උඹ
ඒ හඬට පෙම් කලා
ඒ ආදරේ හොයන් ගියා
ඒක නොලැබුන තැන
උඹට මතක් උන
එකම
උත්තරේ තමා මරණේ,
ඔව්
උඹ මැරුණා
ඒ අසරණ බිරිදක් සහ
දරුවෝ දෙන්නෙක් ලෝකේ තනිකරලා,
මැරෙද්දි
හිතෙන්න ඇති ඒකෙන්
ප්‍රශ්නේ විසදුනා කියලා,
උඹේ ප්‍රශ්න ඔක්කොම නම් විසදෙන්න ඇති
ඒත් උඹ ගියේ
අනිත් උන්ට ප්‍රශ්න ගොඩාක්
ඉතුරු කරලා
අර අසරණ අම්මගෙන්
පොඩි උන් දෙන්නා
තාත්ත කොහෙද ගියේ කියලා අහද්දී
එකීට දෙන්න තියෙන උත්තරේ මොකද්ද?
පොඩි උන්
ලොකු උන කාලෙක
උන්ගේ යාලුවෝ තාත්ත ගැන අහද්දී
උන් දෙන උත්තරේ මොකද්ද?
තාත්තා අහවල් සිද්ධිය නිසා
මලා කියලා කියන්නද?
උඹ
මහා ආර්ත්මාර්ථකාමී නිවටයෙක් බං
කොහෙවත් යන වෙන
ගෑනියෙක් ගැන හිතන්න කලින්
අඩුම තරමේ අර පොඩි උන් දෙන්න
ගැනවත් හිතන්න තිබුනා ..............
ප.ලි :- http://www.lankadeepa.lk/index.php/articles/65270 මෙන්න මේ news එක දැක්කම මට හිතුන දේ ලිව්වේ මෙහම.අද ලංකාදීප පත්තරේ තව විස්තර තියෙනවා මේ ගැන .






