කිලෝමීටර් තුන හතර විතර දුර ඉදන් අපේ කඩේට සෙනග ඇවිත් තියෙනවා.අනිත් එක ඒ කාලේ වැඩිය බස් තිබිලත් නෑ ඒ වගේම අතුරු පාර වල් වල ඒ කියන්නේ ඉස්සර තිබුන ගුරු පාරවල් දිගේ ඇතුලට වෙන්න ඉන්න අය ගොඩ දුර පයින් එනවා බඩු ගන්න.වෙන එකක් තියා ප්‍රේමදාස ජනාධිපති තුමත් බඩු ගෙනිච්චේ අපේ කඩෙන්.සර්කිට් බංගලාවට යන්න තියෙන්නේ අපේ කඩේ ලගින් ඒ කියන්නේ සර්කිට් හංදියෙන් හැරිලා සර්කිට් පාර දිගේ.ඉතින් සර්කිට් බංගලාවට බඩු ගෙනිච්චේත් අපේ කඩෙන් ප්‍රේමදාස ජනාධිපති තුමා එකෙත් ඇවිත් නවතිනවා නේ එකයි මං කිව්වේ එයත් අපේ කඩෙන් බඩු ගත්තා කියලා.
කඩේ කරන අතරේ අපේ තාත්තා ගොවිතැනුත් කරා.ඒ කියන්නේ 90 දශකේ තමා එයා හොදටම ගොවිතැන් කලේ.ගොඩක් වෙලාවට වගා කලේ කෙසෙල් එහෙම තමා මොකද ඉස්සර ඇඹිලිපිටිය කෙසෙල් වලට ජනප්‍රියයි නේ.තව වට්ටක්කා,බඩ ඉරිඟු,තල,කුරක්කන්,මුංඇට වගේ එක එක ජාති වගා කළා.පලදාව නෙලන කාලේ මාර සිරා.මට මතකයි ඒ කාලේ වට්ටක්කා තිබ්බ කාලේ කාමරේ වහල ගාවට එනකං වට්ටක්කා පුරෝලා තිබ්බා.මුංඇට තිබ්බ කාලේ කාමරේ පිරෙන්න මුංඇට මං මාර ආසයි වට්ටක්කා ගොඩවල් උඩ මුංඇට ගොඩවල් උඩ නැගලා වහල අල්ලන්න මොකද පොඩි කාලේ එච්චර ලේසියෙන් එච්චර උඩ නගින්න චාන්ස් තිබ්බේ නැති නිසා.මුං කරල් ඇට ගන්න සුද්ධ කරන එකත් පට්ට ආතල් වැඩක් ඒ කාලේ පොඩි නිසා ඒවා දිහා බලන් ඉන්න එක ඇරෙන්න ඒ වැඩේට සම්බන්ද වෙන්න දුන්නේ නෑ.
අනිත් ආතල් වැඩේ තමා තල වවපු කාලේ.හේනේ තල කපලා මිටි බැදලා ගෙදර ගෙනත් තමා වේලන්නේ.ඒ කාලෙට ගෙදර මිදුල පුරා ගොම ගානවා ඒ ඇයි කියන්න දන්නේ නෑ.ඒත් අවුල තමා නයි කුඹි එන එක මොකක් නිසාද මන්දා අම්බානෙට කුඹි එනවා.තව එකක් තමා තල මිටි අස්සේ ඇවිත් සර්පයෝ රිංගනවා,ඒ කාලෙට වැරදිලාවත් ගෙදර දොරවල් ඇරලා තියන්නේ නෑ.මොකද සර්පයෝ ගෙට එයි කියලා.අනිත් එක අම්මා යන්න දෙන්නෙත් නෑ තල මිටි ගාවට මොකද ඒවගේ බූව ගෑ වුනාට පස්සේ හොද කැසිල්ලක් එන නිසා.
මෙන්න මේ වගේ තමා අපේ ෆැෂන් වැල් තිබ්බ මැස්සත් හදලා තිබ්බේ හැබැයි ඒක නම් මීටර් 200කට කිට්ටු වෙන්න දිගට තිබ්බා |
ඉඩම අයිනෙන් පොඩි ආරක් ගලාගෙන ගියා.එකේ වතුර විතරක් මදි ගොවිතැන් වලට මොකද ආරේ වතුර හැමදාම ඇත්තෙත් නෑ.ඉතින් ඒක නිසාම තාත්තා ඉඩම කොනේම ලොකු වගා ළිදක් කැපුවා.ඒක කොහොම හරි ඒ කාලේ ඒ වගා ලිඳ ඇඹිලිපිටියෙන්ම හරි රත්නපුර දිස්ත්‍රික්කේන්ම හරි හොදම ලිඳ වෙලා තිබ්බා.ඉතින් ඒක නිසා ජාතික රුපවාහිනියේ කෘෂිකර්ම වැඩසටහනකින් එනවා කිව්වා ඒක වීඩියෝ කරන් යන්න සහ විස්තර දැනගන්න කියලා,මාත් ටීවී එකට මුණ දාගන්න පුළුවන් නේ කියලා හරි සන්තෝසෙන් හිටියේ.ඉතින් ජාතික රුපවාහිනියේ කට්ටිය හේනට යන පාර එහෙමත් කලින් අහගෙන තිබ්බේ.අපි ඒ ගොල්ලෝ එනවා කිව්ව වෙලාව කිට්ටු කරන් ඒ අයට තේ බොන්න දෙන්න ජාතිත් අරං ෂෝර්ට් කට් එකකින් ඉඩමට යන්න ගියේ ඉක්මනට යන්න ඕනේ කියලා,
අනේ..... මගේ හීන ඔක්කොම වතුරේ,එයාලා එනවා කිව්ව වෙලාවට කලින් ඇවිත් වීඩියෝ ෂූට් එක කරගෙන හේනේ වැඩට හිටිය අයගෙන් ලිඳ ගැන විස්තර අරගෙන අපි එන්න කලින් ගිහිල්ලා තවත් මොකක්දෝ වීඩියෝ ෂූට් එකකට යන්න ඕනේ කියලා.මං පොඩි එකාගේ හිත ගොඩාක් සිදුනා එදා නම් මොකෝ බලාපොරොත්තු ගොඩාක් වතුරේ ගිය නිසා.හරි කමක් නෑ මුණ දාගන්න බැරි උනාට අපේ ළිඳ හරි ටීවී එකේ පෙන්නනවා නේ කියලා හිටියා ඒ ගොල්ලෝ කිව්වා දවසට බලන්න.ඒත් කොහෙන්ද අප්පා මට එච්චර වාසනාවක් පෙන්නනවා කිව්ව දවසේ උදේ ඉදං රෑ වෙනකන් කරන්ට් තිබ්බේ නෑ ගෙදරට.ඔන්න ඔහොම තමා මගේ ටීවී එකට මුණ දීමේ සිහිනය බිදුණේ.
පහු පහු වෙද්දී කඩේට තරගකාරිත්වය වැඩි වෙද්දී හන්දියේ කඩ එක දෙක අලුතින් වැටෙද්දී කඩේ වැටෙන්නේ නැතුව පවත්වාගෙන යන්න තාත්තගේ කළමනාකාරිත්වය ඕනේ උනා,මොකද කඩේ වැඩ කරන පිට මිනිස්සුන්ට කඩේ දියුණුවට අවශ්‍ය තීරණ ගන්න තෙරුම්ක් නෑ නේ.ඉතින් එක නිසා තාත්තගේ සම්පුර්න අවදානය කඩේ වෙනුවෙන් යෙදුනා ගොවිතැන් නැවතුනා.මොකද තාත්තා ළග හිටියේ නැත්නම් හේනේ වැඩ කරන මිනිස්සුන්ගේ උපරිම කාර්යක්ෂමතාව නැති වෙනවා.උන් එතකොට වැඩියෙන කරන්නේ කයිය ගහ ගහ ඉන්න එක.මේ කාර්යබහුලත්වය නිසා පස්සේ තාත්තා ඔක්කොම ඉඩම් වල දීර්ඝ කාලීන භෝග වගා කළා.
උබට ලස්සන ළමා කාලයක් තිබිල තියෙනවා බං..... මටත් යන්තන් යන්තන් ඔය අත්දැකීම් තියනවා ,, ඒත් උබට තරම් නෑ
ReplyDeleteපව් හැබැයි පොඩි එකාගේ හීනේ
ඒ කාලේ මතක් වෙද්දී ආයේ යන්න හිතෙනවා
Deleteපවුද කියලත් අහනවා :/
හ්මි ඇත්තටම සංවෙදී කතාවක්.... පුංචිකමට ඔවා කොහොම දරාගත්තද ඒ කාලේ නේ..
ReplyDeleteඅදමයි මතක විදියට ගොඩවුණේ...
මගේ හිත හයියයි නේ :P
Deleteමේ පැත්තට සාදරෙන් පිලිගන්නවා.....!!
කතාවටත් වඩා මට ආසම හිතුනේ වගාවන් ගැන කියවන්න. මම හරිම ආසයි වගාවන් කරන්න. ඒත් ඉතින් අපිට කෝ ඉඩ..ඉස්සර ගේ වටේම මිරිස් පැලයි කොච්චි පැලයි හිටෙව්වා..මම ඇත්තටම තල දන්නවා උනාට ගහක් දැකලාවත් නෑ.
ReplyDeleteමාත් ආසයි අප්පා ඒ කාලෙට.මට මතකයි කාලයක් මිරිසුත් වගා කළා,එකේ මං ආසම කලේ ගෙදර තවන් දාන වැඩේට,තවන් දාලා පැල හැදුනට පස්සේ තමා මිරිස් පැල හේනේ ඉන්දවන්නේ
Deleteපොඩි කාලේ දැක්කට පස්සේ මාත් දැකලා නෑ අක්කේ :/
හරි ආස හිතුනු කතාවක් අයියණෟඩියේ.. ඔච්චර ඔහොම පරිසරය විදින්න ලැබුණු එකත් ලොකු දෙයක්, ම්ම් මේ?? //ඉඩම අයිනෙන් පොඩි ආරක් ගලාගෙන ගියා.එකේ වතුර විතරක් මදි ගොවිතැන් වලට මොකද ආරේ වතුර හැමදාම ඇත්තෙත් නෑ.// ආරක් කියන්නෙ මොකක්ද? දන්නෙ නැති නිසා අහන්නෙ? තරා නැතුව කියන්නකෝ..?
ReplyDeleteඅවුරුදු 10 වෙනකන් යන්තම් ගමේ හිටිය නිසා මෙව්වා හම්බ උනා නැත්නම් මේ ටිකත් නෑ :)
Deleteමං ආර ගැන ඔයාට මැසේජ් එකක් දාලා ඇති.
කොල්ලා තාත්ත තරම් ශූරයෙක් නෙමෙයිද...දැන් බොට පුලුවන්නෙ වගා සංග්‍රාමයට කර තියන්න...
ReplyDeleteමං ඒ ඔක්කොම අතැරලා පොඩි කාලේ ගමෙන් ආවා,ඒක නිසා මට ගොවිතැන පිහිටලා නෑ :(
Deleteඋබ දන්නවද මම වත්ෙත තවානක් දාලා ගස්වල ෙගඩි අාවහම ලැබුව සතුට?
ReplyDeleteමම දන්නව ඒ් සතුට උබ අපිට වඩා විදල අැති
ජය !
අම්මෝ ඒක නම් ඇත්ත
Deleteමායි තාත්තයි මං පොඩි කාලේ ඉන්දවපු අඹ ගහේ නැගලා අඹ කද්දී හිතට පට්ට ෆිට් බං
සැමටත් ජය.....!!!!
ඒ මටත් ආසයි බං වගාවක් කරං පාඩුවේ ඉන්න...
ReplyDeleteකොයිද ඉතිං....
කුනුහබ්බ තමා මතක් වෙන්නේ..
වගා සංග්‍රාමේ කරන් ඉන්න එක අතකට හොදයි බං තරියා.කිසි කරදරයක් නෑ කාගේවත් යටතේ නෑ ඔක්කොම අපිට ඕනේ විදිහට
Deleteඅඩේ!!!! දැන් ඉතිං හේනක් කොටාගෙන ඉන්න තමා තියෙන්නේ..... :)
ReplyDeleteමෙහෙ එන්නේ නැතුව ගමේ හිටියා නම් මං ගොවිතැනුත් ටිකක් ඉගෙන ගන්නවා :)
Deleteවගා ගැන ඇහුවම ආස හිතුනා
ReplyDeleteඑව්වා දැක්කම ඊට වඩා ආසයි :)
Deleteඅපිත් පුළු පුළුවන් කාල වලදී ගෙදර වැව්වා. දැනුත් මිරිස් පැල ටිකක් වවාගෙන ඉන්නේ. සුන්දර ළමා කාලයක්. මේවා ඇහුවාම මටත් මතකෙට ආවේ වී ගෝනි උඩ නැගල හිටිය කාලේ.
ReplyDeleteඒ කාලේ අපිට සුන්දර කාලයක් තිබුනා කියලා මතක් වෙද්දී හිතට හරි සන්තෝසයි..මං ලොකු වෙලා මනමාලියෙක් කැන්දන් ආවට පස්සේ ගෙදර පුළුවන් විදිහට වගා කරනවා, :)
Deleteපොඩි එකාගේ හීන බිඳිච්ච එක නම් පවු හැබැයි.
ReplyDeleteපවු නේන්නම්
Deleteඅඩුම තරමේ ඒ ප්‍රෝග්‍රෑම් එක බලන්න වත් ලැබුනා නම් :/
අඩේ පට්ට ෆන් ඇති ඒ දවස් වල
ReplyDeleteඅයෙත් අහලා පට්ට පට පට :)
Deleteවවන්නෝ දිනන්නෝය මඩේ..අපි ගොඩේ විතරක් නොවේ මඩේත් වවමු.
ReplyDeleteවවන්නෝ දිනන්නෝ කියලා මං කොන්ඩේ වවනවා ;)
Deleteඅපිට ගොඩ ඉඩම් විතරයි තිබ්බේ....
එහෙනම් උබල ප්‍රේමදාස මහත්තයටත් බඩු
ReplyDeleteවික්ක ඈ ?
හනේ මචන් ඔක්කොම අත ඇරලා දාල ඔය ඉඩම්
වල වගාවක් කරපන්..එක එකාට නැවෙන්නේ
නැතිව මාසෙකට 1ක් විතර හොයාගන්න පුළුවන්..
පිරිසුදු සල්ලි ..මඩවති කැමති වේවිනෙ ගෙවිලියක් වෙන්න ?
කෙසෙල් , කරවිල , මුකුණු වැන්න , සාරණ ,
ගොටු කොළ වගේ දේවල් කරපන් පර් . 2 වගේ පාත්ති
වල ..
ආයෙත් අහලා දන්නෝ නේඉතින් අපි ගැන
Deleteමං ගමේ හිටියා නම් ඕවා ඉගෙන ගන්නවා ඒත් දැන් මං දැන් ගොවිතැන් කරන්න පුළුවන් තැනක නෙමේ ඉන්නේ.මං ආස කරන දෙයක් පස්සේ දුවනවා.
අදමද කොහෙද මේ පැත්තෙ ආවෙ.
ReplyDeleteලස්සන ළමා කාලයක්නෙ ගතකරල තියෙන්නෙ.
අපරාදෙ ටීවී එකට මූන දාගන්න බැරිඋනේ.
මේ පැත්තට සාදරෙන් පිලිගන්නවා....!!
Deleteඅපි වාසනාවන්තයි එකයි එහෙම ළමා කාලයක් අපිට ලැබුනේ..
ඒකනේ අප්පා පොඩි කාලෙම මුණ දෙන්න තිබ්බ එක මිස් උනා :(
අතින් හදපු ගහක ගෙඩියක් දකිනකොට හිතන දැනෙන සන්තෝසේ...හම්බේ වචන වලින් බෑ
ReplyDeleteඒවා විදින්න පිං කරලා තියෙන්න ඕනේ බං
Deleteවගාවන් ගැන කියද්දි ආසාවේ බෑ.. ෆැෂන් වැල් ටික ලස්සනට තියෙන්න ඇති. මට නං ආසාවෙ බෑ බන්. දැන් ඔය දේවල් වල නශ්ඨාවශේෂ වත් නැද්ද??
ReplyDeleteෆැෂන් සිං එක පට්ටෙට තිබ්බා මට තේරෙන පොඩි කාලේ උනත් ඒක මාරම ගති
Deleteදැන් නෑ බං,එව්වා නවත්තලා දැන් අවුරුදු 10 විතර වෙනවා.දැන් හැම ඉඩමකම දීර්ඝ කාලීන භෝග දාලා තියෙන්නේ
පැල හිටෝල ඒවායෙ දලු දාල දිලිහෙනකොට මාර සතුටක් එන්නෙ..දවසක් බලා ඉතෑකි.
ReplyDeleteකුඹුරු වලදි අපිත් ඕය වගේ අත්දැකීම් ලබලතියෙනව.
අඩේ ආපේ තාත්තා මං ඉපදෙන්න කලින් කුඹුරු කරලා තියෙනවා,ඒත් පස්සේ ඒවා දුර වැඩි කියලා කාටද දීලා,අපරාදේ තිබ්බා නම් සිරා :/
Deleteශාහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්.. ලෝබෙ බෑ මේක කියවගෙන යද්දි.. වගාවන් ගැන ටික කියවද්දි ආස හිතුනා හේනක දුවලා පැනලා ඇවිදින්න. :)
ReplyDeleteඅපරාදෙ බොල ඒ කාලෙවත් දැනගෙන උන්නානම් එන්න තිබ්බා උඹලාගෙ ගමේ ට්‍රිප් එකක් දාගෙන :D
දැන් වරෙන් අවුලක් නෑ මං හේනකට ගිහින් දාන්නම් ඇති වෙනකන් දුවලා පැනලා නටපන් :)
Deleteමරුනෙ මඩයා. අපිට නම් ඔහොම ලොකු ඉඩම් තිබිලා නෑ කවදාවත්. ආසාවේ බෑ. විශේෂයෙන්ම අර පැෂන් ෆෲට් හෙවන.
ReplyDeletehenryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
තාත්තා ඔක්කොම තාත්තගේ මහන්සියේ හම්බ කරගත්තා ඒවා තමා ඒ ඉඩම් ඔක්කොම.මාත් මාර ආසයි ඒ ෆැෂන් හෙනවට අපරාදේ ඒක අයින් කලේ :(
Deleteඅපිට වවන්න තරම් ඉඩක් තිබුනේ නෑ අපේ ගෙදර. එත් පොඩි කාලේ සුන්දර මතක නම් ඕන තරම් තියනවා. දැන් ඉන්න ළමයින්ට ඒවගේ ළමා කාලයක් නැති වෙලා තියන එක ගැන නම් හරියට දුක හිතෙනවා.
ReplyDeleteඅපිට ඒ කාලේ හම්බ උන ඒ අත්දැකීම් දැන් උන්ට නෑ බං
Deleteඅපි ඒ අතින් බලද්දී පට්ට වාසනාවන්තයි...
ඒක ඇත්ත බං අපේ තාත්තලා අපිට වඩා සුන්දර ළමා කාලයක් ගෙව්වා.අපි දැන් ඉන්න පොඩි උන්ට වඩා සුන්දර එකක් ගෙව්වා
අඩේ පස්ටනේ ඈ...
ReplyDeleteදන්නෝ නේ ඉතින් :)
Deleteඉඩම් හා වැවිලි කරුවෙක් ගේ පුතෙක් නේද?සන්තෝසයි.. මම ඉස්සර වැඩියෙන් ආස නිවිති වවන්න.සති දෙකකින් වගේ ඵලදාව ගන්න පුළුවන්.
ReplyDeleteඑහෙම කියන්නත් පුළුවන්
Deleteඅපේ අම්මා නම් ගෙදර නිවිති ඉන්දනවා තමා මං ඉන්දන්නේ මිරිස් තක්කාලි වගේ එව්වා තමා :)
වගාවන් ගැන අහන්නත් සතුටුයි. ලස්සන සුන්දර ළමා කාලයක් වෙන්නැති මයේ හිතේ ඔයාට තියෙන්න ඇත්තේ........
ReplyDeleteකොහොම වුනත් පව් අප්පා පොඩි එකාගේ හීනෙ.....
ගමේ හිටපු කාලේ ජිවිතේ විදින්න පුළුවන් තරම් වින්දා මං මගේ පුංචි කාලේ ගැන දුක වෙන්නේ නෑ ඒක මාර ලස්සනට ගෙවුනා
Deleteඕව් අප්පා ඒක ගැන තාමත් දුක් වෙනවා මම ;)
අය්යෝ ..TV එකට මුණ දාගන්න බැරි වුණා නේ? වගාවන් ගැන නම් අහනකොටත් ආස හිතෙනවා ..අපි නම් ඔහොම වගා බිමකට පය ගහලවත් නෑ අප්පා ..ඒ අතින් ඔයා මාර වාසනාවන්තයි .
ReplyDelete:)
ඔව් අප්පා
Deleteකමක් නෑ මං මේ ලගදී ආසාව ඉෂ්ට කරගත්තා :)