Thursday, March 22, 2012

යනකොට කිසිවක් නෑ හිස් අතින්ම යනවා.....!

                                                      කිසිදු ආයාසයකින් තොරව,අසභ්‍ය වචන භාවිතයෙන් තොරව ඔබ රටක් හිනැස්සවු අයුරු අනගියි.සබඳ පබිලිස්,සිකුරු හතේ තුල ඔබේ රංගන කෞශල්‍යය අති විශිෂ්ටය.ඒ නිසයි ඒ නිර්මාණ දෙතුන් පාරක් රසවින්දත් නොඉදුල් බවකින් තොරව රසවිදින්න පුළුවන් වෙලා තියෙන්නේ.ඔබ සම්භාව්‍ය ගනයේ නළුවෙක් නොඋනත් මුළු ලංකාවවේ සාමාන්‍ය ජනතාව සිනහවෙන් වසඟ කළ අහිංසක නිහතමානි ශ්‍රේෂ්ඨ කලාකරුවෙකි ඔබ,IDEAL නළුවෙකු මෙන් ඔබ හැඩ නොඋනත් ඔබේ ඔය අව්‍යාජ හිනාවට රටේ ජනතාව ගොඩක් ආදරේ කරා.ඔබ පොලවේ පය ගසා ජනතාව අතර ජීවත්වුන කාලකරුවෙක් මිස නළු කම ඔළුවට ගත් නළුබට්ටෙක් නම් නෙවේ.ඔබ වේදිකාව,සිනමාව වෙනුවෙන් කළ නිහඩව කළ සේවයට අපේ ආචාරය.
                                                    අපි ඔබ වෙනුවෙන් පෙරලි පෙරලි ඇඬුවෙ නෑ කියලා අපේ හිත් වල දුකක් නැත්තේ නෑ,අනික 50ක්‌ කියන්නේ මැරෙන්න වයසක්ද?මේ ලෝකේ හොද මිනිස්සුන්ට ආයුෂ අඩුයි කියන එක සනාථ කරමින්ම ඔබ ජීවිත වේදිකාවෙන් කාටවත් නොකියම සමු අරගෙන,ඔබ තුමා මේ පුංචි රටේ ජනතාවගේ හිතේ ගොඩාක් කාලයක් ඉදිවී.රටක් සිනහවෙන් වසඟ කල ඇන්ටන් ජූඩ් නම් අසහාය කලාකරුවාණෙනි ඔබට මොක් සුව.......!!


                                          සබඳ පබිලිස් තේමා ගීතය.




ප.ලි.:ඇන්ටන් ජූඩ් මහතා මඩයා ගේ කැමතිම විකට නළුවෙක් නිසයි මේ පොස්ට් 1 දැම්මේ.මං වැදගත් ලිපි ලිවීමෙහි දක්ෂයෙක් නොවෙමි,එම නිසා අඩු පාඩු ඇතොත් ඒවා නොසලකා හරින්න. 

7 comments:

  1. හොද මිනිස්සුන්ට ආයුෂ අඩුයි යාළුවා.. දක්ෂ කලාකරුවෙක්... ඔහුට නිවන් සුව!!!

    ReplyDelete
  2. ලබා උපන් හැටියටනේ බබා වැනෙන්නේ කියල ඉන්න තම තියෙන්නේ

    ReplyDelete
  3. ඒක ඇත්ත හිතුවක්කාරී,මිනිස්සු ආදරේ කරන හිත හොද මිනිස්සු ඉක්මනට මේ ලෝකෙන් යන එක තමා දුක.

    ReplyDelete
  4. එක සහතික ඇත්ත මඩයා....උබ නියමෙටම ලියල තියෙනවා..මට නම් අඩුපාඩුවක් නෑ..

    ReplyDelete
  5. එල එල බොහොම ස්තුතියි මචං....!

    ReplyDelete
  6. යනකොට කිසිවක් නෑ හිස් අතින්ම යනවා..,(මඩයාට පසු වදනක්) http://favexclusive.blogspot.com/2012/04/blog-post_04.html

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මචං එකේ lyrics පහුවෙලා හරි දැම්මට :)

      Delete

හිතට එන දෙයක් කියලා යන්න.ඒක විතරයි බ්ලොග් ලිවිලෙන් හම්බෙන එකම දේ .......