Friday, July 14, 2017

සුපිරිවදන්!


සෝෂල් මිඩියා වල කාලෙන් කාලෙට එක එක දේවල් වයිරල් යනවා.මේ දවස් වල "  සෙට් එකයි,අරකට හුරුවෙයන්  "එකයි නැගලම යනවා.ඉතිං  ට්විටර් ජනතාවත් ඕකට හෑෂ් ටැග්  එකක් හදලා හොද හොද ට්වීට් ටිකක් දාලා තිබුනා,ඒකෙන් ට්විට් ටිකක්  බ්ලොග් එකේ දාන්න හිතුනා,කියවලා බලන්න.
 මේ ලින්ක් එකට ගිහිං  ඔක්කොම ට්වීට්  ටික කියවන්න.මාරු ටිකක් තියෙනවා

Thursday, July 6, 2017

මා ගැන හිතුනොත් අනුකම්පා නැවතත් එනු මැන හනික සොයා!!



දයාබර සැලරිය,

ඉතිං ඔබට කොහොමද?මම නං නුඹ මගේ කර ගන්නටත් මගේ ලගින්ම තියාගන්නටත් දිනපතා මහන්සි වෙමින් සිටිමි,නමුදු මා නුඹට පෙම් කරන තරමටම නුඹ නැවතත් මට පෙරලා පෙම් නොකරන බවද හොදින් දනිමි.සුළඟ නුඹ වගේ සිත් මල වටා එතෙයි මල් සුවද හොර හොරෙන් අරන් යන්නට හදයි ඒත්"ඔබට මා ආදරය කල බව මෙතරම් මා දමා ඔබ දුරකට යනතුරු නොදනිම්".සිනාවන් ගෙනා වසන්තේ දමා කොහේ යන්නදෝ පියාඹලා,ඔයාගෙන් එහා ලොවක් නෑ මවා මගේ ජීවිතේ වගේ ඔයා.

Monday, May 8, 2017

සුවද පිරුණු පුංචි කාමරේ : ඇය හා මම



ඒක ලාවට එලිය තියෙන කමරයක්. කාමරේටම හිටියෙ අපි දෙන්නා විතරයි.
"ශර්ට් එක ගලවලා ඇදෙන් හාන්සි වෙන්න."

Monday, July 18, 2016

සෝෂල් මීඩියා ඩේ | SMdayCMB 2016

ජූලි 16 වෙනිදා Etisalat අනුග්‍රහය යටතේ පවත්වපු සෝශල් මීඩියා ඩේ එක පැවැත්වුනා.

Friday, July 15, 2016

Friday, July 8, 2016

මඩයට චන්දයක් !!!



මෙදාපාර සෝශල් මීඩියා ඩේ එකේ ජනප්රිය බ්ලොග් 5 අතරට මඩයගේ ලොකයත් ඇවිල්ලා. මටත් හිතාගන්න බෑ කොහොමද ආවේ කියලා 😀😀😀😀. කොහොම හරි ඇවිත් නේ. මන් පහලින් ලින්ක් එක දාන්නම් ඒකට ගිහින් වෝට් කරන Platform  එක Facebook ද  Twitter ද කියලා සිලෙක්ට් කරලා ඒ අදාල අකවුන් එකෙන් ලොග් වෙලා මඩයාගේ ලොකය හොදයි කියලා හිතෙනවා නම් වෝට් එකක් දාන්න
ජය වේවා!!
ස්තූතියි!!
මෙන්න ලින්ක් එක
http://socialmediacolombo.com/vote/index.php

Saturday, June 25, 2016

ඇය තුරුලේ ..

හීනී කොන්ක්රීට් 
තීරු අතරින්
සුසිනිදු මදනල 
සර සර හඩ 
නංවමින් රිංගාවිත් 

Saturday, April 26, 2014

අවුරුදු තෑග්ග..!!!!

උදේ පාන්දරම ඇහැරුනේ නිදිමත නැති නිසා නෙමේ.මහා මේරූ පර්වතේ ඇග උඩ තියලා තියෙන තරම් බරක් දැනුන නිසා.ඇහැරුනාම තමා දැනුනේ මහා මේරූ පර්වතේ නෙමේ එක  අජරාමර චූ බරක් කියලා.ඇද පුරා විසිරිලා තිබ්බ  සරමේ ගැටේ එකට එකතු කරලා ගැටේ ගහන ගමන්

Thursday, February 27, 2014

දුවපල්ලා හෙවත් තවත් ගස්ලබු කතාවක් ....!!!

කාලෙකින් ආවා මේ පැත්තේ.ඉතිං කට්ටියට කොහොමද?පහුගිය දවස් වල අලුත් බ්ලොග් එකක් පටන් ගෙන තිබ්බා මඩවල කියලා.ඒකේ මුලික අරමුණ බ්ලොග් ලියන අය චැට් එකට අල්ලන් පොඩි මඩ පාරක් ගහන එක.ඒකට මුලින්ම සෙට් වෙලා තිබ්බේ සෑම්.ඒක ලියන්නේත් මඩයා කියලා එක්කෙනෙක් හැබැයි ඒ මඩයා මේ මං මඩයා නෙමේ.

Friday, February 7, 2014

හොස්ටල් ජිවිතේ 01

2001 පෙබරවාරි 07 ඒ කියන්නේ හරියටම මීට අවුරුදු 13 කට කලින් දවසක.......................හරියටම හවස 3ට ඇඹිලිපිටිය ටවුන් එකෙන් පිටත් උන ලංගම බස් එකේ පිටිම පස්ස සීට් එකේ අම්මගේ තාත්තගේ මැද්දට වෙලා තුරුළු උන පුංචි කොළු ගැටයෙක් එයාගේ ජීවිතයේ තීරණාත්මක ගමනක් ආරම්භ කලා.එදා ආදරෙන් අම්මගේ තාත්තගේ තුරුලේ ආව එකා එදා ඉදන් අද වෙනකං ජීවිතේ වැඩිම හරියක් ගතකලේ තනියෙන්.ගමන පිටත් වෙද්දී සතුටින් ඉපිල්ලිලා  ආවට 8 වෙනිදා හවස් වෙද්දී තමා බරපතල දැනෙන්න පටන් ගත්තේ.

Friday, January 24, 2014

ශ්‍රී පාද වන්දනා................!!!!!!!!!!

කාලෙකට කලින් ලස්සන ලෝකයක් තිබ්බා මඩයාගේ ලෝකය කියලා.ඒකේ අයිතිකාරයාගේ උනන්දුවක් නැතිකම හා වැඩ වැඩි කම නිසා ඒ ලෝකේ පාලුවට ගියා මකුළුදැල් බැදුණා පෙරේතයෝ කුම්භාණ්ඩයෝ අරක්ගත්තා.එහෙමයි කියලා ඒ ලෝකෙට කැමති අය ඒ ලෝකෙට සැරෙන් සැරේ ගොඩ වෙලා ගිහින් තිබ්බා ලෝකේ ආයෙමත් පුරුදු තත්වෙට පත් වෙලාද බලන්න.

Tuesday, September 10, 2013

අයියේ කොමඩු නැද්ද?

පහුගිය දවස් වල පොඩි ටීවී සිරිස් දෙකකට හිත ගිහිං තිබ්බා.එකක් තමා prison Break අනිත් එක තමා ජාතිකේ යන ඒලෙවල් ඉවරයි.ඒලෙවල් ඉවරයි නම් පට්ටයි.ඒක මෙගා එකක් උනාට අනිත් මෙගා තරම් පජාත නෑ.අනිත් එක ඒකෙ ඉන්න උන් රඟපානවා කියලා දැනෙන්නේ නෑ ඒ තර

Saturday, September 7, 2013

මහා සංචාරය හෙවත් අතරමං වීම....!!


අමාරුවෙන් අටවා ගත්ත බ්ලොග් එක පාලුවට යන එක වාවන්නේ නැතත් මට ඒක පාලුවට යන්න දෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ.විභාහගෙන් පස්සේ නිදහස් වෙයි කියලා හිතුවත් කිසි නිදහසක් තිබ්බේ නෑ.අම්බනෙට ඔෆිස් එකේ වැඩ සෙට් උනා පහුගිය දවස් වල රට වටේ ඇවිද්දා.මේ දවස් වලත් අම්බානට වැඩ උදෙන්ම සයිට් ගිහින් රෑ වෙලා තමා සයිට් එකෙන් එන්නේ.ඒත් බ්ලොග් ඒක අතැරලා දාලා ඉන්න හිත දෙන්නේ නැති නිසා මේ පැත්තට ආවා.

Tuesday, June 18, 2013

තිරිසන්කම,ආදරය,මවු සෙනෙහස !!!!!!!

හරියටම මාස දෙකයි දවස් හතරකට පස්සේ බ්ලොග් පොස්ට් එකක් ලියන්න ගත්තේ,අමාරුවෙන් අටෝගත්ත මේක,මේක නිසා අදුන ගත්ත යාලුවෝ ටික අමතක කරලා දාන්න බෑ  එත් පහුගිය දවස් වල තිබ්බ වැඩ නිසා මට ඔක්කොම අමතක කරලා දාන්න සිද්ද උනා.අධ්‍යාපන කටයුතුයි ඔෆිස් එකේ වැඩයි බ්ලොග් ලියන එක්කයි කියවන එකයි ඔක්කොම මට බැලන්ස් එකේ කරගන්න බැරි උනා එන්න එන්න විභාහගේ ලං උන නිසා මන් අධ්‍යාපන කටයුතු වලට අවධානය වැඩිපුර යොමු කළා.විභාහගේ ඉවර උනත් නිදහසක් තිබ්බේ නෑ .විභාහගේ ඉවර උන ගමන් ගිනිගත්හේනේ සයිට් එකකට යන්න උනා.ඒ ගිහින් අනිත් පැත්තට තණමල්විල වැල්ලවාය පැත්තට යන්න සිද්ධ උනා ඒ පැත්තේ සයිට් ගොඩාක් තිබ්බ එහෙත් සතියක් විතර ඉදලා තමා මේ ආවේ.ඔෆිස් එකත් බලන් හිටියේ විභාහගේ ඉවර වෙනකන් රට වටේ යවන්න.

Sunday, April 7, 2013

පාළු ළිඳේ කාන්තා මළසිරුර සහ තැඹිලි හොරු..........!!!!

කාලෙකින් පොස්ට් එකක් ලියන්නේ.දැන් ඉස්සර වගේ වෙලාව නෑ අප්පා.මොකද ජොබ් එකට ගිහින් ඇවිත් පාඩම් කරන්න ඕනෙ නිසා ඔය දෙක බැලන්ස් එකේ නොකලොත් අනාගතේ හබක් වෙන නිසා ආතල් කුඩු කරන් මං පාඩම් කරනෝ.පස්සේ බැරියැ ආතල් ගන්න.ඒත් අමාරුවෙන් අටෝගත්ත බ්ලෝග අතාරින්න හිත දෙන්නේ නෑ.වෙලාවක් ආව ගමන් මේක ලියනවා ඒ වගේම වෙලාවක් ආව ගමන් අනිත් බ්ලොග් ටිකත් කියවනවා.සමහර බ්ලොග් වලට කමෙන්ට් නොකලත් මං පුළුවන් වෙලාවට කියවනවා.කමෙන්ට් කරන්නේ නැත්තේ ෆෝන් එකෙන් ඒක කරන එක වාත නිසයි.හරි කියෙව්වා ඇති අද කතාවට යන්.:)

Tuesday, March 5, 2013

සාස්තරේ....................සාස්තරේ.............වල්ලිඅම්මා කියයි සාස්තරේ.....

0785****** 
මං එක හුස්මට නම්බර් එක ඩයල් කලේ හිතේ බලාපොරොත්තු ගොඩාක් තියාගෙන සහ ලොකු කුතුහලෙකින් 
අමිලයා නම්බරේ දෙද්දීම කිව්ව දේවල් එක්ක කුතුහලේ වැඩි උනා සහ නම්බරේ සම්බන්ධ සිද්ධිය පිලිබඳ පැහැදීමක් ඇති උනා 
මං සාමාන්‍යයෙන් නොකරන වැඩක් උනත් අද මං ඒක කලේ හිත පුරා කරණං ගැහුව කුතුහලේම නිසා.
අමිල දන්නා එවුන් කීපදෙනෙක්ම කතාකරලා තිබ්බා

Monday, March 4, 2013

මෙන්න සැටලයිට් ප්‍රශ්නෙට උත්තරේ..........!!!!!!!!!!!

මං කලින් පොස්ට් එකේ ඇහුව සැටලයිට් ප්‍රශ්නෙට මුලින්ම හරි උත්තරේ දුන්නේ ඩුඩ් අයියා ඊට පස්සේ උනත් හරි උත්තරේ දුන්නේ මානවක අයියයි නලීන් අයියයි විතරයි,මාතලන් අයියත් වෙන චන්ද්‍රිකා සිග්නල් වගයක් අල්ලන්න ඇන්ටනාව අල්ලන්න ඕනේ පැත්ත කිව්වා.ඇනෝ කෙනෙක් මුලින්ම උත්තරේ දුන්නා ඒ ඇනොගේ හොර වැඩ නිසා ඒක උත්තරේ පිළිගන්නේ නෑ.මොකද ඒ ඇනෝ මගෙන් උත්තරේ අහගෙන තමා ඇවිත් මෙතන කමෙන්ට් කරලා තියෙන්නේ ;)

Friday, March 1, 2013

හා පුළුවන් නම් කියන්න බලන්න.....


කාලෙකින් බ්ලොග් ලෝකෙට ගොඩ වැදුනේ.ජොබ් එකට යන නිසා දැන් නෙට් යන වෙලාව අඩු වෙලා ගිහින් මොකද රෑට ඇවිත් පාඩම් කරන නිසා දැන්ම තියා වැඩ කලේ නැත්නම් විභාහගේ කිට්ටු වෙලා පුක කැඩිච්ච කඩියා වගේ දගලන්න වෙනවා.පහු ගිය සතිය නම් මහා අජපල් සතියක් හැමදාම බෝඩිමට එද්දී රෑ වෙනවා පාඩම් කරන්න වෙන්නෙම නෑ ඇවිත් කාල නිදා ගන්නවා.පහුගිය සතිය පුරාම වැඩ කලේ සීදුව පැත්තේ සයිට් එකක මොබිටෙල් එකේ වැඩක්.හැමදාම උදේ යද්දී හිතෙන්නේ ඒක හවස ඉවර කරන්න පුළුවන් වෙයි කියලා ඒත් එහම අපේ හිත රැවට්ටි රැවටී සතියක් වැඩ කළා.වැඩ ඉවර කරන්න ඉවර කරන්න උල්පතෙන් වගේ තව මොකක් හරි ඉතුරු වෙලා තියෙනවා.

Wednesday, February 6, 2013

සෝමාවතී පුදබිමේ අසිරිමත් සිදුවීම සහ කප්රුක් පූජාව

විශේෂ සටහන.......!!





මේ ෆොටෝ එක සෝමාවතිය චෛත්‍ය ලග කරපු පුජවකදී මහ රෑ පහන් වනතුරු පිරිත් සජ්ජායනය කරද්දී කැමරාවට අසු වුන ජායා රුපයක්.ෆොටෝ එක අරන් තිබ්බේ W.M.N  බණ්ඩාර මහතාගේ කැමරාවෙන් .මං සහතික වෙනවා මේක ෆොටෝෂොප් වලින් එඩිට් කරපු එකක් නොවන වගට.මොකද මහා රෑ එළිවෙනකන් පිරිත් කියලා පහුව දා උදේ කට්ටියටම ෆොටෝ එක පෙන්නුවා ඒ වෙලාව අතර මේ වගේ එකක් එඩිට් කරන්න වෙලාවක් උනේ නෑ.