Wednesday, July 25, 2012

Chartered Accountant ඩිංගිමහත්තයා

                               

                    ඩිංගි මහත්තයා කියන්නේ අපේ තාත්තගේ කඩේ වැඩ කරන මනුස්සයාය.හරි අහිංසක මනුස්සයාය.බය නැතුව දවසක් උනත් තනියෙන් කඩේ තියලා යන්න පුළුවන් මිනිහ හොද විස්වාසවන්ත සේවකයෙක්ය.දැනට මං දන්නා විදිහට ඒ මනුස්සයාගේ service එක අවුරුදු 12 වෙලාය.මට නම් ඒ මනුස්සයාව පෙන්නේ ගමේ ජීවත් වෙන සාමාන්‍ය මනුස්සයෙක් විදිහටය.

ඒත් තිවාට ඒ මනුස්සයව පෙන්නේ වෙනම විදිහටකටය ........

"ඩිංගිමහත්තයා කියන්නේ හොද chartered accountant කෙනෙක්"

"හොද manager කෙනෙක්"

"AAT,Project Management,CIMA,CIM, MIS තියෙන ඔක්කොම එව්වා කරලා තියෙනවා ලු"

"අපේ කඩේ මිලියන් ගණන් වලින් යන බිස්නස් වලට චෙක් ඔක්කොම ලියන්න බාර දීලා තියෙන්නේ මෙයාට ලු."
(අවුල අපේ තාත්තගේ වාර්ෂික ආදායමත් මිලියන් වලට ලගට වත නොඑන එකයි)

"කඩේ සේප්පු ඔක්කොම access කරන්න බාර දීලා තියෙන්නේ ඩිංගි මහත්මයටමලු."

"කඩේ දියුණුවට හේතුව මේ ක්‍රියාකාරී සේවකයාගේ නොසැහෙන කැපවීම ලු"

"කඩේ වැඩට එද්දී මේ මොකුත් සුදුසු කම් තිබ්බේ නෑලු" 

"මොනවා උනත් තාමත් කහට උගුරක් බීලා විටක් කාල සරම ගහල පැත්තකට වෙලා ඉන්නේ ප්‍රසිද්ධියට තියෙන දැඩි අකමැත්තටලු"


"වැඩට ඇවිත් ගිය අවුරුදු 12 සර්විස් එක තුලදී ලබාගත් ජයග්‍රහණ තමා ඔය සුදුසු කම් ටික"

"ලගදි ඩිංගි මහත්තයා ලොකු ජයග්‍රහණයක් ලැබුවලු"

"ඒ chartered එක්සැම් එකෙන් ලංකාවේ  A සාමාර්ථ ලබාගත් උන් දෙදෙනාගෙන් එකෙක් ඩිංගි මයා ය."

"අනෙකා අපේ ලෝලාගේ කෑල්ලය"

"ලෝලාගේ කෑල්ල ලංකාවේ ප්‍රථම ස්ථානය ලබා ගත් අතර ඩිංගි මහතා දෙවන ස්ථානය ලබා ගත්තේ ලු "

"දෙවන ස්ථානයට පත්වීමට හේතුව දින දෙකක් පුරා තනියම කඩය බාරදී අපි අනුරාධපුර ගිය නිසා පාඩම් කටයුතු අත පසු වීමලු"

"මේ ලගදි ලබාගත් ජයග්‍රහණයට හිමි සහතික හා සම්මාන ප්‍රධානෝත්සවය Waters Edge හිදී පැවැත් වුනිලු"

"ඩිංගි මයාගේ ප්‍රිය බිරිඳ බුකියේ මේ ලෙස status update කරන්න ඇතිලු" 


ඩිංගි  U made me proud once again ........!!!!  love u lodz ........

 "ඩිංගි මහතාගේ ලොකු පුතා "ආඩම්බරයි තාත්තේ" කියා බුකියේ status දාන්න ඇතිලු"








ප.ලි:  මෙම කිසිදු අදහසක් ඩිංගිමහත්තයා නොදන්නා හන්දා හොදය,නැත්නම් එතුමන්ට හිතේ අමාරුවක් හැදෙන එක sure ය.

Sunday, July 22, 2012

මගේ සිත්ගත් ව්‍යාපාර වස්තුව වෙත ලියමි .......


                              

                               පත්තරේකට ලියපු මරු ලිපියක් හම්බ උනා එක සමහර අය කියවලා ඇති ඒත් සිරා කියලා හිතුන නිසා පොස්ට් එකක් දාන්න හිතුනා එක.මෙය ශ්‍රීමති විජයලත් පත්තරයට ලියු ලිපියකින්  උපුටා ගන්නා ලද්දක් බව කරුණාවෙන් සලකන්න.
                  එක්තරා ප්‍රසිද්ධ පාසලක අපූරු පෙම්වතුන් යුවලක් සිටියහ.පෙම්වතිය 12 වසර සිසුවියකි.පෙම්වතා 13 වසරේ සිසුවෙකි.ඔවුහු හැකි විටෙක එකිනෙකා වෙනුවෙන් රසබර ලිපි හුවමාරු කර ගත්හ.දිනක් සිසුවිය ලියු ලිපියක් ප්‍රධාන ශාලාවේ බිම තිබී විදුහල්පති තුමාට හමුවිය.මේ ලිපිය විදුහල්පති තුමා උදෑසන රැස්වීමකදී  සිසුවියක ලවා කියව්වේය.එම අපූරු ලිපිය මෙසේය.

අද 8 යිලු නේද?
    මගේ සිත්ගත් ව්‍යාපාර වස්තුව වෙත ලියමි .
        ඔබගේ සිත නමැති ව්‍යාපාරයේ මගේ සිත නමැති ආයෝජන මුදල තැම්පත් කිරීමෙන්,ඔබගෙන් ලැබෙන්නාවූ සත්‍ය ප්‍රේමය නමැති කොටස කරන කොට ගෙන මාගේ සිතේ ජනිතවූ ලාභය හුදු ප්‍රේමයෙන් ඔබ වෙත පිරිනමමින් මෙම ධනයෝජිත ගිණුම ආරම්භ කරමි.
       ඉතිං සොයුර.......ඔබ මා වෙනුවෙන් විඳි දුක් ගැහැට කොපමණද?මාගේ සිතේ වේදනාව මුදල් වැල් පොලියක් මෙන් දිනෙන් දින මසෙන් මස ලියලන්නේය.සියල්ල ඉවසා ගත්තේ සිතත් වේදනාවත් වෙනත් පෙම්වතෙකුට සුළු පොලියට දෙමිනි.එදා ඔබ  Y අක්ෂයේදී මම  X අක්ෂයේදී පෙනී සිට අපගේ මුල අක්ෂය හරහා යැවු රේඛාවේ අනුක්‍රමණය සෙවීමට ගොස් මගේ අන්තඃඛණ්ඩය මම විසින් නැති කර ගත්තෙමි.එය මා මෙන් ඔබද දනී.
     ඉතිං මාගේ පාරවල ප්‍රස්ථාරය,ඔබ එදා වගේ උපරිම  සෙවීමට ගොස් තව ටිකෙන් ඔබව බින්දුවට සමාන වීමට ඉඩ තිබුණා.ඔබත් මමත් බස් හෝල්ට් 2ක් අතර තනි වෙද්දී ඔබගේ මව දුටු වෙලාවේ අප තිදෙනාගේ ලක්ෂය තුන යාවි කෝණ තුනේ අගය අංශක 180 වීමට ඉඩ නොදී අප වෙන්වී පලා ගියේ අපගේ පෙර පිනකට නොවේද?ඉතිං මාගේ පරිධිය ඔබ එදා කේන්ද්‍රයේ සිටියදී ඔබගේ අරයෙන් පරිධියෙන් මම භ්‍රමණය වුයේ කිසියම් පරිමිතියක් ඔබ වෙත බැල්ම හෙලා තිබුන බැවිනි.යම් හෙයකින් කුමන හෝ නීතියක් ගත්තත්,යම් කිසි අනුයාත පදයක් ඔබට ඔබට කරදර කරයි නම් මම ඔහුව වර්ගකර මූල සොයා දෙකෙන් බෙදා බිංදුවට සමාන කරමි.ඉතිං මාගේ පෙම්වත අංක බිංදුව මෙසේ ගත් ඔබේ ලක්ෂයේද මා මගේ ලක්ෂයේද සිටියදී අපේ එකතුවට පයිතගරස් ප්‍රමේය තිබෙන තුරු කිනම් අනුයාත පදයකටවත් බාධා කළ නොහැකිය.ඉතිං මම නවතිමි.
                                                                   මිට
                                                                  ඔබ පෙම් බැදී
                                                                   සමීකරණය


ප.ලි:විදුහල්පතිතුමා මේ ලිපිය කාගේදැයි සොයන්නට උත්සහ නොගත්තේය.නමුත් එය ඔහුට රසවත් බව පමණක් කීවේය.ඉහත කී පෙම්වතා අද මහජන බැංකු ශාඛාවක කළමනාකරුවෙකි.පෙම්වතිය ගණිත ගුරුවරයෙකි.නමුත් ඔවුන් දෙදෙනාට විවාහ වීමට නොහැකි විය.

                                        

Thursday, July 19, 2012

ධර්ම දානය බෙදීම සහ පජාත වීම.......!


                                                පහුගිය දවස් ටිකේ පොඩි රවුම් පාරක් එහෙම දාල ආවේ.රවුම් කිව්වට එක පින්කමක්,මඩයා වගේ නෙමේ මඩයාගේ තාත්තා,පිං වැඩ වලට ටිකක් ලැදියි.ඉතිං එකේ ප්‍රතිපලයක් විදිහටද මන්ද තාත්තා පිංකම් සෙට් එකක් කරන් ආවා ඒවගෙන් එකක් තමා මේ තිබ්බේ,රුවන්වැලිසෑයට කප්රුක් පූජාවක් තියලා ශ්‍රී මහා බෝධියට කිරිපිඬු පූජාවක් තියන එක තමා පිංකම උනේ,ඉතින් දෙයියනේ කියලා අපේ සෙට් එකත් සෙට් කරගෙනමාත් ගමනයන් ලැස්ති උනා,ගමනට ධබා,නුවන්(නෝටි),චතුර,මාධව,තිවා,කට්ටියටම අඩ ගහගෙන සෙට් උනා.අපේ ගමින් බස් 3කුත් ඇඹිලිපිටිය ටවුන් එකෙන් එක බස් එකකුත් වීරකැටියෙන් එක බස් එකකුත් එක්ක ඔක්කොම බස් 5ක් අපේ බස් 3 උදේ පාන්දරම දෙයියනේ කියලා ගමන පිටත් උනා,අපි ඉතිං සුපුරුදු පරිදි හිටගෙන ගමනේ පිටත් උනා,තාත්තලා ගිය බස් එකේ ඉඩ නැති නිසා අපි වෙන බස් එකකට නැග්ගා.බස් රියදුරු මහත්වරුන්ගේ දැඩි කැපවීම මත පැය 8 ගමන පැය 10කින් එන්න පුළුවන් උනා,ඒ එද්දී පූජාවට පරක්කු වෙලා ඒ උනාට කට්ටියගේ උනන්දුව,කැපවීම නිසා විශ්‍රාම ශාලාවට ඇවිත් කට්ටිය පෙරහරේ යන්න ලෑස්ති උනා.

කප්රුක් පූජාව කියන්නේ චෛත්‍යට චීවරයක් පූජා කරන එක සහ අටපිරිකර පූජා කරන එකයි.විශ්‍රාම ශාලාවේ ඉදන් ටික දුරක් බස් එකේ ඇවිත් එතන ඉදන් අපි පෙරහැරකින් චීවරේ  චෛත්‍ය ලගට අරන් ගියා,චෛත්‍ය වටේටම චීවරේ පළඳන්න ඕනේ එක නිසා චීවරේ දිගයි,ආව ඔක්කොම චීවරෙ අරන් තමන් ගෙනාව අටපිරිකරත් අරන් පෙරහරේ ගියා.කොච්චර ජෝගි නට නටා ගියත් වැඩේට සෙට් උනාම හිතට දැනෙම හැගීම මාර පුදුම එකක් එක මං හිතන්නේ ශ්‍රද්ධව වෙන්න ඇති.චෛත්‍ය වටේ චීවරේ අරන් පැදකුණු කරලා පේසාවළලු වලට උඩින් චෛත්‍ය බඳේ චීවරේ පළඳනවා,එකට වෙනම හාමුදුරුවරු කීපනමක් රුවන්වැලිසෑය පන්සලෙන්ම පත් කරලා හිටියා,මඩයා හරි අසාවෙන් හිටියේ චෛත්‍ය උඩට ගිහින් චීවරේ පළඳන්න උදවු කරන්න ඒත් ඒ හීනේ හැබෑකරගන්න උනේ නෑ එතන උඩට යන්න දුන්නේ අපි එක්ක ගිය හමුදුරුදෙනමටයි,තාත්තටයි,තව අනිත් සංවිධායක මණ්ඩලේ 3 දෙනෙක්ටයි විතරයි,මට හුලං :/ චෛත්‍යට චීවරේ පලන්දලා ඉවර වෙලා පූජාව තියලා කට්ටිය විශ්‍රාම ශාලාවට ඇවිත් කාලා ආයේ ගියා රෑ එළිවෙනකන් රුවන්වැලිසෑය ලග පිරිත් කියන්න,අනේ කියන්න කිසි වරදක් නෑ ආව සෙනග ඔක්කොම 300කින් 280ක් විතර ගියා පිරිත් කියන්න.මඩය දැඩි සෙම්ප්‍රතිශ්‍යා තත්වයෙන් පෙළුන නිසා තාත්තගේ නිත්‍යානුකුල අවසර ලැබුනා නවතින්න,අපි සෙට් 1 උන් 7 දෙනයි උදේට කිරිපිඬු දානේ උයන අයයි ඇරෙන්න අනිත් ඔක්කොම වගේ පිරිත් කියන්න ගියා.අපි සෙට් එක විශ්‍රාම ශාලාවෙන් පැනලා ඇවිත් බස් එක නිදා ගත්තා,කට්ටියට පුදුම ආසාවක් තිබ්බේ බස් එක නිදා ගන්න කොහොම හරි ඒ අසාවත් උන් ඉෂ්ට කරගත්තා.


දෙවෙනි දවසේ තිබ්බේ කිරිපිඬු දානේ.අපි නැගිටිද්දී දානේ නම් උයල තිබ්බ ඒත් දන්නා විදිහට කියන්නම් එක හදන විදිහ.එක කිරිබත් වගේ හදන්නේ ඒ උනාට උඩට උඩුවියන් බැඳලා තමා උයන්නේ.උයන්න ගන්නේ සඳුන් දර.කිරිබත් හදන්න කලින් බත් ලිපේ තියෙන්නේ තැඹිලි පොල් වතුර වලින්.ඊට පස්සේ මුකවාඩම් බැඳලා පොල්ගාලා කිරි ගන්නවා.ඊට පස්සේ කිරිබත හදාගන්නවා,එකට ගස් කජු,වියලි මිදී,රට ඉඳි,මීපැණි,එළගිතෙල් වගේ ජාති ටිකක් දානවා,මට මතක ඔච්චරයි.කිරි ආහාර ලෑස්ති කරලා අපි විශ්‍රාම ශාලාව ලග ඉදන් ශ්‍රී මහා බෝධිය ලගට පෙරහරෙන් කිරි ආහාර සහ අටපිරිකර අරන් ගියා.ගොඩක් කට්ටිය හිටිය නිසා පෙරහැර ලස්සනට තිබ්බා,මං හිතන්නේ ඒක කිලෝමීටරයක් විතර දිගට තිබ්බා.මායි,ධබයි,නුවනයයි,තිවයි,අපේ පොඩි එකයි පෙරහරේ ඉස්සරහටම වෙන්න ගියා ;) .ශ්‍රී මහ බෝධිය ලග පූජාව ඉවර කරලා අපි ගෙදර එන්න පිටත් උනා.


එද්දිත් ඉතිං සුපුරුදු ලෙස ෆුට් බෝඩ් එකට වදදෙමින් සිටගෙන ආවෙමු,තිවා සහ අපේ පොඩි එකාට රථ ගාය ඇති බැවින් උන් ඩ්‍රයිවර් මහතාගේ තනි රැකිම පිණිස ඉදිරිපස ෆුට්බෝඩයට යන ලදී.අපේ බස් එකේ හිටියා අපිට දුරින් සීයා වෙන කෙනෙක් එකාට සීයා කියන්න බෑ,වයසින් බාලයි,ඉන්න ළමයි දෙන්න කෙල්ලෝ දෙන්නෙක් උනුත් මට වඩා බාලයි,උන් දෙන්න මං හිතන්නේ මට නැන්දද කොහෙද වෙන්නේ ;);/ මේ මනුස්සයා ගෙනත් තිබ්බා ධර්ම කාරණා තිබ්බ කොලයක් කට්ටියට බෙදන්න.මේකට ඕක මතක් වෙලා තියෙන්නේ ගෙදර යන්න පටන් ගත්තට පස්සේ,ඔක්කොටම ඇතිවෙන්න ගෙනත් තිබ්බා.මේකා කොළ ටිකක් මට දීල කියපි පුතේ මේ ටික බස් එකට බෙදලා දෙන්නකෝ කියලා,කමක් නෑ ධර්ම දානයක් නේ කියලා මාත්  බෙදන්න ගත්තා.මං කොළ ටික බෙදන් එද්දී අපේ අවලං මිතුරු ජනතාව පිටිපස්සේ ඉදන් උන්ගේ අවලං කතා ටික කියන්න ගත්තා උන්ගේ හැටි දන්නා නිසා මං ගණන් ගන්නේ නැතුව කොළ බෙදාගෙන ආවා ඒ එද්දී  එක ආච්චි කෙනෙක් කට කපලා දොයි,අනේ පවු නේ කියලා මං ඒ මනුස්සයව ඇහැරවලා කොලයක් දුන්න ඒ මනුස්සයත් හීනෙන් බයවෙලා වගේ කොලේ ගත්තා,ඒ අරගෙන ටික වෙලාවෙකින් පිටි පස්සට මෙහෙම කතාවක් ආරංචි වෙනවා.
"මං හිතුවේ අර බස් වල කොළ බෙදලා සල්ලි එකතු කරන ළමයෙක් කියලා එකයි කොලේ ගත්තේ නැත්තේ "

යකෝ මේක අහගන්නද මං උඩ දාගෙන ගිහින් කොළ ටික බෙදුවේ,අපරාදේ ඒ අවලං ආච්චිව ඇහැරවලා කොලේ දුන්නේ,අපේ උන්ගේ කුප්ප කතා ටික හොදයි මේ උන නව නින්ගිරාවට වඩා.

උඩ බලන් ඉන්නේ නුවන් නොවන බව කරුණාවෙන් සලකන්න ;)
මේ කුජීත වැඩත් එක්ක අපි ජෝගි දාගෙන බස් එකේ එනවා.අපිට සිට් එකක් දෙන්නවත් හිටියේ එක්කෙනයි දෙන්නයි,අනිත් උන් ගුරුවරු වගේ අය නිසා වෙන්න ඇති අපිට් සිට් එක නොදුන්නේ,බැරි වෙලා හරි තාත්තා බස් එකේ හිටිය නම් අපිට සිට් දෙන්න ඕනේ තරම් කට්ටිය ඉදිවී.අපි කට්ටිය මාරුවෙන් මාරුවට වගේ ෆුට් බෝඩ් එකේ ආවේ මොකෝ ධබා,චතුර අලි සයිස් නේ ;)
බස් එකේ හිටියා කෙල්ලෝ සෙට් එකක් ඔය සෙට් එක අපේ නුවනයා අදුරනවා.උන් මඩයව දන්නවා උනාට මඩයා උන්ව දන්නෙ නැති නිසා වැඩි බජනෙට ගියේ නෑ.අපේ නුවනයට ඒ එක කෙල්ලෙක් මරු ලයින් එකක් දීල තිබ්බා.
"අයියා hospitl හන්දියෙන් බහිනවද?"
"ඔව් නංගි මාත් බහිනවා"
"අයියා කොහොමද උදේ ආවේ?"
"මං ඊයේ රෑ මඩයාලගේ ගෙදර හිටියේ නංගි"
"ඔයාල කොහොමද නංගි උදේ ආවේ?"
"අපි ත්‍රිවිල් එකක ආවේ අයියා,මොකද කාර් එකේ ආව නම් නවත්තන්න තැනක් නෑ නේ කියලා"



ප.ලි:-ඕක මට නුවනයා කිව්වහම මතක් උනේ අපේ මධවයා ඔය බොරු පොශ් කාරයන්ව බයිට් කරන්න කියන කතාවක්
"මචං මගේ කාර් එකේ Key එක lost වෙලා
මක්ක කොරන්නද කියලා මට හිතා ගන්න බෑ"

Monday, July 9, 2012

නංගිගේ ලොකු උපන්දිනේ......!


අපේ ගෙදරට ඉස්සරහා ගෙදර ඉන්නවා පොඩි එකෙක්,මං හිතන්නේ දැන් 6 වසරේද කොහෙද,ඌ පොඩි කාලේදී මං වඩාගෙන ඉදලත් තියෙනවා,ඌ පොඩි කාලේදී නම් හරි හුරතල් එකා දැන් නම් උගෙන් ගන්න දෙයක් නෑ මළ ඇට්ටරයා,උගේ කට හරි සද්දයි මළ කන්කරච්චලයක් තියෙන්නේ කතා කරන්න ගත්තාම,ඌ කොච්චර හොදද කියලා අපේ ගෙදර එන මගේ යාලුවෝ සෙට් එක හොදට  හොදට දන්නවා,කොහොම හරි මඩයා ගෙදර එන්නේ කලාතුරකින් නිසා පොඩි එකාගෙන් කරදරයක් නෑ,මං කොළඹ ඉදන් ගෙදර යන දවසටත් අරුගේ ගේ ඉස්සරහින් පැනලා දුවනවා ඌට නොපෙනෙන්න ;) මොකෝ ඒකා අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න ගියාම උණ්ඩුක පුච්චේට වෙනකන් හිරිවැටෙනවා.ඒ පොඩි එකාට එකපාරක් එපා කිව්වට අහන්නේ නෑ,පුදුම වදයක් තියෙන්නේ.මං වැඩිපුර  ගෙදර වැඩිය නැති නිසා අපේ පොඩි එකා එක්ක මේකා හරි යාලුයි,ඒත් අපේ පොඩි එකත් මුට කැමති නෑ මුගේ කන්කරච්චලේ නිසාම.


කොහොමද අපේ වන්ඩියට පුදුම ඉල්ලුමක් තියෙන්නේ ;)



අපේ ගෙදර තියෙනවා පොඩි ත්‍රිවිල් කට්ටක්,ඒක අපේ පොඩි එකාගේ ගෑනි වගේ,පුදුම ආදරයක් තියෙන්නේ එකට,තාත්ත සල්ලි වියදම් කරනවා ඌ එකට එක එක එව්වා හයි කරනවා ඒක හැඩ කරනවා,එකේ ඩ්‍රයිවරයත් ඌ තමා,තාත්ත ඉතිං කොහේ ගියත් ඌත් එක්ක ත්‍රිවිල් එකේ තමා යන්නේ,කොහොම හරි එකා සල්ලි සල්ලි එකතු කරලා තත්තගෙනුත් ඉල්ලගෙන එකට හයි කළා හොද හයි ෆයි සවුන්ඩ් සිස්ටම් එකක්,ආව් අප්පා එක හයි කලට පස්සේ ත්‍රිවිල් එකට පුදුම සිරියාවක් ආවේ ;) අපේ එකා ඕකත් අරන් පාරේ යද්දී එක ඇවිදින රෙකෝඩ් බාර් එකක් වගේ,තාත්ත එක්ක යද්දී විතරයි එකේ සද්දේ ටිකක් හරි අඩු,ඔව්ව මෙව්වා නිසාම තම ඉස්සරහ ගෙදර පොඩි එකා අපේ මල්ලි එක්ක තව ෆිට්.




දවසක් මූ අපේ ගෙදර ආව දවසක මල්ලිට කියනවලු

  "_ _ _ අයියේ අපේ නංගිගේ ලොකු උපන්දිනේට අයියගේ ත්‍රිවිල් එක අරන් ගිහින් සින්දු දාමු අපේ ගෙදර"
"මඩයා අයියට(පොඩි එකා මට මඩයා නමැති ගෞරව නාමයක් තියනවා කියලා දන්නෙ නෑ)කියලා හොද සින්දු ටිකකුත් පෙන් එකට දාගමු"
අපේ පොඩි එකා අහනවා අරුගෙන්
"මොකද්ද මල්ලි නංගිගේ ලොකු උපන්දිනේ කියන්නේ කියල?"
"ඇයි අනේ අර හැමෝම ඇවිත් දාහේ පන්සියේ කොළ දීලා යන්නේ
  අර සුදු අක්කාගේත් තිබ්බේ ඒ වගේ එකක්"
"සල්ලි අරන් හැමෝටම වදින්නේ ඔයාට මතක නැද්ද?"

පස්සෙ අපේ පොඩි එකාට මීටර් වෙලා මු කියන්නේ කොටහළු මගුල ගැන කියලා

Saturday, June 30, 2012

"තෝ හිතුවද පොලිසියේ ඉන්නේ පො*නයෝ කියලා?"

                                   මුලින්ම සමාවෙන්ඩ ඕනේ...!!!!විභාහගේ ඉවර නිසා මඩයා ගෙදර ගිය නිසයි දෙවෙනි පොස්ට් 1 දාන්න පරක්කු උනේ.අම්මලාව බලලා එන්නත් එපැයි අනික මේ වගේ ලොකු නිවාඩුවක් එන්නෙත් කලාතුරකින් නේ.කලින් පොස්ට් 1 කිව්වනේ මදුනාගල වඳුරු ප්‍රහාරය ගැන.අද කියන්න යන්නෙ ඒ කතාවේ ඉතුරු ටික.කලින් කතාව කියෙව්වේ නැත්නම් මෙතනින් කියවන්න.
                               අපි එදා මදුනගලින් එන්න පිටත් උනා ඒ ආවෙත් හිතේ අමාරුවෙන්.මොකද උන් අපේ වාහනේට අලාභ හානි කලා නේ.එතනින් එද්දී හිතන් ආවේ හතුරෙටවත් පොසොන් වලට ඇරෙන්න මදුනාගල යන්න දෙන්නේ නෑ කියල.අපි එතනින් පිටත් වෙද්දී 12 පහුවෙලා.ඒ ආපු පාරේ යන්නත් අමාරුයි මොකද සුදු බොරළු පාරට අව්ව වැටුනම පාර දිහා බලන් ත්‍රිවිල් ඒක අරන් යන්නත් අමාරුයි අනික අව්වේ ගිහින් ඇවිත් කට්ටියට පට්ට අමාරුයි.
                               තිබ්බ අමරුවත් එක්ක කට්ටියට ඕනේ උනේ ඉක්මනට ගෙදර ගිහින් කාලා හවස් වෙලා වැවට බහින්න.ඉතින් ඒක නිසාම මයිලා දිගටම ත්‍රීවීල් ඒක අරගෙන ආවා.අමාරුවෙන් අපි ඇඹිලිපිටිය-හම්බන්තොට ප්‍රධාන පාරට ආවා.ධබා,අමිල,අපේ පොඩි ඒකා මේ තුන්දෙනාම නිදාගෙන හිටියේ අව්වේ ගිහින් ඔලු රත්වෙලා තිබ්බ නිසාද මන්ද කට්ටිය නිදි.මං නිදාගත්තේ නෑ මොකද මයිලා තනියෙන් නේ එතකොට කියලා.ඉක්මනට යන්න ඕනේ නිසා මයිලත් ඇරලා තියල ආව.
                              අපි ඔහොම යද්දී අනිත් පැත්තට ගිය ලොරියක් හෙඩ් ලයිට් ගහගෙන ගියා.අව්වේ ගිහින් මොලේ කරවෙලා තිබ්බ නිසාද මන්ද මට මීටර් උනේ නෑ මේ මොකටද කියලා.ඕක කල්පනා කර කර වැඩි දුරක් යන්න උනේ නෑ මට ඇහෙනවා විසිල් පාරක් ඒ එක්කම ඇහෙනවා *කනවා දාලා මචං පොලිසියෙන් කියලා.දැන් ඉතින් කාපන්කෝ කොරන්න දෙයක් නෑ ඉතින් අපි අයිනකට කරලා නැවැත්තුවා.ධබා උගේ ලයිසනුත් අරගෙන පොලිස් කාරයා ලගට යන්න ගියා ඌ ත්‍රීවීල් ඒක අරන් ආව වගේ.ඒකා පාර පනින්න හදද්දී පොලිස් මාමා (:P) මොකද්ද කිව්වා,අරූ හිතුවේ ත්‍රීවීල් එකේ ලයිසන් ඉන්ෂුවරන්ස් අරන් එන්න කිව්වා කියලා.ඉතින් ඒවත් අරගෙන අයේ මාත් උ එක්ක පොලිස් මාමලා ලගට ගියා,ලගට එනකන් ඉදල ඒකා කියනවා ගිහින් වාහනේ එළවන් ආපු ඒකා එක්කන් වරෙන් කියලා.අපි උන්ව රවට්ටන්න හැදුවට වැඩක් නෑ කට්ට කෛරාටික පොලිස් කාරයා  අපිට වඩා අන්ඩයි ඌ රැවටිලා නෑ අපියි රැවටිලා තියෙන්නෙ.
                           දැන් ඉතින් වෙන කරන්න දෙයක් නෑ මයිලා වාහනේ අරන් ආව කියල උන් දැකල තිබ්බ නිසා ඌ වත් එක්ක ගියා පොලිස් කාරයා ලගට.මයිලා උගේ ලගට ආවා විතරයි ඌ මයිලගෙන් අහනවා "තෝ හිතුවද පොලිසියේ ඉන්නේ පො*නයෝ කියලා?" කට්ටියටම ඔව් කියල කියන්න හිතුනත් කවුරුත් ඒක කිව්වේ නෑ එකට ඔව් කිව්වා නම් හොද මාමයිට් බාල්දියක්ම අපි ගාගන්නවා.මයිලා දැන් හොදටම අවුලෙන් ඉන්නේ.ඌ කියනවා 
"නෑ සර් එහෙම හිතුවේ නෑ "
"එහෙනම් ඇයි තමුසේ මුලින්ම ආවේ නැත්තේ?
"තමුසෙට ලයිසන් තියෙනවද?"
"ඔව් සර්"
"එහෙනම් දෙනවා මෙහෙට"
"තමුසේ දන්නවද ත්‍රීවීල් එකක යන්න පුළුවන් උපරිම වේගේ?"
"බලනවා තමුසේ ඇවිත් තියෙන්නෙ 70වට"
"සාජන් මොකුත් බලන්න එපා කෙලින්ම නඩු දාන්න"
"මෙතන වැරදි ගොඩයි"
"අනික මුන් වගේ උන්ව නලවලා හරියන්නේ නෑ"
"මුන් හිතන් ඉන්නේ පොලිසියේ ඉන්නේ පො*නයෝ කියලා"

                   ඔහොම කියලා එතන හිටිය ලොකු පොලිස්කාරය අපිට දෝෂාරෝපණය කරලා නොසැලකිලිමත් ලෙස රිය පැදවීම් සහ නීත්‍යනුකුල රියදුරු බලපත්‍රයක් නැතිව රිය පැදවීම යන කාරණා යටතේ අපිට නඩු දාල උසාවි දවසට උසාවි එන්න කිව්වා.අපි කොච්චර කථා කලත් වැඩක් නෑ උන්ගෙ හිත වෙනස් උනෙම නෑ.අපිට ඌ කියනවා තමුසෙලා බොරු නොකර ආව නම් දඩයක් දීලා යවනවා විතරයි දැන් ඉතින් කථා කරලා වැඩක් නෑ ගෙදර ගිහින් උසාවි දවසට එන්න කියලා.අපි සෙට් එකම ඉදන් කියනවා 

"සර් මේ පලවෙනි වතාව නිසා සලකලා බලන්න"
"මු දුර ඉදන් ආවේ ඔය කියන දවසට උසාවි එන්න බෑ"
"ලයිසන් අරගෙන වැඩි දවසක් නෑ"
"දඩයක් දීල අපිව යවන්න"
             
                අපි මොන මොන බයිලා කිව්වත් වැඩක් උනේ නෑ ඒ කාලකන්නි පොලිස් මාමා තීරණේ වෙනස් කලේම නෑ.එතකොට නම් අර පාහර වඳුරෝ ටික මූට වඩා හොදයි කියලා හිතුනා.ඔය ටික අපි කතා කරන අතරේ එතන හිටිය අනිත් ඒකා අපේ පොඩි එකත එක්ක ත්‍රීවීල් එක ලගට ගිහින් එක ඇතුල බලල පොඩි එකාගෙන් විස්තර එහෙම අහලා කට්ටිය බීලද ආවේ එහෙම කියල අහලා.මොකුත් ඇතුලේ හොයාගන්න හම්බ උනේ නැති නිසා අපි හැම එකාගෙම ලගට ඇවිත් සාක්කු බැලුව.සාක්කු වල මොනවා හරි තියේද කියලා හොයා ගන්න.මොකුත්ම නෑ නේ අන්තිමට ඌ මගෙන් අහනවා මොකද ඇස් රතු වෙලා කියලා.මං කිව්වා අව්වේ ගියාම කොහොමත් මගේ ඇස් එහෙම තමා කියලා.(ඌ හිතුවේ මගේ ඇස රතු වෙලා තිබ්බ නිසා අපි සෙට් එක බීල වෙන්න ඇති කියලා,සාක්කු බැලුවේ ගංජා වත් ගහලද මුන් නැත්නම් ලග ගංජා තියේද බලන්න එහෙම තිබ්බා  නම් උන්ට තව වැරැද්දක්  අහුවෙනවා නේ )

              හහ් එව්වා කෙහෙද අපිත් එක්ක,උන් කොච්චර දැගලුවත් අපි බීල ඉන්නවා නම් අල්ලන්න බෑ මොකද අපි ඇල් වතුර නිවල  බිව්වට ඇල්කොහොල් බොන්නේ නෑ නොවැ.කොහොම හරි මේ කාලකන්නි එක්ක කොච්චර කතා කලත් තේරුමක් නැති බව තේරුන නිසා අපි ගෙදර ගියා.ගෙදර ගිහින් තාත්තට වෙච්ච අතවර ඔක්කොම කිව්වා.අම්මෝ ඇති යන්තම් තාත්ත බං ඒ වෙලේ අපේ පැත්තට හිටියා පොඩ්ඩක් වත් බැන්නේ නෑ,ඇහුවේ පොලිසියෙන් නවත්තන්න ඇත්තේ ඇත්තටම මොකක් හරි වැරැද්දක් නිසා වෙන්න ඇති නේ කියලා.කමක් නෑ දැන් උන දේ උනා මං මොනවා හරි කරන්නම.ඔයගොල්ලෝ දැන් දවල්ට කන්න කියලා,ඒත් තාත්ත මොනවා කිව්වත් අපිට ඒ වෙද්දීත් අවුල් කට්ටිය වැටුන වැටුන විදිහට ඇදෙ තැන් තැන් වල හිටියාවැවේ යනගමනත් අතහැරිය මොකද දවසෙම සිද්ද උන දේවල් හොද නැති නිසා.
                අපේ තාත්ත මොනවා කිව්වත් මයිලා බයේ හිටියේ උන්ගේ තාත්ත මොනවා කියයිද කියල.ඌ තාත්ත ත්‍රීවීල් එකටත් ලයිසන් ගන්න කියද්දී පණ්ඩිත කමට අරගෙන නෑ එක නිසා තවත් අවුල්.කොහොම හරි මයිල උන්ගේ තාත්තට කථා කරලා විස්තර කිව්වා අපේ තාත්තත් උන්ගේ තාත්ත එක්ක කතාකලට පස්සේ එහෙනුත් යන්තම් හොද වාතාවරණයක්‌ ඇති උනා.තාත්ත කොහෝම හරි උසාවි නොගිහින් මයිලගේ ලයිසන් එක අරන් දුන්නා.කොහොම හරි තාත්ත ඒ පොලිස් කාරය හම්බ වෙන්න ගියාම ඌ තාත්තට කියල තියෙනවා වැරැද්ද තමන් කලා කියල අපි තුන්දෙනෙක් ඉදිරිපත් උනා කියලා ඒත් අපිනේ දන්නේ මොකද උනේ කියලා :P ඒ සිද්දිය අපිට කවදාවත් අමතක වෙන්නේ නෑ මොකද එදා තමා හැමෝම මුලින්ම වැරැද්දකට පොලිසියට අහු උනේ.සිද්දිය වෙලේ මයිලා හොදට බය වෙලා හිටියේ ;).තාමත් ටවුන් එකේදී අර පොලිස් කාරයා දැක්කම අපේ පොඩි ඒකාපෙන්නනවා "අන්න අයියේ මංගල පොලිස් ඉන්නවා කියලා."
           

Thursday, June 14, 2012

මදුනාගල පාහර වදුරන්ගේ ප්‍රහාරයකට ලක් වූවෙමු...........

                            ජීවිතේ සුන්දරම කාලේ උසස් පෙළ කාලේ.මට නම් එහෙමයි.මං හිතන්නේ හැමෝටම එහෙම වෙන්න ඕනේ.අමතක කරන්න බැරි සුන්දර සිද්ධි ගොඩාක් ජීවිතේට එකතු වුනෙත් ලගින්ම ඉන්න යාලුවෝ සෙට් 1ක් සෙට් වුනෙත් ඉස්සර ඉදන් හිටිය යාලුවෝ ගොඩාක් හිතවත් උනෙත් හොදම යාලුවෝ උනෙත්  මේ කාලේදී. A/L ජීවිතේ අන්තිම දවස වෙද්දී හිතට හරි අමාරුයි මොකද ආයේ මෙහෙම කාලයක් එන්නේ නැති නිසා.කොහොම හරි අපේ සෙට් 1 පොඩි උන්ට ඉරිසියා කර කර අවුරුදු 3 1/2 උසස් පෙල ජීවිතේ ඉවර කරද්දී කට්ටිය පොඩි සංචාරයක් සෙට් කරගත්තා හිතේ අමාරුවටත් එක්ක.
                             
   ඉතින්  අපි දවස් 3ක මහා සංචාරය සෙට් කරගෙන කට්ටිය යන්න සෙට් උනා.අපෙ සෙට් 1 වුනේ මමයි,ධබයි,මයිලයි.broයි .අපි  මරදානේ ඉදන් මාතරට කෝච්චියේ ගියේ  පලවෙනි දවසේ මාතර ඇවිදලා  ධබාලගේ ගෙදර ඉදලා දෙවෙනි දවසේ ගියා ඌරුබොක්කේ එදා ඒ පැත්තේ රවුම් ගහලා ආතල් 1ක් අරන් විනුෂ්කලාගේ ගෙදර නැවතුනා.මඩයගේ ගෙදර ඇඹිලිපිටියේ නේ ඉතිං අපි තුන්වෙනි දවසේ ඇඹිලිපිටියේ ගියේ.අපි කට්ටියම උඩවලවේ ගිහින් තියෙනවා ඉතින් එහෙ ආයේ ගිහින් තේරුමක් නැති නිසා කතා උනා උණු වතුර ලිං බලලා මදුනාගල ගිහින් එන්න.
                                ඉතිං කොහොම හරි තාත්තාගෙන් ත්‍රිවිල් කට්ටේ ගමන යන්න අවසරත් ගත්තා.පොඩි එකා මං ඇවිදින්න යද්දී එනවා නේ නැට්ට වගේ උගෙන් කරදයක් නැති නිසා ඌවත් අපේ ගමනට සෙට් කරගත්තා.අපිට ඉතිං වැඩිය වත නෑ නේ.ගෙදර හරියටම වාහන කියල තියෙන්නේ ඕකයි පොඩි එකාගේ බයිසිකලෙයි විතරයි නොවැ.ගමන යනවා කිව්වට පස්සේ මගදී කන්න කියලා අම්මා කෑම පාර්සලෙකුයි තේ බෝතලෙකුයි දුන්නා.ගෙදරින් පිටවෙද්දීම තාත්ත කිව්වා හිමිහිට ගිහින් එන්න හදිස්සියක් නෑ රේස් යන්න එපා කියලත්.ත්‍රිවිල් එකේ යන්න සෙට් උනාට ඒක එලවන්න එකෙකුත් ඉන්න එපයි.ගිය උන්ගෙන් වාහන පැදවීමට නීතියෙන් අවසර තිබ්බේ ධබාටයි මයිලාටයි විතරයි.ගොන් මයිලාට  ත්‍රිවිල් පදින්න නීතියෙන් අවසර අවසර අරගෙන නෑ.ඒත් ඌට තමා ත්‍රිවිල් 1 හොදට ගෙනියන්න පුළුවන්.කමක් නෑ කියලා ධබා ත්‍රිවිල් 1 අරගෙන ගියා.අපි ගියාට මදුනාගල යන්න පාරවත් හරියට දන්නේ නෑ.මුලින්ම උණුවතුර ලිං බලලා මදුනාගල යන්න පිටත් උනා.
                               මගතොටේ මිනිස්සුන්ගෙන් පාර අහගෙන අපි මදුනාගල යන්න පිටත් උනා,මෙතන ඉදන් අපේ ඩ්‍රයිවර් උනේ මයිලා.ඒකා ත්‍රිවිල් පාක් එකක හිටපු එකෙක් වගේ නියමෙට වාහනේ ගෙනියනවා.යන්න තිබ්බ කැලයක් මැද්දෙන් එකෙක් වත් පාර දන්නේ නැති නිසා ඒක එකාගෙන් අහගෙන කොයි වෙලේ අලියෙක් පාර මැද්දට එයිදෝ කියලා බයෙන් බයේ ගියේ.පාර සුදු බොරළු පාරක් ඒකට ඉර එලිය වැටුනම ඉස්සරහ බලන් යන්න තව අමාරුයි කොහොම හරි අපි හිමින් හිමින් පාරත් හොයාගෙන මදුනාගලට ආවා.ඇවිත් බැහැල බැලුව හරි තැනටදෝ ආවේ කියලා.මොකද වටපිටේ කිසි සද්දයක් නෑ.බස් එකක් තිබ්බා යන්න ලෑස්ති වෙලා.ගියාට පස්සේ තමා දැන ගත්තේ මදුනාගල සෙනග ඉන්නේ පොසොන් වලට කියලා.
                              සෙනග හිටියේ නැති උනාට ඒ අඩුව පුරවන්න වදුරු රංචු ඕනේ තරං හිටියා.අපි ත්‍රිවිල් එක නවත්තලා උඩ තියෙන පන්සලට ඇවිදින්න ගියා.අපි ටික දුරක් යද්දී අපේ පස්සෙන් පොඩි එකෙක් හැටට හැටේ පන්නවා.ඒත් බැලුව මු මොකද අපේ පස්සේ පන්නනේ කියලා ඕනේ දෙයක් කියල එකා ලගට එනකන් හිටියා.ඌ ඇවිත් හති ඇර ඇර කියනවා "අයියලා නේද ඇර ත්‍රිවිල් එකේ ආවේ අන්න එකට වදුරෝ පැනලා "කියලා.කවුද යකෝ අපිට සද්ද දාන වදුරා හොයන්න කියල අපිත් දුවගෙන ආව පහලට.ඇවිත් බලද්දී වදුරු සේනාවක් ත්‍රිවිල් එක වට කරන් ඉන්නවා හමුදාවෙන් කොටි බංකරයක් වැටලුව වගේ.මුන් අපි ගෙනාව කෑම ඔක්කොම හොරකන් කරලා අපිට නියව නියව ගස් උඩට පැනගත්ත.කමක් නෑ අම්ම දුන්න තේ බෝතලේ උන්ට උස්සගන්න බැරි උනා නේ කියල එක උන්ට ගන්න බැරි වෙන්න එන්ජිම ලගින් හංගල(කොහොමද හංගන්න අපි හොයාගත්ත තැන ;))ආයේ ඇවිදින්න ගියා ගෙදර ගිහින් බත්ම කනවා කියල හිතාගෙන.
 
මෙන්න මේ විදිහට තමා උන් පැනලා ගියේ

අපි පන්සලට ගිහින් මල් පූජා කරලා බලන්න තියෙන ඒවා බලලා හිමිහිට පහලට එන්න ගත්ත.මොකද කට්ටිය සෙට් වෙලා හිටියේ හවස චන්ද්‍රිකා වැවට ගිහින් නාන්න.අනික මදුනාගල හරි රස්නයක් තිබ්බේ කට්ටියටම ඕනේ වෙලා තිබ්බේ ඉක්මනට ගෙදර යන්න.අපි කට්ටිය බැහැල එද්දී අර තිබ්බ බස් එක ගිහින් පන්සලටම හිටියේ අපි විතරයි.ත්‍රිවිල් එක ලගට එද්දී මං දැකපු දර්ශනෙට මාව සලිත වෙලා ගියා.යකෝ එක පාරක් කෑම ටික අරන් පැන්නා කමක් නෑ තිරිසන් සත්තුනේ කියලා හිත හදාගත්ත.යකෝ මුන්ට එක පාරක් අනුකම්පා කරලා ගියාම මුන් එනවා නේ අපිටම අරින්න.අපි කලින් ඇවිත් ආයේ උඩට ගිය අතරේ අර වදුරු රංචුව ඇවිත් ත්‍රිවිල් එකේ උඩ රෙද්ද ඉරලා විනාස කරලා දාල.මුන්ට අපේ ලග තිබ්බ ඔක්කොම කෑම ටික දීලත් මුන් අපිටම කෙලියනේ :( .සමහර විට වදුරෝ ටික හිතන්න ඇති අපි තේ බෝතලේ හංගල ගියේ උන්ට කෝචෝක් එකට කියල.
                               කොහොම හරි පාහර @#@%#$!*&^@%^@*@%$$^&*(#^$@ වදුරෝ ටික අපිට වැඩේ දීල ඉවරයි.කට්ටියටම දැන් හරි අවුල්.අවුලක් නෑ මචං අපි ඉක්මනට ගෙදර යන් මෙතන ඉදල වැඩක් නෑ නේ ගිහින් ගන්න තියෙන ආතල් එකක් ගමු.මං තාත්තට සීන් එක කියල ශේප් කර ගන්නම් කියල මං කට්ටියට කිව්වා.දැන් ඉතින් උන දේ උනා නේ කියල කට්ටිය හිත හදන් ඒ මහා රුදුරු කැලේ මැදින් එන්න පිටත් උනා.එන දිගටම වදුරු සංහතියට බැන බැන උන්ගේ අම්මලාව හොදට මතක කර කර  උන්ගේ උපත් පාලනය කරන විදි,වදුරෝ ලංකාවෙන් වඳ කරන විදි,උන්ට වද දෙන විදි කතා කර කර එන්න ආවේ හිතේ අමරුවටමයි.මං අහන්නේ මේ වේ* වදුරන්ට වටිනවද අපිට මෙහෙම කරන්න :(



මේ අපිට පහර දුන් පාහර වදුරන්ගෙන් එකෙක්





ප.ලි;-හතේ හත වැදිලා මදුනගලින් පිට වෙද්දී හිතුවේ කරදර ඉවරයි කියලයි.අපි එද්දී අපිට සිද්ද උන අනිත් අතවරේ ගැන ඊලග පොස්ට් එකෙන් කියන්නම්.

Friday, June 8, 2012

අනේ ඉතින් කෙල්ල මාව අපහරණේ කලා!


                                   අම්මෝ යන්තං විභාහගේ නම් ඉවරයි.දැන් ඉතින් මඩයට වසන්ත සමය උදාවෙලා තියෙන්නේ.අම්මප මේ විභාහගේ පාස් උනේ නැත්නම් මන ආයේ විභහග වලට පාඩම් කරන්නේ නෑ මොකද A/L වල වගේ පිස්සු කෙලින්නේ නැතුව හිතට අරන් පාඩම් කරලා ලිව්වේ.අනික අපේ සෙට් 1ම හැම අවුරුද්දෙම පොසොන් පෝයට අසාවෙන් සෙට් වෙන "සිතුල් පව්වේ මහා බත් දන්සලට" යන්න උනෙත් නෑ.මේ සුද්දගේ විභාහගයක් නිසා.අපේ කට්ටියටත් අවුල් මේ පාර  යන්න උනේ නැති එකට.(සෙට් 1ට ගොඩාක් අවුල් උනේ බිසෝ කොටුව(දන්නෝ දනිති )බලන්න බැරි වෙන නිසා.)කමක් නෑ ලබන සැරේ යනවා කියල හිත හදා ගත්තා.මේක ඉවර උන කියල මතක වෙනකොට හිතට පුදුම නිදහසක් දැනෙන්නේ.මං බයිලා කිව්වට exam ඉවර වෙනකන් බ්ලොග් 1ට  එන්නේ නෑ කියල මට එක කියන්න බැරි උනා නේ ;).මං ඇවිත් පොස්ට් 1 ක් හදිස්සියේ දාල ගිය නේ.
                                හුග කාලෙකින් පොස්ට් ක් දැම්මේ නැති නිසා මට හිතුනා පොස්ට් 1ක් දාන්න.පහුගිය දවස් වල email බැලුවේ නෑ නේ ඉතින් inbox 1 email වලින් පිරිලා ගිහින් ඒවගෙන් එකක් තිබ්බ පොස්ට් කරන්න හිතුවේ.මේක කලින් අහපු අයත් ඇති බලපු නැති අයට බලන්නත් එක්ක මං මේක පොස්ට් කරනවා.



දවසක්  දා වැවු බැම්මේ
 සුස්තියක්‌ උරනා විට
දිය මත පාවෙන බුජුවක් 
මා නෙත ගැටුනා

සරම ලිහා ගොඩින් තියා
අමුඩේ ගහන් බැහැල වැවට 
පීනාගෙන බුජුම ලගට 
මං ලගා උනා

පෙනුමෙන් ඇන්ටික් ගතියක්
මලකඩ බැදී කළු පැයත්
අතරින් විහිදුන දිස්නෙට 
මං වසඟ උනා.!!

බුජුමේ  බර වැඩි නිසාම
ලිස්සන  ගතියත් නිසාම
බුජුම ඉනේ ගැටගහගෙන 
ගොඩට පිහිනුවා

දියෙන් ගොඩට ආ හැටියේම 
"බුජුමේ තියෙන්නේ මොනවාද?"
කුතුහලයෙන්  තෙරපුණු මම
එය විවර කළා

මුඩිය ගැලවුන සැනින්ම 
අහස පොලොව ගුගුරාගෙන 
හරි ලස්සන කෙලි පොඩ්ඩක්
එයින් මතු උනා

කෙල්ල  බියුටිෆුල් නිසාම
මම අමුඩේ පිටින් හින්දම
කොහිල ගාලකට පැන මම
සැගවී ගත්තා

"අනේ ආලෝ ගොඩට එන්න
මම  නෑ මොකවත් හිතන්නේ 
යු ආර් මයි  හීරෝ නේ"
කෙල්ල කියනවා

ලැජ්ජාවෙන් රතු පැහැ වී
ජම්බු ගහෙන් බිමට වැටුණු
යෞවන කෙල්ලෙක් විලසින් 
මම ගොඩට ආවා

"යක්ෂයකුගේ මන්තරයෙන්
මම බෝතලේ හිරවුනා නේ
ඔයා මාව බෙරුවනේ"
කෙල්ල කියනවා 

"මා බේරා ගත් නිසාම 
ඔයා හරි කියුට්‌ හින්දම
උම්මා එකක් දෙන්න හිතයි!"
කෙල්ල කියනවා

සම්මජ්ජතියක මාව
කෙල්ලෙක් නම් ඉඹල නෑනේ
එහෙවු එකේ මටත් මේක 
පල්ලමක් වුනා

උම්මා එකට රේඩි වෙන්නට 
දත කට මැද ගත්තා මෙමා
හෙමින් හෙමින් කෙල්ල ලගට 
යාත්‍රා කළා

මාස් මෙලෝ වගේ සිනිදු
රෝස පාට තොල් දෙකකින්
මගේ සියොලග ඉඹිමින් ඈ
මා ඔකඳ කළා!

දෙන දෙයියෝ දෙනකොට නම් 
ටොකු ඇන ඇන දෙනවාලු
නොහිතපු විලසින් උම්මා
තොගයක්  ලැබුනා

ඒ වගේ රට ආතල් නම්
මම කිසි දිනක විඳලා නෑනේ
අනේ ඉතින් කෙල්ල මාව 
අපහරණේ කලා!

හිත සතුටින්,ඇගේ අතින් 
අපහරණය වන අතරේ 
බඩට වැදුන තඩි සොටකින් 
මම අවදි උනා

ඇඩ්ඩින් මාමගේ එළු දෙන
මගේ මුණ ලෙව කනවා
තව එළු රංචුවක් මදෙස
 බලා සිටිනවා

මල්  උරලා වැඩි වීලා
වැවු  බන්ටෙක මත නිදලා
මම ලොකු හීනයක්‌ දැකපු 
බව හැගී ගියා

එදා පටන් අද වන තුරු 
නෑ  මම මල් දුම් ඉරුවේ 
දැන් මම මල් දකින කොටත් 
වමනේ කරනවා


ප.ලි: බුජුම යනු ගුරුලේත්තුවක් බඳු මෙව්වා එකකි