මේ ඇමතුම සැහෙන වෙලාවක් තිබිණ.ඔහුගේ මෙම ඇමතුම දෙස බලා සිටි එකියක ඔහුට සිනාසුනේ ඔහු කරන වැඩේ පිළිබද අංශුමාත්‍රයක හෝ දැනීමක් නැතිවය ඒ විතරක් නම් කම් නැත ඈට එහා පැත්තේ සිටි අනෙක් එකියටද මේ සංවාදය පෙන්වා ඔවුන් ඔහුට නොසෑහෙන ලෙස සරදමට සිනාසුනහ,ඔහු ඇමතුමේ සිටි බැවින් මේවා දුටුවේ නැත දුටුවා නම් ඔහු සිතින් තැවෙනවා සහතිකය.අනතුරුව අප දෙසද බලා අපිත් ඔහුට සිනාසෙන්නේ දැයි ඔවුන් දෙපල සොයා බැලුවේ අධික සන්තොසයෙනි.නමුත් ඔවුන් දෙදෙනා දන්නේ නැත අපි ඔවුන්ට සිනා සුන වග,ඔවුන් මේ දෙස බැලුවේ විකාරයක් ලෙසටය එත් මේ තවත් අසරණ මනුස්සයෙක් සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න ගන්න උත්සහයක් ලෙසට ඔවුන් දෙදෙනාගෙන් එකියකටවත් නොතෙරුනේ,ඔවුන්ගේ නොදන්නා කමට වියයුතුය.
මට දස දහස් වාරයක් විස්වාසයි ඒ ගෑනු දරුවන් වීඩියෝ ඇමතුම් පිලිබඳ දශමයක් හෝ දන්නේ නැති වගට,තමන් අනුන්ට සිනාසීමට පෙර තමන් ඒ සිනාසෙන්නේ හරි දේටමද කියලා හොයලා බැලුවේ නැත්නම් ලෝකයම අපිට සිනාසෙනවා ඒ අපි වෙන එකෙක්ට හිනා වෙන නිසා නෙමේ අපේ නොදන්නා කමට.ගොළු මනුස්සයෙක් කතා කරන්න බැරුව කතාකරන මිනිස්සු දිහා බල බල කොච්චර දුක් විදිනවද,කතාකරන මිනිස්සුන්ට හිතින් කොච්චර ඉරිසියා කරනවද කියලා දන්නවා නම් අර නංගිලා ඔහුට හිනා වෙනවා වෙනුවට ඔහුත් එක්ක ඔහුගේ දුක වෙනුවෙන් ඔහුත් එක්ක හිතින් තැවෙනවා දුක් වෙනවා සත්තයි......!
ප.ලි: -පන්නල කුලියාපිටිය බස් එකකදී දැක්ක සිද්දියක් ඔහේ ලියලා දැම්මා හදිසියට,හිතට ආව අවුලටමයි ලිව්වේ.කවදාවත් මනුස්සයෙක්ගේ නොලැබීම් වෙනුවෙන් හිනාවෙන්න හොද නෑ,
හරියට හරි මඩයෝ මසුරන් වටිනා කතාව ගොඩ කාලෙකින් වටිනා කියන අවවාදාත්මක පොස්ට් එහෙකට දැක්කේ මේකයි සයිබරයේ. සමහරක් උන් දන්නේ නැහැ හිතන්නේ නැහැ උන්ට ඒ දේ උනාම කොහොම වෙයිද කියල.ඔතන මම හිටියනම් තත්වේ ඔයිට වඩා වෙනස්වෙන්න තිබුනා ඔයවගේ උන්ට කියන්නේ කාලකන්නි කියල සිරාවටම
ReplyDeleteමිනිස්සුන්ට හිනාවෙන්න ඕනේ වැරදි වලට මිසක් උන්ගේ නොහැකියාවන් වලට නෙමේ,එහෙම හිනාවෙනවා වෙනවා නම් ඇත්තටම ඒ කාලකන්නි කම තමා....
Deleteහෆ්ෆා.. අපේ මිනිස්සු ඉතින් හැමදාම කලේ තමන්ගෙ පොල් පරාලෙ වහගෙන අනුන්ගෙ රොඩ්ඩ හොයපු එකනෙ... කියල වැඩක් නෑ... :?
ReplyDeleteහොද අවවාදාතමක ලිපියක් සහෝ!!
ස්තුති හිතුවක්කාරී...!
Deleteඅම්මපා එක නම් ඇත්ත තමන්ගේ වැරදි තියාගෙන අනුන්ගේ වැරදි හොයන්න යන එක අපේ එවුන්ගේ තියෙන ලොකු අඩුපාඩුවක්
සහතික ඇත්ත මඩයියේ... ඕක ගැන මම මුකුත්ම නොකිය ලින්කුවක් දැන්නම් ගිහින් බලන්න...
ReplyDeleteලින්කුවට යන්න මෙතන කොටන්න
මං එක කියෙව්වා මල්ලි
Deleteඔයාට මං එතන කමෙන්ට් කරලා ආව :)
අපෝ.. ම්ම්..කියන්න ලැජ්ජයි තමා..ඒත් ඔය ගොඩාක් වෙලාවට අනුන්ගේ දේවල් හොයාගෙන හිනා වෙන්නේ ගෑනු උදවිය.. මට නම් පේන්න බැ ඔහොම තව කෙනෙක්ට හිනා වෙනවට.. ඇඳුම් වලට.. කතා කරන විලාසයට.. නොයෙකුත් දේවල් වලට හිනා වෙනවා..
ReplyDeleteසිරාවට අනුන්ට හිනා වෙන්න කලින් තමන් සර්ව සම්පුර්නද කියල තේරුම් ගන්න ඕනේ,නැත්නම් අපි අනුන්ට හිනා වෙද්දී මුළු ලෝකෙම අපිට හිනා වෙනවා :)
Deleteහරියටම හරි.මම ඔබට එකඟයි! :)
ReplyDelete:)
Deletegodak minissu balan inne anunta hinawenna tama ayya.ane manda?
ReplyDeletethamange varadi penne naa ne nangi ekayi me avula :)
Deleteඕව මහා පව් වැඩ..තුවාලේ තියන මනුස්සයාලු වේදනාව දන්නේ..
ReplyDeleteඑක නම් ඇත්ත රෙහානි
Deleteඒ තත්වේ ඉන්න මනුස්සයටයි ඒකෙ වේදනාව තේරෙන්නේ
අඩේ මමත් ඔය සිද්දිය දැකල තියෙනවා බං! ඒක නෙවෙයි!!උඹ කොහෙද පන්නල කුලියාපිටි බස් වල යන්නේ?????මමත් ඒ ළඟ පාතනේ???
ReplyDeleteමං ආවේ ඇලබඩගමට,අයියා කෙනෙක්ගේ ගෙදර තිබ්බ දානෙකට මචං :)
Deleteආයේ ආවොත් වරෙන්!මම නම් පන්නල ටවුමේ ම තමා!
Deleteඑල එල මචං නාඩියෝ :)
Deleteසම්පූර්ණ ඇත්ත.ඔහොම දේකට කවදාවත් හිනා වෙන්න හොද නෑ.මාත් දවසක් හිනා වෙලා තියෙනවා.බොහෝ කාලයක් ඒ නිසාම මං හිතින් දුක් වින්දා...
ReplyDeleteඒ හිනා වුන එක වැරදි කියලා පස්සේ හරි තේරුනානම් ගොඩාක් හොදයි මචං :)
Deleteසහතික ඇත්ත
ReplyDeleteකෙන්ක්ගේ දුර්වල කමකට සිනාසෙන්න කලින් හිතලා බලන්න ඕන අපිට ඒ තත්වය උදා වුනොත් කොහොමද මුහුණ දෙන්න වෙන්නේ කියලා.
අම්මපා නිශාන් අපි හිටියනම් ඔය තත්වෙන් අපිට තේරේවි ඒකෙ අමාරුව :/
Deleteඅපි හිනා උනේ උන්ට කියලවත් තේරුණේ නෑ මයි හිතේ..
ReplyDeleteඅම්මපා ඕයි :)
Deleteඋන් ටික වාඩි වෙලා ඉන්න ඇත්තේ මොලේ උඩ වෙන්ඩ ඇති..
ReplyDeleteසහතික ඇත්ත මචං එක නම් .....
Delete