Saturday, March 31, 2012

නුඹේ අවංක අකලංක ප්‍රේමය .......!


"අපූරුයි.....
මට මගේ පාඩුවේ ඉන්න දෙන්න 
මට වද නොදී ඉන්න
මේක පුදුම කරුමයක් උනා නේ
කියල කතා බහ හොදටෝම අඩුකරලා
අපි  යාලුවෝ විදිහට ඉමු කියලා
මගේ  ආදරයේ වටිනාකම තුට්ටුවට දාලා 
හීන බිදලා දමලා නුඹ
කෑලි වලට කැඩුව මගේ හිත
අයෙමත් අමාරුවෙන් කෑලි 
එකතු කරගෙන හදා ගද්දි 
නුඹ  කියනවා ...
මගේ ආදරේ අවංක  නෑ කියල"


Wednesday, March 28, 2012

දෙන්නෑ කිසිම නිවනක් අද මම අතට.........!

                                මේක මට ආපු ඊයක් මේක ලිව්වේ කවුද කියන්න දන්නේ නෑ.ඒත් පට්ට නිසයි බ්ලොග් 1 ලියන්න හිතුනේ.
                                 සීන් එකට හේතු වෙලා තියෙන්නේ ටීචර් කෙනෙක්.මෙය ඉස්කෝලෙට අලුතෙන් ආව තරුණ කෙනෙක්.මේ ගුරුවරිය ටිකක් කැපිලා පෙන විදිහට අදින කෙනෙක්ලු.තරුණ අය ඉතින් කොහොමත් විලාසිතා කරනවා නේ.මේ ටීචර් උගන්නලා තියෙන්නේ පහල වයසේ පන්ති වල ළමයින්ට.දවසක් සාමාන්‍ය පෙළ පන්තියක ගුරුවරයෙක් නැතුව මේ ගුරුවරියට ඒ පන්තියේ උගන්වන්න යන්න සිද්ද උනාලු.ඉතින් පන්තියේ ළමයෙක් ලිව්ව කවි සෙට් ක් තමා මේ.කියවලා බලල හිතන්නකෝ පට්ට ද නැද්ද කියලා.



 නැමිලා දෙකට ගත්තා ඈ හුණු කෝට්ටේ
කලිසම ගිහින් වැදුනා මේසේ ගැට්ටේ
මැද දාරයට හිරවී ඇගේ රතු හැට්ටේ 
නටනවා වගෙයි තාලෙට වැල එක නැට්ටේ

මුල්ලට වෙන්න නෙරියේ රැලි ගොඩ ගැහිලා
සත පනහකට වැඩි ලොකු නාභිය ඇරිලා
නොවැදී වැදී යනවිට මා පසු කරලා
නොබලා ඉන්නේ කොහොමද මම ඇස් වහලා

හිරකර ඇගිලි තුඩුවට රට හුණු කෑලි
ඉස්සි පහත්වී ලියනා විට පේලි
මතුවන  දාරයේ ලස්සන හැඩ බේරී 
නොලියා ඉන්නේ කොහොමද මේ කවි කෑලි

රත්පැහැ දෙතොල ඇය මේ හැටි වෙහෙසෙන්නේ
සිහිනෙන්  වගේ ඈ මොනවාද පවසන්නේ
නැහැ කිසි දෙයක් වෙන මගේ මතකෙට එන්නේ
මේ හැටි ඇයිද පපුවට ගින්දර දෙන්නේ

මල් සාරියට නම් ඈ හරි හැඩකාර 
නොබලන දෑස් ඒ දෙස හරි පවුකාර
නොබලා  ඉන්න හැදුවත් ඇස් කීපාර
නවතනු කෙලෙස මේ හිත හිතුවක්කාර

නැමුනා එකවරම ඇය ගුරු මේසයට
වැල ගෙඩියක් වැටුනා වගේ බිමට
පැත්තට පේන දර්ශනයේ අසිරියට
ඉවසන දනන් හට ජය කොඩි වෙන කුමට

දැන් නම් තවත් බෑ තවත් මිස් ඉවසන් ඉන්න
හැකිනම් මාව ඔය ඔරුවට නග්ගන්න
හබල අලුත් හන්ද බැහැ දුර යන්න
කෙටි පාරකට පුළුවන් නම් හරවන්න

පින්කර කියනවා මගේ ඇස් දෙක හොදට
මතකෙට ගනිමි මම මේ පාඩම අදට
නින්දට  කලින් සිහිකර මේගැන තිතට
දෙන්නෑ කිසිම නිවනක් අද මම අතට

සමාවෙලා  මේ දේ කියලා දෙන්න
කවුරුන්ද ඔබව මැව්වේ මට පවසන්න
ඔබ යන..........


ප.ලි:
              ඔතනින් එහාට ලියන්න උනේ නෑ.මොකද උගන්නද්දී  ළමයෙක් පැත්තටවෙලා මොනවාද ලියනවා දැක්ක නිසා ටීචර් ලගට ඇවිත් බලද්දී කවි සෙට් 1 මට්ටු උනා.මේ තරුණ ගුරුවරියට මේක දැකල හොදටම කේන්ති ගියා.ඉතින් මේ ළමයාව විදුහල්පති තුමා ලගට එක්කන් ගියා.හොදම කතාව එතන සිද්ධ වෙන්නේ.කවි ටික කියවලා විදුහල්පති තුමා කියනවා "මේ කොල්ලා මොකෝ ටීචර් ඔයා දකින කොට මට හිතුනෙත් ඔය ටිකම නේ කියලා.

 

Monday, March 26, 2012

අගෙයි නුඹේ ඔය පාඩම් කිරිල්ල.....!!


                             

නැති නිසා සුපුරුදු කියවිල්ල

මගේ සිත නගයි නිරතුරු මැසිවිල්ල

ඇසෙනවා ඇති සැමට ඔබේ ගෙරවිල්ල

ඔබ ඇත නිදිමතට වී මෙල්ල

අනේ මගේ හුරතල් හොර කෙල්ල

 අගෙයි නුඹේ ඔය පාඩම් කිරිල්ල




ප.ලි: එතරම් කවි ලිවීමේ හැකියාවක් නොමැති නිසා චාටර් නම් ගනං ගන්න එපා.

Saturday, March 24, 2012

I POD

                                මේක බෝඩිමේදී සිද්ධ උන සීන් එකක්.එකේ තිබ්බා කට්ටිය සෙට් වෙලා ෆිල්ම් බලන සිරිතක්.ඒ නැතත් තනියෙන් හරි බලන වෙලාවලුත් තියෙනවා.මෙහෙ එවුන්ට හොදම එකෙන් ෆිල්ම් මේනියාව තියෙනවා.මේක ඔය ෆිල්ම් බැලිල්ල සම්බන්ධ සිද්ධියක්.අපිත් එක්ක බෝඩිමේ ඉන්නවා මල්ලි කෙනෙක් එකා අපේ ඉස්කෝලෙම එකෙක්,එකාට ආදරේට කියන්නේ කිරි පුතා කියලයි.මේකා දවසක් රෑ මගෙන් ඇවිත් lap 1 ඉල්ලුවා ෆිල්ම් 1ක්‌ බලන්න කියලා.එදා class ගිහින් ඇවිත්ද කොහෙද මාත් හිටියේ ඒක නිසා මං එදා රෑ කලින් නිදාගන්නයි හිටියේ,ඉතින් මං කිරිපුතාට කිව්වා අවුලක් නෑ මචං බලපන් කියලා.එකාට මං lap 1 on කරලා දීල කිව්වා බලලා ඉවර වෙලා ලැප 1 බෑග් එකට දාන්න කියලා.ඒක කියලා මං ඇදට වැටුනා නිදාගන්න.
                             අනේ කියන්න වරදක් නෑ පහුවෙනිදා උදේ නැගිටිද්දී කිරියා කිව්ව විදිහටම lap 1ත් බෑග් එකට දාල ඔක්කොම අස්කරලා තිබ්බා.උදේ ඉතින් එකාගෙන් ඇහුවා මල්ලි කොහොමද ෆිල්ම් 1 කියලා.එකා කියනවා "ආහ් එල අය්යේ මං ඒක lap එකෙන් convert කරගෙන i pod එකට දාගෙන බැලුවා".කියලා.මට මතක්‌ උනේ"අනේ අපොයි...!"යන වචන දෙක විතරමයි.




ප.ලි:කිරිපුතාට ටිකක් අවුල් තමා එත් මෙච්චර අවුල් කියලා හිතුවේ නෑ ;)

Friday, March 23, 2012

"ඕකට නේ ඔච්චර දැගලුවේ"

"මං ඕකට කිව්වා ඔහොම වෙයි කියලා,කෝ කොහෙද කියන එකක් ඇහුවේ නෑ නේ"
"දැන් ඉතින් කොරන්න දෙයක් නෑ"
"රටේ නැති ලෙඩ හදා ගත්තා නම් ඉතින් විදවපන්"
"ඕකට නේ ඔච්චර දැගලුවේ"
"දැන් lectures කට් කරගෙන කාමරෙටම වෙලා ඉදහන්කෝ"
"ඔන්න අපි නම් දන්නේ නෑ.උඹ කොහොමද දැන් ලෝකෙට මුන දෙන්නේ?"
"අර අසරණ දෙමවුපියෝ දෙන්න කොහොමද ගමේ මිනිස්සුන්ට මුන දෙන්නේ"
"කියන දේ ඇහුවා නම් ඔය මොකුත්වෙන්නේ නෑ නේ"  :P:P:P:P
                                         

ප.ලි :මං උඩ ටික ලිව්වේ නොටිගේ කොළම ලියන නෝටි හෙවත් නුවනයා ලෙඩ වෙලා.එකාව සිහිකිරීම උදෙසායි,අපේ යුතුකමනේ ඇත්ත සිද්දිය ලෝකෙට කියන එක :P.අපි ඌට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමු....!!

Thursday, March 22, 2012

යනකොට කිසිවක් නෑ හිස් අතින්ම යනවා.....!

                                                      කිසිදු ආයාසයකින් තොරව,අසභ්‍ය වචන භාවිතයෙන් තොරව ඔබ රටක් හිනැස්සවු අයුරු අනගියි.සබඳ පබිලිස්,සිකුරු හතේ තුල ඔබේ රංගන කෞශල්‍යය අති විශිෂ්ටය.ඒ නිසයි ඒ නිර්මාණ දෙතුන් පාරක් රසවින්දත් නොඉදුල් බවකින් තොරව රසවිදින්න පුළුවන් වෙලා තියෙන්නේ.ඔබ සම්භාව්‍ය ගනයේ නළුවෙක් නොඋනත් මුළු ලංකාවවේ සාමාන්‍ය ජනතාව සිනහවෙන් වසඟ කළ අහිංසක නිහතමානි ශ්‍රේෂ්ඨ කලාකරුවෙකි ඔබ,IDEAL නළුවෙකු මෙන් ඔබ හැඩ නොඋනත් ඔබේ ඔය අව්‍යාජ හිනාවට රටේ ජනතාව ගොඩක් ආදරේ කරා.ඔබ පොලවේ පය ගසා ජනතාව අතර ජීවත්වුන කාලකරුවෙක් මිස නළු කම ඔළුවට ගත් නළුබට්ටෙක් නම් නෙවේ.ඔබ වේදිකාව,සිනමාව වෙනුවෙන් කළ නිහඩව කළ සේවයට අපේ ආචාරය.
                                                    අපි ඔබ වෙනුවෙන් පෙරලි පෙරලි ඇඬුවෙ නෑ කියලා අපේ හිත් වල දුකක් නැත්තේ නෑ,අනික 50ක්‌ කියන්නේ මැරෙන්න වයසක්ද?මේ ලෝකේ හොද මිනිස්සුන්ට ආයුෂ අඩුයි කියන එක සනාථ කරමින්ම ඔබ ජීවිත වේදිකාවෙන් කාටවත් නොකියම සමු අරගෙන,ඔබ තුමා මේ පුංචි රටේ ජනතාවගේ හිතේ ගොඩාක් කාලයක් ඉදිවී.රටක් සිනහවෙන් වසඟ කල ඇන්ටන් ජූඩ් නම් අසහාය කලාකරුවාණෙනි ඔබට මොක් සුව.......!!


                                          සබඳ පබිලිස් තේමා ගීතය.




ප.ලි.:ඇන්ටන් ජූඩ් මහතා මඩයා ගේ කැමතිම විකට නළුවෙක් නිසයි මේ පොස්ට් 1 දැම්මේ.මං වැදගත් ලිපි ලිවීමෙහි දක්ෂයෙක් නොවෙමි,එම නිසා අඩු පාඩු ඇතොත් ඒවා නොසලකා හරින්න. 

Wednesday, March 21, 2012

ඇයි මේ නම?

                                      මගේ බ්ලොග් 1ට මේ නම දාන්න හිතුවේ මගේ නසරානි යාලුවෝ මට ආදරේට ආමන්ත්‍රණය කරන්නේ ඔය නමින් නිසයි.මගේ එදිනෙදා ජීවිතේ දේවල් ලියන්න පටන් ගත්ත බ්ලොග් 1ට මට හිතුනා මඩයාගේ ලෝකය හොදයි කියලා.
                                               මට ඔය නම දාන්න හේතුව විදිහට කට්ටිය කියන්නේ මං මඩ ගහනවලු.එකලු මට මඩයා කියන්නේ.මං වගේ අහිංසක සුචරිතවත්,තැම්පත්,කොල්ලෙක්ට මඩයා කියලා මුන් මොන හිතකින් කියනවද මන්දා.මාව හොද දේශපලනේටලු :( මේ දේශපාලුවන්ගේ ගානට මාවත් දාල මට කොච්චර අගෞරවයක්ද කරන්නේ.මඩයා කියන නම මට වැටෙන්නේ අ.පො.ස උසස් පෙළ කාලේදී.එකට මුලික වෙලා කටයුතු කලේ මගේ සෙට් 1 එකෙක් වෙන ලොලන්ත(ලොලන්ත උගේ ඇත්ත නම නෙමේ,ඌට ලොලන්ත නම සෙට් උන විදිහ වෙන පොස්ට් කින් කියන්නම්)ලොලාට පින් සිද්ධ වෙන්න තමා මඩයා කියන ගෞරව නාමය මට දායාද වෙන්නේ.

දෙවෙනි ගමන

                                           මගෙ මුල්ම බ්ලොග් 1 මං ලියද්දි දන්නේ නෑ බ්ලොග් කියන්නේ මොනවාද කියල.ඒක මං ලියන්නේ Internet Money කියන මුලාවට හසුවීමේ ප්‍රථිපලයක් විදිහටයි.ඒකෙන් මට ලැබුන සල්ලියක් නෑ.සිද්ධ උන එකම දේ මං හාවා වෙලා රු.3000ක් නිකන් පූජා කල එකයි මගෙ අත හොදටම ඉදිමෙනකන් Link click කල ඒක විතරයි.


                                              මේක  විතරයි Internet Money සෙල්ලමෙන් මට ලැබුනේ.කොහොම හරි මං 1st බ්ලොග් 1 ලිව්වේ මං ඉගෙන ගන්න field 1ට අදාල මාතෘකාවක් ගැනමයි.2011 මාර්තු 25 තමා මං මුල්ම පොස්ට් 1 දැම්මේ.වෙලාවට අප්‍රේල් වල මට පොඩි job කට්ටක් සෙට් උන නිසා Internet Money සෙල්ලම අතඇරියා.ඔය පහල තියෙන්නේ මගෙ බ්ලොග් 1 link 1 .
                        

                              http://fiberopticcommunicationsystem.blogspot.com/

                                               කාලයක් යද්දී,තියෙන බ්ලොග් දකිද්දී මට හිතුනා මාත් හොද බ්ලොග් 1ක් ලිව්වා නම් කියලා.එකට මගෙ ජීවිතේට ගොඩාක් ළග පුද්ගලයෙක් පෝර දැම්ම.මං හිතන හිටියා  ඉක්මනට බ්ලොග් 1 ලියන්න පටන් ගන්නවා කියල.මං ලිවිම සම්බන්ධයෙන් විෂයෙහි ප්‍රවීණයෙක් නෙමේ.එත් මට හිතට එන දේවල් ලියලා දාන්න ඕනේ නිසා බ්ලොග් ක් පටන් ගන්නේ.සැරට වළ බැසීමේ අතුරු ප්‍රථිපල ලෙස විභාග කිට්ටු උනාම පිස්සෝ වගේ වැඩ කිරීමේ රෝගය මටත් මගෙ ගජයටත් වැළදුන නිසා ඒ අදහස යට ගියා.ඒ යට ගියා අදහස ආයේ උඩට අරගත්තේ මගෙ බොක්කේ ෆිට් 1ක් වෙන නුවන් සහ තරංග අයියා.ඒ දෙන්නම බ්ලොග් ලියනවා.ඒ දෙන්නගේ උනන්දු කිරීමේ උත්සාහය සාර්ථක වීමේ ප්‍රථිපලයක් ලෙස මං මෙගේ වල time 1 මගෙ බ්ලොග් ජීවිතයේ දෙවෙනි ගමන ආරම්භ කරමින් 1st Post 1 දානවා.