Tuesday, March 5, 2013

සාස්තරේ....................සාස්තරේ.............වල්ලිඅම්මා කියයි සාස්තරේ.....

0785****** 
මං එක හුස්මට නම්බර් එක ඩයල් කලේ හිතේ බලාපොරොත්තු ගොඩාක් තියාගෙන සහ ලොකු කුතුහලෙකින් 
අමිලයා නම්බරේ දෙද්දීම කිව්ව දේවල් එක්ක කුතුහලේ වැඩි උනා සහ නම්බරේ සම්බන්ධ සිද්ධිය පිලිබඳ පැහැදීමක් ඇති උනා 
මං සාමාන්‍යයෙන් නොකරන වැඩක් උනත් අද මං ඒක කලේ හිත පුරා කරණං ගැහුව කුතුහලේම නිසා.
අමිල දන්නා එවුන් කීපදෙනෙක්ම කතාකරලා තිබ්බා

ටි ටි ටි .......ටී.............ක්    ටී ...........ක් 

රින්ග්ස් යද්දී නම් ටිකක් හිත ගැස්සුනා වගෙත් දැනුනා
මොකද හිතට මෙව්වා නුහුරු දේවල් නේ කලින් කරලම නෑ නේ මෙහෙම වැඩක් අපි තාම පොඩි කොල්ලෝ නේ 

ටී.................ක්  ටී.................ක් 
එක පාරටම ෆෝන් එක ඉස්සුවා

"ශ්‍රී වල්ලි අම්මා සාස්තර සේවයට ඔබ සාදරයෙන් පිළිගනිමු.
සේවා පළදායිතාව මැනීම සදහා මෙම ඇමතුම පටිගත වනු ඇත."

"ඔබට සාස්තර සේවාව සිංහලෙන් ලබාගැනීම සඳහා අංක එක ඇතුලත් කරන්න"

"ඉංග්‍රීසි භාෂාවෙන් සේවය ලබාගැනීමට අංක දෙක ඇතුල් කරන්න"

"දෙමළ භාෂාවෙන් සේවය ලබා දීමේ පහසුකම අපගේ ආයතනය සතුව නොමැති බැවින් කරුණාකර අංක එක හෝ දෙක ඇතුල් කරන්න "

අහන මගුලක් තේරෙන්න අහගන්න එපැයි මං ඉතින් බකස් ගාලා එක ඔබලා දැම්මා නැත්නම් කියන දේවල් තේරුනේ නැත්නම් වැඩක් නෑ නේ සාස්තර  ඇහිල්ලෙන් 

"භාෂාව තහවුරු කර ඉදිරි පියවරට යාම සඳහා අංක එක ඇතුල් කරන්න"

"පෙර මෙනුවට පැමිණීම සඳහා අංක බින්දුව ඇතුල් කරන්න"

සාස්තර අහන්න බලාපොරොත්තු ගොඩ ගහන ඇවිදින අර මක්කටෙයි ආයේ පස්සට යන්නේ හිතන්නෙම නැතුව මං අංක එක එබුවා

"ටි ....ටි .......විල්ලුද පුංචි දෙපා කළු කරගන්න එපා......."

ශා..... මේක නම් මරු සාස්තර සේවය හොද පිළිගැනීමක් ඒ වගේම පට්ට සින්දු

"මදක් රැදී සිටින්න ඔබගේ ඇමතුම සේවා දායකයෙකු වෙත පෙළ ගැස්සී ඇත."

"හෙලෝ හෙලෝ නම මොකද්ද ඔයාගේ කෝලර් කෙනෙක් ඉන්නවා බලාගෙන ඔබේ ලයිෆ් එක බෝරිං වෙනකොට කෝල් ෆන් එකට සෙට් වෙන්න රටටම අහන්න නම ගම කියන්න ලයිෆ් එකේ ඇරියස් නැති කරගෙන අලුත්ම සින්දුයි අපි ලග තියෙන්නේ හෙලෝ හෙලෝ නම මොකද්ද ................."

"ආයුබෝවන් මම කාන්ති නවගමුව 
කෙසේද මා ඔබට සහය වන්නේ??"

"මට මේ නොම්මරේ දුන්නේ යාලුවෙක් සාස්තරයක් අහන්න කතා කලේ"

"හරි ඔබතුමාගේ නම කියන්න මට "

"මං මඩයා "

"හා හරි මඩයා මහත්මයාට නිමිත්තක්ද දැනගන්න ඕනේ? 
අනාගතේ ගැනද?
විවාහය ගැනද?
අධ්‍යාපනය ගැනද?"

"මට ඔය ඔක්කොම ගැන දැනගන්න ඕනේ "

"අඃ හරි මට මඩයා මහත්මයා දැනුවත් විස්තර ටිකක් තියෙනවා ඊට පස්සේ මං ඔබතුමාව වල්ලි අම්මා ගුරු මෑණියන් වෙතට යොමු කරන්නම්."

"වල්ලිඅම්මා ගුරු මෑණියන් සාස්තරේ කියන්නේ ලග්නෙයි උපන්දිනෙයි විතරක් අහලා
එතුමිය කියන කාරනා හරි නම් හරිද නැත්නම් නැත්ද කියන්න
එතුමියට බොරු කරන්නෙපා"

"මං ඔබතුමාව මෑණියන් වෙතට යොමු කරන්නම්" 

"මෑණියන්ගෙන් සාස්තර විමසීමට පෙර ඔබගේ උපන් දිනය සහ ලග්නය පද්ධතියට ඇතුල් කරන්න.පළමු බීප් නාදයෙන් පසු ලග්නයද දෙවන බීප් නාදයෙන් පසු උපන් වර්ෂය මාසය සහ දිනය පැහැදිලිව පවසන්න."

දැන් සාස්තරේ අහන්න ලං වෙලා නිසාමද මන්දා හිතේ ගැස්ම ටික ටික වැඩි වෙලා
එහෙම නොවෙයි යෑ ඇයි යකෝ අනාගතේ ගැන දැනගන්න නේ යන්නේ

බී......ප්
මං පැහැදිලව මගේ ලග්නේ කිව්වා
බී.......ප්
1990
ටී........................
සමාවන්න මේ වර්ෂයේ උපන් පාරිභෝගිකයන් සඳහා මෙම සේවාව වලංගු නොවේ කරුණා කර වෙනස් උපන් වර්ෂයකින් උත්සහ කරන්න 
වල්ලිඅම්මා සාස්තර සේවයේ පිහිට පැතූ ඔබට ස්තුතියි........!!!



















18 comments:

  1. හික්ස්! පිස්සු බම්ප් වෙන සාස්තරයක්නේ උඹත් අහලා තියෙන්නේ!

    ReplyDelete
  2. සික් බලාගෙන හිටියේ සත්තරේ මොනවද කිව්වේ අහගන්න. නියමයි. ජය...!

    ReplyDelete
  3. ඉතින් බන් උඹ උපන් වෙන වසරක් දෙන්න තිබුනනේ..

    තේරුනේ නැද්ද?

    අපි ඔය හැම අවුරුද්දෙම උපන් දේනේ සමරන්නේ, අන්න ඒ කියන්නේ අපිට උපන් වසරවල් ගොඩක් තියෙනවා.

    ReplyDelete
  4. පට්ට කේස් එකනෙ බන්.. සිරාවට ඔහොම පොට් තියෙනවද බන්...

    ReplyDelete
  5. ඕක ෆ්‍රී ඔෆ් චාර්ජ් සේවාවක්ද බං.

    ReplyDelete
  6. Replies
    1. කොරලේට හචිං යනවා වැඩියි. බේත් ගනිං
      - දේශකයා

      Delete
  7. අප්පට හුඩු.. එච්චරට දියුණුද....?

    ReplyDelete
  8. හෑ..... :O මාර සේවාව්ක්නෙ බොල? වහාම මාව දැනුවත් කරන්න වැඩිවිස්තර.. ඔය වර්ෂෙ අවුල් තමා පොඩ්ඩක් ;)

    ReplyDelete
  9. හහ් හහ් එපා වෙනවා. හැබැටම වෙන උපන් වර්ෂයක් හොයා ගත්ත නම් හරි තමයි සාස්තරයක් අහන්න. :D

    ReplyDelete
  10. ලොල් ඕයි.... ඒ කියන්නේ උඹ බාල වයස්කාරලු
    හූඌඌඌඌඌඌ :) :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  11. තාමත් අපි සාත්තර සුත්තරවලට යට වෙනවනේ...

    ReplyDelete
  12. මගේ පුතාගෙ බයික් එක හොරු ගත්තා දැන් දවස් තුනකට කලින්.

    මම ගියා මෙහෙ පොලීසියට පැමිණිලි කරන්න.

    මගේ තාත්තාගෙ නමත් ඕනෙ පැමිණිල්ල කරන්න.

    ඊ ලඟට ඇහුවේ මි බයිසිකලේ පළවෙනි පාරටද නැතිවුනේ කියලා.

    අන්තිමට මම අත්සන් කරලා මගේ ඇඟිලි සලකුණුත් දෙන්න වුන.

    &^%$* ඕයි!

    ReplyDelete
  13. හූ ඈ.ඇද්ද තොට සාස්තර අහන්න ගියා?

    ReplyDelete
  14. අයියෝ සාස්තර ඔකුං නං ඕහොම්මයි ^_^

    ReplyDelete
  15. ඒ කීයක් කැපුනද බං???????????
    හකිස්..
    බඳින කෙල්ලගේ නම අහගන්න බැරිද???????
    මං මේ දෙන්නෙක්ගෙං කාවද තොරගන්නේ කියලයි කල්පනා කරන්නේ.....

    ReplyDelete
  16. හොද වැඩේ බොලව්,, පාඩම් වැඩක් කොරන් ඉන්නැතුව ගියා සාත්තර අහන්න..

    ReplyDelete
  17. හිකිස්.. පව් අප්පා.
    කුතුහලේ එතනම හබක්.

    ReplyDelete

හිතට එන දෙයක් කියලා යන්න.ඒක විතරයි බ්ලොග් ලිවිලෙන් හම්බෙන එකම දේ .......