Thursday, September 13, 2012

හතර හන්දි හිරි වැටෙන බල්ටිය




මගේ ජීවිතේ බාගයක් යන්තම් ගමේ ගෙවා ගන්න යන්තම් පොඩි පිනක් පල දීලා පුළුවන් උනා.අවුරුදු 11 දී අම්මගෙන්,තාත්තාගෙන්,නංගිගෙන් සහ මල්ලිගෙන් ඈත් වෙලා කොළඹ ආවත් හරි මං තාම කොළඹට වෙලා තනියෙන්.කොච්චර දේවල් ලැබුනත් වැඩක් නෑ දුකට කාරණයක් කොහේ හරි තියෙනවා.ජීවිතේ දුක් කරදර විදින්නේ නැතුව ඉන්න වාසනාව ලැබුනට ගෙදර මිනිස්සු එක්ක ගමට වෙලා ඉන්නවා කියන කාරනේදී කිසිම වාසනාවක් නෑ මට.අද වෙද්දී මං මාස දෙකකින් ගෙදර ගිහින් නෑ,

Monday, September 10, 2012

"අනේ ප්ලීස් මල්ලා මා එක්ක තරහා වෙන්න එපා"



පෙර කලෙක පටන් පිස්සු බල්ලන් සේ අහුවෙන ඕනෑම තැනකින් පාර  පැනීමට පුරුදු වී සිටි මඩයාත්,ධබාත්,නෝටියාත් දැන් පාර පනින්නේ කහ ඉරි වලින්ම පමණි.පෙරදා වීරයන් සේ පාර හරහා ඇවිදන් ගිය අප දැන්කොයි ලෝකෙන් හෝ කහ ඉරක් සොයමින් ඒ මතින්ම පාර පනිනුයේ රටට ඇති දේශ හිතෛෂී භාවය නිසාමය.

Thursday, September 6, 2012

"කුඩු දයා"



මරදාන කියන්නේ හරි අමුතු තැනක්,එක එක ජාතියේ මිනිස්සු ඉන්නවා දේවල් තියෙනවා.මං කලින් පොස්ට් එකකත් මරදානේ හිගන්නෝ ගැන ලිව්වා.මරදානේ තව තියෙන සීන් එකක් තමා මරදානේ පොත් කඩ ටික එක ලග එක දිගට වගේ තියෙනවා ඒ ගොඩාක් ඒවා ලංකාවේ ප්‍රසිද්ධ ප්‍රකාශන ආයතන,හාඩ්වෙයාර් ටික ආයේ එක ලග එක දිගට තියෙනවා,ලී බඩු සාප්පු ටිකත්,ඒජන්සි ටිකත්,මුස්ලිම් හෝටල් ටිකත් අරවා වගේම එක ලග තියෙන්නේ.එක ජාතියේ ඒවා එක ලග තියෙනවා

Sunday, September 2, 2012

"අර බලන්න සයිකෝ කෙස් එකක් "



දුරකථනය අතට ගත් ඔහු ඔහු තම පෙම්වතියට ඇමතුමක් ගත්තේ තම රැකියා ස්ථානය ඇයට පෙන්වීමට විය යුතුය,එම සංවාදය විශේෂ එකක් විය ඔවුන් අදහස් විදිහට මාරු කරගත්තේ වචන නොව සංඥාය,මක් නිසාද යත් ඔවුන් දෙදෙනාම අබාධිතයන් වීමය,ඔව් ඒ දෙන්නම ගොළුයි එත් ඔවුන් ඒ නොලැබීම අසරණ කමක් කරගයත්තේ නැත කතා කරන්න බැරිවීම හිතින් දුක් විදීමට කරුණක් උනත් ඔවුන් හිතින් විදවීම පසෙකලා ඔවුන්ට ගැලපෙන විසදුමක් සොයා ගෙන ඇත ඒ වීඩියෝ ඇමතුම් ලබා ගැනීමය.

Friday, August 31, 2012

හක්කෙ බුදු රැස්................!


"ඕයි මොකද මල් ගෙන්න පරක්කු?"
"අපෝ මේ මොකද මේවා පොඩි කරලා,මේවා ගෙන්න කියන්නේ මල් මාල ගොතන්න නෙමේ බුදු      හාමුදුරුවන්ට පූජා කරන්න."
"ඒවා පිළිවෙලකට කරන්න ඕනේ වැඩ"
"තමුසෙලාට මේවා තේරෙන්නේ නෑ කාලකන්නි"
"දන්නේ බිඩිය කටේ ගහගෙන හන්දි ගානේ කරක්ගහන්න විතරනේ"
"දැන් ඉතිං යනවා මෙතනින් තව ගල්ගිල්ලා වගේ බලන් ඉන්නේ නැතුව"

Monday, August 27, 2012

පොලිස් මාම නැගපන් හු** කියලා කිව්වා .........!


                         
       මේ දවස් වල ශ්‍රී ලන්කන් ප්‍රිමියර් ලිග් එක නැගලා යනවා නේ.අපිත් ඊයේ ගියා මැච් එකක් බලන්න.මඩයට පොඩි කාලේ ඉදන් මැච් පිස්සුව තියෙනවා නේ එක නිසාම තම ඊයේ ගියේ.පොඩි උන් ටිකටත් විභාහගේ ඉවර නිසා උන්ගේ වැඩේ රවුම් ගහන එක නේ ඉතින් උනුත් සෙට් කරන ඊයේ රෑ තිබ්බ වයඹ ,රුහුණ මැච් එක බලන්න.අපි ගියා නිසාද කොහෙද වෙනද වේලි වේලි තිබ්බ පැවිලියන් ඊයේ පිරීලා තිබ්බ සූ ගාල සෙනග.අපි එන බව කට්ටිය කලින් දැනගෙන මන් හිතන්නේ ;) 

Friday, August 24, 2012

කරුමේද නැත්නම් කාලකන්නිකමද .........!



           කලණ පොඩි කාලේ ඉදන්ම හැදුනේ ආච්චිගේ ලග අම්මා හිටියේ රට තාත්ත ගැන නම් වැඩි විස්තරයක් නෑ.අම්ම රට ඉදන් සල්ලි හම්බ කරලා එවනවා ආච්චි ඒවගෙන්  කලණ උගන්නවා.කොහොම කොහොම හරි  කලණ උසස් පෙළ කරන කාලෙට එනවා.උසස් පෙළ කරලා පලවෙනි පාර හොද ප්‍රතිපලයක් නොලැබුනත් දෙවෙනි පාර හොද ප්‍රතිපල අරගන්නවා.ඒ ප්‍රතිපලේ ගාල්ල දිස්ත්‍රික්කේ තිබ්බ ප්‍රතිපල වලින් හොදම එකක්.කිසිම අවුලක් නැතුව කොළඹ වෛද්‍ය පීඨයට ඇතුල් වෙන්න පුළුවන් එත් මේ ළමයට උමනාව තිබ්බේ මයික්‍රෝ බයලොජි කරන්න එත් ගෙදරින් මේ කැමැත්තට දැඩි අකමැත්තක් විරුද්දත්වයක් දැක්කුවා.ඉතින්  කලණ කොච්චර දැගලුවත් එයාගේ ආසාවට ඉඩ ලැබුනේ නෑ අන්තිමට අම්මගේ සහ ආච්චිගේ හිත සනසවන්න අකමැත්තෙන් වෛද්‍ය විද්‍යාව ඉගන ගන්න කැමතිවෙලා සරසවියට ඇතුල් වෙනවා.