Friday, March 1, 2013
හා පුළුවන් නම් කියන්න බලන්න.....
කාලෙකින් බ්ලොග් ලෝකෙට ගොඩ වැදුනේ.ජොබ් එකට යන නිසා දැන් නෙට් යන වෙලාව අඩු වෙලා ගිහින් මොකද රෑට ඇවිත් පාඩම් කරන නිසා දැන්ම තියා වැඩ කලේ නැත්නම් විභාහගේ කිට්ටු වෙලා පුක කැඩිච්ච කඩියා වගේ දගලන්න වෙනවා.පහු ගිය සතිය නම් මහා අජපල් සතියක් හැමදාම බෝඩිමට එද්දී රෑ වෙනවා පාඩම් කරන්න වෙන්නෙම නෑ ඇවිත් කාල නිදා ගන්නවා.පහුගිය සතිය පුරාම වැඩ කලේ සීදුව පැත්තේ සයිට් එකක මොබිටෙල් එකේ වැඩක්.හැමදාම උදේ යද්දී හිතෙන්නේ ඒක හවස ඉවර කරන්න පුළුවන් වෙයි කියලා ඒත් එහම අපේ හිත රැවට්ටි රැවටී සතියක් වැඩ කළා.වැඩ ඉවර කරන්න ඉවර කරන්න උල්පතෙන් වගේ තව මොකක් හරි ඉතුරු වෙලා තියෙනවා.
Wednesday, February 6, 2013
සෝමාවතී පුදබිමේ අසිරිමත් සිදුවීම සහ කප්රුක් පූජාව
විශේෂ සටහන.......!!
මේ ෆොටෝ එක සෝමාවතිය චෛත්‍ය ලග කරපු පුජවකදී මහ රෑ පහන් වනතුරු පිරිත් සජ්ජායනය කරද්දී කැමරාවට අසු වුන ජායා රුපයක්.ෆොටෝ එක අරන් තිබ්බේ W.M.N බණ්ඩාර මහතාගේ කැමරාවෙන් .මං සහතික වෙනවා මේක ෆොටෝෂොප් වලින් එඩිට් කරපු එකක් නොවන වගට.මොකද මහා රෑ එළිවෙනකන් පිරිත් කියලා පහුව දා උදේ කට්ටියටම ෆොටෝ එක පෙන්නුවා ඒ වෙලාව අතර මේ වගේ එකක් එඩිට් කරන්න වෙලාවක් උනේ නෑ.
මේ ෆොටෝ එක සෝමාවතිය චෛත්‍ය ලග කරපු පුජවකදී මහ රෑ පහන් වනතුරු පිරිත් සජ්ජායනය කරද්දී කැමරාවට අසු වුන ජායා රුපයක්.ෆොටෝ එක අරන් තිබ්බේ W.M.N බණ්ඩාර මහතාගේ කැමරාවෙන් .මං සහතික වෙනවා මේක ෆොටෝෂොප් වලින් එඩිට් කරපු එකක් නොවන වගට.මොකද මහා රෑ එළිවෙනකන් පිරිත් කියලා පහුව දා උදේ කට්ටියටම ෆොටෝ එක පෙන්නුවා ඒ වෙලාව අතර මේ වගේ එකක් එඩිට් කරන්න වෙලාවක් උනේ නෑ.
Friday, February 1, 2013
මෙහෙව් අම්මලා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
ගොඩාක් වෙලාවට බස් එකට නැගපු ගමන් සිට් එකක් හොයන් වාඩි වෙන්නේ මාලඹේටම යන්න තියෙන නිසාත් ඒ යන අතරේ බුකිය පැත්තටත් බ්ලොග් ලෝකේ පැත්තටත් ගොඩ වෙන්න පුළුවන් නිසයි.බස් ඒක කියන්නේ හරි අමුතු තැනක් එතැනදී අපිට එක එක ජාතියේ මිනිස්සු හම්බ වෙනවා.සමහර ඒවා දැක්කම කලකිරෙනවා.එකමයි බස් එකට නැග්ග ගමන් මං වාඩි වෙලා ෆෝන් එක ඇතුලට මුණ ඔබා ගන්නේ.මං පහුගිය අගහරුවාදත් සුපුරුදු පරිදි බොරැල්ලෙන් බැහැලා එතන තිබ්බ 190 CTB බස් එකට නැග්ගා ඔෆිස් යන්න.
Monday, January 14, 2013
ප්‍රථම ටීවී සිහිනය බොඳ වීම.......!!!
Tuesday, January 8, 2013
තංගල්ල බැංකු ශාඛාවක් මඩයාගේ ජීවිතය බේරයි.........!!
උසස් පෙළ කාලේ කියලා වෙනසක් උනේ නෑ අපි ඒ කලෙත් මොන්ටිසෝරි පොඩි උන් වගේ පන්තියේ ඉන්ටවල් එක දුන්න ගමන් කෙළගෙන කඩේට දුවනවා කන්න.ඒක එහෙම කලේ එකක් මුලින්ම ගියාම ඕනේ විදිහට කාලා එන්න පුළුවන් අනිත් එක තමා කාලා ඉක්මනට ඇවිත් පන්තියේ ඉන්න එකෙක්ව බයිට් කරන් ෆුල් සොමියක් දාගෙන ඉන්න පුළුවන් එක.අපේ සැට් එක වැඩියම ආස කලේ පන්තියේ ඔය ජෝගි නටන එකට තමා,අපි සාමාන්‍යයෙන් කන්න යන්නේ රොටරියේ වල පැත්තෙන් ගිහින් පොළ මැද්දෙන් ගිහින් පහලට බැහැලා 15 කඩේට.
Sunday, January 6, 2013
ජොකා පිටින් මල් පෙරහැරේ......
ඇත්තටම ඌ සිරා කොල්ලෙක් හිත හොද එකා.මං ඌව හය වසරේ ඉදන් දන්නවා.ඌ හැමදාම ගෙදර ඉදන් තඩි බත් එකක් ගෙනාවා හොස්ටල් එකට කට්ටියම එකට ඇහැ ගහන ඉන්නේ.ඒක මතක් වෙද්දීත් කටට කෙල උනනවා.මං ඌ ගැන මේ පොස්ට් එක ලියනවා ලියනවා කියලා හිත හිත හිටියත් මට ලියන්න උනෙම නෑ ඒත් අද ඌව මතක් උන වෙලාවේ හිතාගත්තා අනිවා ලියනවා කියලා.ඌට කෙල්ලෙක් සෙට් වෙලා බුකියේ ඒක දැක්කාම තමා මේක ලියන්න හිතුනේ .එකාට අපි ආදරේට කිව්වේ ජෝලා කියලා.පස්සේ ලොකු වෙද්දී ජෝලා "ජ_ගී ජෝලා" කියලා උසස් උනා.
Wednesday, January 2, 2013
ඇය සෙමින් විත් එදා මගේ හද අරන් ගියා.......!
"ඒ හමුවීම හරි අහඹු එකක්.
ඒ හදුනාගැනීම වෙද්දීත් පිරිමි දරුවා හිතන් හිටියේ
ඒ දෙන්නා අලුතින්ම අදුනාගත්තා කියලයි
ඒත් ඒ ගෑණුදැරිවි මේ ඉලන්දාරියා ගැන
කලින් ඉදන්ම දන්නවා.
Subscribe to:
Posts (Atom)




