Friday, August 24, 2012

කරුමේද නැත්නම් කාලකන්නිකමද .........!



           කලණ පොඩි කාලේ ඉදන්ම හැදුනේ ආච්චිගේ ලග අම්මා හිටියේ රට තාත්ත ගැන නම් වැඩි විස්තරයක් නෑ.අම්ම රට ඉදන් සල්ලි හම්බ කරලා එවනවා ආච්චි ඒවගෙන්  කලණ උගන්නවා.කොහොම කොහොම හරි  කලණ උසස් පෙළ කරන කාලෙට එනවා.උසස් පෙළ කරලා පලවෙනි පාර හොද ප්‍රතිපලයක් නොලැබුනත් දෙවෙනි පාර හොද ප්‍රතිපල අරගන්නවා.ඒ ප්‍රතිපලේ ගාල්ල දිස්ත්‍රික්කේ තිබ්බ ප්‍රතිපල වලින් හොදම එකක්.කිසිම අවුලක් නැතුව කොළඹ වෛද්‍ය පීඨයට ඇතුල් වෙන්න පුළුවන් එත් මේ ළමයට උමනාව තිබ්බේ මයික්‍රෝ බයලොජි කරන්න එත් ගෙදරින් මේ කැමැත්තට දැඩි අකමැත්තක් විරුද්දත්වයක් දැක්කුවා.ඉතින්  කලණ කොච්චර දැගලුවත් එයාගේ ආසාවට ඉඩ ලැබුනේ නෑ අන්තිමට අම්මගේ සහ ආච්චිගේ හිත සනසවන්න අකමැත්තෙන් වෛද්‍ය විද්‍යාව ඉගන ගන්න කැමතිවෙලා සරසවියට ඇතුල් වෙනවා. 


                කලණ ට එතන අමුතු තැනක් උනේ නෑ මොකද උසස් පෙළ කාලේ එකට හිටිය යාලුවොත් කලණ එක්කම වෛද්‍ය පීඨයට තේරිලා තිබ්බ නිසා.ගෙදර සන්තෝස කරන්න කියලා  කලණ මේකට ආවට හරියට වැඩක් කළෙම නෑ.විභාහගේ කාලෙට යාලුවෝ සෙට් එක පාඩම් කරද්දී මේ මනුස්සය ගෙදර නැත්නම් බෝඩිමේ අදට වෙලා සැපට නිදි.යාලුවෝ කෑගහල කෑගහලා රිපීට් වෙන ඒව කෙරෙව්වා අවුරුද්දක් විතර යාලුවන්ගේ කටේ බලේට Batch එක මාරු නොවී එක්සැම් කරව කරවා තියා ගත්ත එත් හැමදේකම සීමාවක් තියෙනවා යාළුවන්ට ඇදන් යන්න සීමාව ඉවර උනා. කලණගේ රිපීට් එන්න එන්න වැඩි උන නිසා  කලණ   පහල Batch එකට දානවා.

         මේ කාලේ කලණ  කැම්පස් ආවට වඩා ගෙදර හිටියේ.ඒ අතර තුර පොඩි කම්පියුටර් බිස්නස් එකක් පටන් අරන් එක වෙන කෙනෙක්ට බාර දීල තිබ්බේ.පරිගණක ක්ෂේත්‍රය ගැන උනන්දුවක් තිබ්බ නිසා එකවත් හරියට කලොත් කියලා ගෙදරින් එකටත් උදවු කරනවා . එහෙම ඉදල ඉදලා කැම්පස් යන ගමන ඇත අරලාම දානවා. ඊට පස්සේ මේ මනුස්සය ගැන වැඩි විස්තරයක් තිබ්බේ නෑ මොකද ඔක්කොම දේවල් අරන් ආයේ ගමට ගිය නිසා.

       ටික දවසක් ආයේ එක එක  දේවල් කර කර ඉදලා කලන කසාද බදිනවා.කසාද බැන්දට ජෝඩුව ඉන්නේ මහ ගෙදර අම්මත් රට ඉදන් ඇවිත්.මේ විකාර නවත්තලා ආයේ අලුත් ජීවිතයක් පටන් ගන්න කියලා හිතන් කලණ පිලිපිනේ විශ්ව විද්‍යාලයකට ඇතුල්වෙනවා වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න.අච්චර අර නිකන් ඉගෙන ගන්න තියෙද්දී එක දමල ගහලා ඇවිත් පිටරට ගිහින් ඉගෙන ගන්න එක මහ  අමු ගොන් තකතීරු වැඩක් උනත් ගෙදරින් කමක් නෑ මේ පාරවත් හැදෙයි නේ කියලා එකටත් අම්මා වියදම් කළා.එත් කොහෙද කුඩැල්ල මෙට්ටේ තියන්න බැලූ නේ මේ යකා ඒ ඔක්කොම දමල ගහල ගිහින් මාස 6ක් ඇතුලත ලංකාවට එනවා.
එකත් එහෙමම ඇරලා ආයේ අම්මා මු කැමති මයික්‍රෝ බයලොජි වලට නේ කියලා එක කරන්නත් ලොකු ගානක් වියදම් කරලා යවනවා එත් එකට මේකා ආස උනත්  එක හරියට කරන්නෙත් නෑ එකත් මග නවත්තලා දානවා.

       හොද ප්‍රතිපල අරන් කැම්පස් යන්න සෙට් උනා  කියන්නේ එකා  මොකුත් නොතේරෙන මැටිමෝලෙක් නෙමේ නේ උගන්නන දේවල් තේරෙනවා නේ හොදට.කලින් අකමැති දෙයක් කරන්න කියලා බල කළා කියලා ඔක්කොම අත්හැරිය කියලා හිත හදාගත්තා කියමුකෝ එත් ආස කරන එකේ ඉගන ගන්න ගියාමත් එකත් මග ඇත ඇරලා ආවහම මොකද්ද කියන්න තියෙන්නේ .කලනගේ යාලුවෝ ගිය අවුරුද්දේ කැම්පස් එකෙන්  Out උනා දැන් ඒ ගොල්ලෝ දොස්තරලා වෙලා.එත්  කලණ කසාදෙකුත් බැඳලා ගෙදරට වෙලා අම්මගෙන් යැපී යැපී ඉන්නවා....................................මේක කරුමේද නැත්නම් කාලකන්නිකමද .........!










ප.ලි:මේක අපේ බෝඩිමේ හිටිය අයිය කෙනෙක් ගැන කතාවක්.එයාගේ යාලුවෝ දොස්තරලා වෙලා දැන් බෙහෙත් දෙනවා.එය ගෙදරට වෙලා ඔහේ ඉන්නවා.ඒ අයියට වඩා ගොඩක් පොඩි අපිට තේරෙන ජීවිතේ බරපතලකම එයාට මෙච්චර කල් ගිහිල්ලත් නොතේරුන එකයි මට පුදුමේ .

30 comments:

  1. ඕක නම් කරුමේ.. කාලකන්නිකම නම් මුල ඉඳලම තියෙන්න ඕනනේ.. මමත් ඔහොම එකක් ලිව්වා..
    සුදු කෝට්..... කළු කෝට්..... දැන් කියන්න එපා මොකෝ නැවැත්තුවේ.. තව දුඹුරු කෝට්... ඕවර් කෝට් තියෙනෝනේ කියලා. මේකයි රස්සා එක්ක කෝට් ගෑවෙනවා නම් ඒ සුදු කොට්නුයි කළු කොට්නුයි විතරයි. කළු කෝට් නීතිඥයෝ අධ්‍යක්ෂකවරු ඉඳන් එකී මෙකි නොකී බොහෝ අය අඳිද්දී සුදු කෝට් අඳින්නේ කිහිප දෙනෙක් විතරයි. මේ මොකද්ද බොලේ මුට උණේ කියලා හිතෙනවා නේද පොඩ්ඩක් ඉන්න. ඊට පස්සේ සුදු කෝට්. දොස්තරවරු, පිරිමි හෙදවරු, රසායනාගාර වල වැඩ කරන අය හා විදුහල්පතිවරු වගේ බොහොම සීමිත පිරිසක් විතරයි සුදු කෝට් අඳින්නේ..
    හෙදියක් උණ සුදාගේ අක්කා ගේන පොත් වල ෆොටෝ වල තියෙන රූප එක්ක මෙඩිකල් ෆැකල්ටියේ ඉන්න චුටි අයියා කියන කතා එක්ක දොස්තර සුදු කෝට් සිහිනය සුදාට අප්ප්රියාවක් උණා. ඇත්තමයි ජීවිතේට දොස්තර කෙනෙක් වෙන්න නෑ කියලා නම් සුදා හිතුවේ මේ ලඟදි. ඒත් පත්තරේ බලන්න කණ්නාඩි දාන දුර පේන අම්මා එදා බයෝ නම් කරන්න එපා කිව්ව එක ගැන නම් මාර සතුටුයි. ප්‍රින්සිපල් කෙනෙක් වෙන එක බාරධුර වැඩි නිසා ඒකත් පොඩ්ඩක් පැත්තකින් තිබ්බා. අපොයි.. 2011 ප්‍රතිපල ආවා විතරයි අක්කා නිතිය දැමමා.
    "නර්සින් එහෙම නම් කරන්න හිතන්න එපා.. තුවාල වලට අකැමති මිනිහා නර්සින් කරලා අල කන්නද හලෝ. :P "

    හ්ම්ම් අන්තිමට ඉතුරු උණේ සුදු කෝට් රසායනාගාර වල වැඩ කරන කෙනෙක් වෙන එක විතරයි. හැබැයි... ඕකේ උනේ අනික් පැත්ත. ගාල්ලේ ඉන්න හොඳම දක්ෂම රසායන විද්‍යාව පරිපාලන දැනුම අතින් අග්‍ර ස්ථානයේ ඉන්න මහින්දෙ පොන්නම්පෙරුම මිස්ව කවුරුත් දන්නවා ඇතිනේ.. මමත් මිස්ගේ පන්තියට ටික කාලයක් ගියා. මම රසායන විද්‍යාවට පොඩි හෝ ආසාවක් ඇති උණේ මිස් නිසයි. මිස්ගේ කතා නිසයි. මිස් කියන මහාචාර්ය ආරියරත්නගේ ජනිතා ලියනගේගේ කතා රසායන විද්‍යාව ගැන සුදාට ලොකු හීන මැව්වා. ඒක දැන් ආසාවට වඩා එහා ගිහින්. ඒ ආසාව නිසාම අන්තිමට සුදු කෝට් එකක් ගැන සුදාට හීනෙ සැබෑ වෙනවා වගේ පෙන්න ගත්තා. සුදාගේ හීනේ තිබුණ කොළඹ විශ්ව විද්‍යාලය හීනෙන් දුරස් උණත් ඒ ලඟම තිබුන ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය එක්ක සුදා ගොඩක් හීන මැව්වා. කොහොම උනත් ඒ හීන හීනයක්ම වේවිද කියලා සුදාවත් දන්නේ නෑ.. රසායන විද්‍යාව හීනය සැබෑ උණොත් ඒ සුදාගේ ජිවිතේ වැඩියෙන්ම සතුටු උණ දවස වේවි.. සාමාන්‍ය පෙළ ප්‍රතිපල සතුටක් ගෙනවා. උසස් පෙළ ප්‍රතිපල දුකක් ගෙනවා.. දාහක් දෙනා දාහක් දේවල් කියද්දී තමන්ගේ හිතු මනාපෙට පිසිකල්ම යන්න උවමනාව නිසා වෙන මෙලෝ දෙකට ඇප්ලයි නොකරන කොට හුඟක් අය බනිද්දි ඒ ගැන තාමත් මුකුත් නොකිය ඉන්න සුදාගේ අම්ම තාත්තගේ මුනිවත, ඒ අයගේ හීන ගොඩක් දේවල් සුදාට කියනවා. අනේ මන්ද බලමුකෝ..

    ජිවිතේ නැති උණ ලොකුම දේ මොකද්ද කියල සුදාගෙන් ඇහුවොත් දෙන්න තියෙන එකම උත්තරේ තමා ඉන්දීය ස්කොලර්ෂිප් එක. පත්තර වලින් දැකලා ඉන්ටනෙට් එකෙන් සර්ච් කරලා ඔක්කොම විස්තර හොයා ගත්තත් කරුමෙටම උණ පොඩි අතපසු වීමකින් ඒකට ඇප්ලයි නොකරපු දුක අද සුදා විඳවනවා. අල්ලපු අත්තත් කැඩිලා පයගහන්න තිබුණු අත්ත පෙනී පෙනී දුරස් උණ එක ගැන දහස් වාරයක් කම්පා වෙනවා.

    මං මේ සුදාගේ සිතුවිල්ලක් ලහින්

    ReplyDelete
    Replies
    1. ammagei,thathagei hina sabe karanna uparima uthsahayak ganna ayya.suba pathanawa oyata.

      Delete
    2. බොහොම ස්තුතියි නංගි..
      අම්මගේ තාත්තගේ විතරක් නෙමේ.. මගේ හිනත් හැබෑ කර ගන්න ඕනේ.. ඒත් ඉතින් අර රට මි හරක් දෙන්න ඉන්න කන් මෙලෝ විස්වාසයක් නෑ. වෙලවක් තියේ නම් ඇවිත් යන්න එන්න....
      මං මේ සුදාගේ සිතුවිල්ලක් ලහින්

      Delete
    3. සුදෝ උඹෙයි Red Riding Hood ගෙයි කමෙන්ට් ඩිලීට් කළා එක උඹලා දෙන්න විතරක් දන්නා රහසක් හරිද :)
      මඩක් ගැසීමේ අරමුණින් නෙමේ ලිව්වේ මේක :)

      Delete
    4. කොහොම හරි මම කියපු ඒකනේ වෙලා තියෙන්නේ.. කොහොමද මගේ අනුමනේ.. සර්ලොක් හෝම්ස් පලදායි නෙහ්.. :) :) මේ ඔහේගේ ඒකෙන් මගේ එකට(මං සුදා ) req එකක් මැසේජ් එකක් එක්ක දානොකෝ.. අඳුර ගන්න ආසයි..

      Delete
    5. ඔව් ඔව් එක තමා උනේ,මඩ ගහන්න නෙමේ මේක ලිව්වේ
      එල එල මචන් උඹේ හීනේ හැබෑ වේවා කියල එක හිතින් මඩයා අයිය සුභ පතනවා මල්ලි ....!
      උඹට ජය....!

      Delete
    6. මේ ඔහේගේ facebook account ඒකෙන් මගේ එකට req එකක් මැසේජ් එකක් එක්ක දානොකෝ.. (සුදා මල්ලිව හොයන්න මෙතන click කරන්න )

      Delete
    7. ඇයි මෙච්චර ෆිසිකල් ම යන්න දගලන්නේ?

      Delete
    8. ඇයි අප්පා අර උඩ කියලා තියෙන්නේ මම.. අනික ඕනේ තරම් කාන්තා පාර්ශවයත් එහේ ඉගෙන ගන්නොනේ.. ඒකයි
      මං මේ සුදාගේ සිතුවිල්ලක් ලහින්

      Delete
  2. eka mamath hithana widiyata karume ayya.

    ReplyDelete
    Replies
    1. hmm eka aththa nangi mechchara deval labilath goda yanna bari unaa ne :/

      Delete
  3. ආස දේ මුලින්ම කළා නම් ඉවරනේ. ම්යික්‍රොබයෝලොජි ඉස්සෙල්ලාම කළා නම් හොඳ තැනක ඉන්න තිබුණා.

    ReplyDelete
    Replies
    1. ගෙදරට තව ටිකක් පැහැදිලි කරලා කැමති දේ කළා නම් මේ වෙද්දී ඒ මනුස්සයා හොද තැනක තමා

      Delete
  4. කෝ මගේ කමෙන්ට් එක?? O_o හ්ම්ම්... මොනා වුනත් මඩයෝ මේකට කියන්න වෙන්නේ ඉරණම කියලා තමා.. :)

    ReplyDelete
    Replies
    1. සුදා මල්ලිට දැම්ම කමෙන්ට් එක බලන්න

      Delete
    2. ඒක ඇත්ත මෙයාගේ උරුමේ මේක වෙන්න ඇති

      Delete
    3. හරි හරි සහෝ..මට ඒක තේරුනා..මම ඔයාට අවුල ගැන කියන්න බුකියේ හෙව්වා.. ඒත් හොයාගන්න බැරිවුනා.. බුකියෙන් මැසෙජ් එකක් දාන්න හැදුවේ පොඩි අවුලක් තියෙනවා කියලා.. :)

      Delete
    4. මෙතන එකත් නැ.. :'(

      Delete
    5. එල එල මං වැඩේ ශේප් කළා :)
      ස්තුතියි අවුල පෙන්නලා දුන්නට :)

      Delete
  5. මුලින්ම ඉරණම සමග කරුමය.දැන්නම් ඉතින් නියම කාලකන්නිය!!! SB & BG විතරක් නෙමේ දරුවනේ හොර හැත්තම එලවල දානකන් ලංකාවට සුගතියක් වෙන්නේ නැහැ.[පොඩි අය සමග මෙහෙම කියපු එක හොදදද මන්ද?]

    ReplyDelete
    Replies
    1. කොච්චර කාලකන්නි උනත් ඒ මනුස්සයට එහෙම කියන්න හිතෙන්නෙත් නෑ :/
      මනුස්සයා අමු මැට්ටෙක් නම් කාලකන්නි උනා කියල හිත හදාගන්න පුළුවන්
      අපෝ පොඩි උන් හිටිය කියලා ඇත්ත කියන්න පැකිලෙන්න ඕනේ නෑ :)

      Delete
  6. වෙන මොකක්ද ඉතින් කරුමේ

    ReplyDelete
    Replies
    1. කරුමයක් ගෙවන්න තියේ නම් කොහේ හිටියත් එක ගෙවලා ඉවර කරන්නන වෙනවා නේ
      ස්තුතියි අයියේ මේ පැත්තට ආවට :)

      Delete
  7. අනේ මන්ද......අපරාදේ අප්පා......

    ReplyDelete
    Replies
    1. අම්මපා අපරාදේ නේන්නම් :/

      Delete
  8. ලෝක අපරාදයක් මචං..මෙඩි යන්න exm ගොඩදානවා කියන්නේ කොච්චර ලොකු ගේමක්ද කියල අපි දන්නවනේ බං.ඒක උගේ කාලකණ්නිකම.අම්මගේ කරුමේ...
    බෝඩිමේ මෙහෙම උනුත් හිටියද කියලත් හිතෙනවා..??? :(

    ReplyDelete
    Replies
    1. ඔව් බන් එක ඇත්ත කොච්චර කට්ටක් කන්න ඕනෙද ඔතෙන්ට එන්න
      මේ මනුස්සයා ආවේ නැත්නම් වෙන මනුස්සයෙක්ට හරි ඒ තැන හම්බ වෙනවා නේ බන්
      ඒ අම්ම පව් මචන් :(

      Delete
  9. කරුමේ................................!!!!!!!!!!!!!!!!!!!!

    මඩයට - සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  10. හ්ම් එක ඇත්ත රජෝ පුදුම කරුමයක් එක

    ReplyDelete
  11. මෑන්ට ජීවිතේ විහිළුවක් වෙලා වෙන්න ඇති. අනෙක දෙමව්පියෝ උනත් ළමයෙක්ට යන් දෙන්න ඕනේ එයට යන්න පුළුවන් පාරේ. අනවශ්‍ය වැඩ කරන්න ගියාම ඔහොම දේවල් වෙනවා

    ReplyDelete

හිතට එන දෙයක් කියලා යන්න.ඒක විතරයි බ්ලොග් ලිවිලෙන් හම්බෙන එකම දේ .......