Saturday, June 25, 2016

ඇය තුරුලේ ..

හීනී කොන්ක්රීට් 
තීරු අතරින්
සුසිනිදු මදනල 
සර සර හඩ 
නංවමින් රිංගාවිත් 
හිරිගඩු පිපෙන තරමට 
සුමුදු හැගීමකින් 
ගත නහවන 
යාමයක
නුඹත් අවුදින් 
ගතේ දැවටෙමින් 
කෝලකම් කරමින් 
හීන් කෙදිරියෙන් 
කරන ආයාචයන්
කෙලෙසක 
නම් මග 
හරිම්ද 
සොදුරියේ
ඔව්
මටද තව
ඉවසා සිටියහැකි 
නොවේ
ඔබ තුරුලේ 
මා සතපවා 
ගනු මැනවි 
නිදි දෙව්ලියේ..

6 comments:

  1. බොහොම ආදරණීයයි . නිදි දෙව්ලියට අවනත නොවී කොහොමද ඉතිං ...

    ReplyDelete
    Replies
    1. ස්තූතී මෙතූ!!!
      ඔව් ඉතින් අපි හැමෝම එයා ලග පරදිනවා නෙ 😊😊😊😊

      Delete
  2. කාලෙකට පස්සෙ මඩ හෝදගෙන තියෙන්නෙ. හැක්..

    ReplyDelete
    Replies
    1. හෙන කාලෙකට පස්සෙ ආවමත් වෙනස්ක් නැතුව මේ පැත්තට ගොඩ උන එක ගොඩාක් වටිනවා. බොහෝම ස්තූතී ප්‍රසන්න අයියේ!!!

      Delete
  3. නිදි දෙව්දුව කොහෙද ගියා අපෙන් ඈත් වී.....

    ReplyDelete
    Replies
    1. එක්සෑම් කාලෙට නම් නිදි දෙව් දුව මගේ ලගමයි 😄😄😄
      බොහොම ස්තූති බං මේ පැත්තට ආවට

      Delete

හිතට එන දෙයක් කියලා යන්න.ඒක විතරයි බ්ලොග් ලිවිලෙන් හම්බෙන එකම දේ .......