Wednesday, January 2, 2013

ඇය සෙමින් විත් එදා මගේ හද අරන් ගියා.......!

"ඒ හමුවීම හරි අහඹු එකක්.
ඒ හදුනාගැනීම වෙද්දීත් පිරිමි දරුවා හිතන් හිටියේ 
ඒ දෙන්නා අලුතින්ම අදුනාගත්තා කියලයි 
ඒත් ඒ ගෑණුදැරිවි මේ ඉලන්දාරියා ගැන 
කලින් ඉදන්ම දන්නවා.

එකටත් හේතුව පොඩි කාලේ ඌ කරපු අලුගුත්තේරු වැඩක්.
මේ හදුනා ගැනීම මිතුදමක් බවට පෙරලුනා.
ඒක ගොඩාක් හිතවත් යාලුවෝ කියන 
නම දෙන්න පුළුවන් තරම් දුර ගියත්.....
කවදාවත් ඒ දරුවෝ දෙන්නම හිතුවේ නෑ වෙන එව්වා මෙව්වා.
කාලේ වේගෙන් වේගෙන් දුවලා යද්දී දෙන්නාට 
නොදැනිම දෙන්නා හිතෙන් වෙන වෙන ලෝක වලට ගිහින් 
උන් දන්නෙත් නෑ උන්ගේ හිත හිතුවක්කාර වෙලා 
හිත ඇතුලේ පෙරලි කරනවා 
මේ හිතුවක්කාර කම කොතනින් කොහොම නතර වෙයිදෝ කියලා 
දෙන්නගෙන් එකෙක් ගේ වත් හිතේ තිබ්බේ නෑ .
හිත් හිතුවක්කාර වෙද්දී,
හිත් ඇතුලේ එක එක පෙරලි වෙද්දී 
සිතුවිලි කැරළි ගහලා 
මේ ආදර කැරැල්ල නිසා 
එහෙන් මෙහෙන් ප්‍රේම කතාවක ඉගිබිඟි 
 එලියට එන්න ගත්තා.
වටේ ඉන්න උන්ට තේරුණා ගිනි කන්ද 
ලගදීම පුපුරලා යනවා කියලා,..........
කැස්සත් ආදරෙත් හංගන්න බෑ 
කියන කතාව 
ඇත්ත කියන එකත් 
ඉලන්දාරියෙකුටයි කෙලි පැංචියෙක්ටයි 
හොදම යාලුවෝ වෙලා හැමදාම ඉන්න අමාරුයි 
කියන එක තවත් පාරක් සනාථ කරමින් 
උන් හිත් වල හොරෙන් ගුලිවෙලා තිබ්බ 
හැගීම් එලියට දාලා දෙන්නට දෙන්නා 
එළිපිට ආදරේ කරන්න පටන් ගත්තා.
අන්තිමට අපි විතරක් රැවටුනා උන් හොදම යාලුවෝ කියලා 
පටන් ගත්ත දා ඉදන් ආතල් එකේ 
සොමියේ ආදරේ කරන්න උන්ට ලැබුනේ නෑ හින්දි සෝ එහෙක වගේ.
ඒත් දුකෙන් සන්තෝසෙන් හිතේ හයියෙන් කට්ට කාගෙන 
ඒ කොළු ගැටයත් කෙලි පොඩිත්තිත් 
ආදරෙන් රැකගෙන ආව,
ඒ කතාවට අදට අවුරුද්දයි......!!!"




නිහඬ ගමනේ මේ තරම් දුර 
ඇවිද අපි එක වාගේ 
මිහිරි මතකේ සැරිසරා 
ඔබ නවාතැන් ගෙන දෑසේ
බඹර නාදේ ඇසෙන මානේ 
රැදෙනු මාගේ සුවඳ වාගේ
ප්‍රර්ථනා තවරා ආදරේ 
ඉන්න ඉඩදෙන්න තුරුලේ 
හිනැහෙනා කල්පනා 
ඔබ නිසයි ජිවිතේ
ඇඟිලි තුඩු තද කර 
මගේ නළලේ 
සිඹින සියුමැලි නුඹේ 
දෙතොලතරේ 
ගැඹුරු හද කැලඹුම ඔය කදුළේ  
රහස නොහැගේ 
මගේම ළඳුනේ 
දෑත් විදා ළමැදේ 
ආදරේ දෙන්න 
විදගන්න රිසි සේ 
නිම නොවේ කිසි දිනේ 
පෙම් පැතුම් මා හදේ
ලබන හැම ආත්මයම ඔබගේ 
ලගම ඉන්නයි මම නම් පැතුවේ
පණට පණ දී ඉමු දිවි කතරේ 
නොයමි රහසේ රකිමි පණ සේ 

මේ ටික සින්දුවක්,ශානිකා මධුමාලි සහ බාචි සුසාන් ගායනා කරන්නේ.ලිව්වේ කවුද කියලා දන්නේ නෑ ඒත් උඩම තියෙන කතාවට ගැලපෙන නිසා දැම්මා.

37 comments:

  1. කෝ මේ මඩවතී..... හි හි
    ආදරේක පළවෙනි අවුරුද්ද තරම් සුන්දර කාලයක් මං අත්දැකලාවත් දැකලා වත් නෑ තාම.. මේවා දකිද්දි මං ආදරේ කරපු, ඇත්තම කිව්වොත් හැංගි හැංගි ආදරේ කරප කාලේ මතක් වෙනවා...

    මේ තරම් ලස්සනට ඉදිරියටත් ආදරේ කරන්න වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා දෙන්නටම...

    හැබැයි පුතෝ.. ඉගනීම පළමුව.. හරිද.. දෙන්නගෙම...

    //ඉලන්දාරියෙකුටයි කෙලි පැංචියෙක්ටයි
    හොදම යාලුවෝ වෙලා හැමදාම ඉන්න අමාරුයි//

    මේ කථාව වැරදියි කියලා ඔප්පු කරන්න මට පුලුවන්නම තිබ්බා ඉස්සර... දැනුත් වැරදි නෑ.. ඒත් ඔප්පු කරන්න බෑ...

    ReplyDelete
    Replies
    1. දැනුත් වැරදි නෑ නෙවෙයි.. වැරදියි.. ඒත් ඔප්පු කරන්න බෑ...

      Delete
    2. හොඳම යාළුවො වෙලා ඉන්න පුළුවන් අක්කේ ඒක යාළුකම කියල තේරුම් ගන්න සමාජෙක...

      Delete
    3. අන්න ඒක තමයි ඇත්ත..
      හොඳ යාලුවෝ වෙලා ඉන්න එවුන් දෙන්නෙක්ව ඇඳට යවන්න දඟලන්නේ සමාජේනේ... සමාජේ වැරැද්දට කොල්ලන්ට කෙල්ලන්ට වැරදි කියලා වැඩක් නෑ... හි හි...

      Delete
    4. තැන්ක් යූ තැනක් යු අක්කේ......!
      අම්මට සිරි මොන මගුල කරත් ඉගෙන ගන්න ඒවා පිළිවෙලට කරනවා අක්කේ...

      ඔන්න ඔන්න දෙන්නම නැට්ට පාගාගෙන මං කිව්වේ ඒක කවදාවත් කරන්න බෑ කියලා නෙමේ අමාරුයි කියලා.කොහොම කිව්වත් දෙන්නා ගොඩාක් ලගින් ඉද්දි ඉබේටම හිත් ආදරේ කරන්න පටන් ගන්නවා :)

      Delete
  2. "ඉලන්දාරියෙකුටයි කෙලි පැංචියෙක්ටයි
    හොදම යාලුවෝ වෙලා හැමදාම ඉන්න අමාරුයි
    කියන එක තවත් පාරක් සනාථ කරමින්
    උන් හිත් වල හොරෙන් ගුලිවෙලා තිබ්බ
    හැගීම් එලියට දාලා දෙන්නට දෙන්නා
    එළිපිට ආදරේ කරන්න පටන් ගත්තා.
    අන්තිමට අපි විතරක් රැවටුනා උන් හොදම යාලුවෝ කියලා "

    උඹල දෙන්නට තෙරුවන් සරණයි..!!!
    ජයෙන් ජයම වේවා..!!!

    *අපිනම් දන්නෝ දෙන්නගේ යාළුකම....අනේ බොල

    ReplyDelete
    Replies
    1. උඹලා දන්නෝ නෙ ඉතින් :)
      තැනක් යු තැනක් යු මචං.....!!

      Delete
  3. මම හිතුවා මඩයා කන්නයි හදන්නේ ඉල්ලගෙන කියල මඩවතිගෙන්. හිකිස්.....

    ReplyDelete
    Replies
    1. අඃ පිස්සු හැදෙයි...අපි එහෙම වැඩ කරනවද...:)

      Delete
  4. මම මේ උඩ කතාව බලනකොට අපේ කතාවද මේ කියලත් බැලුවා,එහෙම්පිටන්ම ඒ කතාව මෙතන තියනවා.. අලේ සෝයි... සුබ පැතුම් මේ විදියට හැමදාමත් සතුටින් ජීවිත කාලෙම දෙන්නට එකට ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා..මඩවතී අක්කන්ඩියටත් කියන්න.. මම සුබ පැතුවා කියලා..

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි එහෙමද? මරු නේ :)
      තැනක් යු ශම්මි නංගි...!!
      ඔයයි සාදිරිස් ලොක්කයිත් සන්තෝසෙන් ඉන්න ජය වේවා....!
      එල එල මං මඩ කෙල්ලට පණිවිඩේ කියන්නම් :)

      Delete
  5. ම්ම්ම්....මටත් මතක් වුනා අපි අපේ පලවෙනි අවුරුද්ද සමරපු හැටි.... ඒවා හරි සුන්දර මතක..... :)

    ඔය දෙන්නට මේ වගේම ආදරයෙන් දිගටම ඉන්න ලැබේව කියල හදවතින්ම සුභ පතනවා....!

    ReplyDelete
    Replies
    1. ඒ අතීතේ ගැන දුක් වෙන්නෙපා සමනළී
      ජිවිතේ හැමදාම දුකින් ඉන්නේ නෑ අපි
      බොහොම ස්තුතියි ඔයාට....!

      Delete
  6. සුබ පැතුම් දෙන්නටම.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මධුරංග......!!

      Delete
  7. දෙන්නටම හදවතින්ම සුබ පතනවා....
    වාසනා වන්ත ලෙස පුංචි පැටව් ටිකක් එක්ක
    ජීවිතේ ගෙනියන්න ලැබේවා....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සයිලන්ට් ......!!!

      Delete
  8. අම්මා බනී!!!!!!!!!!!!! :)

    හැපි 2013ක් ඈ....

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. තාම බැන්නේ නෑ ;)
      රජා මල්ලිටත් සුභ 2013 ක් වේවා....!!

      Delete
  9. // ඉලන්දාරියෙකුටයි කෙලි පැංචියෙක්ටයි
    හොදම යාලුවෝ වෙලා හැමදාම ඉන්න අමාරුයි // අඩේ මේක ඇත්තද බං.....?

    ReplyDelete
    Replies
    1. මං දන්නා විදිහට ඒක ඇත්ත.....:)
      මොකෝ කවුරු හරි හොද යාළුවෙක් වත් ඉන්නවද ? ;);)

      Delete
  10. අඩේ අප්පා...මඩවතී නේද මේ...එල ඈ........

    ReplyDelete
  11. එහෙනං ඒකත් ජයසිරි මංගලම් ඈ...

    //ඉලන්දාරියෙකුටයි කෙලි පැංචියෙක්ටයි
    හොදම යාලුවෝ වෙලා හැමදාම ඉන්න අමාරුයි //

    මේකනම් සහතික ඇත්ත මචෝ මාත් ඔහොම තත්වෙක ඉඳන් ආදරේ කරන මට්ටමට ආපු එකෙක් නිසා අත්දැකීමෙන් කියන්නේ....

    අවුරුද්දක් ගියා කියලා හිතලා ආදරේ දෙවෙනි අවුරුද්දක් පටන්ගන්න යන්න එපා මචෝ එහෙම වුනොත් පුංචියට හරි හිත් අමනාපකම් ඇතිවෙන්න පුළුවන් කියලායි මට හිතෙන්නේ....

    මුල් අවුරුද්දක් ගෙවුනා කියලා හිතේ තියාගන්නේ නැතිව පටන් ගන්න දෙවෙනි අවුරුද්ද අළුතින් පටන් ගන්න එතකොට ආදරේ තවත් අළුත් වෙලා හොඳට ගලාගෙන යන්න පටන්ගනියි.... ආදරේ පරණ වෙන තරමට නෙමෙයි වටින්නේ නිතරම අළුත් වෙන තරමට....

    ජය වේවා මචෝ මගේ අත්දැකීමෙන් කිව්වට හිතට හරියි කියලා හිතෙන දේ කලොත් හොඳයි කියලයි මම හැමෝටම කියන්නේ....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගැමියා මචං.....!!
      ඒකනේ මං කිව්වේ කොච්චර යාලුවෝ විදිහට හිටියත් කාලයක් යද්දී අපි දන්නෙත් නෑ අපේ හිත් වලට හැදෙන පිස්සුව
      ඒක නම් ඇත්ත අවුරුදු ගණන් මත නෙමේ නෙ ආදරේ තීරණේ වෙන්නේ.අම්මප දවසින් දවස ආදරේ අළුත් වෙන්නයි ඕනෙ නැත්නම් මෙලෝ රහක් නෑ

      ගැමියාටත් ජය වේවා....!!

      Delete
  12. මඩයටයි මඩීටයි හොඳ රසට ආදරය දැනෙන්න වාසනාව ලැබේවා කියා පතන්නම්..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නලින් අයියේ....!!!

      Delete
  13. මඩයාටත් මඩවතීටත් සුභ අනාගතයකට ආසිරි!
    ඒ වාගේම සුභ නව වසරක් වේවා!
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි....!!
      ඔයාටත් ලැබුවාවූ නව වසර සුභම සුභ එකක් වේවා ඩුඩ් අයියේ......!!

      Delete
  14. මඩයටයි මඩවතීටයි හැපි ඇනිවසරි ඈ සුබ අනාගතයක් දෙන්නටම

    ReplyDelete
    Replies
    1. තැනක් යු තැනක් යු අවතාර් මචං....!!!

      Delete
  15. ආව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්... මඩයාගෙයි මඩවතීගෙයි ආදර හුටපටය නේ මේ.... :)

    හැමදාම සතුටින්, ආදරෙන් ඉන්න සුභම සුභ අනාගතයකට මගෙන් සුභ පැතුම්ම්ම්...

    ReplyDelete
    Replies
    1. එකෙන්ම එකෙන්ම උන්ගේ එක තමා :)

      බොහොම ස්තුතියි හිතුවක්කාරී.........!!!

      Delete

හිතට එන දෙයක් කියලා යන්න.ඒක විතරයි බ්ලොග් ලිවිලෙන් හම්බෙන එකම දේ .......