බ්ලොග් එක පුරා හිටිය
කැරපොත්තෝ,හුනෝ,මකුළුවෝ,සල්ලාලයෝ එකී මෙකි නොකී හැම ජාතියේම එවුන්
එලෝලා දාල බ්ලොග් එක ආයේ මගේ අතට ගත්තා.ඒත් ගණිකාවෝ ටික
Sunday, December 9, 2012
Saturday, November 3, 2012
ගිහින් එන්නම්.......!
බ්ලොග් එක හොදටෝම පාලුවට ගිහින් කැරපොත්තෝ,හුනෝ,මකුළුවෝ,ගණිකාවෝ සල්ලාලයෝ එකී මෙකි නොකී හැම ජාතියේම එවුන් මේකේ ඇවිත් පැල් බැදගෙන,උන් හිතලා තියෙන්නේ මේක පාළු මන්දිරයක් කියලා.මොනා කරන්නද තවත් මාසයක් යනකන් එක දිගට මේක එහෙම්මම තමා.
Saturday, October 20, 2012
ඉවසයිද මන්දා මා දුන් රිදුම් ......
ඉවසයිද මන්දා මා දුන් රිදුම්
වෙන්විලා ආදා වෙනතක් බලන්
උන්නාට මා රහසේ තුරුලක හෙමින්
මට ඉන්න බෑ නේ මතකෙට හොරෙන්
Wednesday, October 17, 2012
අවාසනාවට ඇත්ත කතාවක් : "පෙම් ප්‍රර්ථනා "
"ප්‍රියලාල් මං ඔයාට ආදරෙයි.....!"
සසිකලා ඇවිත් මෙහෙම කියද්දී මගෙ මුළු ඇඟම සීතල වෙලා ගියා.සසිකලා කියන්නේ අපේ IT ක්ලාස් එකේ හිටිය ලස්සනම කෙල්ල.පන්තියේ කොල්ලෝ ඔක්කොම ඇහැ දාගෙන හිටියේ.ඕනෑම කොල්ලෙක් කැමති එයා තමන්ගේ කරගන්න.මට කොහොදෝ පිනකට ඒ වාසනාව පෑදුනා.ඔව් පන්තියේ හැමෝම හිතන් ඉන්නේ මට වාසනාව පෑදුනා කියලා.ඒත් එයා ඇවිත් ඒ දිලිසෙන ඇස් දෙකෙන් මගෙ බොර පාට උන ඇස් දිහා බලන් ආදරෙයි කිව්වම මට දැනුනේ එයාගේ ආදරේ නෙමේ.
Saturday, October 13, 2012
Tuesday, October 9, 2012
ඌ අදහන්න වටින කොල්ලෙක්.මං වගේම හිත හොද එකා..!!
Wednesday, October 3, 2012
ක්‍රිකට් කියන්නේ යුද්ධයක් නෙමෙයි බොලව්!!!
මචං ඉන්දියා,
උඹලා
ඊයේ දින්නත් පරාදයි බං
බලපන්
උඹලා පැරදෙද්දී
ලෝකේ කොච්චර
උන් සන්තෝස උනාද?
පකිස්තාන්කාරයෝ එක්ක
අපිත් උඩ පැන්නා
කෝලි....
උඹ ඇඩුවට
අපිට දුක හිතුනේ නෑ
මචං
ක්‍රිකට් වලට
කොච්චර දක්ෂ උනත් වැඩක් නෑ
මහත්මා ගති නැත්නම්
හිතන්න එපා
අනිත් උන් ඔක්කොම
තමුන්ට වඩා පහත් කියලා
කොච්චර දින්නත්
උඹලා පරදින දවසක් එනවා
අන්න එදාට
උඹලාට
ගොඩා......ක් රිදෙයි
ඒකෙ අමාරුව ඊයේ දැනෙන්න ඇති
මිනිස්සුන්ට
ගරු කරන්න ඉගෙන ගනින්
එතකොට
අනිත් උනුත්
උඹලාට ගරු කරාවි
දුකේදී ලග ඉදිවී
උඹලගේ ජයග්‍රහණ වලට
වටිනාකමක් ලැබේවි
ක්‍රිකට් කියන්නේ
යුද්ධයක් නෙමෙයි
බොලව්!!!
Subscribe to:
Posts (Atom)





