-තිහක වඩේ දෙන්න
-නෑ පහේ ඒවා
+අන්තිම වඩේ හය
-ආහ් එහෙමද?
මොකෝ පහුගිය ටිකේ වඩේ කරත්තේ පේන්න නොතිබුනේ ?
+තනියම කරන්න ගියාම හරි අමාරුයි මහත්තයා. අද රෑවෙනකන් ඉන්නෙ නෑ
නෝනත් නෑ මේ දවස් වල
-ඇයි ඒ?
+පොඩි එකාට ඩෙංගු හැදිලා ICU හිටියෙ අද වාට්ටුවට දැම්මා
මං උදේ දවල් ගිහින් බලලා ආවා
හවස නැන්දම්මාවත් යවනවා
මං ගිහිල්ලා බෑ
වඩේ කීයක් හරි විකුනගත්තොත් තමා හෙටත් පොඩි එකා බලන්න යන්න පුලුවන් වෙන්නෙ
අපිට ඇවිත් කවුරුත් සල්ලි දෙන්නේ නෑ නේ මහත්තයා අපි හම්බකලොත් අපි කයි.අනික අපි ලෙඩ උනාට සිංගප්පුරුවේ එක්කන් යන්නේ නෑ නේ.
-ඒක නම් ඇත්ත අයියා,මං ගිහින් එන්නම්
+හරි මහත්තයා දෙවි පිහිටයි
වඩේ තියරි.
ReplyDeleteවඩේ හරහා සමාජ යථාර්තය :-)
ReplyDeleteඅපි හම්බුකලොත් අපිට
patta
ReplyDelete