Friday, February 1, 2013

මෙහෙව් අම්මලා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!



ගොඩාක් වෙලාවට බස් එකට  නැගපු ගමන් සිට් එකක් හොයන් වාඩි වෙන්නේ මාලඹේටම යන්න තියෙන නිසාත් ඒ යන අතරේ බුකිය පැත්තටත් බ්ලොග් ලෝකේ පැත්තටත් ගොඩ වෙන්න පුළුවන් නිසයි.බස් ඒක කියන්නේ හරි අමුතු තැනක් එතැනදී අපිට එක එක ජාතියේ මිනිස්සු හම්බ වෙනවා.සමහර ඒවා දැක්කම කලකිරෙනවා.එකමයි බස් එකට නැග්ග ගමන් මං වාඩි වෙලා ෆෝන් එක ඇතුලට මුණ ඔබා ගන්නේ.මං පහුගිය අගහරුවාදත් සුපුරුදු පරිදි බොරැල්ලෙන් බැහැලා එතන තිබ්බ 190 CTB  බස් එකට නැග්ගා ඔෆිස් යන්න.

Monday, January 14, 2013

ප්‍රථම ටීවී සිහිනය බොඳ වීම.......!!!

අපේ තාත්තගේ ප්‍රධාන ආදායම් මාර්ගය උනේ බිස්නස් ඒ කියන්නේ සිල්ලර කඩයක්.අපේ කඩේට දැන් වයස 25ක් විතර වෙනවා.ඒකට මටත් වඩා වයසයි.අපේ ගමේ ඉදන් ටවුන් එක කිට්ටුවට යනකන් සමුපේ ඇරෙන්න තිබ්බ එකම කඩේ ඒක.ඉතින් ඒ කාලේ ඒ කියන්නේ අසු ගණන් වල අන්තිම කාලේ සහ අනූ ගණන් වල මුල් කාලේ

Tuesday, January 8, 2013

තංගල්ල බැංකු ශාඛාවක් මඩයාගේ ජීවිතය බේරයි.........!!

උසස් පෙළ කාලේ කියලා වෙනසක් උනේ නෑ අපි ඒ කලෙත් මොන්ටිසෝරි පොඩි උන් වගේ පන්තියේ ඉන්ටවල් එක දුන්න ගමන් කෙළගෙන කඩේට දුවනවා කන්න.ඒක එහෙම කලේ එකක් මුලින්ම ගියාම ඕනේ විදිහට කාලා එන්න පුළුවන් අනිත් එක තමා කාලා ඉක්මනට ඇවිත් පන්තියේ ඉන්න එකෙක්ව බයිට් කරන් ෆුල් සොමියක් දාගෙන ඉන්න පුළුවන් එක.අපේ සැට් එක වැඩියම ආස කලේ පන්තියේ ඔය ජෝගි නටන එකට තමා,අපි සාමාන්‍යයෙන් කන්න යන්නේ රොටරියේ වල පැත්තෙන් ගිහින් පොළ මැද්දෙන් ගිහින් පහලට බැහැලා 15 කඩේට.

Sunday, January 6, 2013

ජොකා පිටින් මල් පෙරහැරේ......



ඇත්තටම ඌ සිරා කොල්ලෙක් හිත හොද එකා.මං ඌව හය වසරේ ඉදන් දන්නවා.ඌ හැමදාම ගෙදර ඉදන් තඩි බත් එකක් ගෙනාවා හොස්ටල් එකට කට්ටියම එකට ඇහැ ගහන ඉන්නේ.ඒක මතක් වෙද්දීත් කටට කෙල උනනවා.මං ඌ ගැන මේ පොස්ට් එක ලියනවා ලියනවා කියලා හිත හිත හිටියත් මට ලියන්න උනෙම නෑ ඒත් අද ඌව මතක් උන වෙලාවේ හිතාගත්තා අනිවා ලියනවා කියලා.ඌට කෙල්ලෙක් සෙට් වෙලා බුකියේ ඒක දැක්කාම තමා මේක ලියන්න හිතුනේ .එකාට අපි ආදරේට කිව්වේ ජෝලා කියලා.පස්සේ ලොකු වෙද්දී ජෝලා "ජ_ගී ජෝලා" කියලා උසස් උනා.

Wednesday, January 2, 2013

ඇය සෙමින් විත් එදා මගේ හද අරන් ගියා.......!

"ඒ හමුවීම හරි අහඹු එකක්.
ඒ හදුනාගැනීම වෙද්දීත් පිරිමි දරුවා හිතන් හිටියේ 
ඒ දෙන්නා අලුතින්ම අදුනාගත්තා කියලයි 
ඒත් ඒ ගෑණුදැරිවි මේ ඉලන්දාරියා ගැන 
කලින් ඉදන්ම දන්නවා.

Sunday, December 30, 2012

දැනගෙන ගිය කතරගම....02



මං නැවැත්තුවේ දන්සලේ උදේ වරුව ගැන කියලා නේ.ඊට පස්සේ පෙළගැහිලා තිබ්බේ මහා සාංඝිගත දක්ෂිණාව ස්වාමීන් වහන්සේලාට පූජා කරන එක ඒත් දවල් දානෙත් උදේ කෑමත් අතර වෙලා ගොඩාක් තිබ්බ නිසා කට්ටිය ඔක්කොම සෙට් වෙලා පොඩි ධර්ම සාකච්ඡාවක් පැවැත්තුවා එහෙමයි කියලා කුස්සිවල වැඩ නැවතුනේ නෑ කට්ටියක් දානෙට බරටම වැඩ අනිත් අය පිංකමට සහභාගී උන අයට දවල්ට කන්න දෙන්න වැඩ.ඔය වැඩ වෙන අතරේ තව කට්ටියක් කිරි වෙහෙර දාන ශාලාවේ ස්වාමින් වහන්සේලාට දානේ පිළිගන්වන්න ඕනේ වැඩකටයුතු කළා.කාන්තා පාර්ශවයේ තව සෙට් එකක් දයා ගමගේ ශාලාව පිළියෙළ කළා මෙහෙණින් වහන්සේලාට දානේ පිළිගන්වන්න.

Saturday, December 22, 2012

දැනගෙන ගිය කතරගම..........

දෙයියනේ කියලා යන්තම් දවසක් සෙට් උනා පොස්ට් එකක් දවසක්.මේ පොස්ට් එක ටයිප් කරන්න දවස් කියක් නම් ට්‍රයි කලාද.අද නම් මේක දාල මිස මෙතනින් නොනැගිටිමි.අලුත් ජොබ් එකට ගියා.තැන නම් හොදයි,අලුතෙන් ඉගෙන ගන්න දේවල් ගොඩාක් තියෙනවා.අපි කාලා තියෙන කට්ට එක්ක බලද්දී ඔෆිසියේ කට්ට කියපු ඒවා මහා දේවල් නෙමේ.ඒත් වැඩ නම් ගොඩාක් තියෙනවා.එක නිසා බෝඩිමට එද්දී හවස් වෙනවා.ඇවිත් කාල සැපට දොයියනවා ආයේ උදේ නැගිටලා ඔෆිස් යනවා.ඔහොම තමා ජිවිතේ එකයි පොස්ට් එකක් දාන්න වෙලාවක් නැති උනේ.