Saturday, March 24, 2012

I POD

                                මේක බෝඩිමේදී සිද්ධ උන සීන් එකක්.එකේ තිබ්බා කට්ටිය සෙට් වෙලා ෆිල්ම් බලන සිරිතක්.ඒ නැතත් තනියෙන් හරි බලන වෙලාවලුත් තියෙනවා.මෙහෙ එවුන්ට හොදම එකෙන් ෆිල්ම් මේනියාව තියෙනවා.මේක ඔය ෆිල්ම් බැලිල්ල සම්බන්ධ සිද්ධියක්.අපිත් එක්ක බෝඩිමේ ඉන්නවා මල්ලි කෙනෙක් එකා අපේ ඉස්කෝලෙම එකෙක්,එකාට ආදරේට කියන්නේ කිරි පුතා කියලයි.මේකා දවසක් රෑ මගෙන් ඇවිත් lap 1 ඉල්ලුවා ෆිල්ම් 1ක්‌ බලන්න කියලා.එදා class ගිහින් ඇවිත්ද කොහෙද මාත් හිටියේ ඒක නිසා මං එදා රෑ කලින් නිදාගන්නයි හිටියේ,ඉතින් මං කිරිපුතාට කිව්වා අවුලක් නෑ මචං බලපන් කියලා.එකාට මං lap 1 on කරලා දීල කිව්වා බලලා ඉවර වෙලා ලැප 1 බෑග් එකට දාන්න කියලා.ඒක කියලා මං ඇදට වැටුනා නිදාගන්න.
                             අනේ කියන්න වරදක් නෑ පහුවෙනිදා උදේ නැගිටිද්දී කිරියා කිව්ව විදිහටම lap 1ත් බෑග් එකට දාල ඔක්කොම අස්කරලා තිබ්බා.උදේ ඉතින් එකාගෙන් ඇහුවා මල්ලි කොහොමද ෆිල්ම් 1 කියලා.එකා කියනවා "ආහ් එල අය්යේ මං ඒක lap එකෙන් convert කරගෙන i pod එකට දාගෙන බැලුවා".කියලා.මට මතක්‌ උනේ"අනේ අපොයි...!"යන වචන දෙක විතරමයි.




ප.ලි:කිරිපුතාට ටිකක් අවුල් තමා එත් මෙච්චර අවුල් කියලා හිතුවේ නෑ ;)

6 comments:

  1. eka uge athma gavuravayata hoda naa ne ;),mage metere hatiyata uba ekava dannava.....

    ReplyDelete
  2. අඩේ මරැ පොරක්නේ .මෑන්ගේ පොටෝ කැල්ලකුත් දාන්න තිබ්බේ

    ReplyDelete
    Replies
    1. එකාගේ පොටෝ දැම්මේ නෑ පවු නේ.මේකා කරන්නෙම මේ වගේ වැඩ තමා ;)

      Delete

හිතට එන දෙයක් කියලා යන්න.ඒක විතරයි බ්ලොග් ලිවිලෙන් හම්බෙන එකම දේ .......