Thursday, September 6, 2012

"කුඩු දයා"



මරදාන කියන්නේ හරි අමුතු තැනක්,එක එක ජාතියේ මිනිස්සු ඉන්නවා දේවල් තියෙනවා.මං කලින් පොස්ට් එකකත් මරදානේ හිගන්නෝ ගැන ලිව්වා.මරදානේ තව තියෙන සීන් එකක් තමා මරදානේ පොත් කඩ ටික එක ලග එක දිගට වගේ තියෙනවා ඒ ගොඩාක් ඒවා ලංකාවේ ප්‍රසිද්ධ ප්‍රකාශන ආයතන,හාඩ්වෙයාර් ටික ආයේ එක ලග එක දිගට තියෙනවා,ලී බඩු සාප්පු ටිකත්,ඒජන්සි ටිකත්,මුස්ලිම් හෝටල් ටිකත් අරවා වගේම එක ලග තියෙන්නේ.එක ජාතියේ ඒවා එක ලග තියෙනවා
.

කලින් පොස්ට් එකේ මරදානේ ඉන්න එක එක ජාතියේ මිනිස්සු ගැන කිව්වා නේ එතන මට මිස් උන කට්ටියක් හිටියා.ඒ තමා කුඩු කාරයෝ.කුඩු කාරයෝ ටික ගොඩාක් වෙලාවට ඉන්නේ ලී බඩු සාප්පු ලග තමා.මොකද එතන සෙට් වෙන පොඩි මොකක් හරි වැඩක් කලාට පස්සේ උන්ට සම්තින් එක හොයන් යනවා කුඩු හොයාගෙන උන්ගේ සොමිය ගන්න.එත් උන්ගේ හැටි දැක්කම කුඩු ගහන එකේ තියෙන සොමිය මොකද්ද කියලා හිතෙනවා.

කුඩු කාරයෝ හැම එකාම වගේ ගොඩක් දුරට එක වගේ ශරීර තියෙන්නේ,ඇස් ජිල් බෝල දෙකක් වගේ ලොකුයි ඒ වගේම ඒවා ඇතුලට ගිලා බැහැලා තියෙන්නේ,හැම තිස්සෙම අඩවන් දෙනෙතින් ඉන්නේ ඇගේ මස් කලදක් නෑ ඔක්කොම දියවෙලා ගිහින් මන්ද පෝෂණය හැදිලා වගේ,දර මැස්සක් ලග බැරිවෙලා හරි ඒ එකෙක් හිටන් හිටියොත් දර කියලා හිතලා දෙකට කඩලා ලිපේ දානවා.ඒ තරම් උන්ගේ ඇගවල් දුර්වල වෙලා.හිටන් ඉද්දි කෙලින් ඉන්න බෑ ඒ හැම එකාගෙම දණිස් ලගින් ඉබේටම නැවෙනවා.

මෙච්චර කුඩු කාරයෝ ගැන විස්තර කරන ආවේ පොඩි කුඩු කතාවක් කියන්න.මං කුඩු කාරයන්ට කොච්චර ඇද කිව්වත් අපේ බෝඩිමට එන පාරත් අපි නම් කරලා තියෙන්නේ කුඩ්ඩෙක්ගේ නමින් ඒ දයා මාවත කියලා.මොකද අපේ බෝඩිමේ අංකල්ට වඩා උනන්දුවෙන් මේ කුඩු දයා අපේ පාර පිළිවෙලට ලස්සනට තියා ගන්නවා.මේ විදිහට දයා මාවත maitain කලේ සල්ලි බලපොරොත්තුවෙනුත් නෙමේ.අපේ අංකල් කියන විදිහට නම් කුඩු දයාගේ පවුල් පරිසරය හොද එකක්ලු.ඉස්සර හොද පවුලක මනුස්සයෙක් තමා සුර සැප හොයන්න ගිහින් පාරට වැටිලා නරා දුක් විදින්නේ.කොයි දේ තිබ්බත් වැඩක් නෑ ආතල් හොයන්න ගිහින් ආතල් දොරේ ගලලා ගියාම ඉතින් විදවන්න වෙනවා.

මේ මනුස්සයා අපේ බෝඩිම කිට්ටුව තමා වැඩිය ගැවසෙන්නේ.එත් තාමාට මොකුත් හොරකම් කරලා නෑ.ඒ අතින් මේකා වැදගත් කුඩුකාරයෙක්.නිදා ගන්නේ පාරේ.ගිය පාර හිරේ යන්න කලින් බල්ලෝ සෙට් එකකුත් තියාගෙන හිටියා උන්ට හොදට සැලකුවා කන්න දුන්න.තව එකක් තමා මොනවා වෙතත් දයාට කෑම වරදින්නේ නෑ කොහෙන් හරි සෙට් වෙනවා.අනිත් එක තමා දයා කතා කරන්නේ හරි අඩුවෙන් එත් වැඩ නම් අම්බානකට කරනවා.මේ මනුස්සයා දැක්ක මුල් කාලේ නම් වැඩිය හිටියේ හිරේ එත් හෙරොයින් ලග තබා ගැනීමේ වරදට.දැන් නම් කුඩු ගහනවා අඩුද මන්ද .

කොහොම කොහොම හරි මෙහෙමයි කතාව.වෙනදා වගේම දයා එදත් හාඩ්වෙයාර් එකට ආව බ්ලොග් ගල් වගයක් බාන ගමන් හිටියේ.කොච්චර ඇගෙන් කෙට්ටු වෙලා හිටියත් මේ මනුස්සයට බර වැඩ නම් හොදට පුළුවන්.මරදාන කියන්නේ කොහොමත් එහෙං මෙහෙන් අනිවා පොලිස් බුවාලා එකෙක් දෙකෙක් ඉන්න පැත්තක් නේ.ඉතින් දයාට මේවා අමුතු දේවල් නෙමේ.දයා මෙහෙම වැඩ කර කර ඉද්දි දයාගේ ඉස්සරහින් පොලිස් රාළහාමිලා දෙන්නෙක් පොලිසිය පැත්තට යනවා ඒ ගොල්ලෝ කරන්න ආව වැඩක් ඉවර කරගෙන.මේ දෙන්න ලගින් යද්දී බය බිරාන්ත වුන දයාගේ කට්ට කළු මූන තවත් කළු වෙලා හොදටම දාඩිය දාලා, ඒ විතරක් නම් මදැයි මේකා බ්ලොග් ගල් බෑම පැත්තක තියලා හැටට හැටේ හුරේ දාලා දුවනවා.මේක ගැන සැක හිතුන පොලිස් රාළහාමිලා දෙන්නා දයාගේ පස්සේ පන්නලා අල්ලාගෙන ප්‍රශ්න කරද්දී තමා ඒ ගොල්ලොන්ට කාරනාව තේරිලා තියෙන්නේ.මොකද්ද දන්නවද වෙලා තියෙන්නේ? දයාගේ ඉනේ හවස පාවිච්චියට ගන්න ගත්ත හෙරොයින් පැකට් එකක් තිබිලා,පොලිසිය දකිද්දී හිතේ තිබ්බ බයටත් චකිතයටත් එක්ක දයා   පැනලා දුවලා තියෙන්නේ.දුවන්නේ නැතුව ශේප් එකේ කරපු වැඩේ කර කර හිටියා නම් වැඩේ චෝර වෙන්නේ නෑ.කොහෙද දයා ඔක්කොම අනාගෙන නේ.ඔය සිද්ධිය වෙලා මේ මනුස්සයා හිරේ ගියාට පස්සේ හිටපු බල්ලෝ ටිකට මොනවා උනාද දන්නේ නෑ.මොකද උන්ට කන්න බොන්න දීලා හැදුවේ දයානේ මං හිතන්නේ මේ සිද්ධියෙන් පස්සෙම දයා හිරේ ගියේම නෑ


34 comments:

  1. kudu gahapu kotipathiyek ashraya karanna avatharta puluwan una kalayak.dannam miniha ewayen ath wela inne.e gana post ekak danna hithuna meka baladdi.

    ReplyDelete
  2. හච්චෝ......................

    ReplyDelete
  3. "දර මැස්සක් ලග බැරිවෙලා හරි ඒ එකෙක් හිටන් හිටියොත් දර කියලා හිතලා දෙකට කඩලා ලිපේ දානවා...." :D:D:D:D

    ReplyDelete
    Replies
    1. බොරුද මං කියන්නේ ?

      Delete
    2. නෑ නෑ අමූලික ඇත්ත......

      Delete
    3. ඒකනේ කිව්වේ :)

      Delete
  4. ඔයා කරපු විස්තරේ අනුව මන් කුඩු පාවිච්චි කරපු කෙනෙක්ව මවා ගත්ත .. මට මාර හිනා..
    :D

    ReplyDelete
    Replies
    1. හි හි
      හිනා නෙමේ ඒ මිනිස්සු දැක්කම ඇදෙනවා.ඉස්සර සොමියට කුඩු ගැහුවට දැන් උන්ට ඒවා නැතුව බෑ :/

      Delete
    2. පනින්න පෙර සිතා බලනු කියන්නේ ඕක තමයි..

      Delete
    3. අම්මප සහතික ඇත්ත
      එත් ඕවා පටන් ගන්න කොට ඒවා පෙන්නේ නෑ ලග තියෙන සැප විතරයි පෙන්නේ දුර තියෙන කරුම පෙන්නේ නෑ :/

      Delete
  5. දැන් මඩය මිනිස්සුත් දරට දානවද

    ReplyDelete
    Replies
    1. ඒ මිනිස්සු ඒ තරමට වැහැරිලා මචං :)

      Delete
  6. අනේ මන්දා මචන් ඕවාට ඇබ්බැහි වෙච්ච එවුන් නම්.
    ඒත් කුඩු කාරයන්ට හොඳට වැඩ පුළුවන් මං ඒක ඇස් දෙකෙන් දැකලම තියෙනවා.
    ආහ් මරදානේ පොත් කඩ හරියට මම ඉස්සර එනවා පොත් ගන්න පට්ට ලාබයිනේ,

    ReplyDelete
    Replies
    1. උන්ගේ මස් දිය වෙලා තිබ්බට පට්ට වැඩ කරන්නේ.බර වැඩ විතරක් නෙමේ සමහරුන්ට වෙන වෙන හැකියාවන් තියෙනවා.එත් කුඩු නිසා ජීවිත විනාස කරගෙන :/
      ඒ උන්ම පොත් ප්‍රින්ට් කරන නිසා අඩුවට දෙන්නේ :)

      Delete
  7. මඩයා මේ මිනිස්සුන්ට මෙහෙම අපහාස කරන්නේ හරි මහත මනුස්සයා වගේ නේ අප්පා :පී

    ReplyDelete
    Replies
    1. මං ඒ කුඩ්ඩන්ට වඩා මහතයි,ඔය දැරිවි මගෙ සයිස් එක ගැන නොදැනයි ඔය කතා කරන්නෙ :)

      Delete
    2. මඩයාතුමා සෑහෙන්න නෙමෙයි නෙසෑහෙන්න මහතයි නොවැ....
      අනේ කාටද මෙවවා කියන්නේ.. :p:p:p

      Delete
    3. @ තෙජි :- එහෙනම් දැනගන්න මඩයා කුඩ්ඩෙකු තරම් කෙට්ටු නොවන වග :)

      Delete
    4. @ නෝටි:-උඹ දන්නවා නෙ මම උඹට වඩා පොඩ්ඩයි කෙට්ටු කියලා :)

      Delete
  8. ඔන්න මඩයව බලන්න මාත් ආවා...
    මේ පොඩි මඩ පාරක් එක්ක කතාවක්... මට වඩා හොදට මේ ගැන දන්නවා ඇති...
    අර මරදානේ බාබුල් සිද්ධිය... පුළුවන්නම් ලියන්න.. අපි නම් දන්නේ අයියලා කියපු දේවල් තමා.. ඔයාලා හොදට දන්නවා ඇති...
    ඉස්කෝලේ ළමයි ඕවා කනවා කියලා කඩ වහපු එක මම මේ කිව්වේ...

    ReplyDelete
    Replies
    1. ස්තුති අක්කේ මේ පැත්තට ආවට...!
      එල එල මං ඕවා ගැන චුට්ටක් විතර දන්නවා දන්නා ඒවා ටික එක්ක හෙමිහිට පොස්ට් එකක් ලියන්නම්.ඔයා හොද අදහසක් දුන්නේ මට පොස්ට් එකකට :)

      Delete
  9. කුඩු බොන උන් මෝඩයෝ.. ඒත් කුඩු විකන්නනේ රජවරු.... උන් සුර සැප විඳිනවා.. ඒත් මේවා කවදා හෝ පලදෙනවා...

    ReplyDelete
    Replies
    1. අම්මපා එක නම් ඇත්ත මාතලන් අයියේ..
      කුඩු රජ වරුන්ට පල දෙනවා මිනිස්සුන්ගේ ජීවිත ආගාධයට ඇදලා දානවට

      Delete
  10. මරදාන ගැන නම් කියන්න එපා.මමත් අවුරුදු 9ක් ම ඉස්කෝලෙ යන කාලේ ඔය පැත්තේ කරක් ගැහුවනේ.බාබුල්,හෙරොයින්.කචල් ෆැන්ටා, ටොයිෂ්,ජෙල්, ඩී කුප්පි, බැටරි තලපය සහ මරදාන.මගේ මතකයට තාමත් එන්නේ ඔය දේවල්.

    දිගටම ලියන්න.ජය!!!

    ReplyDelete
    Replies
    1. දන්නවද මාත් දැන් අවුරුදු 11 ක් තිස්සේ මරදානේ :)
      අපෝ ඉස්කෝලේ යන කාලේ ඕවා තිබ්බා මතකයි
      දැන් ඒවා ඔක්කොම අයින් කරලා.එලි පිට නම් නෑ එත් හොරෙන් තියේද කියලා නම් දන්නේ නෑ :
      සාදරෙන් පිලිගන්නවා මඩයාගේ ලෝකයට ....!

      Delete
  11. කුඩු ගහන මනුස්සයෙක් දැක්කම මාර දුකක් හිතෙන්නේ..
    අර කිව්වත් වගේ උන් ගන්න සොමියක් නෑ..

    ReplyDelete
    Replies
    1. අන්තිම වෙද්දී උන් කුඩු ගහන්නේ සික් එකට
      කිසි සොමියක් නෑ නිකන් දුක් විදිනවා විතරයි.

      Delete
  12. ඉල්ලන් කනවා කියන්නේ ඕකටයි :P

    ReplyDelete
  13. ඉල්ලන් මාමයිට් ගා ගැනීම..

    ReplyDelete
  14. මරු පොස්ටුව හි හි :)http://anuharshi.blogspot.com/

    ReplyDelete
    Replies
    1. පිලිගන්නවා සාදරෙන් මඩයගේ ලෝකෙට ....!

      Delete

හිතට එන දෙයක් කියලා යන්න.ඒක විතරයි බ්ලොග් ලිවිලෙන් හම්බෙන එකම දේ .......