Showing posts with label ගෙදර. Show all posts
Showing posts with label ගෙදර. Show all posts

Thursday, February 27, 2014

දුවපල්ලා හෙවත් තවත් ගස්ලබු කතාවක් ....!!!

කාලෙකින් ආවා මේ පැත්තේ.ඉතිං කට්ටියට කොහොමද?පහුගිය දවස් වල අලුත් බ්ලොග් එකක් පටන් ගෙන තිබ්බා මඩවල කියලා.ඒකේ මුලික අරමුණ බ්ලොග් ලියන අය චැට් එකට අල්ලන් පොඩි මඩ පාරක් ගහන එක.ඒකට මුලින්ම සෙට් වෙලා තිබ්බේ සෑම්.ඒක ලියන්නේත් මඩයා කියලා එක්කෙනෙක් හැබැයි ඒ මඩයා මේ මං මඩයා නෙමේ.

Sunday, April 7, 2013

පාළු ළිඳේ කාන්තා මළසිරුර සහ තැඹිලි හොරු..........!!!!

කාලෙකින් පොස්ට් එකක් ලියන්නේ.දැන් ඉස්සර වගේ වෙලාව නෑ අප්පා.මොකද ජොබ් එකට ගිහින් ඇවිත් පාඩම් කරන්න ඕනෙ නිසා ඔය දෙක බැලන්ස් එකේ නොකලොත් අනාගතේ හබක් වෙන නිසා ආතල් කුඩු කරන් මං පාඩම් කරනෝ.පස්සේ බැරියැ ආතල් ගන්න.ඒත් අමාරුවෙන් අටෝගත්ත බ්ලෝග අතාරින්න හිත දෙන්නේ නෑ.වෙලාවක් ආව ගමන් මේක ලියනවා ඒ වගේම වෙලාවක් ආව ගමන් අනිත් බ්ලොග් ටිකත් කියවනවා.සමහර බ්ලොග් වලට කමෙන්ට් නොකලත් මං පුළුවන් වෙලාවට කියවනවා.කමෙන්ට් කරන්නේ නැත්තේ ෆෝන් එකෙන් ඒක කරන එක වාත නිසයි.හරි කියෙව්වා ඇති අද කතාවට යන්.:)

Monday, January 14, 2013

ප්‍රථම ටීවී සිහිනය බොඳ වීම.......!!!

අපේ තාත්තගේ ප්‍රධාන ආදායම් මාර්ගය උනේ බිස්නස් ඒ කියන්නේ සිල්ලර කඩයක්.අපේ කඩේට දැන් වයස 25ක් විතර වෙනවා.ඒකට මටත් වඩා වයසයි.අපේ ගමේ ඉදන් ටවුන් එක කිට්ටුවට යනකන් සමුපේ ඇරෙන්න තිබ්බ එකම කඩේ ඒක.ඉතින් ඒ කාලේ ඒ කියන්නේ අසු ගණන් වල අන්තිම කාලේ සහ අනූ ගණන් වල මුල් කාලේ

Tuesday, October 9, 2012

ඌ අදහන්න වටින කොල්ලෙක්.මං වගේම හිත හොද එකා..!!


අපේ පොඩි එකා මට වඩා අවුරුදු පහක් බාලයි.වෙලාවකට ඒකා මහා වාතයක් ඒත් වෙලාවකට හිතෙනවා එහෙම නෑ කියලත්.නංගි මා එක්ක ෆිට් නිසා මං  නංගි එක්ක ඕනේ එකක් කියනවා ඒත් මල්ලි එක්ක කියන්න පුළුවන් දේවල් අඩුයි.ඌට දෙයක් කියන්න කලින් දෙපාරක් හිතන්න ඕනේ ඒත් අනේ මන්දා ඌ හරි අමුතුයි තේරුම් ගන්න අමාරුයි.පොඩි කාලේ ඌට බැන්නොත් සමහර වෙලාවට අඩාගෙන දුවනවා ඒත් සමහර වෙලාවට කැති මන්න උස්සන් ගේමට එනවා.ඌත් නිකන් නුවර කාලගුණේ වගේ

Wednesday, September 26, 2012

දර්ශනීය මන්න පාර.....



 මාස දෙක හමාරකට විතර පස්සේ ගෙදර ආවා,කාලෙකට පස්සේ බඩට සහ හිතට සැප හම්බ වෙනවා,අම්මගේ කෑම කන්න වෙන්නෙත් කාලෙකින් නේ.කොහොම උනත් මං ගෙදර ආවහම දවසේ කෑම වේල් ගණන කොහොමත් 5ක් හරි 4ක් හරි වෙනවා.ඉන්න දවස් තුන හතරට බඩට පුළුවන් තරම් සැපක් දෙන්න එපැයි.ගෙදර ඇවිත් වත්තේ ඇවිද ඇවිද ඉද්දි මට පරණ සිද්ධි ගොඩක් මතක් උනා,පුංචි කාලේ සුන්දර මතක ආයේ හොල්මන් කරන්න පටන් ගත්තා හිත ඇතුලේ.ඉතින් එක නිසාම ඒකාලේ උන සිද්ධියක් අද පොස්ට් එකට දානවා කියලා හිතුනා.

Thursday, September 13, 2012

හතර හන්දි හිරි වැටෙන බල්ටිය




මගේ ජීවිතේ බාගයක් යන්තම් ගමේ ගෙවා ගන්න යන්තම් පොඩි පිනක් පල දීලා පුළුවන් උනා.අවුරුදු 11 දී අම්මගෙන්,තාත්තාගෙන්,නංගිගෙන් සහ මල්ලිගෙන් ඈත් වෙලා කොළඹ ආවත් හරි මං තාම කොළඹට වෙලා තනියෙන්.කොච්චර දේවල් ලැබුනත් වැඩක් නෑ දුකට කාරණයක් කොහේ හරි තියෙනවා.ජීවිතේ දුක් කරදර විදින්නේ නැතුව ඉන්න වාසනාව ලැබුනට ගෙදර මිනිස්සු එක්ක ගමට වෙලා ඉන්නවා කියන කාරනේදී කිසිම වාසනාවක් නෑ මට.අද වෙද්දී මං මාස දෙකකින් ගෙදර ගිහින් නෑ,