Sunday, December 30, 2012
දැනගෙන ගිය කතරගම....02
මං නැවැත්තුවේ දන්සලේ උදේ වරුව ගැන කියලා නේ.ඊට පස්සේ පෙළගැහිලා තිබ්බේ මහා සාංඝිගත දක්ෂිණාව ස්වාමීන් වහන්සේලාට පූජා කරන එක ඒත් දවල් දානෙත් උදේ කෑමත් අතර වෙලා ගොඩාක් තිබ්බ නිසා කට්ටිය ඔක්කොම සෙට් වෙලා පොඩි ධර්ම සාකච්ඡාවක් පැවැත්තුවා එහෙමයි කියලා කුස්සිවල වැඩ නැවතුනේ නෑ කට්ටියක් දානෙට බරටම වැඩ අනිත් අය පිංකමට සහභාගී උන අයට දවල්ට කන්න දෙන්න වැඩ.ඔය වැඩ වෙන අතරේ තව කට්ටියක් කිරි වෙහෙර දාන ශාලාවේ ස්වාමින් වහන්සේලාට දානේ පිළිගන්වන්න ඕනේ වැඩකටයුතු කළා.කාන්තා පාර්ශවයේ තව සෙට් එකක් දයා ගමගේ ශාලාව පිළියෙළ කළා මෙහෙණින් වහන්සේලාට දානේ පිළිගන්වන්න.
Saturday, December 22, 2012
දැනගෙන ගිය කතරගම..........
දෙයියනේ කියලා යන්තම් දවසක් සෙට් උනා පොස්ට් එකක් දවසක්.මේ පොස්ට් එක ටයිප් කරන්න දවස් කියක් නම් ට්‍රයි කලාද.අද නම් මේක දාල මිස මෙතනින් නොනැගිටිමි.අලුත් ජොබ් එකට ගියා.තැන නම් හොදයි,අලුතෙන් ඉගෙන ගන්න දේවල් ගොඩාක් තියෙනවා.අපි කාලා තියෙන කට්ට එක්ක බලද්දී ඔෆිසියේ කට්ට කියපු ඒවා මහා දේවල් නෙමේ.ඒත් වැඩ නම් ගොඩාක් තියෙනවා.එක නිසා බෝඩිමට එද්දී හවස් වෙනවා.ඇවිත් කාල සැපට දොයියනවා ආයේ උදේ නැගිටලා ඔෆිස් යනවා.ඔහොම තමා ජිවිතේ එකයි පොස්ට් එකක් දාන්න වෙලාවක් නැති උනේ.
Sunday, December 9, 2012
විභහගය නිමවීමේ ප්‍රීතියත් සමග සර්කිට් හන්දියේ මඩයා නිදැල්ලේ.........
බ්ලොග් එක පුරා හිටිය
කැරපොත්තෝ,හුනෝ,මකුළුවෝ,සල්ලාලයෝ එකී මෙකි නොකී හැම ජාතියේම එවුන්
එලෝලා දාල බ්ලොග් එක ආයේ මගේ අතට ගත්තා.ඒත් ගණිකාවෝ ටික
Saturday, November 3, 2012
ගිහින් එන්නම්.......!
බ්ලොග් එක හොදටෝම පාලුවට ගිහින් කැරපොත්තෝ,හුනෝ,මකුළුවෝ,ගණිකාවෝ සල්ලාලයෝ එකී මෙකි නොකී හැම ජාතියේම එවුන් මේකේ ඇවිත් පැල් බැදගෙන,උන් හිතලා තියෙන්නේ මේක පාළු මන්දිරයක් කියලා.මොනා කරන්නද තවත් මාසයක් යනකන් එක දිගට මේක එහෙම්මම තමා.
Saturday, October 20, 2012
ඉවසයිද මන්දා මා දුන් රිදුම් ......
ඉවසයිද මන්දා මා දුන් රිදුම්
වෙන්විලා ආදා වෙනතක් බලන්
උන්නාට මා රහසේ තුරුලක හෙමින්
මට ඉන්න බෑ නේ මතකෙට හොරෙන්
Wednesday, October 17, 2012
අවාසනාවට ඇත්ත කතාවක් : "පෙම් ප්‍රර්ථනා "
"ප්‍රියලාල් මං ඔයාට ආදරෙයි.....!"
සසිකලා ඇවිත් මෙහෙම කියද්දී මගෙ මුළු ඇඟම සීතල වෙලා ගියා.සසිකලා කියන්නේ අපේ IT ක්ලාස් එකේ හිටිය ලස්සනම කෙල්ල.පන්තියේ කොල්ලෝ ඔක්කොම ඇහැ දාගෙන හිටියේ.ඕනෑම කොල්ලෙක් කැමති එයා තමන්ගේ කරගන්න.මට කොහොදෝ පිනකට ඒ වාසනාව පෑදුනා.ඔව් පන්තියේ හැමෝම හිතන් ඉන්නේ මට වාසනාව පෑදුනා කියලා.ඒත් එයා ඇවිත් ඒ දිලිසෙන ඇස් දෙකෙන් මගෙ බොර පාට උන ඇස් දිහා බලන් ආදරෙයි කිව්වම මට දැනුනේ එයාගේ ආදරේ නෙමේ.
Saturday, October 13, 2012
Tuesday, October 9, 2012
ඌ අදහන්න වටින කොල්ලෙක්.මං වගේම හිත හොද එකා..!!
Wednesday, October 3, 2012
ක්‍රිකට් කියන්නේ යුද්ධයක් නෙමෙයි බොලව්!!!

මචං ඉන්දියා,
උඹලා
ඊයේ දින්නත් පරාදයි බං
බලපන්
උඹලා පැරදෙද්දී
ලෝකේ කොච්චර
උන් සන්තෝස උනාද?
පකිස්තාන්කාරයෝ එක්ක
අපිත් උඩ පැන්නා
කෝලි....
උඹ ඇඩුවට
අපිට දුක හිතුනේ නෑ
මචං
ක්‍රිකට් වලට
කොච්චර දක්ෂ උනත් වැඩක් නෑ
මහත්මා ගති නැත්නම්
හිතන්න එපා
අනිත් උන් ඔක්කොම
තමුන්ට වඩා පහත් කියලා
කොච්චර දින්නත්
උඹලා පරදින දවසක් එනවා
අන්න එදාට
උඹලාට
ගොඩා......ක් රිදෙයි
ඒකෙ අමාරුව ඊයේ දැනෙන්න ඇති
මිනිස්සුන්ට
ගරු කරන්න ඉගෙන ගනින්
එතකොට
අනිත් උනුත්
උඹලාට ගරු කරාවි
දුකේදී ලග ඉදිවී
උඹලගේ ජයග්‍රහණ වලට
වටිනාකමක් ලැබේවි
ක්‍රිකට් කියන්නේ
යුද්ධයක් නෙමෙයි
බොලව්!!!
Sunday, September 30, 2012
මගෙ ස්වීටි කෙල්ල තැඹිලි ගෙඩිය රත්තරං........
දැන් ටික කාලෙකට කලින් සිරා සින්දුවක් ඇහුවා.ඒක පොඩි බජව්වක කියන එකක් ,මං ඇහුවේ රේකොඩින් එකක්.ඒත් ඒක කොලිටි නැති උනාට beatඑකයි පද ටිකයි පට්ටෙට සෙට් උනා.ඕක ඉතින් ඒක නිසම බෝඩිමේ වැඩිපුරම ඇහෙන සින්දුවක් වෙලත් තිබ්බා කාලයක්.අපේ උන් සෙට් එකටත් සින්දුව හොදට සෙට් වෙලා තිබ්බේ ඉතින් ඒක නිසා මං කොච්චර පට්ට ගැහුවත් එකෙක් වත් කිසිම කුණු කතාවක් කිව්වේ නෑ.
Wednesday, September 26, 2012
දර්ශනීය මන්න පාර.....
මාස දෙක හමාරකට විතර පස්සේ ගෙදර ආවා,කාලෙකට පස්සේ බඩට සහ හිතට සැප හම්බ වෙනවා,අම්මගේ කෑම කන්න වෙන්නෙත් කාලෙකින් නේ.කොහොම උනත් මං ගෙදර ආවහම දවසේ කෑම වේල් ගණන කොහොමත් 5ක් හරි 4ක් හරි වෙනවා.ඉන්න දවස් තුන හතරට බඩට පුළුවන් තරම් සැපක් දෙන්න එපැයි.ගෙදර ඇවිත් වත්තේ ඇවිද ඇවිද ඉද්දි මට පරණ
සිද්ධි ගොඩක් මතක් උනා,පුංචි කාලේ සුන්දර මතක ආයේ හොල්මන් කරන්න පටන් ගත්තා හිත ඇතුලේ.ඉතින් එක නිසාම ඒකාලේ උන සිද්ධියක් අද පොස්ට් එකට දානවා කියලා හිතුනා.
Saturday, September 22, 2012
කතා කලාට කවුද කියලා නිච්චියක් නෑ
මේ දවස් ටිකේ වැඩිපුර කලේ අපේ ෆීල්ඩ් එකේ ඉගෙන ගෙන රස්සා කරන උන් ගැන හොයලා උන් එතනට ගියේ කොහොමද,කොච්චර කල් ට්‍රේනින් හිටියද?දැන් තත්වේ කොහොමද?අපිත් උන්ගේ ගානටම ඉගෙන ගත්තම අපිටත් කොයි වගේ රස්සාවක් හම්බවෙයිද කියන එක.ඉතින් එව්වා ගැන අහද්දී වැඩ කරන්න තියෙන ආසාව වැඩි වෙනවා,හිතට අමුතුම හයියක් එනවා.
Wednesday, September 19, 2012
"අම්මේ,තාත්තා ආයේ එන්නේ නැද්ද?"
උඹ
ඒ හඬට පෙම් කලා
ඒ ආදරේ හොයන් ගියා
ඒක නොලැබුන තැන
උඹට මතක් උන
එකම
උත්තරේ තමා මරණේ,
ඔව්
උඹ මැරුණා
ඒ අසරණ බිරිදක් සහ
දරුවෝ දෙන්නෙක් ලෝකේ තනිකරලා,
මැරෙද්දි
හිතෙන්න ඇති ඒකෙන්
ප්‍රශ්නේ විසදුනා කියලා,
උඹේ ප්‍රශ්න ඔක්කොම නම් විසදෙන්න ඇති
ඒත් උඹ ගියේ
අනිත් උන්ට ප්‍රශ්න ගොඩාක්
ඉතුරු කරලා
අර අසරණ අම්මගෙන්
පොඩි උන් දෙන්නා
තාත්ත කොහෙද ගියේ කියලා අහද්දී
එකීට දෙන්න තියෙන උත්තරේ මොකද්ද?
පොඩි උන්
ලොකු උන කාලෙක
උන්ගේ යාලුවෝ තාත්ත ගැන අහද්දී
උන් දෙන උත්තරේ මොකද්ද?
තාත්තා අහවල් සිද්ධිය නිසා
මලා කියලා කියන්නද?
උඹ
මහා ආර්ත්මාර්ථකාමී නිවටයෙක් බං
කොහෙවත් යන වෙන
ගෑනියෙක් ගැන හිතන්න කලින්
අඩුම තරමේ අර පොඩි උන් දෙන්න
ගැනවත් හිතන්න තිබුනා ..............
ප.ලි :- http://www.lankadeepa.lk/index.php/articles/65270 මෙන්න මේ news එක දැක්කම මට හිතුන දේ ලිව්වේ මෙහම.අද ලංකාදීප පත්තරේ තව විස්තර තියෙනවා මේ ගැන .
Tuesday, September 18, 2012
පයිරට්ස් ඔෆ් ද කැරිබියන් පස් වන මණ්ඩලයේ තිරගතවූ වගයි ...!
අපේ බෝඩිමේ ඉන්න ඔක්කොම වගේ ෆිල්ම් පිස්සෝ.ඉස්සර සමහර දවස් තිබ්බා එක දිගට එකම ෆිල්ම් සිරිස් එක බලනවා.ඒ බලන්නේ කාමරේ හොදට කළුවර කරලා ෆිල්ම් හෝල් එක වගේ හදලා තමා.ඉස්සර නම් ෆිල්ම් එකක් හම්බ උන ගමන් කට්ටිය ඔක්කොම සෙට් වෙලා එක පාර තමා බලන්නේ .මොකද නැත්නම් අන්කල්ගේ මුණ පළුවක් නැති බෙරේ වගේ වෙනවා නේ ලයිට් බිල දැක්කම.
Sunday, September 16, 2012
"වැහි බිංදු සහ දුවිලි "
මං හරි ආසයි
වහිද්දි මගේ කාමරේ ජනේලෙන්
ගුරු පාර දිහා
බලන් ඉන්න
මං හරි ආසයි
අහසේ ඉදන් බිම වැටෙන
වතුර බින්දු ගොඩාක් එකට එකතු
වෙලා
ගුරු පාරේ පාටත් අරන්
බොර පාටට පාර දෙපැත්තේ තරගෙට
සද්දෙන් බැහැල
පහල ආරට
අපිළිවෙලට යනවා බලන්න
වැස්ස පටන් ගද්දි
දුවිලි වලට වතුර වැටෙද්දී
එන
ඒ පුසුඹටත් මං මාර ආසයි
ඒ සුවඳ විදගන්න
ඉහලට ගත්ත හුස්ම පහල දාන්න
මං ලෝබයි
ඉහලට ගත්ත හුස්ම පහල දාන්න
මං ලෝබයි
ජනේලේ ලගට වෙලා
එදා ඒ විදගත්ත ලස්සන මට
දැන් වැස්ස වෙලාව
ට ජනේලේ ලගදි හිස් බවක්
ට ජනේලේ ලගදි හිස් බවක්
කෘතීම ගතියක් හැරුණු කොට
පෙර දා විදගත් ඒ සුවය,
හිතේ තිබ්බ ඒ හැගීම
දැනෙන්නේ නෑ
පෙර දා විදගත් ඒ සුවය,
හිතේ තිබ්බ ඒ හැගීම
දැනෙන්නේ නෑ
ඒ විදගත් දුවිලි සුවඳ
දැනෙන්නේ නෑ
දැනෙන්නේ නෑ
ඒවා කොහේ දැනෙන්නද
දැන් ගුරු පාරට කොන්ක්‍රීට් දාලා
ප.ලි :- පෙරේදා වැස්සේ තෙමි තෙමි පාරේ යද්දී මට ඒ කාලේ වැස්සට ආස කරපු හැටි මතක උනා ඉතින් බෝඩිමට ආයේ ආව ගමන් හිතට ආව ටික එහෙමම ලිව්වා මං දන්නේ නැ මේක මොකද්ද කියලා ඒත් ලියලා ඉවර උනාම අන්තිමට ඉතුරු උනේ මේ ටික :)
Thursday, September 13, 2012
හතර හන්දි හිරි වැටෙන බල්ටිය
මගේ ජීවිතේ බාගයක් යන්තම් ගමේ ගෙවා ගන්න යන්තම් පොඩි පිනක් පල දීලා පුළුවන් උනා.අවුරුදු 11 දී අම්මගෙන්,තාත්තාගෙන්,නංගිගෙන් සහ මල්ලිගෙන් ඈත් වෙලා කොළඹ ආවත් හරි මං තාම කොළඹට වෙලා තනියෙන්.කොච්චර දේවල් ලැබුනත් වැඩක් නෑ දුකට කාරණයක් කොහේ හරි තියෙනවා.ජීවිතේ දුක් කරදර විදින්නේ නැතුව ඉන්න වාසනාව ලැබුනට ගෙදර මිනිස්සු එක්ක ගමට වෙලා ඉන්නවා කියන කාරනේදී කිසිම වාසනාවක් නෑ මට.අද වෙද්දී මං මාස දෙකකින් ගෙදර ගිහින් නෑ,
Monday, September 10, 2012
"අනේ ප්ලීස් මල්ලා මා එක්ක තරහා වෙන්න එපා"
පෙර කලෙක පටන් පිස්සු බල්ලන් සේ අහුවෙන ඕනෑම තැනකින් පාර පැනීමට පුරුදු වී සිටි මඩයාත්,ධබාත්,නෝටියාත් දැන් පාර පනින්නේ කහ ඉරි වලින්ම පමණි.පෙරදා වීරයන් සේ පාර හරහා ඇවිදන් ගිය අප දැන්කොයි ලෝකෙන් හෝ කහ ඉරක් සොයමින් ඒ මතින්ම පාර පනිනුයේ රටට ඇති දේශ හිතෛෂී භාවය නිසාමය.
Thursday, September 6, 2012
"කුඩු දයා"
මරදාන කියන්නේ හරි අමුතු තැනක්,එක එක ජාතියේ මිනිස්සු ඉන්නවා දේවල් තියෙනවා.මං කලින් පොස්ට් එකකත් මරදානේ හිගන්නෝ ගැන ලිව්වා.මරදානේ තව තියෙන සීන් එකක් තමා මරදානේ පොත් කඩ ටික එක ලග එක දිගට වගේ තියෙනවා ඒ ගොඩාක් ඒවා ලංකාවේ ප්‍රසිද්ධ ප්‍රකාශන ආයතන,හාඩ්වෙයාර් ටික ආයේ එක ලග එක දිගට තියෙනවා,ලී බඩු සාප්පු ටිකත්,ඒජන්සි ටිකත්,මුස්ලිම් හෝටල් ටිකත් අරවා වගේම එක ලග තියෙන්නේ.එක ජාතියේ ඒවා එක ලග තියෙනවා
Sunday, September 2, 2012
"අර බලන්න සයිකෝ කෙස් එකක් "
Friday, August 31, 2012
හක්කෙ බුදු රැස්................!
"ඕයි මොකද මල් ගෙන්න පරක්කු?"
"අපෝ මේ මොකද මේවා පොඩි කරලා,මේවා ගෙන්න කියන්නේ මල් මාල ගොතන්න නෙමේ බුදු හාමුදුරුවන්ට පූජා කරන්න."
"ඒවා පිළිවෙලකට කරන්න ඕනේ වැඩ"
"තමුසෙලාට මේවා තේරෙන්නේ නෑ කාලකන්නි"
"දන්නේ බිඩිය කටේ ගහගෙන හන්දි ගානේ කරක්ගහන්න විතරනේ"
"දැන් ඉතිං යනවා මෙතනින් තව ගල්ගිල්ලා වගේ බලන් ඉන්නේ නැතුව"
Monday, August 27, 2012
පොලිස් මාම නැගපන් හු** කියලා කිව්වා .........!
මේ දවස් වල ශ්‍රී ලන්කන් ප්‍රිමියර් ලිග් එක නැගලා යනවා නේ.අපිත් ඊයේ ගියා මැච් එකක් බලන්න.මඩයට පොඩි කාලේ ඉදන් මැච් පිස්සුව තියෙනවා නේ එක නිසාම තම ඊයේ ගියේ.පොඩි උන් ටිකටත් විභාහගේ ඉවර නිසා උන්ගේ වැඩේ රවුම් ගහන එක නේ ඉතින් උනුත් සෙට් කරන ඊයේ රෑ තිබ්බ වයඹ ,රුහුණ මැච් එක බලන්න.අපි ගියා නිසාද කොහෙද වෙනද වේලි වේලි තිබ්බ පැවිලියන් ඊයේ පිරීලා තිබ්බ සූ ගාල සෙනග.අපි එන බව කට්ටිය කලින් දැනගෙන මන් හිතන්නේ ;)
Friday, August 24, 2012
කරුමේද නැත්නම් කාලකන්නිකමද .........!
කලණ පොඩි කාලේ ඉදන්ම හැදුනේ ආච්චිගේ ලග අම්මා හිටියේ රට තාත්ත ගැන නම් වැඩි විස්තරයක් නෑ.අම්ම රට ඉදන් සල්ලි හම්බ කරලා එවනවා ආච්චි ඒවගෙන්
කලණ උගන්නවා.කොහොම කොහොම හරි
කලණ උසස් පෙළ කරන කාලෙට එනවා.උසස් පෙළ කරලා පලවෙනි පාර හොද ප්‍රතිපලයක් නොලැබුනත් දෙවෙනි පාර හොද ප්‍රතිපල අරගන්නවා.ඒ ප්‍රතිපලේ ගාල්ල දිස්ත්‍රික්කේ තිබ්බ ප්‍රතිපල වලින් හොදම එකක්.කිසිම අවුලක් නැතුව කොළඹ වෛද්‍ය පීඨයට ඇතුල් වෙන්න පුළුවන් එත් මේ ළමයට උමනාව තිබ්බේ මයික්‍රෝ බයලොජි කරන්න එත් ගෙදරින් මේ කැමැත්තට දැඩි අකමැත්තක් විරුද්දත්වයක් දැක්කුවා.ඉතින්
කලණ කොච්චර දැගලුවත් එයාගේ ආසාවට ඉඩ ලැබුනේ නෑ අන්තිමට අම්මගේ සහ ආච්චිගේ හිත සනසවන්න අකමැත්තෙන් වෛද්‍ය විද්‍යාව ඉගන ගන්න කැමතිවෙලා සරසවියට ඇතුල් වෙනවා.
Tuesday, August 21, 2012
රෙද්ද ඉස්සීම සහ කලිසම පාත් කිරීම ;)
මේක මඩයට කවුදෝ එකෙක් විද්ද ඊයක්.ඔන්න පටන් ගන්න කලින්ම කිව්වා.මේක ලිව්වේ කවුද කියලා දන්නේ නෑ.හොද නිසා කියවලා නැති අයට බලන්න දානවා.කවුරු හරි මේක කලින් කාගේ හරි බ්ලොග් එකක හරි දැකලා කියවලා තියේ නම් ලින්ක් එක දාන්න මං තරහ වෙන්නේ නෑ ;) මෙන්න මේකයි කතාව.
Wednesday, August 15, 2012
උසස් රැකියාවකට ඉල්ලුම් කලෙමි................:)
මඩිස්සලේ නිශාන්ගේ සිත් ගන්න සුළු වැටුපක් සමග අගනා ජොබ් කිහිපයක්.පොස්ට් එක දැක්කට පස්සේ මට මතක් උනා මටයි ධබාටයි සෙට් උන ජොබ් එකක්.මේක අපිට සෙට් කලේ ඉනෝලි කියලා අක්කා කෙනෙක්.
දවසක් ඉනෝලි අක්කා මැසේජ් එකක් එවනවා මල්ලි ඔයාල දෙන්නට හරියන ජොබ් එකක් තියෙනවා.
Sunday, August 12, 2012
Thursday, August 9, 2012
මරදානේ හිගන්නෝ.
මරදාන කියන්නේ හරි අමුතු තැනක්.එක එක ජාතියේ මිනිස්සු ඉන්නවා.එක මිනිස්සු ටිකක් නෙමේ ඉන්නේ දවසින් දවස ඉන්න කට්ටිය වෙනස් වෙනවා,උදේ 6.00 විතර වගේ ඉදන් 9.00 විතර වෙනකන් ඉස්කෝල වලට යන කොල්ලෝ කෙල්ලෝ ටිකයි රස්සාවට යන වැඩ කරන ජනතාව ටිකයි ඉන්නවා.ආයේ තියෙන ඒජන්සි ටික ඇරියට පස්සේ 10 විතර ඉදන් රට යන්න එන අසරණ ගෑනු ටිකයි,ඒජන්සිකාරයෝයි,අසරණ මිනිස්සුන්ව රවට්ටන්න මාන බලන් ඉන්න කාක්කෝ ටිකයි ඉන්නවා,මේ ගොල්ලොත් 3,4 විතර වෙනකන් ඉන්නවා.ඊට පස්සේ 3.45 වගේ ඉදන් වැඩ ඇරිලා ගෙදර යන්නන කෝච්චියට දුවන කට්ටියගෙන් මරදාන පිරෙනවා.ඊටත් පස්සේ 6 න් විතර පස්සේ මරදාන පාලම පැත්තේ අභිසාරිකාවෝ ටික දෙනෙක් ගැවසෙනවා,ඔය අද යන කවුරු හෙට නාවත් මරදානේ හැමදාම ඉන්න කට්ටියක් ඉන්නවා ඒ ගොල්ලෝ මරදානට ඇවිත් යන ගොඩක් අයගේ ඇස වලට අහුවෙන කට්ටියක්.මං මේ කියන්න යන්නේ මරදානේ මං දැක්ක හිගන ජනතාව ගැන.ඔක්කොම නැතත් හැමදාම දැකලා ගොඩාක් මතක කීප දෙනෙක් ගැන විතරයි.
Monday, August 6, 2012
ආදරෙයි සිරියාවයි අරන් එන්න ...........!
ලොරි දෙක තුනක් පිරෙන්න
ඇදන් අල්මාරි මේස පුටු
මහන මැෂින් ඕනේ නෑ
එත්...
අපි දෙන්නගේ
ගේ පුරවන්න ටොන් ගානට
ආදරෙයි සිරියාවයි
අරන් එන්න
පොඩ්ඩෝ තුන හතරක් එක්ක
ජීවිත කාලේ
පුරාවට
පුරාවට
සන්තෝසෙන්
ඉන්න
ඉන්න
ඒ ටික හොදටෝම ඇති
ප.ලි:-මඩයගේ හිතට ආව අදහසක් ඔය විදිහට ලියලා දැම්මා,මඩවතිට ලිව්ව එකක් කියල හිතුවත් කමක් නෑ....;)
Thursday, August 2, 2012
මරදානේදී දැකපු කොල්ලෝ Very Innocent ලු........;)
තුන් අවුරුදු symbian ප්‍රේමයට කොමාව තබා android එකියකව කැන්දන් ආවෙමි.....;).ඒ නිසා මං මේ දවස් වල සංතෝසෙන් ඉපිලිලා ඉන්නේ.මේ දවස් ටිකේ එයා එක්කමයි.එයත් හරි කැමතියි මා එක්ක ඉන්න ;) අලුත් එක්කෙනා එක්ක ආවට පරණ කෙනාව අත ඇරලා නෑ.එත් වැඩිය ඉන්නේ අලුත් කෙනා එක්ක,එයා ගැන මේ දවස් වල එයාගේ මායම් වලට අහුවෙලා නිසා බ්ලොග් එකේ පොස්ට් එකක් දාන්නවත් එන්න උනේ නෑ.දැන් ඉතින් ඉස්සරහට මං බ්ලොග් කියවන්නෙත් එකෙන් හරිය......පුළුවන් උනොත් එකෙන් පොස්ට් එකකුත් දානෝ මං :)
කියන්න ආවේ එක ගැන නෙමේ නේ.මට මේ දවස් වල වැඩියම මතක වෙන්නේ මගේ A/L කාලේ,එකට හේතුව බෝඩිමේ පොඩි උන් මේ පාර විභාහගේ ලියනවා,උන් ඉස්කෝලේ යනවා,ඉස්කෝලේ උන දේවල් කියනවා,ආයේ ඉස්කෝලේ යන්න වෙන්නේ නැති එක ගැන දුක් වෙනවා.ඔව්වා එක්ක ඉතින් මගේ හිත හැමතිස්සෙම ඒ ස්වර්ණමය අතීතෙට දුවනවා,ඒ කාලේ ආයේ එන්නේ නෑ කියන සිතුවිල්ල හද පාරන සුළු උනත් එක ලෝක ධර්මයාගේ හැටි කියලා හිත හදාගන්න හදනවා.
පොඩි උන් ටික පාසල හැර යාම පිලිබඳ දුකෙන් තැවෙද්දී මට මතක් උනේ අනේ අපිත් මෙහෙම දුක් උනා නේද කියලා.හොස්ටල් එකේ ඉද්දි හිතුනේ උදේ නැගිටලා ඉස්කෝලේ යන එක මහ පට්ට එපා කරපු වැඩක් කියලා,එත් උසස් පෙලට admission ගන්න ඉස්කොලට ඇවිත් යද්දී ආයේ අපිට ඉස්කෝලේ එන්න වෙන්නේ නෑ කියල මතක් වෙද්දී මාර දුකයි.කොහොම හරි මගේ මතක ආයේ ඇවිස්සෙද්දී මට මතක් උනා ඒකාලේ අපේ ක්ලාස් එක පුරා ගිය කවි කොලයක්.එක ලිව්වේ කවුද දන්නේ නෑ ඉස්කෝල ගැන ලියලා තියෙන එකක්.මේක සමහරු නම් කියවලා ඇති එත් කියවපු නොකියවපු හැමෝටම ආයේ ඒ සුන්දර පාසල් ජීවිතේ මතක් වෙන්නත් එක්ක දානවා මං මේක.......
Sadda nathuva inne machan dannema nadda
Habits kiyala deyak kalin ahalama nadda
Api danneth naa hariyata mevva gossipda
Ane manda therennama kiyava balanna
St.Thomas going to places drugs taking lu
St.Joseph going to wish after girl lu
St.Peters going going no ending lu
Royal collage going behind smart girls lu
Bishop girls always hari selfish lu
Gothamila always without sleeves lu
Ladies girls always glass houses lu
Hamadamath deviansla kanaththa laga lu
Trinity collage very often putting level lu
Isipathanala very often wining rugger lu
Thurstanla always hari fighting lu
Dharmarajala very often exam fail lu
High level mighty big visakhiyansla lu
E unata royalistla un passen lu
Eka ahala ladieslata harima jealous lu
Kohoma unath D.S la pani mamala lu
D.S sirimavolata line damai lu
E unata sirimavola ganan nogai lu
S.B convent,S.T.C ali oluven lu
E unata musaeuslata oluwa namayi lu
Anulage tie kehel lelle lissanava lu
St .Jhonsla ehe gihin andu kadilaa lu
St.Thomas eka hinda paththtu bandiyi lu
Mahanama eka ahala hina vela lu
St.peters morning lesson savoy eke lu
St.Thomas first period beach eke lu
Wesley boys school ending prison eke lu
Thurstanla anandata baye duwayi lu
St.peteres moda scene pennanavalu
Holy family eka dakala udin yanava lu
Nalanda gothamila hoyan yanavalu
Kawuru unath sirimavola fat girls lu
Royal eke giya boys meddo vela lu
Isipathana la lumbini la ekata thamai lu
Police park bus halt eke dawal heena lu
Eka ahala anandalata harima happy lu
Brigetians la always horen looking lu
Anula girls always after boys lu
H.F.C always giving boots lu
Kohoma unath mahanamala footboard eke lu
Musaeusla always giving hopes lu
Devi "walk" yanne couple ekka lu
Isipathanala always mariya kade lu
D.S eke "p" dial la boru show eka lu
Methodians tie eken sexy vela lu
St.Thomas always gonnu passe lu
Dharmapala vevla vevla cricket playing lu
Ananda balikawath dan visaka vela lu
Royalla anandata harima bayayi lu
Eka nisa anandata banina ekama lu
Cricket nisa anandage nama thiyenava lu
Nalandala rotery kiyala samudra devi lu
Isipathanala always konde hadayi lu
Eka dakaala SPM ta full upset lu
St peters pol karaththe thallu karayi li
Eka hinda S.B.C Film balai lu
Maliyadewa wal alinge bata kanava lu
Maliyadewa balikava hinda famous lu
Wales kumarata eka dakala harima hina lu
S.P.M eka hinda handu kadulen lu
Ananda bothale raha dannava lu
Nalandala hamadamath duma uaranava lu
Mona unath un denna ekata thamai lu
Eva dakina anith ayata bada danava lu
St.Thomas bishops couples hotel yanava lu
Wales eke morning lessons kellangen lu
Isipathanala hamthissema thappe uda lu
Mahanamala thaage deela boot aran lu
Anulians la classes wala horen balai lu
Eka dakala mahanamala pissu watilalu
Devi eke girls la nam kelin talk lu
Habai talk talk hamadaamath talk witharamai lu
Sirimavota rinso powder nikan denava lu
Gothameela whisky beela pissu natai lu
Visakah lab ekata yanna thaniyen baa lu
Free Hoppers kannata nam SPM lu
Inne marrons hamathissema mariya kade lu
Maradanedi dakapu kollo very innocent lu
Colamba paththe ladies lata maara place lu
Kurunduwaththe kabare boys eva passe lu
මෙව්වා බලලා තරහ ගන්න එපා යාළුවේ
School days මතක් වෙන්න තමයි මාලුවෙ
මේක ලීවේ ඔක්කොටම ශ්‍රිලංකාවේ
සුභ Happy fuure එකක් වේවා ඔබට යාළුවේ
Friday, July 27, 2012
තිසරපටි සහ ආදරය.......!
අපේ ජීවිතේ හොදම කාල වලින් එකක් තමා උසස් පෙළ කෙරුව කාලේ,ඕන කෙනෙක්ගෙන් ඇහුවොත් අනිවා දෙන උත්තරේ ඕක තමා.ඒ කාලේ මතක් වෙද්දී තාමත් දුකයි ඒ දවස් ගෙවිලා ගිය එක ගැන.නහුතයක් තරම් ආතල් ගන්න ඇති ඒ කාලේ.උදේ හවස යාලුවෝ සෙට් එක සතියට අඩුම දවස් 5ක් වත් සෙට් වෙනවා.උදේ පාන්දර ඇවිත් පිටිපස්සෙම පෝලිම අල්ලගෙන එක එකාව බයිට් කරගෙන ඒ ගත්ත සොමිය.
අනේ......!
කට්ටියගේ අතේ මහලොකුවට සල්ලිත් නෑ ඒත් 15ක් විතර සෙට් එක කන්න යන්නෙත් හොද චයිනීස් වලට.නුගේගොඩ ඒ චයිනීස් එක දියුණු උනේ අපි කන්න ගිහිල්ලම කියල පොඩි රාවයක් තිබ්බා
රොටරිය පුරාම.ඒ ගිහිල්ල කාල එකේ සර්විස් චාර්ජ් වැඩි උනාම ටූත් පික් උස්සලා
පන්තියට ගෙනත් කෙල්ලොන්ට අහ් මෙන්න දත් හාරන්න කියල බෙදපුවා,සර්ට සපෝර්ට් එකට කෑගහන්න ගිහින් සර්ගෙන්
බැනුම් අහපුවා මතක් වෙද්දී හිත වාවන්නේ නෑ.ඒ කාලේ කරපු පිස්සු වැඩ ගැන වෙනම බ්ලොග්
එකක් ලියතහැකි.ඒ සොදුරු අතීතේ මතක් වෙද්දී අයෙත් පැනලා දුවන්න හිතෙනවා ඒ කාලෙට.
![]() |
මේක ඇන්දේ ලොලා... |
"අවංක නැති ආදරය ඉලාස්ටික් නැති පෑ*ටිය වැනිය "
"පිවිතුරු ආදරය
පටි තද බෙ*යර් එකක් වැනිය
කිසිදා වෙන් නොවෙන සේ එකට බැදී ඇත
තිසරපටින් පයෝධරයන් ඔසවා තබන්නා සේ
සෑම විටම එය ඔබව ඔසවා තබයි"
"ආලය මුලාවකි ආලය මුලාවකි
කාලය කාදමනා මළ හත්තිලව්වකි
කවුරුන් කෙසේ කීවත් අනාවැකි
ආලය මිනී වල හාරන උදැල්ලකි"
ප.ලි :-ගෑණු දරුවන්ට ලැජ්ජා හිතෙයිදෝ කියලා තරු ටිකක් දැම්මා.මඩ ෆයිල් එකේ තියෙන හොද එව්වා ටිකක් පස්සේ දාන්නම්
Wednesday, July 25, 2012
Chartered Accountant ඩිංගිමහත්තයා
ඩිංගි මහත්තයා කියන්නේ අපේ තාත්තගේ කඩේ වැඩ කරන මනුස්සයාය.හරි අහිංසක මනුස්සයාය.බය නැතුව දවසක් උනත් තනියෙන් කඩේ තියලා යන්න පුළුවන් මිනිහ හොද විස්වාසවන්ත සේවකයෙක්ය.දැනට මං දන්නා විදිහට ඒ මනුස්සයාගේ service එක අවුරුදු 12 වෙලාය.මට නම් ඒ මනුස්සයාව පෙන්නේ ගමේ ජීවත් වෙන සාමාන්‍ය මනුස්සයෙක් විදිහටය.
ඒත් තිවාට ඒ මනුස්සයව පෙන්නේ වෙනම විදිහටකටය ........
"ඩිංගිමහත්තයා කියන්නේ හොද chartered accountant කෙනෙක්"
"හොද manager කෙනෙක්"
"AAT,Project Management,CIMA,CIM, MIS තියෙන ඔක්කොම එව්වා කරලා තියෙනවා ලු"
"අපේ කඩේ මිලියන් ගණන් වලින් යන බිස්නස් වලට චෙක් ඔක්කොම ලියන්න බාර දීලා තියෙන්නේ මෙයාට ලු."
(අවුල අපේ තාත්තගේ වාර්ෂික ආදායමත් මිලියන් වලට ලගට වත නොඑන එකයි)
"කඩේ සේප්පු ඔක්කොම access කරන්න බාර දීලා තියෙන්නේ ඩිංගි මහත්මයටමලු."
"කඩේ දියුණුවට හේතුව මේ ක්‍රියාකාරී සේවකයාගේ නොසැහෙන කැපවීම ලු"
"කඩේ වැඩට එද්දී මේ මොකුත් සුදුසු කම් තිබ්බේ නෑලු"
"මොනවා උනත් තාමත් කහට උගුරක්
බීලා විටක් කාල සරම ගහල පැත්තකට වෙලා ඉන්නේ ප්‍රසිද්ධියට තියෙන දැඩි
අකමැත්තටලු"
"වැඩට ඇවිත් ගිය අවුරුදු 12 සර්විස් එක තුලදී ලබාගත් ජයග්‍රහණ තමා ඔය සුදුසු කම් ටික"
"ලගදි ඩිංගි මහත්තයා ලොකු ජයග්‍රහණයක් ලැබුවලු"
"ඒ chartered එක්සැම් එකෙන් ලංකාවේ A සාමාර්ථ ලබාගත් උන් දෙදෙනාගෙන් එකෙක් ඩිංගි මයා ය."
"අනෙකා අපේ ලෝලාගේ කෑල්ලය"
"ලෝලාගේ කෑල්ල ලංකාවේ ප්‍රථම ස්ථානය ලබා ගත් අතර ඩිංගි මහතා දෙවන ස්ථානය ලබා ගත්තේ ලු "
"දෙවන ස්ථානයට පත්වීමට හේතුව දින දෙකක් පුරා තනියම කඩය බාරදී අපි අනුරාධපුර ගිය නිසා පාඩම් කටයුතු අත පසු වීමලු"
"මේ ලගදි ලබාගත් ජයග්‍රහණයට හිමි සහතික හා සම්මාන ප්‍රධානෝත්සවය Waters Edge හිදී පැවැත් වුනිලු"
"ඩිංගි මයාගේ ප්‍රිය බිරිඳ බුකියේ මේ ලෙස status update කරන්න ඇතිලු"
ඩිංගි U
made me proud once again ........!!!! love u lodz ........
"ඩිංගි මහතාගේ ලොකු පුතා "ආඩම්බරයි තාත්තේ" කියා බුකියේ status දාන්න ඇතිලු"
ප.ලි: මෙම කිසිදු අදහසක් ඩිංගිමහත්තයා නොදන්නා හන්දා හොදය,නැත්නම් එතුමන්ට හිතේ අමාරුවක් හැදෙන එක sure ය.
Sunday, July 22, 2012
මගේ සිත්ගත් ව්‍යාපාර වස්තුව වෙත ලියමි .......
පත්තරේකට ලියපු මරු ලිපියක් හම්බ උනා එක සමහර අය
කියවලා ඇති ඒත් සිරා කියලා හිතුන නිසා පොස්ට් එකක් දාන්න හිතුනා එක.මෙය ශ්‍රීමති
විජයලත් පත්තරයට ලියු ලිපියකින් උපුටා
ගන්නා ලද්දක් බව කරුණාවෙන් සලකන්න.
එක්තරා ප්‍රසිද්ධ පාසලක අපූරු පෙම්වතුන් යුවලක් සිටියහ.පෙම්වතිය
12 වසර සිසුවියකි.පෙම්වතා 13 වසරේ සිසුවෙකි.ඔවුහු හැකි විටෙක එකිනෙකා වෙනුවෙන්
රසබර ලිපි හුවමාරු කර ගත්හ.දිනක් සිසුවිය ලියු ලිපියක් ප්‍රධාන ශාලාවේ බිම තිබී
විදුහල්පති තුමාට හමුවිය.මේ ලිපිය විදුහල්පති තුමා උදෑසන රැස්වීමකදී සිසුවියක ලවා කියව්වේය.එම අපූරු ලිපිය මෙසේය.
අද 8 යිලු නේද?
මගේ
සිත්ගත් ව්‍යාපාර වස්තුව වෙත ලියමි .
ඔබගේ සිත නමැති ව්‍යාපාරයේ මගේ සිත නමැති ආයෝජන මුදල තැම්පත් කිරීමෙන්,ඔබගෙන් ලැබෙන්නාවූ සත්‍ය ප්‍රේමය නමැති කොටස කරන කොට ගෙන මාගේ සිතේ ජනිතවූ ලාභය හුදු ප්‍රේමයෙන් ඔබ වෙත පිරිනමමින් මෙම ධනයෝජිත ගිණුම ආරම්භ කරමි.
ඉතිං සොයුර.......ඔබ මා වෙනුවෙන් විඳි දුක් ගැහැට කොපමණද?මාගේ සිතේ වේදනාව මුදල් වැල් පොලියක් මෙන් දිනෙන් දින මසෙන් මස ලියලන්නේය.සියල්ල ඉවසා ගත්තේ සිතත් වේදනාවත් වෙනත් පෙම්වතෙකුට සුළු පොලියට දෙමිනි.එදා ඔබ Y අක්ෂයේදී මම X අක්ෂයේදී
පෙනී සිට අපගේ මුල අක්ෂය හරහා යැවු රේඛාවේ අනුක්‍රමණය සෙවීමට ගොස් මගේ අන්තඃඛණ්ඩය මම විසින් නැති කර ගත්තෙමි.එය මා මෙන් ඔබද දනී.
ඉතිං
මාගේ පාරවල ප්‍රස්ථාරය,ඔබ එදා වගේ උපරිම සෙවීමට
ගොස් තව ටිකෙන් ඔබව බින්දුවට සමාන වීමට ඉඩ තිබුණා.ඔබත් මමත් බස් හෝල්ට් 2ක් අතර තනි වෙද්දී ඔබගේ මව දුටු වෙලාවේ අප තිදෙනාගේ ලක්ෂය තුන යාවි කෝණ තුනේ අගය අංශක 180
වීමට ඉඩ නොදී අප වෙන්වී පලා ගියේ අපගේ පෙර පිනකට නොවේද?ඉතිං මාගේ පරිධිය ඔබ එදා කේන්ද්‍රයේ සිටියදී ඔබගේ අරයෙන් පරිධියෙන් මම භ්‍රමණය වුයේ කිසියම් පරිමිතියක් ඔබ වෙත බැල්ම හෙලා තිබුන බැවිනි.යම් හෙයකින් කුමන හෝ නීතියක් ගත්තත්,යම් කිසි අනුයාත පදයක් ඔබට ඔබට කරදර කරයි නම් මම ඔහුව වර්ගකර මූල සොයා දෙකෙන් බෙදා බිංදුවට සමාන කරමි.ඉතිං මාගේ පෙම්වත අංක බිංදුව මෙසේ ගත්
ඔබේ ලක්ෂයේද මා මගේ ලක්ෂයේද සිටියදී අපේ එකතුවට පයිතගරස් ප්‍රමේය තිබෙන තුරු කිනම් අනුයාත පදයකටවත් බාධා කළ නොහැකිය.ඉතිං මම නවතිමි.
මිට
ඔබ පෙම් බැදී
සමීකරණය
ප.ලි:විදුහල්පතිතුමා මේ ලිපිය කාගේදැයි සොයන්නට උත්සහ නොගත්තේය.නමුත් එය ඔහුට රසවත් බව පමණක් කීවේය.ඉහත කී පෙම්වතා අද මහජන බැංකු ශාඛාවක කළමනාකරුවෙකි.පෙම්වතිය ගණිත ගුරුවරයෙකි.නමුත් ඔවුන් දෙදෙනාට විවාහ වීමට
නොහැකි විය.
Thursday, July 19, 2012
ධර්ම දානය බෙදීම සහ පජාත වීම.......!
පහුගිය දවස් ටිකේ පොඩි රවුම් පාරක්
එහෙම දාල ආවේ.රවුම් කිව්වට එක පින්කමක්,මඩයා වගේ නෙමේ මඩයාගේ තාත්තා,පිං වැඩ වලට ටිකක් ලැදියි.ඉතිං එකේ ප්‍රතිපලයක් විදිහටද මන්ද තාත්තා
පිංකම් සෙට් එකක් කරන් ආවා ඒවගෙන් එකක් තමා මේ තිබ්බේ,රුවන්වැලිසෑයට කප්රුක් පූජාවක් තියලා ශ්‍රී මහා බෝධියට කිරිපිඬු
පූජාවක් තියන එක තමා පිංකම උනේ,ඉතින් දෙයියනේ කියලා අපේ සෙට් එකත් සෙට් කරගෙනමාත් ගමනයන් ලැස්ති උනා,ගමනට ධබා,නුවන්(නෝටි),චතුර,මාධව,තිවා,කට්ටියටම අඩ ගහගෙන සෙට් උනා.අපේ ගමින්
බස් 3කුත් ඇඹිලිපිටිය ටවුන් එකෙන් එක බස් එකකුත් වීරකැටියෙන් එක බස් එකකුත් එක්ක
ඔක්කොම බස් 5ක් අපේ බස් 3 උදේ පාන්දරම දෙයියනේ කියලා ගමන පිටත් උනා,අපි ඉතිං සුපුරුදු පරිදි හිටගෙන ගමනේ පිටත් උනා,තාත්තලා ගිය බස් එකේ ඉඩ නැති නිසා අපි වෙන බස් එකකට නැග්ගා.බස්
රියදුරු මහත්වරුන්ගේ දැඩි කැපවීම මත පැය 8 ගමන පැය 10කින් එන්න පුළුවන් උනා,ඒ එද්දී පූජාවට පරක්කු වෙලා ඒ උනාට කට්ටියගේ උනන්දුව,කැපවීම නිසා විශ්‍රාම ශාලාවට ඇවිත් කට්ටිය පෙරහරේ යන්න ලෑස්ති උනා.
කප්රුක් පූජාව කියන්නේ චෛත්‍යට චීවරයක්
පූජා කරන එක සහ අටපිරිකර පූජා කරන එකයි.විශ්‍රාම ශාලාවේ ඉදන් ටික දුරක් බස් එකේ
ඇවිත් එතන ඉදන් අපි පෙරහැරකින් චීවරේ චෛත්‍ය
ලගට අරන් ගියා,චෛත්‍ය වටේටම චීවරේ පළඳන්න ඕනේ එක නිසා චීවරේ
දිගයි,ආව ඔක්කොම චීවරෙ අරන් තමන් ගෙනාව අටපිරිකරත්
අරන් පෙරහරේ ගියා.කොච්චර ජෝගි නට නටා ගියත් වැඩේට සෙට් උනාම හිතට දැනෙම හැගීම මාර
පුදුම එකක් එක මං හිතන්නේ ශ්රද්ධව වෙන්න ඇති.චෛත්‍ය වටේ චීවරේ අරන් පැදකුණු කරලා
පේසාවළලු වලට උඩින් චෛත්‍ය බඳේ චීවරේ පළඳනවා,එකට වෙනම හාමුදුරුවරු කීපනමක්
රුවන්වැලිසෑය පන්සලෙන්ම පත් කරලා හිටියා,මඩයා හරි අසාවෙන් හිටියේ චෛත්‍ය උඩට
ගිහින් චීවරේ පළඳන්න උදවු කරන්න ඒත් ඒ හීනේ හැබෑකරගන්න උනේ නෑ එතන උඩට යන්න දුන්නේ
අපි එක්ක ගිය හමුදුරුදෙනමටයි,තාත්තටයි,තව අනිත් සංවිධායක මණ්ඩලේ 3 දෙනෙක්ටයි
විතරයි,මට හුලං :/ චෛත්‍යට චීවරේ පලන්දලා ඉවර වෙලා
පූජාව තියලා කට්ටිය විශ්‍රාම ශාලාවට ඇවිත් කාලා ආයේ ගියා රෑ එළිවෙනකන්
රුවන්වැලිසෑය ලග පිරිත් කියන්න,අනේ කියන්න කිසි වරදක් නෑ ආව සෙනග ඔක්කොම
300කින් 280ක් විතර ගියා පිරිත් කියන්න.මඩය දැඩි සෙම්ප්‍රතිශ්‍යා තත්වයෙන් පෙළුන
නිසා තාත්තගේ නිත්‍යානුකුල අවසර ලැබුනා නවතින්න,අපි සෙට් 1 උන් 7 දෙනයි උදේට කිරිපිඬු
දානේ උයන අයයි ඇරෙන්න අනිත් ඔක්කොම වගේ පිරිත් කියන්න ගියා.අපි සෙට් එක විශ්‍රාම
ශාලාවෙන් පැනලා ඇවිත් බස් එක නිදා ගත්තා,කට්ටියට පුදුම ආසාවක් තිබ්බේ බස් එක
නිදා ගන්න කොහොම හරි ඒ අසාවත් උන් ඉෂ්ට කරගත්තා.
එද්දිත් ඉතිං සුපුරුදු ලෙස ෆුට් බෝඩ්
එකට වදදෙමින් සිටගෙන ආවෙමු,තිවා සහ අපේ පොඩි එකාට රථ ගාය ඇති බැවින් උන්
ඩ්‍රයිවර් මහතාගේ තනි රැකිම පිණිස ඉදිරිපස ෆුට්බෝඩයට යන ලදී.අපේ බස් එකේ හිටියා
අපිට දුරින් සීයා වෙන කෙනෙක් එකාට සීයා කියන්න බෑ,වයසින් බාලයි,ඉන්න ළමයි දෙන්න කෙල්ලෝ දෙන්නෙක් උනුත් මට වඩා බාලයි,උන් දෙන්න මං හිතන්නේ මට නැන්දද කොහෙද වෙන්නේ ;);/ මේ මනුස්සයා ගෙනත් තිබ්බා ධර්ම කාරණා තිබ්බ කොලයක් කට්ටියට
බෙදන්න.මේකට ඕක මතක් වෙලා තියෙන්නේ ගෙදර යන්න පටන් ගත්තට පස්සේ,ඔක්කොටම ඇතිවෙන්න ගෙනත් තිබ්බා.මේකා කොළ ටිකක් මට දීල කියපි පුතේ මේ
ටික බස් එකට බෙදලා දෙන්නකෝ කියලා,කමක් නෑ ධර්ම දානයක් නේ කියලා මාත් බෙදන්න ගත්තා.මං කොළ ටික බෙදන් එද්දී අපේ අවලං
මිතුරු ජනතාව පිටිපස්සේ ඉදන් උන්ගේ අවලං කතා ටික කියන්න ගත්තා උන්ගේ හැටි දන්නා
නිසා මං ගණන් ගන්නේ නැතුව කොළ බෙදාගෙන ආවා ඒ එද්දී එක ආච්චි කෙනෙක් කට කපලා දොයි,අනේ පවු නේ කියලා මං ඒ මනුස්සයව ඇහැරවලා කොලයක් දුන්න ඒ මනුස්සයත්
හීනෙන් බයවෙලා වගේ කොලේ ගත්තා,ඒ අරගෙන ටික වෙලාවෙකින් පිටි පස්සට මෙහෙම
කතාවක් ආරංචි වෙනවා.
"මං හිතුවේ අර බස් වල කොළ බෙදලා
සල්ලි එකතු කරන ළමයෙක් කියලා එකයි කොලේ ගත්තේ නැත්තේ "
යකෝ මේක අහගන්නද මං උඩ දාගෙන ගිහින්
කොළ ටික බෙදුවේ,අපරාදේ ඒ අවලං ආච්චිව ඇහැරවලා කොලේ දුන්නේ,අපේ උන්ගේ කුප්ප කතා ටික හොදයි මේ උන නව නින්ගිරාවට වඩා.
උඩ බලන් ඉන්නේ නුවන් නොවන බව කරුණාවෙන් සලකන්න ;) |
මේ කුජීත වැඩත් එක්ක අපි ජෝගි දාගෙන
බස් එකේ එනවා.අපිට සිට් එකක් දෙන්නවත් හිටියේ එක්කෙනයි දෙන්නයි,අනිත් උන් ගුරුවරු වගේ අය නිසා වෙන්න ඇති අපිට් සිට් එක නොදුන්නේ,බැරි වෙලා හරි තාත්තා බස් එකේ හිටිය නම් අපිට සිට් දෙන්න ඕනේ තරම්
කට්ටිය ඉදිවී.අපි කට්ටිය මාරුවෙන් මාරුවට වගේ ෆුට් බෝඩ් එකේ ආවේ මොකෝ ධබා,චතුර අලි සයිස් නේ ;)
බස් එකේ හිටියා කෙල්ලෝ සෙට් එකක් ඔය
සෙට් එක අපේ නුවනයා අදුරනවා.උන් මඩයව දන්නවා උනාට මඩයා උන්ව දන්නෙ නැති නිසා වැඩි
බජනෙට ගියේ නෑ.අපේ නුවනයට ඒ එක කෙල්ලෙක් මරු ලයින් එකක් දීල තිබ්බා.
"අයියා hospitl හන්දියෙන් බහිනවද?"
"ඔව් නංගි මාත් බහිනවා"
"අයියා කොහොමද උදේ ආවේ?"
"මං ඊයේ රෑ මඩයාලගේ ගෙදර හිටියේ
නංගි"
"ඔයාල කොහොමද නංගි උදේ ආවේ?"
"අපි ත්‍රිවිල් එකක ආවේ අයියා,මොකද කාර් එකේ ආව නම් නවත්තන්න තැනක් නෑ නේ කියලා"
ප.ලි:-ඕක මට නුවනයා කිව්වහම මතක් උනේ
අපේ මධවයා ඔය බොරු පොශ් කාරයන්ව බයිට් කරන්න කියන කතාවක්
"මචං මගේ කාර් එකේ Key එක lost වෙලා
මක්ක කොරන්නද කියලා මට හිතා ගන්න
බෑ"
Monday, July 9, 2012
නංගිගේ ලොකු උපන්දිනේ......!
අපේ ගෙදරට ඉස්සරහා ගෙදර ඉන්නවා පොඩි
එකෙක්,මං හිතන්නේ දැන් 6 වසරේද කොහෙද,ඌ පොඩි කාලේදී මං වඩාගෙන ඉදලත් තියෙනවා,ඌ පොඩි කාලේදී නම් හරි හුරතල් එකා දැන් නම් උගෙන් ගන්න දෙයක් නෑ මළ
ඇට්ටරයා,උගේ කට හරි සද්දයි මළ කන්කරච්චලයක් තියෙන්නේ
කතා කරන්න ගත්තාම,ඌ කොච්චර හොදද කියලා අපේ ගෙදර එන මගේ යාලුවෝ
සෙට් එක හොදට හොදට දන්නවා,කොහොම හරි මඩයා ගෙදර එන්නේ කලාතුරකින් නිසා පොඩි එකාගෙන් කරදරයක් නෑ,මං කොළඹ ඉදන් ගෙදර යන දවසටත් අරුගේ ගේ ඉස්සරහින් පැනලා දුවනවා ඌට
නොපෙනෙන්න ;) මොකෝ ඒකා අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න ගියාම
උණ්ඩුක පුච්චේට වෙනකන් හිරිවැටෙනවා.ඒ පොඩි එකාට එකපාරක් එපා කිව්වට අහන්නේ නෑ,පුදුම වදයක් තියෙන්නේ.මං වැඩිපුර
ගෙදර වැඩිය නැති නිසා අපේ පොඩි එකා එක්ක මේකා හරි යාලුයි,ඒත් අපේ පොඩි එකත් මුට කැමති නෑ මුගේ කන්කරච්චලේ නිසාම.
![]() |
කොහොමද අපේ වන්ඩියට පුදුම ඉල්ලුමක් තියෙන්නේ ;) |
අපේ ගෙදර තියෙනවා පොඩි ත්‍රිවිල්
කට්ටක්,ඒක අපේ පොඩි එකාගේ ගෑනි වගේ,පුදුම ආදරයක් තියෙන්නේ එකට,තාත්ත සල්ලි වියදම් කරනවා ඌ එකට එක එක
එව්වා හයි කරනවා ඒක හැඩ කරනවා,එකේ ඩ්‍රයිවරයත් ඌ තමා,තාත්ත ඉතිං කොහේ ගියත් ඌත් එක්ක ත්‍රිවිල් එකේ තමා යන්නේ,කොහොම හරි එකා සල්ලි සල්ලි එකතු කරලා තත්තගෙනුත් ඉල්ලගෙන එකට හයි කළා
හොද හයි ෆයි සවුන්ඩ් සිස්ටම් එකක්,ආව් අප්පා එක හයි කලට පස්සේ ත්‍රිවිල් එකට
පුදුම සිරියාවක් ආවේ ;)
අපේ එකා ඕකත් අරන් පාරේ යද්දී එක
ඇවිදින රෙකෝඩ් බාර් එකක් වගේ,තාත්ත එක්ක යද්දී විතරයි එකේ සද්දේ ටිකක් හරි
අඩු,ඔව්ව මෙව්වා නිසාම තම ඉස්සරහ ගෙදර පොඩි එකා අපේ
මල්ලි එක්ක තව ෆිට්.
දවසක් මූ අපේ ගෙදර ආව දවසක මල්ලිට
කියනවලු
"_ _ _ අයියේ අපේ නංගිගේ ලොකු උපන්දිනේට අයියගේ ත්‍රිවිල්
එක අරන් ගිහින් සින්දු දාමු අපේ ගෙදර"
"මඩයා අයියට(පොඩි එකා මට මඩයා
නමැති ගෞරව නාමයක් තියනවා කියලා දන්නෙ නෑ)කියලා හොද සින්දු ටිකකුත් පෙන් එකට
දාගමු"
අපේ පොඩි එකා අහනවා අරුගෙන්
"මොකද්ද මල්ලි නංගිගේ ලොකු
උපන්දිනේ කියන්නේ කියල?"
"ඇයි අනේ අර හැමෝම ඇවිත් දාහේ
පන්සියේ කොළ දීලා යන්නේ
අර සුදු අක්කාගේත් තිබ්බේ ඒ වගේ එකක්"
"සල්ලි අරන් හැමෝටම වදින්නේ ඔයාට
මතක නැද්ද?"
පස්සෙ අපේ පොඩි එකාට මීටර් වෙලා මු
කියන්නේ කොටහළු මගුල ගැන කියලා
Subscribe to:
Posts (Atom)