Thursday, July 6, 2017

මා ගැන හිතුනොත් අනුකම්පා නැවතත් එනු මැන හනික සොයා!!



දයාබර සැලරිය,

ඉතිං ඔබට කොහොමද?මම නං නුඹ මගේ කර ගන්නටත් මගේ ලගින්ම තියාගන්නටත් දිනපතා මහන්සි වෙමින් සිටිමි,නමුදු මා නුඹට පෙම් කරන තරමටම නුඹ නැවතත් මට පෙරලා පෙම් නොකරන බවද හොදින් දනිමි.සුළඟ නුඹ වගේ සිත් මල වටා එතෙයි මල් සුවද හොර හොරෙන් අරන් යන්නට හදයි ඒත්"ඔබට මා ආදරය කල බව මෙතරම් මා දමා ඔබ දුරකට යනතුරු නොදනිම්".සිනාවන් ගෙනා වසන්තේ දමා කොහේ යන්නදෝ පියාඹලා,ඔයාගෙන් එහා ලොවක් නෑ මවා මගේ ජීවිතේ වගේ ඔයා.

නුඹ නොදන්නවා උනාට මං නුඹෙ නමින් මල් පූජා කරා බාර හාර උනා පඬුරක් පවා ගැට ගැහුවා බෝධියේ.දන්නවද ඔයා පොඩි කාලේ මං හිතං හිටියේ ලොකු වෙද්දි මගේ ලගින් වැඩි පුර ඉදීවී කියලා ඒත් සිද්ධ උනේ ලොකු වෙද්දි ලොකු වෙද්දි ඉක්මනට ඈත් උන එකයි.දුක දැනෙන අයුරු නොදැන වස්තු ඔබ යන්න ගියේ පෙරදා.නමුදු මියනා තුරූ ආදරෙයි වස්තූ.උන්මාදිනියේ වෙන් වී යන පිටුපාලා සංවේගය ඉවසමි මම කදුළු හලාලා.දෑස රිදෙනකන් පාර බලන් ඉන්නවා  මං ඔබ එනකන් ඒත් ඔයා කවදාවත් සුළඟක් වෙලා ඔබ සොයා එන්න ඕනේ කියල මං ලගට ආවේ නෑ,"පියඹා යනවා මා ආකසයේ" කියලා හරි සැහැල්ලුවෙන් සට සට ගාලා ඔයා මගේ ලගින් ඉගිල්ලිලා ගියේ ඉතිං"මගේ වන්නට නොහැකි නම් ආයෙත් නුඹ ඇවිත් යන්න මාසේ අන්තිමට,මාව හිගන්නෙක් කරලා තනිකරලා යන්නෙපා මැණික මං පිස්සෙක් වෙලා මැරිලා යාවී.

මේ හිත තනියෙන් නුඹ එනකන් හිටිය තරම් නෑ මං දන්නා වෙන කවුරුත් නුඹව තරම්" .මාසේ අන්තිම වෙද්දි මට කියන්න වෙන්නේ මගේ ලොවට ඔබ සුළඟ වගේ ඇවිදින් කදුලු තිලිණ කර නොකියම යන්න ගිහින් කියලා,පිණි වැටුනට සුදු නෙලුමට බර වැඩි වෙන්නෑ වගේම ඔයත් මට බරක් නෙමේ රත්තරන් ඒක නිසා තව තවත් ලොකු වෙලා ඇවිත් මා ලගම නවතින්න පුන් සඳ රෑට ඇවිදින් හේනේ කලුව බිදිනවා වගෙයි ඔයා ආපු දවසට මගේ ජීවිතේ එලිය වෙන්නේ.ඔයා මගෙන් ඈත් වෙන්න ඈත් වෙන්න මගේ හිත තිස්සමහරාම පෙරහැරේ පුපුරන කස වගේ පුපුරු ගැහෙනවා ඔයාව නැත්තටම නැති වෙලා ගියොත් මට හම්බන්තොට මුහුදු වෙරලේ වැලිකැට ගානට අඩන්න වෙනවා,සිතින් ඉවසන්න බෑ මේ තරම් වේදනා,ඉතිං මං ඔයාගෙන් ඉල්ලන්නේ අත් වැල් බැදන් යන්න ලංවී ලගින් ඉන්න සංසාර ගිරිදුර්ගයේ! මා ගැන හිතුනොත් අනුකම්පා නැවතත් එනු මැන හනික සොයා!!
ඔයාට රත්නත්තරේ පිහිටයි!

8 comments:

  1. නිදුකින් ඉනු මැන මට වඩාකල් මගෙ පණත් අරගෙන ඔයා කියල අමතක කරල දාහං බං ඕක. හැක්..

    ReplyDelete
    Replies
    1. අමතක කරලා දාන්නේ කොහොමද ප්‍රසන්න අයියේ එයාව :)

      Delete
  2. පෙරදා මැවූ සිනා සැගවී කොහේ ගියාදෝ , හිතුවෙවත් නැති දවසක හිතන්නැතුව හමු උනා ,
    ලගදීම සදහටම තියාගන්න හම්බවෙයි, පඩිපත

    ReplyDelete
    Replies
    1. මාසේ මැදදි ඔහොම තමා කියන්නේ :D

      Delete
  3. බැස යන සඳ දෑසින් නවතා ලන්නට බෑ කියන්නේ ඕක තමයි

    ReplyDelete
    Replies
    1. අපේ සැලරියත් හඳ වගේ තමා පුර පෝය දාට අකවුන්ට් එක පිරෙන්න ඉන්නවා ඊට පස්සෙ ටික ටික අඩුවෙලා ගිහින් අමාවක දා වගේ හිදිලාම යනවා:D

      Delete
  4. සෑහෙන සින්දු ගොඩක් මතකයි වගේ ..

    ReplyDelete
    Replies
    1. ලාවට වගේ මතකයි පෝස්ට් එක ටයිප් කරද්දි වචන හරියටම ඕනේ නිසා සමහර සින්දු ආයේ ඇහුවා 😊

      Delete

හිතට එන දෙයක් කියලා යන්න.ඒක විතරයි බ්ලොග් ලිවිලෙන් හම්බෙන එකම දේ .......