Wednesday, March 28, 2012

දෙන්නෑ කිසිම නිවනක් අද මම අතට.........!

                                මේක මට ආපු ඊයක් මේක ලිව්වේ කවුද කියන්න දන්නේ නෑ.ඒත් පට්ට නිසයි බ්ලොග් 1 ලියන්න හිතුනේ.
                                 සීන් එකට හේතු වෙලා තියෙන්නේ ටීචර් කෙනෙක්.මෙය ඉස්කෝලෙට අලුතෙන් ආව තරුණ කෙනෙක්.මේ ගුරුවරිය ටිකක් කැපිලා පෙන විදිහට අදින කෙනෙක්ලු.තරුණ අය ඉතින් කොහොමත් විලාසිතා කරනවා නේ.මේ ටීචර් උගන්නලා තියෙන්නේ පහල වයසේ පන්ති වල ළමයින්ට.දවසක් සාමාන්‍ය පෙළ පන්තියක ගුරුවරයෙක් නැතුව මේ ගුරුවරියට ඒ පන්තියේ උගන්වන්න යන්න සිද්ද උනාලු.ඉතින් පන්තියේ ළමයෙක් ලිව්ව කවි සෙට් ක් තමා මේ.කියවලා බලල හිතන්නකෝ පට්ට ද නැද්ද කියලා.



 නැමිලා දෙකට ගත්තා ඈ හුණු කෝට්ටේ
කලිසම ගිහින් වැදුනා මේසේ ගැට්ටේ
මැද දාරයට හිරවී ඇගේ රතු හැට්ටේ 
නටනවා වගෙයි තාලෙට වැල එක නැට්ටේ

මුල්ලට වෙන්න නෙරියේ රැලි ගොඩ ගැහිලා
සත පනහකට වැඩි ලොකු නාභිය ඇරිලා
නොවැදී වැදී යනවිට මා පසු කරලා
නොබලා ඉන්නේ කොහොමද මම ඇස් වහලා

හිරකර ඇගිලි තුඩුවට රට හුණු කෑලි
ඉස්සි පහත්වී ලියනා විට පේලි
මතුවන  දාරයේ ලස්සන හැඩ බේරී 
නොලියා ඉන්නේ කොහොමද මේ කවි කෑලි

රත්පැහැ දෙතොල ඇය මේ හැටි වෙහෙසෙන්නේ
සිහිනෙන්  වගේ ඈ මොනවාද පවසන්නේ
නැහැ කිසි දෙයක් වෙන මගේ මතකෙට එන්නේ
මේ හැටි ඇයිද පපුවට ගින්දර දෙන්නේ

මල් සාරියට නම් ඈ හරි හැඩකාර 
නොබලන දෑස් ඒ දෙස හරි පවුකාර
නොබලා  ඉන්න හැදුවත් ඇස් කීපාර
නවතනු කෙලෙස මේ හිත හිතුවක්කාර

නැමුනා එකවරම ඇය ගුරු මේසයට
වැල ගෙඩියක් වැටුනා වගේ බිමට
පැත්තට පේන දර්ශනයේ අසිරියට
ඉවසන දනන් හට ජය කොඩි වෙන කුමට

දැන් නම් තවත් බෑ තවත් මිස් ඉවසන් ඉන්න
හැකිනම් මාව ඔය ඔරුවට නග්ගන්න
හබල අලුත් හන්ද බැහැ දුර යන්න
කෙටි පාරකට පුළුවන් නම් හරවන්න

පින්කර කියනවා මගේ ඇස් දෙක හොදට
මතකෙට ගනිමි මම මේ පාඩම අදට
නින්දට  කලින් සිහිකර මේගැන තිතට
දෙන්නෑ කිසිම නිවනක් අද මම අතට

සමාවෙලා  මේ දේ කියලා දෙන්න
කවුරුන්ද ඔබව මැව්වේ මට පවසන්න
ඔබ යන..........


ප.ලි:
              ඔතනින් එහාට ලියන්න උනේ නෑ.මොකද උගන්නද්දී  ළමයෙක් පැත්තටවෙලා මොනවාද ලියනවා දැක්ක නිසා ටීචර් ලගට ඇවිත් බලද්දී කවි සෙට් 1 මට්ටු උනා.මේ තරුණ ගුරුවරියට මේක දැකල හොදටම කේන්ති ගියා.ඉතින් මේ ළමයාව විදුහල්පති තුමා ලගට එක්කන් ගියා.හොදම කතාව එතන සිද්ධ වෙන්නේ.කවි ටික කියවලා විදුහල්පති තුමා කියනවා "මේ කොල්ලා මොකෝ ටීචර් ඔයා දකින කොට මට හිතුනෙත් ඔය ටිකම නේ කියලා.

 

13 comments:

  1. Patta pata pata onna ohomai dan teacherlage thathwe

    ReplyDelete
  2. ai lamayage hakiyaava penne nadda?

    ReplyDelete
  3. අපිටත් මේ වගේ අය ඉගැන්නුවා කියල හොඳට මතකයි..එත ඉතින් අපිට කවි ලියන්න බෑනේ..එක නිසා පිටු පුරාම චිත්‍ර නම් ඇන්ද...මතක කට්ටිය නම් ගම් එහෙම දාන්න පටන් ගමුද?ඔන්න මම මුලින් පටන් ගන්නම්කො....
    අපේ ජපන් ටීචර්(සෙන්සේ)

    ReplyDelete
    Replies
    1. primary 1 IT ටීචර්(අර ඔසරිය අදින මිටි එක්කෙනා)

      Delete
    2. ඇයි ඕගොල්ලන්ගේ ගණිත ගුරුතුමිය???

      Delete
    3. අම්මට සිරි මට එයාව අමතක උනා නේ :(

      Delete
  4. mona unath liyapu ekaanam mewwa wenna liyala tiyanawa..... !!!!! ela kollek harak horek.......!!!

    ReplyDelete
  5. ලියලා තියන 1 සිරාවට ලියලා තියනවා.

    ReplyDelete
  6. එළ කවි සැට් එක ..අපේ කාලේ අවේ පස්දුම්රට ගුරු ඉස්කෝලෙන් සුදු සාරි ඇඳගත්ත අක්කිලා.....

    ReplyDelete
    Replies
    1. මෙයත් සමහර විට ඒ අක්කිලගෙන් කෙනෙක්ද දන්නේ නෑ ;)

      Delete
  7. උපරිමයි ,,, විශිෂ්ඨයි...

    ReplyDelete
  8. කවී පන්තිය පට්ට ඈ. අපේ ඇස්වල පොට යන්ඩ කලින් පසුබීම් වර්නයට මොනවාහරි කරන්න

    ReplyDelete
    Replies
    1. ඔන්න මං වෙනස් කළා දැන් හරි ඇති කියලා හිතෙනවා

      Delete

හිතට එන දෙයක් කියලා යන්න.ඒක විතරයි බ්ලොග් ලිවිලෙන් හම්බෙන එකම දේ .......