Showing posts with label මඩයාගේ කවි. Show all posts
Showing posts with label මඩයාගේ කවි. Show all posts

Sunday, August 12, 2012

හිතාදර සුදු බන්ඩේ වෙතට.....!






කැම්පස් වහල හන්ද
කැන්දන් ගියා ඈ ගෙදර නැන්දා
අනේ මේ  හින්දා
මගේ සිත දුකින්ද මන්දා

Monday, August 6, 2012

ආදරෙයි සිරියාවයි අරන් එන්න ...........!




උඹ කැන්දන් යනදාට 
ලොරි දෙක තුනක් පිරෙන්න
 ඇදන් අල්මාරි මේස පුටු
 මහන මැෂින් ඕනේ නෑ 
එත්...
අපි දෙන්නගේ 
ගේ පුරවන්න ටොන් ගානට
ආදරෙයි සිරියාවයි 
අරන් එන්න 
පොඩ්ඩෝ තුන හතරක් එක්ක
ජීවිත කාලේ
 පුරාවට
සන්තෝසෙන්
 ඉන්න 
ඒ ටික හොදටෝම ඇති





ප.ලි:-මඩයගේ හිතට ආව අදහසක් ඔය විදිහට ලියලා දැම්මා,මඩවතිට ලිව්ව එකක් කියල හිතුවත් කමක් නෑ....;)

Saturday, March 31, 2012

නුඹේ අවංක අකලංක ප්‍රේමය .......!


"අපූරුයි.....
මට මගේ පාඩුවේ ඉන්න දෙන්න 
මට වද නොදී ඉන්න
මේක පුදුම කරුමයක් උනා නේ
කියල කතා බහ හොදටෝම අඩුකරලා
අපි  යාලුවෝ විදිහට ඉමු කියලා
මගේ  ආදරයේ වටිනාකම තුට්ටුවට දාලා 
හීන බිදලා දමලා නුඹ
කෑලි වලට කැඩුව මගේ හිත
අයෙමත් අමාරුවෙන් කෑලි 
එකතු කරගෙන හදා ගද්දි 
නුඹ  කියනවා ...
මගේ ආදරේ අවංක  නෑ කියල"


Monday, March 26, 2012

අගෙයි නුඹේ ඔය පාඩම් කිරිල්ල.....!!


                             

නැති නිසා සුපුරුදු කියවිල්ල

මගේ සිත නගයි නිරතුරු මැසිවිල්ල

ඇසෙනවා ඇති සැමට ඔබේ ගෙරවිල්ල

ඔබ ඇත නිදිමතට වී මෙල්ල

අනේ මගේ හුරතල් හොර කෙල්ල

 අගෙයි නුඹේ ඔය පාඩම් කිරිල්ල




ප.ලි: එතරම් කවි ලිවීමේ හැකියාවක් නොමැති නිසා චාටර් නම් ගනං ගන්න එපා.