සෝෂල් මිඩියා වල කාලෙන් කාලෙට එක එක දේවල් වයිරල් යනවා.මේ දවස් වල " #සුපිරිවදන් සෙට් එකයි,අරකට හුරුවෙයන් #ඒකපට්ට "එකයි නැගලම යනවා.ඉතිං ට්විටර් ජනතාවත් ඕකට හෑෂ් ටැග් එකක් හදලා හොද හොද ට්වීට් ටිකක් දාලා තිබුනා,ඒකෙන් ට්විට් ටිකක් බ්ලොග් එකේ දාන්න හිතුනා,කියවලා බලන්න.
#සුපිරිවදන් මේ ලින්ක් එකට ගිහිං ඔක්කොම ට්වීට් ටික කියවන්න.මාරු ටිකක් තියෙනවා
වෙන උන් ගහපු පදවලට නටපු කාලේ ඉවරයි
-විශ්‍රාමික නැට්ටුවෙක්-
හිතක් පපුවක් නැති උනාට මුං මට හීලැයි අම්මේ
-ඇත්ගොව්වෙක්-
මිනිස්සු පිටින් පෙන්නන් ඉන්න මූණට වඩා ඇතුලාන්තය හුගාක් වෙනස්
-ශල්‍ය වෛද්‍යවරයෙක්-
පුලුවන් හැමවෙලේම හිනා වෙලා ඉන්නෙ හිතෙ ප්‍රශ්න නැති නිසා නෙමේ
-ගංජා වලට පෙම්බැදි තරුණයෙක්-
කපන්න ඕනේ උන් කපලා දාන්න දෙපාරක් හිතන්න එපා
-රජවාසලේ වධකයා-
පළිගන්න ගියේ ඉස්සර
දැන් කරන්නෙ පිළිගන්න එක
-පතාලය අතහැර පිලිගැනීමේ නිලධාරියෙක් වූ තරුණයෙක්-
සල්ලි නැති උනාට හීන නැති උනේ නෑ අම්මේ
-මුදල් පසුම්බිය නැති කරගත් තරුණ පුතෙක්-
කාගෙන් වත් ආදරේ බලෙන් ලබාගන්න එපා
පස්සේ පසුතැවෙන්න වෙයි
-වෙන එකෙක්ගේ කෑල්ලට ලයින් දැමීමෙන් පසු රෝහල් ගතකල තරුණයෙක්-
ඔය අතින් අල්ලාගත්තේ අත් අරින්න බලාගෙන නෙමේ හොදේ
-හොරෙක් අත්වඩංගුවට ගත් කොස්තාපල් වරයෙක්-
තනිකම ගැන දන්නෙ තනිවෙච්ච එකා විතරයි
-තනිඅලියා-
හැමෝම එක පාරක යන්න පොරකද්දි මම හෙව්වේ වෙනස්ම පාරක්
-ටැෆික් එකේ හිරවුන රියදුරෙක්-
කවදා හරි දවසක රජවෙනවා එදාට ලග හිටපු උඹලා රාජසභාවට හරි ගන්නවා මචං
-යසලාලක තිස්ස කුමරු-
පුලුවන් හැමවෙලේම හිනා වෙලා ඉන්නෙ හිතෙ ප්‍රශ්න නැති නිසා නෙමේ
-ගංජා වලට පෙම්බැදි තරුණයෙක්-
අනුන්ගේ තනියට මං හිටියට මගේ තනියට මට මං විතරයි කියලා දන්නවා මචං
-රෝහල් සාත්තු සේවකයෙක්-
මේක නම් නියමයි
ReplyDeleteසිතුවිලි සටහන් බ්ලොග් කියවනය - http://sithuwilisatahan.com/
ReplyDeleteමරු ඈ...
ReplyDeleteමේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය
ReplyDeletehttp://ahasgawwenehalokaya.blogspot.com