Saturday, May 19, 2012

නුඹලාට බොහොම පින්.......!



                                                          

                                                             වීර විභූෂණ විරු ජන සම්මාන ගත්ත උඹල එකෙක් වත් හමුදාවට ගියේ එක රස්සාවක් කියන එක හිතේ තියන් නෙමේ,එහෙම හිතේ තියන ගියානම් උඹලට ඔය වගේ වීර වැඩ කරන්න හිතට හයියක් එන්නේ නෑ,උඹලා  උඹලගේ කිරිකැටියෝ,ආදරණීය ප්‍රිය බිරිඳ,හැදු වැදු අම්මා තාත්තා ඔක්කොම ගැන මොහොතකට අමතක කරලා රට වෙනුවෙන් රට රකින්න ඉදිරිපත් උනේ හදවතේ ගැඹුරුම තැනක වීරත්වය කාවැදිලා තිබ්බ නිසයි,නුඹලාගේ ඒ වීර වැඩ අපිට නුඹලා ගැන අපේ හිතේ ඇතිකරන්නේ පුදුම ආඩම්බරයක්,ගෞරවයක්.වීරයන් මැරිලා උනත් උන්ගේ මේ වීර වැඩ නොවන්නට අපි තාමත් බයේ හිතේ චකිතයෙන් ජීවත් වෙන ජනතාවක්.අපි ජෝගි නටලා ආතල් එකේ ජීවත් වෙන්නේ රටක තිස් වසරක ශාපයෙන් බේරගත්ත යුද වීරයන්ට පින්සිද්ද වෙන්න.වීර පුරන් අප්පුලා,මද්දුම බණ්ඩාර,වීර පරම්පරා වලින් පැවතෙන  නුඹලා නම් වලින් කවුරුත් නොදන්නවා උනාට හෙට ඉපදෙන්න ඉන්න දරු පැටියාගේ ඉදන් රටේ  හැම මිනිහම ණයගැතියි,ඒ ණය අපි කාටවත් ගෙවලා ඉවර කරන්න පුළුවන් එකක් නොවන බව අපි හැමෝම දන්නවා,චිරාත් කාලයක් උඹලා අපේ රට බේරගත්ත වීරයන්ගේ අතරේ රැදිලා ඉන්නවා,අපේ හිත වලින් නුඹලා ඈත් වෙන්නේ නෑ.අපේ යුද වීරයනි අපිව පාහර කොටියගෙන් බේරගත්ත නුඹලාට පින්........!!!උඹලා වගේ වීරයෝ බිහිකළ අම්මලටත් පින්......!       
යුද ජයග්‍රහණය වෙනුවෙන් යුද වැදුන ජීවිත පූජා කල,ආබාධිත උන යුද වීරයන් ජනතාවගේ හිත්තුල චිරාත් කාලයක් වැජඹේවා.....!!!!




ප.ලි :මේක මුණු පොතට දාන හදිස්සියට ලියපු පොස්ට් එකක් බ්ලොග් 1 ටත් දැම්මොත් හොදයි කියලා හිතුනා.එකයි දැම්මේ.

Wednesday, April 25, 2012

අම්මට සිරි විභාහගේ

                                                     අවුරුදු නිවාඩුවට ගමට ගිය නිසා බ්ලොග් 1 පැත්තට වත් එන්න උනේ නෑ .කාලෙකට පස්සේ තමා අවුරුද්දට මෙච්චර දිග නිවාඩුවක් ගත්තේ.ඒක දවසක් ඇවිත් කොහාගේ පොස්ට් 1 දාල ගියා.ඇත්තටම ඒක මං හිතේ අමරුවටමයි දැම්මේ.ඕක මගේ හිතට ඇවිත් ගොඩක් දවස් ඒත් ඒ ටික වචන කරගත්තේ වෙන දවසක අම්මට බෙහෙත් ගන්න ගිහින් Q 1 ඉද්දි.
                                                  කොහොම හරි අවුරුදු සමරලා දවස් 3ක් trip 1 කුත් ගිහින්ලොකු පින්කමක් කරලා එහෙම ආව.යාපනේට දැන් හොදයි එහෙ මිනිස්සුන්ට සරුයි.කොහොම හරි අපි පින්කමට සෙට් වෙලා පින් කරගෙන හොද fun  ඒක කුත් අරන් අයෙ ගෙදර පැත්තට ආවහම තමා මතක උනේ මේ මාසේ ඉවර බව.ඉතින් එතකොටයි මීටරේට ආවේ යකෝ ජුනි වල විභාගයක්  කියල එකක් තියෙනවා කියලා.ඉතින් ඒක මතක් උන හැටියේ කොළඹ දුවගෙන ආව.
                                                    
                                                      මොකද මේ විභාගේ හොදට පාස් වෙන්න ඕනේ.ගිය සැරේ subject  පාස් උනාට පස්සේ පුදුම සන්තෝසයක් තිබ්බේ මගේ මාපිය දෙපලට.මොකද අවුරුදු ගානකට පස්සේ විභාහගයක් පාස් උනාම නේ.අනික ඉතින් අපි ඕක දෙතුන් පාරක් ලියනවා කියන්නේ නිකං සුද්දා පෝසත් වෙනවා විතර නේ.ඉතින් මං සුද්ද පෝසත් වෙන 1 නවත්තන්නම විභාහගේ පාස් වෙනවා,ඉතින් එකට පාඩම් කරන්න එපයි.ඉතින් ඒක නිසා මං හිතුවා බ්ලොග් ජීවිතෙන් මාසයක් විතර ඈත් වෙලා ඉන්න.මොකද මං දන්නවා මුණු පොතෙන් අයින් වෙලා ඉන්න එක කරන්න අමාරු බව.ඉතින් මං හිතුව බ්ලොග් 1 නොලියා ඉන්න 1 අමාරුවෙන් හරි කරගන්න පුළුවන් වෙයි කියලා. අපි අයෙ මාසෙකින් විතර සෙට් වෙමුසෙට් වෙලා කට්ටියට මඩ ගහමු.ජය වේවා....!
                                            
                                        





ප.ලි: මේක මට කොච්චර කාලයක් කරන්න පුළුවන් වෙයිද දන්නේ නෑ ඒත් විභාහගේ ඉවර වෙනකන් මේ වැඩේ කොරන්න උපරිම ට්‍රයි 1 දෙනවා.;)

Thursday, April 12, 2012

"කොහා උඹ නම් මාරයි"

                                                                         
මාර්තු මාසේ මැද ඉදන්ම කෑගහද්දී ඒත් මං අපේ උන්ට කිව්වේ ඒකා අවුරුද්දට කලින්ම වැඩ පටන් අරන්ගෙනද කොහෙද,මේ කාලේ සල්ලි අමාරු නිසා කලින්ම වැඩ පටන් ගෙන OT පාරක් දානව වෙන්න ඇති කියලා,ඒත් අප්‍රේල් පටන් ගද්දි එකාගේ සද්දේ නැතුව ගියා.ඊට පස්සේ මට හිතුනේ ඒකා අවුරුද්ද අරන් ගමේ යන්න ඇති කියලා.මොකෝ කොළඹ අවුරුද්දට පාලු වෙනවා නේ.කමක් නෑ එකාගේ සද්දේ ගමේදී ඇහේවි නේ කියල හිත හදන හිටියා ගෙදර යනකන්,මොන ගමේ අවා කියල වැඩක් උනේ නෑ කොළඹදී ඇහිච්ච සද්දේ වත් නෑ මෙහෙදී.එකාගේ සද්දේ මට ඇහුන හැබැයි ඒ TV 1 න්.ගෙදරදී හැමදාම කෑගහන කොක්කු ටිකයි,මොනරු ටිකයි,හවස off  වෙලා ගෙදර යන ගිරවු ටිකයි,සුපුරුදු කුරුල්ලෝ ටිකයි ඇරෙන්න වෙන මොකෙක්වත් කෑගහන්නේ නෑ.කොහා උඹ නම් මාරයි උඹ අවුරුද්ද කාලෙට කෑගහන්නෙත් නැත්නම් කොයි කාලේටද  කෑගහන්නේ?සමාජෙට සිරිත් විරිත් අමතක වෙලා යද්දී චාරිත්‍ර අමතක වෙලා යද්දී හිතන හිටියා කාට මොනවා අමතක වුනත් සොබාදහමට අවුරුදු අමතක වෙන්නේ නෑ කියලා.අවුරුදු ලංවෙලා කියන 1 අපේ හිතට ගොඩක් දැනෙන්න පටන් ගන්නේ කොහාගේ සද්දෙට  එරබදු මල් පිපිලා තියෙනවා දකිද්දියි.ඒත් කොහටත් අවුරුදු අමතක වෙලා ගිහින් නම් අපි කාට නම් කියන්නද??

Thursday, April 5, 2012

කැරා කෙනෙක් ඉකි බිඳියි ....!

                                                        මේක මට ආව message එකක්.මගේ යාළුවෙක් ලියලා තියෙන්නේ.අපේ වැද්දා හෙවත් තිස්සමහාරාමේ මල් කුමාරයාගේ අතිවිශිෂ්ට කුජිත නිර්මාණයක් මේක.අනිවා ඌ හඳට ගිය වෙලාවක ගුවනේදී ලිව්ව එකක් වෙන්න ඇති අනිවා.විකාර වගේ ටිකක් ඒත් පට්ටයි කියලා හිතුන නිසයි බ්ලොග් 1 දාන්න හිතුනේ.





 කැරපොත්තෙක් ඉකි බිඳියි.....

මා  සොඳුරියගේ 

රක්ත දෙතොලින් 

වැගිරුණු 

සුගන්දවත් කුණු

කෙළ

උට කලින් මා

දිවෙන් පිස හල නිසා...

Saturday, March 31, 2012

නුඹේ අවංක අකලංක ප්‍රේමය .......!


"අපූරුයි.....
මට මගේ පාඩුවේ ඉන්න දෙන්න 
මට වද නොදී ඉන්න
මේක පුදුම කරුමයක් උනා නේ
කියල කතා බහ හොදටෝම අඩුකරලා
අපි  යාලුවෝ විදිහට ඉමු කියලා
මගේ  ආදරයේ වටිනාකම තුට්ටුවට දාලා 
හීන බිදලා දමලා නුඹ
කෑලි වලට කැඩුව මගේ හිත
අයෙමත් අමාරුවෙන් කෑලි 
එකතු කරගෙන හදා ගද්දි 
නුඹ  කියනවා ...
මගේ ආදරේ අවංක  නෑ කියල"


Wednesday, March 28, 2012

දෙන්නෑ කිසිම නිවනක් අද මම අතට.........!

                                මේක මට ආපු ඊයක් මේක ලිව්වේ කවුද කියන්න දන්නේ නෑ.ඒත් පට්ට නිසයි බ්ලොග් 1 ලියන්න හිතුනේ.
                                 සීන් එකට හේතු වෙලා තියෙන්නේ ටීචර් කෙනෙක්.මෙය ඉස්කෝලෙට අලුතෙන් ආව තරුණ කෙනෙක්.මේ ගුරුවරිය ටිකක් කැපිලා පෙන විදිහට අදින කෙනෙක්ලු.තරුණ අය ඉතින් කොහොමත් විලාසිතා කරනවා නේ.මේ ටීචර් උගන්නලා තියෙන්නේ පහල වයසේ පන්ති වල ළමයින්ට.දවසක් සාමාන්‍ය පෙළ පන්තියක ගුරුවරයෙක් නැතුව මේ ගුරුවරියට ඒ පන්තියේ උගන්වන්න යන්න සිද්ද උනාලු.ඉතින් පන්තියේ ළමයෙක් ලිව්ව කවි සෙට් ක් තමා මේ.කියවලා බලල හිතන්නකෝ පට්ට ද නැද්ද කියලා.



 නැමිලා දෙකට ගත්තා ඈ හුණු කෝට්ටේ
කලිසම ගිහින් වැදුනා මේසේ ගැට්ටේ
මැද දාරයට හිරවී ඇගේ රතු හැට්ටේ 
නටනවා වගෙයි තාලෙට වැල එක නැට්ටේ

මුල්ලට වෙන්න නෙරියේ රැලි ගොඩ ගැහිලා
සත පනහකට වැඩි ලොකු නාභිය ඇරිලා
නොවැදී වැදී යනවිට මා පසු කරලා
නොබලා ඉන්නේ කොහොමද මම ඇස් වහලා

හිරකර ඇගිලි තුඩුවට රට හුණු කෑලි
ඉස්සි පහත්වී ලියනා විට පේලි
මතුවන  දාරයේ ලස්සන හැඩ බේරී 
නොලියා ඉන්නේ කොහොමද මේ කවි කෑලි

රත්පැහැ දෙතොල ඇය මේ හැටි වෙහෙසෙන්නේ
සිහිනෙන්  වගේ ඈ මොනවාද පවසන්නේ
නැහැ කිසි දෙයක් වෙන මගේ මතකෙට එන්නේ
මේ හැටි ඇයිද පපුවට ගින්දර දෙන්නේ

මල් සාරියට නම් ඈ හරි හැඩකාර 
නොබලන දෑස් ඒ දෙස හරි පවුකාර
නොබලා  ඉන්න හැදුවත් ඇස් කීපාර
නවතනු කෙලෙස මේ හිත හිතුවක්කාර

නැමුනා එකවරම ඇය ගුරු මේසයට
වැල ගෙඩියක් වැටුනා වගේ බිමට
පැත්තට පේන දර්ශනයේ අසිරියට
ඉවසන දනන් හට ජය කොඩි වෙන කුමට

දැන් නම් තවත් බෑ තවත් මිස් ඉවසන් ඉන්න
හැකිනම් මාව ඔය ඔරුවට නග්ගන්න
හබල අලුත් හන්ද බැහැ දුර යන්න
කෙටි පාරකට පුළුවන් නම් හරවන්න

පින්කර කියනවා මගේ ඇස් දෙක හොදට
මතකෙට ගනිමි මම මේ පාඩම අදට
නින්දට  කලින් සිහිකර මේගැන තිතට
දෙන්නෑ කිසිම නිවනක් අද මම අතට

සමාවෙලා  මේ දේ කියලා දෙන්න
කවුරුන්ද ඔබව මැව්වේ මට පවසන්න
ඔබ යන..........


ප.ලි:
              ඔතනින් එහාට ලියන්න උනේ නෑ.මොකද උගන්නද්දී  ළමයෙක් පැත්තටවෙලා මොනවාද ලියනවා දැක්ක නිසා ටීචර් ලගට ඇවිත් බලද්දී කවි සෙට් 1 මට්ටු උනා.මේ තරුණ ගුරුවරියට මේක දැකල හොදටම කේන්ති ගියා.ඉතින් මේ ළමයාව විදුහල්පති තුමා ලගට එක්කන් ගියා.හොදම කතාව එතන සිද්ධ වෙන්නේ.කවි ටික කියවලා විදුහල්පති තුමා කියනවා "මේ කොල්ලා මොකෝ ටීචර් ඔයා දකින කොට මට හිතුනෙත් ඔය ටිකම නේ කියලා.

 

Monday, March 26, 2012

අගෙයි නුඹේ ඔය පාඩම් කිරිල්ල.....!!


                             

නැති නිසා සුපුරුදු කියවිල්ල

මගේ සිත නගයි නිරතුරු මැසිවිල්ල

ඇසෙනවා ඇති සැමට ඔබේ ගෙරවිල්ල

ඔබ ඇත නිදිමතට වී මෙල්ල

අනේ මගේ හුරතල් හොර කෙල්ල

 අගෙයි නුඹේ ඔය පාඩම් කිරිල්ල




ප.ලි: එතරම් කවි ලිවීමේ හැකියාවක් නොමැති නිසා චාටර් නම් ගනං ගන්න එපා.