කට්ටිය මේක බලලා කියලා තියෙන වැඩේ කරන්න.කලින් දැකලා ඇති ඒත් කමක් නෑ ආයේ බලන්න
අද ලෙක්චර් එක මැද්දේ සර් මේක දාල බලන්න කිව්වා,බැලුවම මං මැජික් එක නම් දැක්කා.මේක අපි දැන් ආතල් එකට මැජික් වගේ බල බල හිටියට මේක කොහේදෝ කැම්පස් එකක කරපු රිසර්ච් එකක් ලු.
කොහොම හරි පරීක්ෂණය වෙන්නේ මේක දිහා තත්පර 15ක් බලන් ඉන්න එක
නිරීක්ෂණය වෙන්නේ අපේ ඇහැට පෙන මැජික් එක
එකෙන් ගත්ත නිගමනේ වෙන්නේ මේ රූපේ පාට නැති උනත් අපේ හිතේ තියෙන පාට ගැලපෙන විදිහට සෙට් කරන් ඇහැට රූපේ පේනවා.ඒත් මට හිතෙන එකක් තමා ලංකාවේ එවුන්ට ඔක්කොටම ගෑණු ළමයාගේ කොන්ඩේ පෙන්නේ කළු පාටට කියලා.මොකද අපේ මිනිස්සුන්ගේ හැම එකාගෙම හිතේ තියෙන්නේ කොන්ඩ කළු පාට කියන එක නේ.ඕක බැලුව මං දන්නා හැම කාටම කොන්ඩේ පෙනුනේ කළු පාටට තව එකක් තමා මේ ගෑණු ළමයාගේ පෙන පාට එක එකෙක්ට අනුව වෙනස් වෙනවා කියලා.එතකොට හරි නේ නිගමනේ ඇයි එක එක්කෙනාගේ හිතේ මැවෙන්නේ එක එක පාට නේ.මට මට මතක විදිහට ඈ කිව්වේ මේකේ වැඩි විස්තර එක්ක රිසර්ච් එක කරපු උන් දාල ඇති එක මට හොයා ගන්න ලැබුනෙත් නෑ ලැබුනත් තේරෙන එකක් නෑ :)
කොහොම හරි අපේ සර් ඕකට අලුත් නිගමනයක් දුන්නා.
ප.ලි :- මේ පොටෝ එක මං හොයාගත්තේ ලොවෙත් නෑ පේජ් එකෙන්
ඒකත් ඒෙහමද
ReplyDeleteඒෙහනං වැඩිය බලන්ෙන්පා හරිද
මං ඔයා දිහා නැතුව වෙන කොහේ බලන්නද ;)
Deleteඅන්න මඩවතී හොද ප්‍රශ්න
Delete:P
Deleteමලේ මමත් මේක fb එකෙන් බලලා තියෙනවා. ඒත් විස්තරය රසවත්
ReplyDeleteඑන්න සමකය වටේ රවුමක් යන්න
ස්තුතියි නලීන් අයියේ....!
Deleteනියමයි !
ReplyDeleteමැජික් :)
ජයම වේවා සහෝ :)
හි හි
Deleteඔයාටත් ජය නගෝ....!
නියමයි නේ. මේ වගේම තව ෆෝටෝස් මම දැකලා තියේ මූණු පොතේ. :)
ReplyDeleteහි හි. අර උඩම ඉන්න කෙනා කවුද හැබෑට? තත්පර 15ක් ඇස අරගත්ත කෙනාද? :D LoL (ජෝක්ස් හොදේ)
ඔව් ඔව් මේක බුකියේ අම්බානට ශෙයාර් උනා
Deleteඔව් ඔව් එයා තමා
මං තත්පර 15ට වඩා එයා දිහා බලන් හිටියා ;)
ඒක නම් මරු. දැන් එහෙනම් කරන්න තියෙන්නෙ අහක බලාගෙන ගිහින් කැමතිද අහන්න. හහ් හහ්
ReplyDeleteඔව් අහක බලන් ගිහින් ඇහුව නම් හරි එතකොට කෙල්ලට කොල්ලගේ මුණ පේන්නෙත් නෑ නේ :)
Deleteසෑර්ගේ නිගමනය හරියටම හරි බං....
ReplyDeleteසර්ට - සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
එකෙන්ම අපේ සර්ට ජය වේවා,......!
Deleteඇහ් ඒකත් එහෙමද ඈ......
ReplyDeleteඑහෙමෙයි කියලා කියන්නේ :)
Deleteමේක කලින් දැකල තිබුනත් විස්තරේ දන්නේ අදනේ...... ඔන්න එකත් අපේ මඩයගෙන්ම දැනගත්තා තැන්කු වේවා!
ReplyDeleteස්තුතියි මචං.....!
Deleteමඩයෝ, ඔය තියෙන්නෙ නෙගටිව් එකක්නෙ. මට නම් පෙනුනෙ ඔය පින්තූරෙම පොසිටිව් එක මිසක් වෙන මොකුත් නෙවෙයිද බං.
ReplyDeleteඋඹලගෙ බ්ලොග් බලලම මට මඤ්ඤංද මන්දා!:D
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
ඒ උනාට ඩුඩ් අයියේ(අයියා කිව්වට කමක් නැද්ද මන්දා) මේ පොටෝ එකේ කිසි පාටක් නැතුව අපිට පාට පෙන්නේ කලින් මනසේ තිබ්බ පාට ගලපා ගෙන නේද?
Deleteමේකේ brightness අඩු වැඩි සීන් එකත් ඒකට බලපානවා ඇති.හැබැයි එකක් අනිවා සුවර්.එක එක්කෙනාට පෙන පාට වෙනස් කියන එක.අපේ සර් සාමාන්‍යයෙන් බොරු කියන මනුස්සයෙක් නෙමේ :)
මේ ඇත්තට මගේ බ්ලොග් එක කියෙව්වම මඤ්ඤං වෙනවද?
ආහ් තව එකක් හැම මනුස්සයට පාට හරියටම පෙන්නේ නෑ සමහර අයගේ ඇස් වලට රතු අඩුවෙන් පෙන්නේ,සමහරුන්ට කොළ අඩුවෙන් පෙන්නේ ඉතින් එහෙම වෙද්දී එක එක කෙනාට පේන විදිහ වෙනස් වෙන්න පුළුවන් නේද?
Deleteමඩයෝ, කලර් ෆෝටෝ එකක නෙගටිව් එක බැලුවොත් කලර්ස් රිවර්ස් වෙලා නේද පේන්නෙ. හැම කලර් එකේම රිවර්ස් එහෙම නැතිනම් නෙගටිව් කලර් එකක් තියෙනවනෙ බං. මට ඒ ඒ පාටෙ රිවර්ස් එක කොයිකද කියන්න නම් මතක නෑ. නමුත් හොඳට බලාපං නෙගටිව් එක දිහා. ඒක කලු සුදු නෙවෙයිනෙ බං. ඔය මූනෙ තියෙන්නෙ හමේ තැඹිලි ක්‍රීම් පාටෙ රිවර්ස් එක මිසක් කලු නෙවෙයි.
Deleteහලේ. මම උඹේ ගුරුතුමාව කන්ට්‍රැඩික්ට් කරන්න කිව්වා නෙවෙයි. මට මොකටද උන්දැ එක්ක තරඟයක්. මම ඒ සබ්ජෙක්ට් එකත් නෙවෙයි කරන්නෙ. මම කිව්වෙ මගෙ මතය.
උඹට ඕනෙ එකක් කියහං කොල්ලෝ. ඩූඩ් හරි, ඩූඩ් අයියා, මාමා, සීයා, බාප්පා ඕනෙ එකක් ස්ත්‍රී ලිංගික පද හැර. හෙහ් හෙහ්!
උඹේ බ්ලොග් එක බලලා මඤ්ඤං වුනේ නෑ බොල. විහිලුවට කිව්වෙ.
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
එල එල ඩුඩ් අයියා කියන්නම්.ඔව් ඔයා කියන ඇත්ත
Deleteමං එකක් දන්නවා අපේ සර් පොටෝ ගැන වැඩිය දන්නේ නෑ ඒත් ටෙලිකොම් නම් හොදටම දන්නවා කියන එක :)
This comment has been removed by the author.
ReplyDeleteඅනේ මන්දා බං...හිතේ තියන පාට සංසන්දනය කරලා සුරුපිනියගේ මුණ පෙන්වයි කියන එක තේරෙන්නේ නෑ බං. කොන්ඩේ සුදු, හමත් සුදු එවුන් ඉන්න කෙල්ලෝ ඉන්න රටක කොල්ලෙක්ට දීල ඇහුවනම් හරි පෙන්නේ සුද්දීයෙක්ද කියලා.
ReplyDeleteරිසර්ච් එක කරපු උන් කියන්නේ එහෙමයි මචං.උන් මේකට එක එක ජාතියේ මිනිස්සු ගන්න ඇති.එතකොට ඒක හරියට තහවුරු කරගන්න ඇති නේ :)
Deleteඔක තමයි කෙල්ලො ගාව තියන මැජික් එක :P
ReplyDeleteඋන් අපිව රවට්ටලා බං ;)
Deleteහි හි.. කෙල්ලොන්ෙග් වටිනාකම ඒකනේ බං.. හි හි...
ReplyDeleteමගේ මොලෙත් ඩුඩගේ වගේම අවුල් වෙලාද කොහෙද.... මට පෙනුනේ කුච් කුච් හෝතා හේ එකේ කාජල්ගේ කොට කොන්ඩේ වගේ ස්ටයිල් එකක් තයෙන කෙල්ලකේනේ බං... හි හි...
මට පෙන්නේ කොන්ඩේ දිග එකියක් නේ අක්කේ :)
Deleteමේ ඔයාට පාට එක්ක පෙනුනා නේ :)
පාට නොපෙනුනා නම් ඔයා දන්නවා නේ ඒ ඇයි කියලා ;)
සර්ගේ කටේ මසුරන් දාන්න වටිනවා බන්
ReplyDeleteඑකෙන්ම මචං ...:)
Deleteසර් ඉදලා හිටලා තමා කතාවක් කියන්නේ එකත් සුපිරිම එකක් තමා ඉතින් :)
මඩයෝ පොඩී පුරස්නයක් හෑව්...
ReplyDeleteමේ... ඕක දිහා බලන් ඉන්න ගමන් තත්පර 15ක් ගනින්නේ කොහොමෙයි???
O.o
පොඩ්ඩක් හොර කරහන් බං කොලවෙරි ;)
Deleteතත්පර පහළොව යන්න කලින් බලහන් අනිත් පැත්ත :)
හික්ස්ස්ස්ස්ස්ස්ස්.... ඒකත් මරුනෙ.. සර් කිව්ව කතාවත් මරු!!ඒඨ් ඕක කෙල්ලන්ට විතරද දැන් අදාල ?? කෙල්ලෙක් කොල්ලෙක් දිහා තත් 15ක් බලන් හිටියොත්??
ReplyDeleteකෙල්ලෝ ඉතින් කොල්ලෝ දිහා හොරෙන් බලන්නෑලු නේ :P
Deleteමං ප්‍රශ්නේ කවුරු හරි අහයි කියලා බලාපොරොත්තුවෙන් හිටියා :)
හෑ...එතකොට මම අලයා දිහත් තත්පර 15ට වඩා බලන් ඉන්න එපාද :ඔ :ඔ
ReplyDeleteපිස්සුද එයා දිහා බලන්න
Deleteඅනික දැන් සෙට් වෙලා ඉවර නේ සෙට් උනාට ඉතින් හැමතිස්සෙම ලස්සනට නේ පෙන්න ඕනේ පුළුවන් තරම් මුණ දිහා බලන් ඉන්න ඒ නිසා ;)
මමනම් තත්පර 14 යි බලන්නේ!
ReplyDeleteහොර කලත් ඔය කෙලිව පේනවා බොල :)
DeleteNiyamay..
ReplyDelete:)
Deleteතත්පර 15යි එහෙනම් තියෙන්නේ.. හ්ම්ම්ම්.. :)
ReplyDeleteජය වේවා..
හොර කලත් පේනවා :)
Deleteමෙයත් හොයාගන්නෙ මාර වැඩ තමා නියමයි....
ReplyDeleteසර් තමා කියලා දුන්නේ :)
Deleteමචන් මාර කේස් එක කියන්නේ මට පෙනුන කෙල්ලගේ කොන්ඩෙ දුඹුරු පාටයි මට රට යන්න වත් චාන්ස් එකක් තියෙද දන්නේ නෑ
ReplyDeleteආහ දුඹුරු පාට කොන්ඩේ තියෙන කෙල්ලෙක් හීනෙන් පේනවා කියන්නේ රට ගිහිං රජ සැප විදින්න ලැබෙනවා කියලා හීන පලාපල කියන මිනිස්සු කියලා තියෙනවා :)
Deleteමේ වගේ සීන් එෆ්.බි එකේ දැකලා තියෙනවා බන් ඒත් අර්ථකතනයක් දැක්කේ අදයි.මොනා වුනත් සර් කාරයා හරියටම හරි
ReplyDeleteසර් පට්ටයි
Deleteගෝලයොත් ඒ වගේම පට්ටයි :)
මචන් ඕකෙ හිතේ තියෙන දේ පේනවා නෙමෙයි. කළු background එකක negative පොටෝ එක තියල තියේනනෙ background එක සුදු උනාම positive එක පේනවා. බොරු නම් ඕක download කරල coulor invert කරල බලන්න. ඕනම දීප්තිමත් දෙයක් දිහා ටිකක් බලා හිටියම අපේ ඇහේ ඒකෙ image එකක් ටික වෙලාවක් ටියෙනවා.
ReplyDeleteහෙන්චෛයා කියන කතාව ඇත්ත තමා
Deleteස්තුතියි පෙන්නලා දුන්නට
ඔන්න profile picture එක බැලුවනම් තේරෙයි.
ReplyDeleteබොලාගෙ කථාවත් ඇත්ත වගෙයි... මෙච්චර කාලෙකට හිතුනෙ නෑනෙ ඔහොම කථාවක්...
ReplyDeleteසර් හිතලා තමා කිව්වේ
Deleteසර් ලා ඉතින් ඔය වගේ තැනක ඉන්නේ ඒ නිසාම වෙන්න ඇති ;)
හෙහ් හෙහ් මරු බං...! විග්‍රහය.
ReplyDelete:)
Deleteහි හි සර් තමා මග පෙන්නුවේ :)