Saturday, September 7, 2013

මහා සංචාරය හෙවත් අතරමං වීම....!!


අමාරුවෙන් අටවා ගත්ත බ්ලොග් එක පාලුවට යන එක වාවන්නේ නැතත් මට ඒක පාලුවට යන්න දෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ.විභාහගෙන් පස්සේ නිදහස් වෙයි කියලා හිතුවත් කිසි නිදහසක් තිබ්බේ නෑ.අම්බනෙට ඔෆිස් එකේ වැඩ සෙට් උනා පහුගිය දවස් වල රට වටේ ඇවිද්දා.මේ දවස් වලත් අම්බානට වැඩ උදෙන්ම සයිට් ගිහින් රෑ වෙලා තමා සයිට් එකෙන් එන්නේ.ඒත් බ්ලොග් ඒක අතැරලා දාලා ඉන්න හිත දෙන්නේ නැති නිසා මේ පැත්තට ආවා.

පහුගිය දවස් වල ගියා ලංකාවේ උඩ පැත්තට.ටෙලිකොම් එකේ survey වලට තමා ගියේ.ඒ contract එක අරන් තිබ්බේ අපේ කම්පැනි එක.අපිට සයිට් 75 කට යන්න තිබ්බා.එකෙන් සයිට් 21 එකකට තමා මට යන්න සෙට් උනේ.අපේ ටීම් එක විදිහට ගියේ දෙන්නයි,ඩ්‍රයිවර් එක්ක අපි ඔක්කොම තුන්දෙනෙක් ගියා.අපිට සෙට් වෙලා තිබ්බේ අනුරාධපුර පැත්තේ සයිට් ටිකකුයි මන්නාරම,කිලිනොච්චි ,යාපනය වගේ පැති වල සයිට් ටිකක්,වැඩේ නම් එච්චර අමාරු වැඩකුත් නෙමේ.ගමන ට්‍රිප් එක වගේ තමා ලොකු දුරක් යන්නත් තිබ්බා.ඒත් තිබ්බ එකම අවුල උතුරු කරේට යද්දී කෑම ප්‍රශ්න එන එක තමා.

කොහොම හරි අපි අගෝස්තු 15 ගමන පටන් ගත්තා.15 රෑ අපි ගිහිල්ල අනුරාධපුරේ අපේ ඔෆිස් එකේ ගෙදර නැවතුනා.මහා තඩි ගෙදරටම අපි තුන්දෙනා විතරයි පාලු මන්දිරේ වගේ.ඔෆිස් එකේ එවුන් නම් කියනවා එහේ හොල්මන් ඉන්නවා කියලා.එව්වා බොරු කතා නේ.කොහොම හරි අපේ ප්ලෑන් එකේ විදිහට අපේ වැඩේට   සති දෙක හමාරක් විතර යනවා.මොකද ටෙලිකොම් සයිට් වලට යන එක ලේසි නෑ ඩයලොග් ලගේ මොබිටෙල් ලගේ එව්වට යන තරම්.එව්වට වෙනම පර්මිෂන් දාලා ලියුම් අරන් යන්න ඕනේ.

අපිට telecom head office  එකටත් යන්න උනා survey එකට.ඒක ඇතුලට යනවට වඩා ලේසියෙන් කිලිනොච්චි කෑම්ප් එකට යන්න පුළුවන්.අපි ඇතුලට ගිහින් වැඩේ කරන් එන ගමන් සයිට් එකට යන තැන ෆොටෝ එකක් ගත්තා මොකද රිපෝර්ට් එකට දාන්න ඕනේ නිසා.යකෝ කැමරාව අරන් ෆොටෝ එක ගන්න හැදුවා විතරයි සික්කෝ 3 ක් විතර ඇවිත් අපි දෙන්නව වට කළා නේ නිකන් ක්ලේමෝ බෝම්බයක් අරන් යන කොටි වට කරනවා වගේ.ප්‍රශ්න කෝටියයි,යන්තම් ලියුම පෙන්නලා ශේප් උනා.

දැන් කියන්න ආව විස්තරේ කියන්නම් කෝ අද අතුරුකතා වැඩියි,කොහොම හරි අපේ වැඩේට සති තුනකට කිට්ටු වෙන්න යන නිසා අපි තීරණය කළා අනුරාධපුරේ ඉදන් යන්න පුළුවන් ඔක්කොම අනුරාධපුරේ ගෙදර ඉදන් කරගෙන රෑට අනුරාධපුරේ එන්න,මොකද ගෙස්ට් එකක ඉන්නවට වඩා ඒක සැපයි.අනිත් එක ඒක නිදහස්.ඉතින් ඒක නිසා මන්නාරම ටත් ගිහින් අපි වැඩේ කරලා අනුරාධපුරේ ආවා.ටෙලිකොම් අය ඉරිදට වැඩ නැති නිසා අපිට වැඩ කරන්න විදිහක් තිබ්බේ නෑ ඒක නිසා අපි ඉරිදා අනුරාධපුරේ ඇවිද්දා.

අනුරාධපුර කිට්ටුව තිබ්බ සයිට් ඔක්කොම අපි දවස් 3 න් ඉවර කළා අපේ කාර්යක්ෂමතාව නිසා ;)
ඊට පස්සේ අපිට ඉතුරු උනේ වෙල්ලන්කුලම,පුනරින්,යාපනය,කිලිනොච්චි කියන සයිට් ටික විතරයි.ඒ ටිකත් දවස් දෙකෙන් කරන්න තමා අපි ප්ලෑන් කලේ,එතකොට ටෙලිකොම් එකෙන් සති දෙකහමාරකට ප්ලෑන් කල වැඩේ අපි දවස් අටෙන් ඉවර වෙනවා,ඉරිදයි පෝයයි සෙට් උනේ නැත්නම් අපේ වැඩ දවස් 6 ඉවරයි.කොහොම හරි අපි අනුරාධපුරේ ඉදන් වෙල්ලන්කුලම් සයිට් එක කරන් පුනරීන් ගිහින් ඊට පස්සේ රෑට නවතින්න යාපනේ යන්න කියල හිතන් එදා උදේ පාන්දර පහට පිටත් උනා.

අනුරාධපුරේ ඉදන් මන්නාරම පැත්තෙන් වෙල්ලන්කුලමට ලග පාරක් තිබ්බත් ඒ පාර හරි නෑ කියලා අපේ ඩ්‍රයිවර් අය්යා කිව්වා නිසා අපි ඒ පාරේ යන්නේ නැතුව අනුරාධපුරේ ඉදන් මාන්කුලම් වලට ගිහින් එතනින් හැරිලා වෙල්ලන්කුලමට යන්න තීරණය කළා,මාන්කුලම් වලින් හරවද්දීම පාර පට්ටේටම තිබ්බ නිසා හිතුවා පාර දිගටම හොද ඇති කියලා.ඒත් කිලෝමීටර 3 ක් විතර යද්දී තමා ආතල් දැනෙන්න ගත්තේ.ගුගල් දෙය්යාත් ප්‍රධාන පාරක් විදිහට පෙන්නුවට ඒ පාර ඒක තාම ගුරු පාරක්.ඒ පාරට තාර දාන්න හිතුවා විතරයි. ඒ පාරේ පාර හදන්න පස් ගෙනියන ටිපර් ඇරෙන්න වෙන වාහන යන්නෙම නැති තරම්.පාර ඒ තරම් හොදයි එක වලක් ඇතුලට ගිහින් ගොඩ එන්න පැයක් විතර යනවා.මොනවා කරන්නද ඉතින් ආව නිසා යනවා කියලා අපි ගියා,

අපි ඒ වෙලාවේ හිටියේ පට්ට කැලයක් මැද්දේ.අපි මගින් කෑවෙත් නෑ වෙල්ලන්කුලම් ගිහිල්ලම කනවා කියල.වලවල් තියෙන නිසා අපි පැද්දී පැද්දී හෙමිහිට ගියේ.ඒ සද්දේ ඇහුන වෙලාවේ අපි හිතුවේ වාහනේ වලක වැටිලා යට වැදුනා කියලා.ඒක නිසා ඩ්‍රයිවර් අය්යා තවත් පරිස්සමින් වාහනේ අරන් ගියා.අපි ටික ටික ඉස්සරහට යද්දී පිටි පස්සෙන් තවත් අමුතු සද්ද ඇහෙන්න ගත්තා,එහෙම තියන අපිටත් ඇහෙන්නේ නෑ වගේ යන්න බෑ නේ ඉතින් අපි වාහනේ නවත්තලා ගිහින් බැලුවා.වාහනේ ප්‍රධාන දුන්න කැඩිලා.අපිට එතනින් එහාට යන්න විදිහක් තිබ්බෙම නෑ.අපිට මාර අසරණ ගතියක් හිතට දැනුනා.මොකද කොහෙද මොනවාද කියලා දන්නේ නැති මහා ඝන කැලයක් මැද්දේ හිර උනාම කාටද අසරණ ගතියක් නොදැනෙන්නේ.

අපිට කරන්න දෙයක් නෑ අපි තුන්දෙනා ඔහේ එක එක දිහා බලාගෙන දහඅතේ කල්පනා කර කර ඉද්දි තමා ඒ ගොල්ලෝ ආවේ.එයාල තමා කිව්වේ අපි නැවතුන තැන ඉදන් මිනිස් ජනාවාස තියෙන හරියට කිලෝමීටර 15 ක් තියෙනවා කියලා.එයාලම තමා කිව්වේ පස් ගෙනියන ටිපර් එකක නැග්ගොත් යන්න පුළුවන් කියලා,එයාලගේ වාහනේ එක්කන් යන්න බෑ කිව්වා මොකද එයාලා යන්නේ එයාලගේ කෑම්ප් එකට විතරක් නිසා.

අපේ ඩ්‍රයිවර් අය්යා ටිපර් එකක් නවත්තගෙන මල්ලාවි වලට ගියා දුන්නක්‌ අරගෙන ඒක සෙට් කරගන්න බාස් කෙනෙකුත් හොයන් එන්නම් කියලා.ඒ වෙද්දීත් අපි උදේට කාලා නෑ ඩ්‍රයිවර් අය්යා ගිහිල්ලා ටික වෙලාවක් යද්දී බඩේ ඉන්න හිගන්නා ටික ටික අරගල කරන්න පටන් ගත්තා.ඒත් මහා ඝන කැලයක් මැද්දේ මොනවා කන්නද වතුර බිබී හිගන්නව රවට්ටාගෙන හිටියා ඒත් ටික වෙලාවකට විතරයි ඒක පිලියමක් උනේ ආයෙත් අරූ අරගලේ පටන් ගන්නවා.කරන්න දේකුත් නෑ වතුර බිලා බේරෙන්නත් බෑ,හිගන්නා ඉවසන්නෙම නැති තැන අනුරාධපුරේ ගෙදරින් කඩන් ආව අඹ වගයක් තිබිලා ඒක කෑවා.ඒක නම් ටිකක් වෙලා හිගන්නව රවට්ටා ගත්තා.

ඩ්‍රයිවර් අය්යට මල්ලාවි වලට ගිහින් දුන්නක් අරන් බාස් කෙනෙක් හොයන් අපි හිටපු තැනටම ආපහු එන්න පැය තුනක් විතර ගියා ඒ ටිකේම අඹ කකා වතුර බිබී බඩේ හිගන්නා රවට්ටා ගත්තා.ඩ්‍රයිවර් අය්යා එද්දී බිස්කට් ගෙනත් තිබ්බා එකෙන් යන්තම් බඩ පුරෝගත්තා ඒත් බඩ පිරුනා කිව්වට ගොඩක්ම පිරුණේ නෑ ඒත් ඇති.දුන්නත් අරන් එන්න වාහන නැති නිසා ත්‍රීවිලර් එකක් කතා කරන් ඇවිත් තියෙන්නේ ඌ මග දුරක් එද්දී පාරේ හොද කමට එන්න බෑ කියලා අපේ ඩ්‍රයිවර් අය්යා කියල කොහොම හරි එක්කන් ඇවිත් ඒත් එන ගමන් ඌ බාසා එක්ක දෙමළෙන් අපිට බැන බැන ඇවිත් තියෙන්නේ.ඒ වෙලාවේ අසරණ වෙලා බැනුම් අහගෙන වැඩේ කරගන්නවා ඇරෙන්න අපිට වෙන විසදුමක් තිබ්බේ නෑ.

හොයන් ආව බාසත් පැයක් විතර අතගාලා අතගාලා වැඩේ යන්තම් ගොඩදාලා දුන්නා.වාහනෙත් හදන අපි එතනින් පිටත් වෙද්දී 12 ත් පහු වෙලා.අපි කැලේ මැද්දේ අතරමං වෙලා පැය 4 කටත් වැඩිය හිටියා.එතන ඉදන් අපි හෙමින් හෙමින් වෙල්ලන්කුලම් ගියේ දවල්ටවත් කාලා වැඩේ පටන් ගන්න කියලා ඒත් වෙල්ලන්කුලම් සයිට් එක තිබ්බේ ආමි කෑම්ප් එකක් ඇතුලේ ඒ කිට්ටුව කන්න තැනක තිබ්බේ නෑ.ඒ වෙද්දී කෑම්ප් එකේ කෑමත් ඉවරයි.අපිට කරන්න වෙන දෙයක් තිබ්බේ නෑ අපි කෙලින්ම පූනරින් ගිහින් දවල්ට කද්දී 4 ත් පහු වෙලා.

කොහොම හරි අපි ප්ලෑන් කරපු විදිහට දවස් 8 න් වැඩේ කරන් අපි කොළඹ ආවා.පොඩ්ඩක් කට්ට කෑවට මාරු ආතල් ගමන.ජීවිතේදී මිට වඩා කට්ට කාලා තියෙනවා.ඒත් මේ කැලේ මැද්දේ අතරමං වෙලා හිටිය පැය හතර මට හොදට මතක හිටීවි,

ප.ලි: මං හිතනවා කට්ටියට මාව මතක ඇති කියලා.පුළුවන් විදිහට බ්ලොග් කියවනවා ඒත් හැමදාම කියවන්න බෑ .එහෙමයි කියලා අපිව අමතක කරන්නෙපා.ජය වේවා.........!!!!!!

28 comments:

  1. හොද කට්ටක්නේ උඹ කාල තියෙන්නේ කොහොම හරි! ආයේ මේ අනුරාධපුරේ පැත්තේ ආවොත් කියපන්!!

    ReplyDelete
    Replies
    1. උඹ මේ කමෙන්ට් එක දාලා තියෙන්නේ මඩයා පෝස්ට් එක දාන්නත් කලින්නේ ...!

      Delete
    2. අනුරාධපුර පැත්තෙං යනකොට නාඩියට කලින්ම කියලලු ඇවිල්ල තියෙන්නෙ.

      Delete
    3. මාත් මේ බලන් හිටියේ නාඩියා බ්ලොග් අප්ඩේට් වෙන්න කලින්ම එතැනට සැට් වෙනවා. මූ ගුගල් දෙයියගේ නෑයෙක් වෙන්ටැති..

      Delete
    4. @නාඩියා :-එත් අන්තිමට එක පට්ටයි කියලා හිතුනා :)අඩෝ උඹ පන්නල නෙමේද?

      Delete
    5. මඩයා : පන්නල තමා ඒත් ඉන්නේ රජරට සරසවියේ නේ!
      ඈ.... යකෝ දැන් එහෙමත් වෙලාද??? බලමු බලමු... පේන විදිහට time zone වල අවුලක් වගේ!

      Delete
    6. මං උඹලාගේ කැම්පස් එක ළගින් තුන් හතර සැරයක්ම ගියා.ආයේ ආවොත් උඹට කියන්නම්.ඔව් බං මං හිතන්නෙත් ගූගල් දෙය්යාගේ පිස්සුවක් නිසා වෙන්න ඇති එහෙම වෙන්න ඇත්තේ.

      Delete
  2. ඒවත් කටුද මල්ලි ඕවත් කටුද.. ඕවා ආතල් පස්සේ කල්පනා කරාම. ඒ උනාට සිද්ධ වෙච්ච වෙලාවෙ නං වැඩේ අජපල්ම තමා.. උඹ කව්ද මට මතක නෑ..

    ReplyDelete
    Replies
    1. ඒ වෙලේ පොඩ්ඩක් අවුල් වගේ හිතුනේ කොටි හිටපු කැලයක් නිසා :) එත් බඩගින්නට වතුර බිබී සැරින් සැරේ චූ කර කර ෆිට් එකේ කැලේට වෙලා හිටියා.

      Delete
  3. සර්කිට් හංදියේ මඩයව කොහේ අමතක වෙන්නද .. සතියට එක පාරක් හරි ඔලුව දාන්න.. වාහනේක යනින් ගමන් ලැපාගෙන් උනත් එන්න බැරි කමක් නැහැනේ උවමනාව තියේ නම්.. දැන් බලහන් අපි.. ගෑණු ළමයි පැත්තක දාල බ්ලොග් ලියනවා..අන්න ඒ තැනට වරෙන් ඔය කෙහෙල්මල් ජොබ් බඩකඩිත්තු පැත්තකට දාලා.. යකෝ මිනිහෙක් වෙයන් විකාර නොකර .. :P

    ReplyDelete
    Replies
    1. ඇත්ත බං....රස්සාවක් කරලා හරිගිය එකෙක් මට කියපන්? ඒ වගේද බ්ලොග්!!!!!පුහ්

      Delete
    2. අඩෝ උඹ හොද එකා.මාව අමතක කරලා නෑ අනිත් උන් වගේ.අනිවා අනිවා ඉස්සරහට පුළුවන් විදිහට කියවනවා සහ ලියනවා.මේක අතෑරලා දාන්නේ නෑ ජොබ් එක අතෑරියත් ;)

      Delete
  4. බොලාව අමතක කරන්නෙ කොහොමෙයි මඩයො.

    අපිත් ආසයි ඔය වගේ කටු කන්න තියෙනවනං. මේ එකතැනක හිරවෙලා ඉඳල ඇති වෙලා තියෙන්නෙ.

    ටෙලිකොම් හෙඩ් එකේ අර චතු රංගය හිටියෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න අයියත් එල කිරි .....!!!අපිව අමතක වෙලා නෑ කියල ඇහෙද්දීත් සංතෝසයි.
      ඒක ඇත්ත අය්යේ ඇවිදින්න තියෙන එකෙත් අමුතුම ආතල් එකක් තියෙනවා.
      මොන චතුරංග ද අයියේ???

      Delete
  5. ජීවිතේට එකතු වෙච්ච සුන්දර අත්දැකීමක්

    මේ කවුද හැබෑට මතක නෑනේ :D

    ReplyDelete
    Replies
    1. සුන්දර නැතත් ඒ අත්දැකීමේ අමුතුම ලල් එකක් තිබ්බා. :)

      බොරු කියන්නෙපා මං දන්නවා උඹලට මාව මතකයි කියලා.

      Delete
  6. හැම කටුවක්ම අත්දැකීමක් නේද?

    ReplyDelete
    Replies
    1. කටු කාලා හම්බෙන අත්දැකීම් තමා හොදට මතක හිටින්නේ :)

      Delete
  7. මම දන්න විදියට ඔය හුඟක් ක‍ටු කනකොට ඔහොම දැනුනට පස්සේ මාර ආතල්. ඇයි බං බ්ලොග් ලියන්නත් පුලුවන්නේ. දැන් මඩවතී හෙම කොහොමද?

    ආ, අනික. උඹලා මේ වැඩ කරන්නේ ටෙලිකොම් සමාගමකටද නැතිනම් ඔය රිසර්ච් කරන සමාගමකටද?

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත හෙන්රි අය්යේ.....
      දැන් එක ගැන හිතද්දී අමුතු සොමියක් දැනෙනවා.
      ඉස්සරහට පුළුවන් විදිහට ලියනවා :)
      මඩවති හොදින් සංතෝසෙන් ඉන්නවා.

      අපි ලංකාවේ තියෙන ටෙලිකොම් සමාගම් ඔක්කොටම වැඩ.අපේ එක subcontracter කෙනෙක්.

      Delete
  8. කට්ට සෙට් උනෙ නෑත්තම් ලියන්න දෙකුත් නෑ නෙ

    ReplyDelete
  9. කට්ට කනතරමටයි කෑම එක රසවත්. කට්ටක් වැටෙන ටහ්රමටයි ගමන රසවත් වෙන්නේ. හික් හික් හික්

    ReplyDelete
    Replies
    1. කටු නැති ජිවිතේ මෙලෝ රහක් නෑ බං.ලුණු නැති හොද්ද වගේ :)

      Delete
  10. අන්න තරුවත් කොහෙද අටමගල් කැලෑවක අතරමං වෙලා හිටියලු.

    බඩගින්නේ පැය ගානක් තපිනවා කියන්නේම කටු කීයක් කන වැඩක්ද..

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි ඒ කොහෙද ඒ??

      බඩගින්නේ ඉන්න එක,බඩගින්නේ ඉඳලා හිස් බඩටම පට්ට අමු අඹ කෑල්ලක් කන එකෙත් අමුතුම සුදියක් තියෙනෝ බං :)

      Delete
  11. ඔහොම අත්දැකීම් තමයි පස්සෙ කාලෙක මතක් කරලා සතුටු වෙන්න තියෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත අපිට මතක් කරලා සතුටු වෙන්න පුළුවන් වෙන්නේ මෙහෙම අත්දැකීම් ලැබුනොත් විතරයි නේ :)

      Delete

හිතට එන දෙයක් කියලා යන්න.ඒක විතරයි බ්ලොග් ලිවිලෙන් හම්බෙන එකම දේ .......