Tuesday, August 21, 2012

රෙද්ද ඉස්සීම සහ කලිසම පාත් කිරීම ;)

                       
              මේක මඩයට කවුදෝ එකෙක් විද්ද ඊයක්.ඔන්න පටන් ගන්න කලින්ම කිව්වා.මේක ලිව්වේ කවුද කියලා දන්නේ නෑ.හොද නිසා කියවලා නැති අයට බලන්න දානවා.කවුරු හරි මේක කලින් කාගේ හරි බ්ලොග් එකක හරි දැකලා කියවලා තියේ නම් ලින්ක් එක දාන්න මං තරහ වෙන්නේ නෑ   ;) මෙන්න මේකයි කතාව.

Wednesday, August 15, 2012

උසස් රැකියාවකට ඉල්ලුම් කලෙමි................:)

                                                           
                                                                              
                                    
             මඩිස්සලේ නිශාන්ගේ සිත් ගන්න සුළු වැටුපක් සමග අගනා ජොබ් කිහිපයක්.පොස්ට් එක දැක්කට පස්සේ මට මතක් උනා මටයි ධබාටයි සෙට් උන ජොබ් එකක්.මේක අපිට සෙට් කලේ ඉනෝලි කියලා අක්කා කෙනෙක්.
                                                                     
    දවසක් ඉනෝලි අක්කා මැසේජ් එකක් එවනවා මල්ලි ඔයාල දෙන්නට හරියන ජොබ් එකක් තියෙනවා.

Sunday, August 12, 2012

හිතාදර සුදු බන්ඩේ වෙතට.....!






කැම්පස් වහල හන්ද
කැන්දන් ගියා ඈ ගෙදර නැන්දා
අනේ මේ  හින්දා
මගේ සිත දුකින්ද මන්දා

Thursday, August 9, 2012

මරදානේ හිගන්නෝ.

                                     

                           මරදාන කියන්නේ හරි අමුතු තැනක්.එක එක ජාතියේ මිනිස්සු ඉන්නවා.එක මිනිස්සු ටිකක් නෙමේ ඉන්නේ දවසින් දවස ඉන්න කට්ටිය වෙනස් වෙනවා,උදේ 6.00 විතර වගේ ඉදන් 9.00 විතර වෙනකන් ඉස්කෝල වලට යන කොල්ලෝ කෙල්ලෝ ටිකයි රස්සාවට යන වැඩ කරන ජනතාව ටිකයි ඉන්නවා.ආයේ තියෙන ඒජන්සි ටික ඇරියට පස්සේ 10 විතර ඉදන් රට යන්න එන අසරණ ගෑනු ටිකයි,ඒජන්සිකාරයෝයි,අසරණ මිනිස්සුන්ව රවට්ටන්න මාන බලන් ඉන්න කාක්කෝ ටිකයි ඉන්නවා,මේ ගොල්ලොත් 3,4 විතර වෙනකන් ඉන්නවා.ඊට පස්සේ 3.45 වගේ ඉදන් වැඩ ඇරිලා ගෙදර යන්නන කෝච්චියට දුවන කට්ටියගෙන් මරදාන පිරෙනවා.ඊටත් පස්සේ 6 න්  විතර පස්සේ මරදාන පාලම පැත්තේ අභිසාරිකාවෝ ටික දෙනෙක් ගැවසෙනවා,ඔය අද යන කවුරු  හෙට නාවත් මරදානේ හැමදාම ඉන්න කට්ටියක් ඉන්නවා ඒ ගොල්ලෝ මරදානට ඇවිත් යන ගොඩක් අයගේ ඇස වලට අහුවෙන කට්ටියක්.මං මේ කියන්න යන්නේ මරදානේ මං දැක්ක හිගන ජනතාව ගැන.ඔක්කොම නැතත් හැමදාම දැකලා ගොඩාක් මතක කීප දෙනෙක් ගැන විතරයි.

Monday, August 6, 2012

ආදරෙයි සිරියාවයි අරන් එන්න ...........!




උඹ කැන්දන් යනදාට 
ලොරි දෙක තුනක් පිරෙන්න
 ඇදන් අල්මාරි මේස පුටු
 මහන මැෂින් ඕනේ නෑ 
එත්...
අපි දෙන්නගේ 
ගේ පුරවන්න ටොන් ගානට
ආදරෙයි සිරියාවයි 
අරන් එන්න 
පොඩ්ඩෝ තුන හතරක් එක්ක
ජීවිත කාලේ
 පුරාවට
සන්තෝසෙන්
 ඉන්න 
ඒ ටික හොදටෝම ඇති





ප.ලි:-මඩයගේ හිතට ආව අදහසක් ඔය විදිහට ලියලා දැම්මා,මඩවතිට ලිව්ව එකක් කියල හිතුවත් කමක් නෑ....;)

Thursday, August 2, 2012

මරදානේදී දැකපු කොල්ලෝ Very Innocent ලු........;)


Friday, July 27, 2012

තිසරපටි සහ ආදරය.......!


                         අපේ ජීවිතේ හොදම කාල වලින් එකක් තමා උසස් පෙළ කෙරුව කාලේ,ඕන කෙනෙක්ගෙන් ඇහුවොත් අනිවා දෙන උත්තරේ ඕක තමා.ඒ කාලේ මතක් වෙද්දී තාමත් දුකයි ඒ දවස් ගෙවිලා ගිය එක ගැන.නහුතයක් තරම් ආතල් ගන්න ඇති ඒ කාලේ.උදේ හවස යාලුවෝ සෙට් එක සතියට අඩුම දවස් 5ක් වත් සෙට් වෙනවා.උදේ පාන්දර ඇවිත් පිටිපස්සෙම පෝලිම අල්ලගෙන එක එකාව බයිට් කරගෙන ඒ ගත්ත සොමිය.

අනේ......!

                          කට්ටියගේ අතේ මහලොකුවට සල්ලිත් නෑ ඒත් 15ක් විතර සෙට් එක කන්න යන්නෙත් හොද චයිනීස් වලට.නුගේගොඩ ඒ චයිනීස් එක දියුණු උනේ අපි කන්න ගිහිල්ලම කියල පොඩි රාවයක් තිබ්බා රොටරිය පුරාම.ඒ ගිහිල්ල කාල එකේ සර්විස් චාර්ජ් වැඩි උනාම ටූත් පික් උස්සලා පන්තියට ගෙනත් කෙල්ලොන්ට අහ් මෙන්න දත් හාරන්න කියල බෙදපුවා,සර්ට සපෝර්ට් එකට කෑගහන්න ගිහින් සර්ගෙන් බැනුම් අහපුවා මතක් වෙද්දී හිත වාවන්නේ නෑ.ඒ කාලේ කරපු පිස්සු වැඩ ගැන වෙනම බ්ලොග් එකක් ලියතහැකි.ඒ සොදුරු අතීතේ මතක් වෙද්දී අයෙත් පැනලා දුවන්න හිතෙනවා ඒ කාලෙට.

මේක ඇන්දේ ලොලා...
                                             මා ලග ඒ කාලේ කරපු පිස්සු වැඩ,එක එකාට ගැහුව මඩ,කම්මැලි වෙලාටව සින්දු ලියලා පුරවපු කොල,එක එක ඇදපු චිත්‍ර කාටුන් ඔක්කොම එකතු කරන් ඇවිත් දාපු ෆයිල් එකක් තිබ්බා.එකට අපේ එවුන් නම දාල තියෙන්නේ මඩ ෆයිල් එක කියලයි.මට හදිස්සියේ අද අපේ උසස් පෙළ කාලේ මතක් වෙලා ඔය ෆයිල් එක ඇද්ද පරණ මතකේ අලුත් කරගෙන හිත ජුන්ඩක් පාර ගන්න.එකේ තියෙන කවි කතන්දර වැඩි එව්වා මේකේ දාන්න බෑ සදාචාරසම්පන්න නැති එව්වා තමා තියෙන්නේ.ඒත් ඒ සෙට් එකේ තිබිලා මට හම්බ උනා අපේ එවුන් ආදරේ අර්ථ දක්වලා ලියලා තිබ්බ කියමන් ටිකක්.ඉතිං මට හිතුනා ඒ ටික දාන්න.මේව්වා අතිශය සම්භාව්‍ය එව්වා නෙමේ ඒත් අපේ එවුන්ගේ අදහස් ටික වෙනස්ම මේව්වා එකක් තියෙන නිසා දාන්නේ...






"අවංක නැති ආදරය ඉලාස්ටික් නැති පෑ*ටිය වැනිය "


"පිවිතුරු ආදරය 
පටි තද බෙ*යර් එකක් වැනිය
කිසිදා වෙන් නොවෙන සේ එකට බැදී ඇත
තිසරපටින් පයෝධරයන් ඔසවා තබන්නා සේ
සෑම විටම එය ඔබව ඔසවා තබයි"



"ආලය මුලාවකි ආලය මුලාවකි
කාලය කාදමනා මළ හත්තිලව්වකි
කවුරුන් කෙසේ කීවත් අනාවැකි 
ආලය මිනී වල හාරන උදැල්ලකි"









ප.ලි :-ගෑණු දරුවන්ට ලැජ්ජා හිතෙයිදෝ කියලා තරු ටිකක් දැම්මා.මඩ ෆයිල් එකේ තියෙන හොද එව්වා ටිකක් පස්සේ දාන්නම්