDelete
    Replies
    1. මං ඒ පැත්තෙන් ගිහින් නෑ ඒත් ලොකු ආසාවක් තියෙනවා කුරුවිට පැත්තෙන් නගින්න :)

      Delete

හිතට එන දෙයක් කියලා යන්න.ඒක විතරයි බ්ලොග් ලිවිලෙන් හම්බෙන එකම දේ .......