Sunday, December 30, 2012
දැනගෙන ගිය කතරගම....02
මං නැවැත්තුවේ දන්සලේ උදේ වරුව ගැන කියලා නේ.ඊට පස්සේ පෙළගැහිලා තිබ්බේ මහා සාංඝිගත දක්ෂිණාව ස්වාමීන් වහන්සේලාට පූජා කරන එක ඒත් දවල් දානෙත් උදේ කෑමත් අතර වෙලා ගොඩාක් තිබ්බ නිසා කට්ටිය ඔක්කොම සෙට් වෙලා පොඩි ධර්ම සාකච්ඡාවක් පැවැත්තුවා එහෙමයි කියලා කුස්සිවල වැඩ නැවතුනේ නෑ කට්ටියක් දානෙට බරටම වැඩ අනිත් අය පිංකමට සහභාගී උන අයට දවල්ට කන්න දෙන්න වැඩ.ඔය වැඩ වෙන අතරේ තව කට්ටියක් කිරි වෙහෙර දාන ශාලාවේ ස්වාමින් වහන්සේලාට දානේ පිළිගන්වන්න ඕනේ වැඩකටයුතු කළා.කාන්තා පාර්ශවයේ තව සෙට් එකක් දයා ගමගේ ශාලාව පිළියෙළ කළා මෙහෙණින් වහන්සේලාට දානේ පිළිගන්වන්න.
Saturday, December 22, 2012
දැනගෙන ගිය කතරගම..........
දෙයියනේ කියලා යන්තම් දවසක් සෙට් උනා පොස්ට් එකක් දවසක්.මේ පොස්ට් එක ටයිප් කරන්න දවස් කියක් නම් ට්‍රයි කලාද.අද නම් මේක දාල මිස මෙතනින් නොනැගිටිමි.අලුත් ජොබ් එකට ගියා.තැන නම් හොදයි,අලුතෙන් ඉගෙන ගන්න දේවල් ගොඩාක් තියෙනවා.අපි කාලා තියෙන කට්ට එක්ක බලද්දී ඔෆිසියේ කට්ට කියපු ඒවා මහා දේවල් නෙමේ.ඒත් වැඩ නම් ගොඩාක් තියෙනවා.එක නිසා බෝඩිමට එද්දී හවස් වෙනවා.ඇවිත් කාල සැපට දොයියනවා ආයේ උදේ නැගිටලා ඔෆිස් යනවා.ඔහොම තමා ජිවිතේ එකයි පොස්ට් එකක් දාන්න වෙලාවක් නැති උනේ.
Sunday, December 9, 2012
විභහගය නිමවීමේ ප්‍රීතියත් සමග සර්කිට් හන්දියේ මඩයා නිදැල්ලේ.........
බ්ලොග් එක පුරා හිටිය
කැරපොත්තෝ,හුනෝ,මකුළුවෝ,සල්ලාලයෝ එකී මෙකි නොකී හැම ජාතියේම එවුන්
එලෝලා දාල බ්ලොග් එක ආයේ මගේ අතට ගත්තා.ඒත් ගණිකාවෝ ටික
Saturday, November 3, 2012
ගිහින් එන්නම්.......!
බ්ලොග් එක හොදටෝම පාලුවට ගිහින් කැරපොත්තෝ,හුනෝ,මකුළුවෝ,ගණිකාවෝ සල්ලාලයෝ එකී මෙකි නොකී හැම ජාතියේම එවුන් මේකේ ඇවිත් පැල් බැදගෙන,උන් හිතලා තියෙන්නේ මේක පාළු මන්දිරයක් කියලා.මොනා කරන්නද තවත් මාසයක් යනකන් එක දිගට මේක එහෙම්මම තමා.
Saturday, October 20, 2012
ඉවසයිද මන්දා මා දුන් රිදුම් ......
ඉවසයිද මන්දා මා දුන් රිදුම්
වෙන්විලා ආදා වෙනතක් බලන්
උන්නාට මා රහසේ තුරුලක හෙමින්
මට ඉන්න බෑ නේ මතකෙට හොරෙන්
Wednesday, October 17, 2012
අවාසනාවට ඇත්ත කතාවක් : "පෙම් ප්‍රර්ථනා "
"ප්‍රියලාල් මං ඔයාට ආදරෙයි.....!"
සසිකලා ඇවිත් මෙහෙම කියද්දී මගෙ මුළු ඇඟම සීතල වෙලා ගියා.සසිකලා කියන්නේ අපේ IT ක්ලාස් එකේ හිටිය ලස්සනම කෙල්ල.පන්තියේ කොල්ලෝ ඔක්කොම ඇහැ දාගෙන හිටියේ.ඕනෑම කොල්ලෙක් කැමති එයා තමන්ගේ කරගන්න.මට කොහොදෝ පිනකට ඒ වාසනාව පෑදුනා.ඔව් පන්තියේ හැමෝම හිතන් ඉන්නේ මට වාසනාව පෑදුනා කියලා.ඒත් එයා ඇවිත් ඒ දිලිසෙන ඇස් දෙකෙන් මගෙ බොර පාට උන ඇස් දිහා බලන් ආදරෙයි කිව්වම මට දැනුනේ එයාගේ ආදරේ නෙමේ.
Saturday, October 13, 2012
Subscribe to:
Posts (Atom)




