ගොඩාක් අය ඇහුවා ඒක ලියන්නෙත් මමද කියලා.ඉතිං ආදරෙන් සාදරෙන් කියනවා ඒක ලියන්නේ මං නෙමේ.මටම කියලා තියෙන්නේ මඩයාගේ ලෝකය විතරයි.ෆේස් බුක් එකෙත් මං ඉන්නේ සර්කිට් හංදියේ මඩයා කියන නමින්,ඒක නිසා මඩ වල ට මගේ කිසිම සම්බන්දයක් නෑ.ඒක ලියන්නේ කවුද කියලා කියන්නත් දන්නේ නෑ හැබැයි.
කලින් පොස්ට් එකට ගොඩක් හොද ප්‍රතිචාර තිබ්බා.ගොඩාක් හොස්ටල් හිටපු උන්ට හොස්ටල් ජිවිතේ ආයේ මතක් වෙලා තිබ්බා හිටපු නැති උන් ඒ අත්දැකීම් කියවලා විද ගත්තා.අපේ ඉස්කෝලේ ගොඩක් පරණ ආදී ශිෂ්‍යයෙක් කියවලා මේල් එකකුත් එවලා තිබ්බා.සන්තෝසයි ඉස්කෝලෙම පරණ අයත් මේවා කියවලා අපිට ප්‍රතිචාර දක්වන එක.කට්ටිය දිගටම ඉන්න හොස්ටල් ජිවිතේ අත්දැකීම් බෙදා ගන්නම් හැමෝම එක්ක.හැබැයි එකදිගට යන්නේ නෑ අනිත් පොස්ට් අතරෙන් හොස්ටල් ජිවිතේ ගැන යයි.හොස්ටල් ජිවිතේ ගැන කියෙව්වේ නැත්තනම් මෙන්න කියවන්න.ආතල් හොස්ටල් ජිවිතේ
ගස්ලබු,පැපොල් නැත්නම් පපයා එහෙමත් නැත්නම් papaw එහෙමත් නැත්නම් බොක්කානා බුරුලානා කියන විද්යාත්මක නාමෙන් හදුන්වන පළතුර ගැන හැමෝම අහලා ඇති.අනිවා මේක කියවන හැම එකාම කාලත් ඇති.අඩුවක් නැතුව ලංකාවේ තියෙන රස පළතුරක් වගේම බඩ බුරුල් කරන්නත් කියාපු බාන්ඩේ.Fruit Salad වලත් අනිවා තියෙනවා නේ.ඔය පැපොල් වල ජාති 2 ක් තියෙනවා පාටෙන් එකක් කහ පාට අනිත් එක රතු පාට.මං ආසම රතු පාට ඒවට.ඒත් අපිට අඩුවෙන්ම හම්බ වෙන්නෙත් ඒවා.තව ප්‍රබේද වශයෙන් ගත්තොත් තව වෙන් කරන්න පුළුවන් ඇති.
දැන් ගොඩාක් ගෙවල් වල පැපොල් එහෙම නැත්නම් ගස්ලබු කඩෙන් ගෙනත් කෑවට ඉස්සර හැම ගෙදරක වගේම ගහක් තිබ්බා.ගමේ ගෙවල් වල නම් අනිවා දැනුත් ගස් 4ක් 5 ක් ඇති.අපේ තාත්තගේ ප්‍රධාන අදායම් මාර්ගය බිස්නස් වුනාට තාත්තා ගොවිතැනුත් කළා කලින් මං පාළු ළිඳේ කාන්තා මළසිරුර සහ තැඹිලි හොරු..........!!!! පොස්ට් එකේ ටිකක් විස්තර කියලා ඇති.කාලෙන් කාලෙට එක එක ඒවා වගා කරනවා කරනවා.මට මතකයි තාත්තා එක පාරක් ලොකු ගස්ලබු වගාවක් කළා.එකේ නම් වගා කලේ මැලේසියන් එක.ඒ කාලේ නම් රතු ගස්ලබු ඕනේ තරම් කන්න පුළුවන් උනා.ඒකෙන් නම් එච්චර ලාභ ලැබුනේ නෑ.ලොකුවට වගා කරද්දී ඒ වෙනුවෙන්ම ඉන්න ඕනේ අප්පා.
![]() |
මේ අපේ තාත්තගේ වගාව |
![]() |
මේ අපේ තාත්තගේ වගාව |
මහ ඉඩමේ වැඩ කරන කාලෙට වගා කරන්න සුද්ද කරද්දී ටිකක් ලොකු ගස් එහෙම කපන්නේ පොරොවෙන් නේ.මාත් පොඩි එකා උනාට තාත්තා පස්සේ යනවා වැඩ කරද්දී.ඕවා බලන් ඉදලා මටත් මාර ආසාවක් තිබ්බේ පොරවකින් ගහක් කපන්න.ඒත් කොහෙද පොඩි කාලේ ඕවා අල්ලන්නවත් දෙන්නේ නෑ නේ.ගෙදර ඉඩමේ සුද්ද කරද්දීත් මං පොඩි ගහක් මන්නෙන් හරි කපන්න දෙන්න කියලා කොච්චර අම්මට කන්නලව් කරත් වැඩක් උනේ නෑ.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiHjxlpzJl7Wtukaymjx3XWjsxOLy83r5LWTF7qz7785K-TUlhsJBfZDbowkOI1YZlOAEAC9lF7FpCQgvcDtOWNrBhGIanEierVwmL4ZGN3NecHltEKeYNB7UBbXft7194o8B3WR631YhE/s1600/9277555-papaya-tree.jpg)
මොකද්දෝ වෙලාවකට ඒ විසාල ගහ කුස්සිය පැත්තට නැතුව අනිත් පැත්තට වැටුනා,කුස්සිය පැත්තට වැටුනා නම් කුස්සියේ වහලේ පැත්තක ඉවරයි.ඒ මදිවට අරුන් දෙන්නයි මායි යට වෙනවා වීර වැඩ කරන්න ගිහින්,තමාටත් නෑදැයෝ අම්මයි නංගියි දුවපල්ලා කියලා සීන් එක මතක් කර කර හිනා වෙනවා.ඔය සිද්ධියෙන් පස්සේ නෑදැයෝ අතරේ මං හොදට ෆෙමස් උනා නිකන් බොලිවුඩ් නළුවෙක් වගේ
පුදුම (ගස්ලබු )වීරයෙක් නේ....
ReplyDeleteයකෝ උඹත් කරන වැඩ!
ReplyDeleteකව්රු හරි මඩයෙක් නම වෙනස් කරගන්නම වෙනවා. බං. නැත්නං පස්ට අවුල්..
ReplyDeleteහැක්.. බොලත් නියම වැඩ තමයි කරන්නෙ.
ReplyDeleteතව පොඩ්ඩක් එහේ මෙහේ උනානං ගස්ලබු ගසකට යටවී තිදෙනෙක් ජීවිතක්ෂයට කියල නිවුස් එකකුත් යන්න තිබ්බ. කාටද ආඩම්බර එතකොට :D
කපන්න අමාරුම ගහක් නේ කපලා තියෙන්නේ :D
ReplyDeleteඅපිත් එක්කත් එකතු වෙන්න sinhalahelp.com
තව ටිකෙන් වැඩේ දෙල් වෙන්ඩ තිබ්බේ..
ReplyDeleteරෙඩ් ලේඩි හිටවලා නැද්ද මලයලා ? කහපාට එක විතරයි වගේ.
මලේ ඔය ගස් ලබු වගාව දැනටත් කරනවාද මගේ යාලුවෙකුගේ ගෙදර කුකුල් ෆාම් එකක් එක්ක ඔයාව වගාව තිබ්බා ගහ පැල කරන්න කලින් අඩි 1.5 -2 විතර වැලක් කපලා අදි1/2 කුකුල් අසුචි වලින් පුරවලා තව අඩි 1ක් පස් දාලපලේ හිටෙව්වනම් අඩි 3 ගහෙත් ගෙඩි ආවා 69/
ReplyDeleteසරුසාරෙට ගස්ලබු වගාවක් දැක්කේ ඇඹිලිපිටිය පැත්තෙදි තමා...
ReplyDeleteනරකද තව ගහකට වැඩක් දුන්නොත්!!!!
ReplyDeleteඔය ෆේමස් කියන එව්වා අප්ඩේට් කරන්න ඔනෙනේ
පැපොල් නම් කාලා තියනවා ඇතිවෙන්න ඒත් ඔය අනිවා කියල ජාතිය කාල නැහැ. අනිවා එක්ක පැපොල් මාර රහට ඇති නේද
ReplyDeleteමොකක්ද බං අර කියාපු මඩවල
ReplyDeletehttp://madayaa.blogspot.com.ar/2014/02/blog-post.html?showComment=1392263982603#c5277872814538273502
Deleteහපොයි අනෙත් එවුන් ටික පණ බේරගත්ත එක මදැයි මොකද අයියා මේ දවස් වල ලියන්නේ නැත්තේ මණ්ඩලේ කචල්ද?
ReplyDeleteමරු බං මඩයා. අන්න රස වෑහෙන කතා. මේ වගේම ගස්ලබු කොලවල නැටි ඔක්කොම කඩලා සබං බෝල පා කරපු කොල්ලෙක් ගැන එක බ්ලොග් එකක තිබ්බා කාලෙකට කලින්.
ReplyDeleteලබු කතා... පට්ට පට්ට... මටත් කතාවක් මතක් උනා... පස්සෙ ලියන්නම්...
ReplyDelete