Showing posts with label මට හිතුන දේවල්. Show all posts
Showing posts with label මට හිතුන දේවල්. Show all posts

Wednesday, January 2, 2013

ඇය සෙමින් විත් එදා මගේ හද අරන් ගියා.......!

"ඒ හමුවීම හරි අහඹු එකක්.
ඒ හදුනාගැනීම වෙද්දීත් පිරිමි දරුවා හිතන් හිටියේ 
ඒ දෙන්නා අලුතින්ම අදුනාගත්තා කියලයි 
ඒත් ඒ ගෑණුදැරිවි මේ ඉලන්දාරියා ගැන 
කලින් ඉදන්ම දන්නවා.

Wednesday, October 17, 2012

අවාසනාවට ඇත්ත කතාවක් : "පෙම් ප්‍රර්ථනා "


"ප්‍රියලාල් මං ඔයාට ආදරෙයි.....!"

සසිකලා ඇවිත් මෙහෙම කියද්දී මගෙ මුළු ඇඟම සීතල වෙලා ගියා.සසිකලා කියන්නේ අපේ IT ක්ලාස් එකේ හිටිය ලස්සනම කෙල්ල.පන්තියේ කොල්ලෝ ඔක්කොම ඇහැ දාගෙන හිටියේ.ඕනෑම කොල්ලෙක් කැමති එයා තමන්ගේ කරගන්න.මට කොහොදෝ පිනකට ඒ වාසනාව පෑදුනා.ඔව් පන්තියේ හැමෝම හිතන් ඉන්නේ මට වාසනාව පෑදුනා කියලා.ඒත් එයා ඇවිත් ඒ දිලිසෙන ඇස් දෙකෙන් මගෙ බොර පාට උන ඇස් දිහා බලන් ආදරෙයි කිව්වම මට දැනුනේ එයාගේ ආදරේ නෙමේ.

Sunday, September 2, 2012

"අර බලන්න සයිකෝ කෙස් එකක් "



දුරකථනය අතට ගත් ඔහු ඔහු තම පෙම්වතියට ඇමතුමක් ගත්තේ තම රැකියා ස්ථානය ඇයට පෙන්වීමට විය යුතුය,එම සංවාදය විශේෂ එකක් විය ඔවුන් අදහස් විදිහට මාරු කරගත්තේ වචන නොව සංඥාය,මක් නිසාද යත් ඔවුන් දෙදෙනාම අබාධිතයන් වීමය,ඔව් ඒ දෙන්නම ගොළුයි එත් ඔවුන් ඒ නොලැබීම අසරණ කමක් කරගයත්තේ නැත කතා කරන්න බැරිවීම හිතින් දුක් විදීමට කරුණක් උනත් ඔවුන් හිතින් විදවීම පසෙකලා ඔවුන්ට ගැලපෙන විසදුමක් සොයා ගෙන ඇත ඒ වීඩියෝ ඇමතුම් ලබා ගැනීමය.

Monday, August 27, 2012

පොලිස් මාම නැගපන් හු** කියලා කිව්වා .........!


                         
       මේ දවස් වල ශ්‍රී ලන්කන් ප්‍රිමියර් ලිග් එක නැගලා යනවා නේ.අපිත් ඊයේ ගියා මැච් එකක් බලන්න.මඩයට පොඩි කාලේ ඉදන් මැච් පිස්සුව තියෙනවා නේ එක නිසාම තම ඊයේ ගියේ.පොඩි උන් ටිකටත් විභාහගේ ඉවර නිසා උන්ගේ වැඩේ රවුම් ගහන එක නේ ඉතින් උනුත් සෙට් කරන ඊයේ රෑ තිබ්බ වයඹ ,රුහුණ මැච් එක බලන්න.අපි ගියා නිසාද කොහෙද වෙනද වේලි වේලි තිබ්බ පැවිලියන් ඊයේ පිරීලා තිබ්බ සූ ගාල සෙනග.අපි එන බව කට්ටිය කලින් දැනගෙන මන් හිතන්නේ ;) 

Thursday, August 9, 2012

මරදානේ හිගන්නෝ.

                                     

                           මරදාන කියන්නේ හරි අමුතු තැනක්.එක එක ජාතියේ මිනිස්සු ඉන්නවා.එක මිනිස්සු ටිකක් නෙමේ ඉන්නේ දවසින් දවස ඉන්න කට්ටිය වෙනස් වෙනවා,උදේ 6.00 විතර වගේ ඉදන් 9.00 විතර වෙනකන් ඉස්කෝල වලට යන කොල්ලෝ කෙල්ලෝ ටිකයි රස්සාවට යන වැඩ කරන ජනතාව ටිකයි ඉන්නවා.ආයේ තියෙන ඒජන්සි ටික ඇරියට පස්සේ 10 විතර ඉදන් රට යන්න එන අසරණ ගෑනු ටිකයි,ඒජන්සිකාරයෝයි,අසරණ මිනිස්සුන්ව රවට්ටන්න මාන බලන් ඉන්න කාක්කෝ ටිකයි ඉන්නවා,මේ ගොල්ලොත් 3,4 විතර වෙනකන් ඉන්නවා.ඊට පස්සේ 3.45 වගේ ඉදන් වැඩ ඇරිලා ගෙදර යන්නන කෝච්චියට දුවන කට්ටියගෙන් මරදාන පිරෙනවා.ඊටත් පස්සේ 6 න්  විතර පස්සේ මරදාන පාලම පැත්තේ අභිසාරිකාවෝ ටික දෙනෙක් ගැවසෙනවා,ඔය අද යන කවුරු  හෙට නාවත් මරදානේ හැමදාම ඉන්න කට්ටියක් ඉන්නවා ඒ ගොල්ලෝ මරදානට ඇවිත් යන ගොඩක් අයගේ ඇස වලට අහුවෙන කට්ටියක්.මං මේ කියන්න යන්නේ මරදානේ මං දැක්ක හිගන ජනතාව ගැන.ඔක්කොම නැතත් හැමදාම දැකලා ගොඩාක් මතක කීප දෙනෙක් ගැන විතරයි.

Monday, August 6, 2012

ආදරෙයි සිරියාවයි අරන් එන්න ...........!




උඹ කැන්දන් යනදාට 
ලොරි දෙක තුනක් පිරෙන්න
 ඇදන් අල්මාරි මේස පුටු
 මහන මැෂින් ඕනේ නෑ 
එත්...
අපි දෙන්නගේ 
ගේ පුරවන්න ටොන් ගානට
ආදරෙයි සිරියාවයි 
අරන් එන්න 
පොඩ්ඩෝ තුන හතරක් එක්ක
ජීවිත කාලේ
 පුරාවට
සන්තෝසෙන්
 ඉන්න 
ඒ ටික හොදටෝම ඇති





ප.ලි:-මඩයගේ හිතට ආව අදහසක් ඔය විදිහට ලියලා දැම්මා,මඩවතිට ලිව්ව එකක් කියල හිතුවත් කමක් නෑ....;)

Saturday, May 19, 2012

නුඹලාට බොහොම පින්.......!



                                                          

                                                             වීර විභූෂණ විරු ජන සම්මාන ගත්ත උඹල එකෙක් වත් හමුදාවට ගියේ එක රස්සාවක් කියන එක හිතේ තියන් නෙමේ,එහෙම හිතේ තියන ගියානම් උඹලට ඔය වගේ වීර වැඩ කරන්න හිතට හයියක් එන්නේ නෑ,උඹලා  උඹලගේ කිරිකැටියෝ,ආදරණීය ප්‍රිය බිරිඳ,හැදු වැදු අම්මා තාත්තා ඔක්කොම ගැන මොහොතකට අමතක කරලා රට වෙනුවෙන් රට රකින්න ඉදිරිපත් උනේ හදවතේ ගැඹුරුම තැනක වීරත්වය කාවැදිලා තිබ්බ නිසයි,නුඹලාගේ ඒ වීර වැඩ අපිට නුඹලා ගැන අපේ හිතේ ඇතිකරන්නේ පුදුම ආඩම්බරයක්,ගෞරවයක්.වීරයන් මැරිලා උනත් උන්ගේ මේ වීර වැඩ නොවන්නට අපි තාමත් බයේ හිතේ චකිතයෙන් ජීවත් වෙන ජනතාවක්.අපි ජෝගි නටලා ආතල් එකේ ජීවත් වෙන්නේ රටක තිස් වසරක ශාපයෙන් බේරගත්ත යුද වීරයන්ට පින්සිද්ද වෙන්න.වීර පුරන් අප්පුලා,මද්දුම බණ්ඩාර,වීර පරම්පරා වලින් පැවතෙන  නුඹලා නම් වලින් කවුරුත් නොදන්නවා උනාට හෙට ඉපදෙන්න ඉන්න දරු පැටියාගේ ඉදන් රටේ  හැම මිනිහම ණයගැතියි,ඒ ණය අපි කාටවත් ගෙවලා ඉවර කරන්න පුළුවන් එකක් නොවන බව අපි හැමෝම දන්නවා,චිරාත් කාලයක් උඹලා අපේ රට බේරගත්ත වීරයන්ගේ අතරේ රැදිලා ඉන්නවා,අපේ හිත වලින් නුඹලා ඈත් වෙන්නේ නෑ.අපේ යුද වීරයනි අපිව පාහර කොටියගෙන් බේරගත්ත නුඹලාට පින්........!!!උඹලා වගේ වීරයෝ බිහිකළ අම්මලටත් පින්......!       
යුද ජයග්‍රහණය වෙනුවෙන් යුද වැදුන ජීවිත පූජා කල,ආබාධිත උන යුද වීරයන් ජනතාවගේ හිත්තුල චිරාත් කාලයක් වැජඹේවා.....!!!!




ප.ලි :මේක මුණු පොතට දාන හදිස්සියට ලියපු පොස්ට් එකක් බ්ලොග් 1 ටත් දැම්මොත් හොදයි කියලා හිතුනා.එකයි දැම්මේ.

Thursday, March 22, 2012

යනකොට කිසිවක් නෑ හිස් අතින්ම යනවා.....!

                                                      කිසිදු ආයාසයකින් තොරව,අසභ්‍ය වචන භාවිතයෙන් තොරව ඔබ රටක් හිනැස්සවු අයුරු අනගියි.සබඳ පබිලිස්,සිකුරු හතේ තුල ඔබේ රංගන කෞශල්‍යය අති විශිෂ්ටය.ඒ නිසයි ඒ නිර්මාණ දෙතුන් පාරක් රසවින්දත් නොඉදුල් බවකින් තොරව රසවිදින්න පුළුවන් වෙලා තියෙන්නේ.ඔබ සම්භාව්‍ය ගනයේ නළුවෙක් නොඋනත් මුළු ලංකාවවේ සාමාන්‍ය ජනතාව සිනහවෙන් වසඟ කළ අහිංසක නිහතමානි ශ්‍රේෂ්ඨ කලාකරුවෙකි ඔබ,IDEAL නළුවෙකු මෙන් ඔබ හැඩ නොඋනත් ඔබේ ඔය අව්‍යාජ හිනාවට රටේ ජනතාව ගොඩක් ආදරේ කරා.ඔබ පොලවේ පය ගසා ජනතාව අතර ජීවත්වුන කාලකරුවෙක් මිස නළු කම ඔළුවට ගත් නළුබට්ටෙක් නම් නෙවේ.ඔබ වේදිකාව,සිනමාව වෙනුවෙන් කළ නිහඩව කළ සේවයට අපේ ආචාරය.
                                                    අපි ඔබ වෙනුවෙන් පෙරලි පෙරලි ඇඬුවෙ නෑ කියලා අපේ හිත් වල දුකක් නැත්තේ නෑ,අනික 50ක්‌ කියන්නේ මැරෙන්න වයසක්ද?මේ ලෝකේ හොද මිනිස්සුන්ට ආයුෂ අඩුයි කියන එක සනාථ කරමින්ම ඔබ ජීවිත වේදිකාවෙන් කාටවත් නොකියම සමු අරගෙන,ඔබ තුමා මේ පුංචි රටේ ජනතාවගේ හිතේ ගොඩාක් කාලයක් ඉදිවී.රටක් සිනහවෙන් වසඟ කල ඇන්ටන් ජූඩ් නම් අසහාය කලාකරුවාණෙනි ඔබට මොක් සුව.......!!


                                          සබඳ පබිලිස් තේමා ගීතය.




ප.ලි.:ඇන්ටන් ජූඩ් මහතා මඩයා ගේ කැමතිම විකට නළුවෙක් නිසයි මේ පොස්ට් 1 දැම්මේ.මං වැදගත් ලිපි ලිවීමෙහි දක්ෂයෙක් නොවෙමි,එම නිසා අඩු පාඩු ඇතොත් ඒවා නොසලකා හරින්න.