ඇය තුරුලේ ..
හීනී කොන්ක්රීට්
තීරු අතරින්
සුසිනිදු මදනල
සර සර හඩ
හිරිගඩු පිපෙන තරමට
සුමුදු හැගීමකින්
ගත නහවන
යාමයක
නුඹත් අවුදින්
ගතේ දැවටෙමින්
කෝලකම් කරමින්
හීන් කෙදිරියෙන්
කරන ආයාචයන්
කෙලෙසක
නම් මග
හරිම්ද
සොදුරියේ
ඔව්
මටද තව
ඉවසා සිටියහැකි
නොවේ
ඔබ තුරුලේ
මා සතපවා
ගනු මැනවි
නිදි දෙව්ලියේ..
බොහොම ආදරණීයයි . නිදි දෙව්ලියට අවනත නොවී කොහොමද ඉතිං ...
ReplyDeleteස්තූතී මෙතූ!!!
Deleteඔව් ඉතින් අපි හැමෝම එයා ලග පරදිනවා නෙ 😊😊😊😊
කාලෙකට පස්සෙ මඩ හෝදගෙන තියෙන්නෙ. හැක්..
ReplyDeleteහෙන කාලෙකට පස්සෙ ආවමත් වෙනස්ක් නැතුව මේ පැත්තට ගොඩ උන එක ගොඩාක් වටිනවා. බොහෝම ස්තූතී ප්‍රසන්න අයියේ!!!
Deleteනිදි දෙව්දුව කොහෙද ගියා අපෙන් ඈත් වී.....
ReplyDeleteඑක්සෑම් කාලෙට නම් නිදි දෙව් දුව මගේ ලගමයි 😄😄😄
Deleteබොහොම ස්තූති බං මේ පැත්තට ආවට