Saturday, November 3, 2012

ගිහින් එන්නම්.......!



බ්ලොග් එක හොදටෝම පාලුවට ගිහින් කැරපොත්තෝ,හුනෝ,මකුළුවෝ,ගණිකාවෝ සල්ලාලයෝ එකී මෙකි නොකී හැම ජාතියේම එවුන් මේකේ ඇවිත් පැල් බැදගෙන,උන් හිතලා තියෙන්නේ මේක පාළු මන්දිරයක් කියලා.මොනා කරන්නද තවත් මාසයක් යනකන් එක දිගට මේක එහෙම්මම තමා.


පහුගිය දවස ටිකේ කට්ටියගේ බ්ලොග් පැත්තේ එන්නත් බැරි උනා,මේ මාසේ ඉවර වෙනකන් බ්ලොග් කියවන්න වෙන්නේ නෑ.විභාහගේ නිසා අම්බානෙට හිර වෙලා ඉන්නේ.හිර වෙලා කිව්වට ඉතින් හිර වෙලාම නෑ එත් දැන්ම තියා වැඩ කලොත් කෙල උනා කියලා කන්කෙදිරි ගගා ඉන්න ඕනේ නෑ නේ.මේ සතියෙම හොදට රවුම් ගහලා ගහලා අද යන්තම් බෝඩිමට සැපත් උනා.අද ඉදන් ආයේ වැඩ පටන් ගන්න ඕනේ.

මොකද exam ටික හරියට කරගත්තොත් අපිට නේ.අම්මලා බලාපොරොත්තු ඉෂ්ට කරන එක අපේ යුතුකම නේ.හැමදාමත් ඉන්න බෑනේ බකන් නිලන්.ඉක්මනට හොද ලොකු ඩයල් එකක් වෙන්න එපැයි,එව්වා දැන් මගේ හිතට වැදිලා තියෙන්නේ.ඒ අස්සේ විභහග භීතිකාව වැළදිලා.ඒක නිසා දැන් වැඩ කරන්න ඕනේ.ටික දවසකට සමුගන්නවා.

පහුගිය දවස් වලත් වැඩ කල නිසයි වැඩිය බුකියේ සහ බ්ලොග් ලෝකේ වැඩිය කරක් ගැහුවේ නැත්තේ.මේ මාසේ ඉවර උනාට පස්සේ ආයේ සුපුරුදු පරිදි බ්ලොග් ලෝකේ රස්තියාදු ගහනවා,බුකියේ අවලමේ යනවා කියන පොරොන්දු පිට තාවකාලිකව සමුගන්නම්.ජය වේවා හැමෝටම...!

19 comments:

  1. මොනවා කරන්නත් කලින් විභාගේ කරගන්න මඩයෝ. බ්ලොග් හැමදාම ලියන්න පුළුවන් (විභාගත් එහෙමයි නමුත් වැඩක් නැහැනේ) විභාගේ හොඳින් කරන්න ජයෙන් ජයම වේවා!!!! All the best & gud luck.

    ReplyDelete
  2. අනේ ඔව් මඩයා අය්යණ්ඩියේ...බ්ලොග් නම් ලියන්න බැරියා නාකි වෙලා හරි.. විභාගෙ හොදට කරගන්නකෝ...මොන සේ හරි කරලා අපි හේතුවක් වෙලා දෙමව්පියන්ගෙ මූණට හිනාවක් දෙන්න පුළුවන්නම් ඒකත් වටිනවා... කෝමත් ඉගෙන ගත්තු දෙයක්නෙ ඉතිරි වෙන්නෙ... ජය පතනා විභාගෙටත් ඉදිරි ගමනටත්...
    ජය වේවා!!!!!!!!

    ReplyDelete
  3. අම්මලාගේ බලාපොරොත්තු වලට සීමාවක් නෑ...ඒවා ඉස්ට කරන්න ගියොත් ජීවිතේම කොටු වෙලා ඉන්න වෙනවා...

    ReplyDelete
  4. හා හා..විභාගේ කොරලා වරෙන්කෝ! මගෙන් සුභ පැතුම් ඈ!

    ReplyDelete
  5. ඔව් මචන් මොනා වුනත් විභාගේ ගොඩ දාගනින්.

    ReplyDelete
  6. කබි අල්විදා නා කෙහෙනා :D

    ReplyDelete
  7. පුලුවන් ඉක්මනින් ගනිකාවො ටික එලවපන් බොට බ්ලොග් ලියන්නම බැරි වෙයි උන් හිටියම කැරපොත්තො හුනො වගෙ නෙමෙ :P

    ReplyDelete
  8. ඔව් ඔව් හොදට විභාගෙ ගොඩ දාගනින් ඊට පස්සෙ අම්මලාගෙ බලාපොරොත්තු වලට අමතරව හොද ගැටිස්සියෙකුත් හොයා ගන්න බැරියැ...

    ReplyDelete
  9. hari hari wibagen passe api hamuwemu.

    ReplyDelete
  10. මඩයා, ඔක්කොටම ඉස්සෙල්ලා ඒ වැඩේ කරගෙන ඉන්න එක හොඳයි. විභාගෙ ගොඩ දාගත්තොත් නෙ ජීවිතෙත් ගොඩ. ගිහිල්ලා වරෙං. උඹට ජය පතනවා. ආපු දවසක අපි දන්නවා. උඹ මගෙ බ්ලොග් රෝලෙ ඉන්නවා.

    ජයම වේවා!

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  11. මටත් ඒනම තමා බන් තව සති දෙකකින් දාන්න වෙන්නේ හරියට කලේ නැත්තම් ඊළඟට ආයේ රිපීට් එක ලියන්න වෙනවා

    ReplyDelete
  12. යකෝ ගණිකාවෝ සල්ලාලයොත් එනවද බ්ලොග් කියවන්න.? හෙහ් හෙහ් හෙහ් , බ්ලොග් එක ලියන්නයි අනික්වා කියවන්නයි කවද බැරිද මඩයෝ...ඒ වගේද විභාගේ... හොඳට විභාගේ කරගෙන ලොකු පොරක් වෙයන් සුභ පැතුම් මගෙන්

    ReplyDelete
  13. හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්... ගණිකාවොයි සල්ලාලයොයිත් ඉන්නවාලු? හික්..

    ඔව් ඔව්.. මොන දේ කොරත් ඊට කලින් ඉගනගෙන ඉන්න එපැයි... :)

    හොදට විභාග කරගන්න මඩයෝ... විභාග ඉවර වෙලා එමු අඅයෙත්.. සුභ පැතුම්!!! හොදට විභාග කරලා හොද ප්‍රථිඵල ලැබෙන්න කියලා මම සුභ පතනවා..

    ReplyDelete
  14. හොඳට පාඩම් කරන්ඩෝ..ජයම වේවා සහෝ..

    ReplyDelete
  15. හොදට විභාගය කරගන්න.සුභ පතනවා මං!

    ReplyDelete
  16. හොඳට වැඩ කරපන්. ඒ ටික කරගත්තේ නැත්නම් බ්ලොගුත් නැ මොකුත් නෑ. ජයවේව....කිව්වා ඕං.

    ReplyDelete
  17. අම්මේ ඉගන ගනින් නැත්තං උඹටත් මං වාගේ බාසුන්නැහේ කෙනෙක් වෙන්න වෙයි

    ReplyDelete

හිතට එන දෙයක් කියලා යන්න.ඒක විතරයි බ්ලොග් ලිවිලෙන් හම්බෙන එකම දේ .......