Wednesday, March 21, 2012

දෙවෙනි ගමන

                                           මගෙ මුල්ම බ්ලොග් 1 මං ලියද්දි දන්නේ නෑ බ්ලොග් කියන්නේ මොනවාද කියල.ඒක මං ලියන්නේ Internet Money කියන මුලාවට හසුවීමේ ප්‍රථිපලයක් විදිහටයි.ඒකෙන් මට ලැබුන සල්ලියක් නෑ.සිද්ධ උන එකම දේ මං හාවා වෙලා රු.3000ක් නිකන් පූජා කල එකයි මගෙ අත හොදටම ඉදිමෙනකන් Link click කල ඒක විතරයි.


                                              මේක  විතරයි Internet Money සෙල්ලමෙන් මට ලැබුනේ.කොහොම හරි මං 1st බ්ලොග් 1 ලිව්වේ මං ඉගෙන ගන්න field 1ට අදාල මාතෘකාවක් ගැනමයි.2011 මාර්තු 25 තමා මං මුල්ම පොස්ට් 1 දැම්මේ.වෙලාවට අප්‍රේල් වල මට පොඩි job කට්ටක් සෙට් උන නිසා Internet Money සෙල්ලම අතඇරියා.ඔය පහල තියෙන්නේ මගෙ බ්ලොග් 1 link 1 .
                        

                              http://fiberopticcommunicationsystem.blogspot.com/

                                               කාලයක් යද්දී,තියෙන බ්ලොග් දකිද්දී මට හිතුනා මාත් හොද බ්ලොග් 1ක් ලිව්වා නම් කියලා.එකට මගෙ ජීවිතේට ගොඩාක් ළග පුද්ගලයෙක් පෝර දැම්ම.මං හිතන හිටියා  ඉක්මනට බ්ලොග් 1 ලියන්න පටන් ගන්නවා කියල.මං ලිවිම සම්බන්ධයෙන් විෂයෙහි ප්‍රවීණයෙක් නෙමේ.එත් මට හිතට එන දේවල් ලියලා දාන්න ඕනේ නිසා බ්ලොග් ක් පටන් ගන්නේ.සැරට වළ බැසීමේ අතුරු ප්‍රථිපල ලෙස විභාග කිට්ටු උනාම පිස්සෝ වගේ වැඩ කිරීමේ රෝගය මටත් මගෙ ගජයටත් වැළදුන නිසා ඒ අදහස යට ගියා.ඒ යට ගියා අදහස ආයේ උඩට අරගත්තේ මගෙ බොක්කේ ෆිට් 1ක් වෙන නුවන් සහ තරංග අයියා.ඒ දෙන්නම බ්ලොග් ලියනවා.ඒ දෙන්නගේ උනන්දු කිරීමේ උත්සාහය සාර්ථක වීමේ ප්‍රථිපලයක් ලෙස මං මෙගේ වල time 1 මගෙ බ්ලොග් ජීවිතයේ දෙවෙනි ගමන ආරම්භ කරමින් 1st Post 1 දානවා. 




14 comments:

  1. එල මචං වල වෙලාවේ මෙහෙම එකක් කරන එක.දිගටම ලියපන්.සුභ අනාගතයක්...!!!!

    ReplyDelete
  2. මචෝ මේකේ අකුරු වල පට පොඩ්ඩක් වෙනස් කල නම හොඳි වගේ...මොකද කියවනකොට ඇහැට අමාරුයි

    ReplyDelete
  3. එල එල මචං..!
    බොහොම ස්තුතියි Nwz 1 දුන්නට.

    ReplyDelete
  4. එල එල මඩයෝ අපිනේ දන්නේ උඹේ වැඩ ගැන..කොහොමවුනත් වැඩේ හොඳයි....
    අපි ගැනත් ලියනවනම් උඹත් මඩ කන්න ලෑස්ති වෙයන් මලයෝ.....

    ReplyDelete
  5. ඔහොම යමන් ඔහොම යමන් .....
    වැඩේ නම් එලම තමා ....
    මඩයා වෙලකට බැස්ස කියන්නේ බඩුම තමා ....
    ආ ... හරී.... කට්ටිය පස්සට වෙලා හයියෙන් අල්ලගන්න ...
    කාගෙත් රෙදි ගැලවෙන්නයි යන්නේ ......

    ReplyDelete
  6. අයියෝ අපි ඉතින් කාටවත් මඩ ගහන්නේ නෑ නේ ;)
    @dila:-මචං උඹ ඩිල්ෂාන් සඳරුවන් නේද?අනේ පිස්සුද මං එහෙම උඹට මඩ ගහනවද :P

    ReplyDelete
  7. ඔව් බන් මන් දන්නවනේ උඹ ගැන උඹ හෙන සංවේදී කොල්ලනේ.... :P

    ReplyDelete
  8. අඩෝ උඹලට තාම මතකයි නේද ඒ සීන් 1 ? ;);)

    ReplyDelete
    Replies
    1. මේ කවුද කියලා ඇහුවේ මොකා ගැනද මචං?

      Delete
  9. නැතිව අපිට එහෙම අපේ මඩයාගේ ප්‍රේම පුරාණය අමතක වෙනවද????

    ReplyDelete
  10. හී හී එල එල එහෙම තමා හොද යාලුවෝ ;)

    ReplyDelete

හිතට එන දෙයක් කියලා යන්න.ඒක විතරයි බ්ලොග් ලිවිලෙන් හම්බෙන එකම දේ .......