Thursday, August 9, 2012

මරදානේ හිගන්නෝ.

                                     

                           මරදාන කියන්නේ හරි අමුතු තැනක්.එක එක ජාතියේ මිනිස්සු ඉන්නවා.එක මිනිස්සු ටිකක් නෙමේ ඉන්නේ දවසින් දවස ඉන්න කට්ටිය වෙනස් වෙනවා,උදේ 6.00 විතර වගේ ඉදන් 9.00 විතර වෙනකන් ඉස්කෝල වලට යන කොල්ලෝ කෙල්ලෝ ටිකයි රස්සාවට යන වැඩ කරන ජනතාව ටිකයි ඉන්නවා.ආයේ තියෙන ඒජන්සි ටික ඇරියට පස්සේ 10 විතර ඉදන් රට යන්න එන අසරණ ගෑනු ටිකයි,ඒජන්සිකාරයෝයි,අසරණ මිනිස්සුන්ව රවට්ටන්න මාන බලන් ඉන්න කාක්කෝ ටිකයි ඉන්නවා,මේ ගොල්ලොත් 3,4 විතර වෙනකන් ඉන්නවා.ඊට පස්සේ 3.45 වගේ ඉදන් වැඩ ඇරිලා ගෙදර යන්නන කෝච්චියට දුවන කට්ටියගෙන් මරදාන පිරෙනවා.ඊටත් පස්සේ 6 න්  විතර පස්සේ මරදාන පාලම පැත්තේ අභිසාරිකාවෝ ටික දෙනෙක් ගැවසෙනවා,ඔය අද යන කවුරු  හෙට නාවත් මරදානේ හැමදාම ඉන්න කට්ටියක් ඉන්නවා ඒ ගොල්ලෝ මරදානට ඇවිත් යන ගොඩක් අයගේ ඇස වලට අහුවෙන කට්ටියක්.මං මේ කියන්න යන්නේ මරදානේ මං දැක්ක හිගන ජනතාව ගැන.ඔක්කොම නැතත් හැමදාම දැකලා ගොඩාක් මතක කීප දෙනෙක් ගැන විතරයි.
                  
                   පලවෙනි මනුස්සයා බස් වල හිගාකන කෙනෙක්.ටිකක් හීන්දෑරි කොට මනුස්සයෙක්.හිගාකෑවත් මේ මනුස්සයා ඇදන් එන ඇදුම පිළිවෙලට අදිනවා.ඇදුම් පරණ පාට උනත් කලිසම ඇදලා අත්කොට කමිසේ යට කරලා තමා බස් එකට නගින්නේ.අනිවාර්යයෙන් අතේ කුඩයක් තියෙනවා.හිගාකන්ඩ හේතුව එක අතක් පන නැති වීම.කතාවනම් ඇත්ත.එක බැලුවාම හොදට පේනවා.අනික බස් එකට නැගලා කතාව කියන විදිහටම කීයක්‌ හරි දෙන්න හිතෙනවා.හරිම යටහත් පහත් විදිහට කතාකරන්නේ.අනිත් එක තමා සල්ලි දුන්නත් නැතත් හැමෝටම පින් දීලා යන්නේ.මරදානේ පොලිසියත් පුංචිබොරැල්ලත් අතර තමා වැඩිය ඉන්නේ.මන්ද ඒ මනුස්සයා පාරේ ජීවත් වෙන මනුස්සයෙක් නෙමේ කියලා හිතෙනවා,මාත් ඒ මනුස්සයට සල්ලි දීලා තියෙනවා ;)
                                             
                                             අනිත් කෙනත් බස් වලට නගින කෙනෙක් හැබැයි ගෑනු මනුස්සයෙක්,සාමාන්‍ය උසක්‌ තියෙන කළු  මුස්ලිම් ගෑනු මනුස්සයෙක්,හැමදාම ඉන්නේ පොඩි ළමයෙක් වඩාගෙන.මාස 6ක් 7ක් වෙන ළමයත් උස්සගෙන බස් වලට නැග්ගම දුක හිතෙනවා.සල්ලි නොදී ඉන්න හිතෙන්නේ නෑ,මේ මනුස්සයත් අහිංසක පාටයි කට්ට පාටක් නම් පෙන්නේ නෑ.අර පොඩි එකා ගැන දුක හිතිලමයි සල්ලි දෙන්න හිතෙන්නේ.පොඩි එකාට තේරෙන්නේ නෑ වට පිටේ මොකද වෙන්නේ කියලා ඌ දන්නේ අම්මගේ උණුහුමට තුරුල්වෙලා අව්වේ රස්නේටත් පිච්චි පිච්චි අම්මගේ උරහිසට ඔලුව තියන් දොයියන්න විතරයි.මේ ගෑනු කෙනත් වැඩිය ඉන්නේ පුංචි බොරැල්ල මහ ඉස්පිරිතාලේ  ලග හෝල්ට් එකේ.

                                           තුන්වෙනියා  ඉන්නේ අපි උදේට කන සයිවර් එක ඉස්සරහා.මේ මනුස්සයා සාමාන්‍ය උසක්‌ තියෙන කොන්ඩේ වවා ගත්ත රැවුල වවා ගත්ත මනුස්සයෙක්.ඇදුම් කිසි පිලිවෙලක් නෑ වැරහැලි වගේ.ඔක්කොමත් කමක් නෑ කියමු මුගේ තියෙන්නේ මහ හොර බැල්මක්,කඩෙන් එලියට එන මිනිස්සුන්ගෙන් සල්ලි ඉල්ලන එක තමා මුගේ ප්‍රධාන ඉලක්කේ.සමහර මිනිස්සු නම් සල්ලි දෙනවා.අපි නම් කවදාවත් සල්ලි දෙන්නේ නෑ.උගේ හොර බැල්ම දැක්කම සල්ලි නෙමේ හොම්බට දෙකක් දෙන්න හිතෙනවා.යකෝ හිගා කෑවත් සල්ලි ඉල්ලද්දී මුනේ තියෙන්න එපැයි ප්‍රිය මනාප ගතියක් මුට නැත්තේම ඕකමයි.මූ එතන හිගා කාලා හම්බ වෙන සල්ලි වලින් උදේට කාලා දවල්ට කන්නත් ගානක් හොයාගෙන එතනින් යනවා ඌ පාට් ටයිම් හිගා කන එකෙක්.

                                                  හතර වෙනියා ඉන්නේ මරදාන Perera & sons එක කිට්ටුව.ඒ මනුස්සයා නම් හරි පිළිවෙලට හිගා කනවා.හැමදාම ඇවිත් ඉන්න තැනට කුඩයක් සෙට් කර ගන්නවා.ඒ මනුස්සයා ඉන්නේ ජෑම් ගහක් යට උනත් අනිවා කුඩේ තියෙනවා.එයා නම් සීයා කෙනෙක්.ටිකක් කෙට්ටු පුද්ගලයෙක්.එක ඇහැක පොඩි අවුලක් තියෙනවා.ඒ සීයාව දැක්කම මට හැමදාම මතක් වෙන්නේ මුදු මංකොල්ලකාරයෙක්ව.ඒකා නම් ටිකක් මැර හිගන්නෙක්.පාරේ යන එවුන්ට ඒයි කියල සල්ලි ඉල්ලන ජාතියේ එකෙක්.කොහොම කොහොම හරි ඒ මනුස්සයට දවසට වේල ශේප් වෙනවා මං දැකලා තියෙනවා.

                                    අන්තිමයා නම් පිස්සෙක්.ටිකක් මිටි මහත කලුම කලු මනුස්සයෙක්.මරදාන පරනවාඩිය හරියේ  තමා මේකා වැඩිය ඉන්නේ.තනියෙන් කියව කියවා එහෙ මෙහෙ යනවා.ඌට නිදාගන්න හිතෙන්නේ කොතනද ඌ එතන නිදා ගත්ත.පාරේ මනුස්සයෝ යනවද නැද්ද කියන එක ඒ මනුස්සයට ප්‍රශ්නයක් නෑ.හැබැයි මේ මනුස්සයා කට්ටියගෙන් සල්ලි නම් ඉල්ලන්නේ නෑ.ඔහේ උඩ බල බල ඇවිද ඇවිද ඉන්නවා.පාරේදී දැක්කොත් කට පුරා හිනා වෙනවා ඇදුනුම් කමට නෙමේ ඌට තියෙන පිස්සුව නිසා.වෙලාවකට උගේ ලගින් යන්නත් බයයි මොකද හිටපු ගමන් ලග ඉන්න එකට කුනුහර්පෙන් බනිනවා.මේ මනුස්සයා පාරේ යන ගෑනු ළමයින්ගේ ඇගට ගොඩ වෙන එක තමා පොඩි අවුල.හැමදාම ආනන්දේ ඉස්සරහ හෝල්ට් එකේ මේකා හාන්සි වෙලා ඉන්නවා ඉස්කෝලේ ඇරෙන වෙලාවට .මේ මොකෝ කියලා මං හැමදාම කල්පනා කලත් මේ ලගදි තමා මේකා මොකෝ මේ වෙලාවට මෙතන නිදා ගන්නේ කියලා මීටර් උනේ.මොකද දන්නවද "ආනන්ද බාලිකා,ගෝතමී බාලිකා ගෑනු ළමයි ඒ වෙලාවට එතනින් යනවා නේ"

ඔන්න ඔතනින් යන කෙල්ලෝ දැන් අවදානෙන් යන්න.විශේෂයෙන් ගවුම් ඇදන් යන උදවිය.පිස්සෙක් බිම නිදාගෙන එහෙම ඉන්නවා දැක්කොත් මු පිස්සෙක් එක නිසා අවුලක් නෑ කියල එතනින් යන්නේ නැතුව ටිකක් එහාට වෙලා යන්න.මොකෝ මු පිස්සා උනත් උගේ ඇස් හොදට පේනවා නේ ;)


ප.ලි:- මට මේක ලියන්න හිතුනේ ඔය පිස්සු හිගන්නාට අද මනුස්සයෙක් කෑම එකක් ගෙනත් දුන්නම ඌ අර මනුස්සයට බැනලා එලෙව්වා.එතකොට තමා ඔය හිගන ජනතාව ටික මතක් උනේ.මීට වඩා හිගන්නෝ මරදානේ ඇති එත් මට කාලයක් තිස්සේ හම්බ උන සෙට් එක ගැන ලිව්වේ.

20 comments:

  1. එල එල..උඹටත් මේ කස්ටිය ගැන හොඳ අත්දැකීම් තියනවා වගේ..උඹත් මේ ජොබ් එක කලාද බං කාලයක්????

    ReplyDelete
    Replies
    1. හා හා හෙමිහිට හෙමිහිට හැමෝම දැනගනීවි ;)

      Delete
  2. okath adakale hatiyata pasta rassawa thama

    ReplyDelete
    Replies
    1. ow eka nam aththa machan,pahugiya kaale paththareth thibba higa kaaala thattu 2 ka geyakuth hadapu manussayek gana :/

      Delete
  3. ayyatath hitena dewal..... :):)

    ReplyDelete
    Replies
    1. oya eheta meheta yaddi edineda dakina deval ne nangi :)

      Delete
  4. වැදගත් පණිවිඩයක් දීල තියෙන්නේ..ඇත්තටම නිකමටවත් අපිට ඔහොම හිතෙන්නේ නැහැනේ..අපූරුයි!සාර්ථක පෝස්ටුවක්!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හිරු...!
      හ්ම්ම් එක නම් ඇත්ත මං දැකල තියෙනවා ගොඩක් ගෑනු ළමයි අරකා ලගින් යනවා අරු බිම නිදන් ඉන්නවා කියන එක මීටර් නැතුව.

      Delete
  5. මාර පිස්සෙක්නේ...

    ReplyDelete
  6. ඔය කලින් සඳහන් කරපු අයත් ඔක්කෝම හිඟන්නෝ තමයි.

    ReplyDelete
    Replies
    1. ඒකත් එක අතකට බලද්දී ඇත්ත නේ :)

      Delete
  7. අපි හිඟා නොකෑවට අපිත් හිගන්නෝ තමා.අපි අපි කිව්වේ මට ඉතින් :)

    ReplyDelete
    Replies
    1. අපිිී ඉතින් වැදගත් හිගන්නො නෙ ;)

      Delete
  8. අර සයිවරේ ඉස්සරහ ඉන්න එකා ගැනනම් කතා කරලා වැඩක් නෑ... :@

    ReplyDelete
    Replies
    1. සිරාවට උගේ මුනට දෙකක් අනින්න හිතෙනවා :/

      Delete
  9. ලඟදි ඇති කර ගත පරතිපත්තියක් මත මෙලෝ එකෙකුට සත පහක් දෙන්නේ නෑ.. අපිට වැඩ සල්ලි තිනොලු අයියා බන් උන් ගාව..
    "එක දවසක මම විනාඩි 5 ක් වාඩිවෙලා හිටි බස් එකට නැග්ගනේ හිඟන්නෝ 9 දෙනෙක්.. ඇයි යකෝ උන්ට සල්ලි දීල මම පයින් යන්ටද..? ලොකු උනාම මම ලොකු පැක්ටෙරියක් දාලා හිඟන්නෝ ටික ගන්නෝ ඒකෙ වැඩට.. "
    මොකෝ ඔහේ කින්ඩියට හිනා වෙන්නේ..... :-/

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත සුදා මල්ලි ඔය එන හැම එකාටම 5 ගානේ දුන්නත් එතනම 45ක් කුඩු නේ.අනික අපි කියලත් සල්ලි ගස් පැල කරන් ගෙදර තියන් ඉන්න එකක්යැ.සමහර හිගන්නෝ දැක්කම උන්ට සල්ලි නෙමේ හොද ගඩොල් බාගෙකින් දාල අරින්න හිතෙනවා මූනට
      අනේ පිස්සුද බං මං උඹට හිනා වෙන්නේ නෑ.කෙසේ වෙතත් ඒක නම් හොද වැඩේ.එතකොට වත් අපිට කරදරයක් නැතුව පාරේ යන්න පුළුවන් ;)

      Delete
  10. ISSARA MARADANE ELPHINSTONE EKA HARIYE UDE HAWASA, SALLI POLIYTA DENA AFGAN BAILA INNAWA. 1958 JATHIWADI KOLAHALAYA WELAWE BURIYANI HOTEL EKE FRIDGE EKA PAVEMENT EKE THIBUNA.

    ReplyDelete
  11. danuth one tharam athi oya vage posath higanno :)
    ammo 58 kiyanne ape thaththalath podi kaale :)

    ReplyDelete

හිතට එන දෙයක් කියලා යන්න.ඒක විතරයි බ්ලොග් ලිවිලෙන් හම්බෙන එකම දේ .......